විසිකළ ඡන්ද පත්‍රිකා තවත් හමුවේ

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
විසිකළ ඡන්ද පත්‍රිකා තවත් හමුවේ

රත්නපුරයේ විසිකළ ඡන්ද පත්‍රිකා තවමත් හමුවේ ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 13:26
ballotp01.jpg
රත්නපුර කාර්මික විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය අසල විසිකර තිබියදී හමුවූ තවත් ඡන්ද පත්‍රිකා 4ක් අප වෙත ලැබී තිබේ. එම පත්‍රිකා 4න් 3ක්ම ඉතාම නිවැරදි ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි. ඉන් එක් පත්‍රිකාවක පමණක් හංසය ලකුණ අසල ඇති ලකුණට ඡන්දය දී එය කුරුටුගා නැවත හංසයා ඉදිරියෙන් කතිරය ගසා තිබේ.

එම පත්‍රිකාවලට අදාළව ඡායාරූප සහ වීඩියෝ පහත පළ කර ඇත.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයකම සිදුවූ මේ ආකාරයේ වංචනික ක්‍රියාවන් කිහිපයක්ම පසුගිය දිනවල වාර්තාවිය. තවත් සිදුවීම් මේවන විට හෙළිදරව් වෙමින් තිබේ.
ballotp02.jpg