විසිතුරු පහන් - Decorative Lights

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගලා එන ලස්සන අර්ථ දැක්වීම් වලට ඉඩදී බලා ඉමු තව ටිකක්...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙ පදවැලෙන් අදහස් කලේ

මෙ නිර්මාණය විමසමින් ලස්සන අර්ථ දැක්වීම් ගනනාවක් ඉදිරිපත් කර තිබුනා. ඒ අදහස් සියල්ල ඉතා අගේ කරනවා.

මෙ පදවැලෙන් අදහස් කලේ:

රූපය පෙන්නුම් කරන්නේ විදුලි පහන්ටැඹක ඉහල කොටසක්. එහි විදුලි බුබුලු තුනක් දැල්වෙනවා. නගර අලංකාරය මුල් කරගෙන මෙවන් විදුලි පහන් සවිකලත් විශාල මුදලක් වැය කර, පිච්චුවත් වැඩි විදුලිබලයක් ඉන් ප්‍රමාණවත් එලියක් ලැබෙන්නෙ නම් නැහැ.

මහජන මුදල් විශාල වශයෙන් යොදාගෙන ලබන්න පුලුවන් හැම ශිෂ්‍යත්වයම ලබමින් විදේශයන්හි පශ්චාත් උපාධි වරම් ලබාගන්නා කීදෙනෙක් පෙරලා සැලකිය යුතු සෙවයක් ජනතාවට ලාබා දෙනවාද? උදාහරනයක් ලෙස සමහර විශේෂඥ දොස්තරවරුන් සඳහන් කරන්න පුලුවන්.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මේකෙ දෙපැත්තක් ගැන කියවෙනවා වගේ.අනවශ්‍ය විදිහට නාස්තිකලත් අපට ලැබෙන්නේ පුංචි වාසියක්.
අනිත් අතට ගැහැනියක් යාන වාහන-විලාසිතා- සැරසිළි- විච්වූරණ කෙතරම් වුවත් ඇයගේ අතෘප්තිමත් ආත්මය කොයි අයුරකින් සෑහීමකට පත් වේද යන සාංකාව ගැන විමසනවා වගෙයි මට හැ‍ඟෙන්නේ.මම වැරදි වුවත් ව්‍යංගාර්ථයෙන් ලියූ අනඟි පදවැලක්. ඔබට ජය!+++
ඔබ දැක්වූ පලමු අදහස හරි. තවත් හොඳ අදහසක් එක් කර තියෙනවා. බොහොම ස්තුතියි.

මා මෙ පදවැලෙන් අදහස් කලේ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බාහිරව ලස්සනට සුවඳින් සැරසුනු අයගේ අභ්‍යන්තරයෙන් එම ලස්සන සුවඳ කෙතරම් දුරට වහනය වෙනවාද යන්න විචාරයට ලක් කල් මොහොතක්..

සරල කෙටි පද වැලකින් මහා සාගරයක් බඳු පුර්වාදර්ශයක් ජනතා සිත් තුලට ඔබ කිඳා බැස්සීමට ගත් ප්‍රයත්නය සාර්ථකයි..

ඔබට ජය....
ලස්සන අදහසක් ඉදිරිපත් කර ඉතා සරලව පැහදිලිකරීම ගැන බොහෝම ස්තුතියි සොයුර.

මෙ පදවැලෙන් අදහස් කලේ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මට මේක කියවපුවම හුගක් දේවල් හිතුනා. ඒ කියන්නෙ මට මේකේ නියම අදහස වැටහුනේ නැහැ. පුහු ආටෝපය ගැන කතා කරනවා කියලා හිතෙනවා. ඒත් sure නැහැ.

පොඩි උදව්වක් කරන්නකෝ අයියේ...
බොහෝ ආසන්න අදහසක් ඉදිරිපත් කර තිබුනා, බොහොම ස්තුතියි.

එහෙනම් බලන්න: මෙ පදවැලෙන් අදහස් කලේ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙය බොහෝ අර්ථ නිරූපනය කරන සරල ඒත් ගැඹුරු පද පෙලක්.
සෑහෙන වියදමක් දරාගෙන දාන විසිතුරු පහනක එළියකට කොයි තරම් පුංචි ප්‍රදේශයක්ද එළිය කරන්න පුළුවන්. එහි තියෙන විසිතුරු බවට රැවටුණාට එහි එළිය එයටවත් සෑහෙන්නෙ නෑ. ඕක තමයි අද සමාජයේ මිනිසුන්ටත් වෙලා තියෙන්නේ. ඔවුන් ගොඩාක් මහන්සි වෙලා, වියදම් කරලා විසිතුරු වෙනවා. ඒත් ඔවුන් තමන්ගේ ජීවිතයවත් ආලෝකවත් කරගන්නෙ නෑ.

කවදත් වගේ නියමයි!
ඔබ හරි. තවත් හොඳ අදහසක් එක් කර තියෙනවා. බොහොම ස්තුතියි.
මෙ පදවැලෙන් අදහස් කලේ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගැඹුරු තේරුමක් තියෙන නිර්මාණයක් සහෝ....අපි පුහු ආටෝපයන්ට රැවටුනා කියලා දැනෙන්නේ කාලයක් ගියාට පස්සෙනෙ....
ඔබ හරි, තවත් ලස්සන අදහසක් එක් කර තියෙනවා. බොහොම ස්තුතියි සොයුරිය.

මෙ පදවැලෙන් අදහස් කලේ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තමන්ගෙ ශරීරය. තරා තිරම පුහු ආටොපයෙන් සරස ගන්න මිනිසුන් වෙර දරනවා.

ඒත් ඔවුන්ගේ ආත්මයෙන් හමන දුගද දැනුනද ඒ ගැන කතා කරන්නද ඔවුන් කැමති නැත

අපූරැ නිර්මාණයක් සහො

තවත් ලස්සන අදහසක්, බොහොම ස්තුතියි සොයුරිය.

මෙ පදවැලෙන් අදහස් කලේ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
එක එක පැති වලින් බලන්න පුළුවන් නිසා වටිනාකම වැඩියි... පුහු ආටෝපය ගැන තමයි මං හිතන්නෙ මූලිකවම කියවෙන්නෙ... කොයිතරම් වියදම් කරත් කරත් වැඩක් නෑනෙ දෙන එළිය අඩු නම්...
අර්ථවත් නිර්මාණයක් මිත්‍රයා... :)
ඔබ හරි, බොහොම ස්තුතියි යාලු.
මෙ පදවැලෙන් අදහස් කලේ