විස්මිත උඩ පන්දු රැකීම

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විස්මිත උඩ පන්දු රැකීම

    දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ස්ටීවන් ස්මිත්ගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)






    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ඊයේ විස්මිත ආකාරයේ උඩ පන්දු රැකීමක නිරත විය.

    ඒ, Slip ස්ථානයේ පන්දු රකිමින් කඩුල්ලෙන් විරුද්ධ පසට දිවගොස් රැකගත් අසාමාන්‍ය ආකාරයේ උඩ පන්දු රැකීමකි.මෙය සිදුවූයේ, අබුඩාබිහිදී පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ය.‍මෙම උඩ පන්දු රැකීමට ගොදුරු වූයේ, පකිස්ථාන පිතිකරු ෆවාඩ් අලාම් ය.

    ඔස්ට්‍රේලියාවේ ෂේවියර් ඩෝහර්ටි විසින් යවන ලද පන්දුවක් ෆවාඩ් අලාම් සිය පා ඉන්න දෙසින් යොමු කිරීමට උත්සහ කළ අතර පන්දුව ඔහු දෙසට යොමු වනවා ත් සමග ක්‍රියාත්මක වූ ස්ටීවන් ස්මිත් දිවගොස් උඩ පන්දුව රැක ගැනීමට සමත් විය.එම අවස්ථාවේ ෆවාඩ් අලාම් පිටියේ රැඳී සිටිය ද ප්‍රධාන විනිසුරුවරුන් තෙවන විනිසුරුවරයාගේ උපදෙස් මත ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණි.

    මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ආන්දෝලනයක් ගොඩ නැගිණි.ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ, එම උඩ පන්දු රැකීම නීත්‍යනුකූල නොවන බව ය.මෙම උඩ පන්දුව නීත්‍යනුකූල බව හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක සිය නිල Twitter වෙබ් පිටුවෙහි සඳහන් කර තිබිණි.


    steven-smith-catch_dean-jones.jpg


    ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව (LawICC 41:8 වගන්තිය) පිතිකරුවෙකු පන්දුව පැමිණීමට පෙර ඊට පහර දීම සඳහා සැරසුණහොත් පන්දු රකින්නාට ද ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි ය.

    මෙවැනි ම අවස්ථාවක් 2009 වසරේදී සිදු විය. ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් විසින් රාහුල් ඩ්‍රාවිඩ් දවා ගැනීමේ සිද්ධිය යි.




    newsfirst
     
    • Like
    Reactions: s@dun193

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    mahealayath final test match ekedida koheda ekek gahana kota oya wage catch ekak ganna full try 1k denawa.eath athe wadila visi wenawa.alluwa nm sira catch eka.

    ela ela.
    rep +
     

    Similar threads