විසි හතර පැය
හිරු ඇහැරෙන හිමිදිරියේ
සිතුවිල්ලක් වී ඇවිදින් ....
දහසක් වැඩ අතර තුරේ
හිත පුරාම සැරිසරමින් ...
රෑ අඳුරේ කඳුළු දිගේ
කොපුල පුරා දඟ කරමින් ...
තුන්යම රෑ හීන අරන්
හීන දිගේ ඔබ ඇවිදින් ...
හිරු ඇහැරෙන හිමිදිරියේ
සිතුවිල්ලක් වී ඇවිදින් ....
දහසක් වැඩ අතර තුරේ
හිත පුරාම සැරිසරමින් ...
රෑ අඳුරේ කඳුළු දිගේ
කොපුල පුරා දඟ කරමින් ...
තුන්යම රෑ හීන අරන්
හීන දිගේ ඔබ ඇවිදින් ...


