වීරයන් දිවි පුදා රැකි රට

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වීරයන් දිවි පුදා රැකි රට

    28166857_10215632498193834_3759173416984157433_n.jpg

    පුනරීන් වෙත කිට්ටු කිරීම හමුදාවට අපහසු වූයේ ගහ කෙලින් අඩු වගුරැ පරිසරයක් තිබීම හේතුවෙනි. වැලි මැට්ටෙන් සමන්විත වගුරැ හරහා යාන්ත්‍රික සහය ලබා ගැනීමද එමතින් ඇවිදා යාමද කල නොහැකි වූයේය. ප්‍රතිප්‍රහාර දරැණු වූයේ ත්‍රස්තවාදී මරමස්ථානයක් වන් පුනරීන් රැක ගැනීම උපක්‍රමිකව කොටියනට වැදගත් වූ නිසාවෙනි. යාපනය අර්ධද්වීපයේ කෙලවර පිහිටි පලාලි ගුවන් තොටට හා පලාලි යුධ හමුදා ආරක්ෂක මූළස්ථානයට කාලතුවක්කු ඉලක්ක ගත හැකි අරාලි තුඩුවට ලඟා වීමට නම් පුනරීන් පසුකර යා යුතුය. පුනරීන් අහිමි වූවොතින් එම හැකියාව අහිමි වෙයි.

    වැල්ලෙන් සමන්විත වීමද ලවණාධික වගුරැබිම් බහුල වීමද, ශුෂ්ක කාලගුණයද හේතුවෙන් මෙම ප්‍රදේශයේ වැඩි ගහකොල නොවීය. තිබුනේද විසිරීගිය කුඩා ලදු බිම්ය.

    බිම වලක් හාරා එය තල් කොට හා වැලි කොට්ට ආධාරයෙන් ආවරණය කර, තුවක්කුවේ බට එලියට දැමීමට හා සීමිත දර්ශනයක් පමණක් පෙනෙන අයුරින් සාදාගත් කුඩා ජනේලයකින් කොටියන් අපට වෙඩි තැබුවේය. අප හමුදා බංකරයකට කොටුවී නැත. අප ඔවුන් වෙතට කඩා වැදිය යුතුය, ආක්‍රමණය කල යුතුය. එනම් ඉදිරියට යා යුත්තේ අපය.

    මුවා වීමට ප්‍රමාණවත් ගස් කොලන් නොමැත. වැල්ලේ, මඩෙි එරීම නිසා වේගයෙන් දිව යා නොහැක. සති කීපයක් උත්සහ කලේය. සටන ඉදිරියට නොයයි. ලැබූ හානියද අධිකය. " සර් ,open එක වැඩියි. දවල්ට යන්න බෑ. රෑට තමයි අඩියක් හරි යා ගන්නේ" හිතවත් සෙබලෙක් මා හ⁣ට පැහැදුවේය. යන්නේ නම් රෑ බව සැබෑවකි. පහුගිය දින කීපයේම නින්දක් නොවූයේ තුවාල කරැවන් ට්‍රැක්ටර් පිටින් පැමිනියේ මහා රෑ නිසාය.

    ඉදිරි සති කීපයේදී මෙම ප්‍රදේශයට වැස්ස ලැබෙන්නේය. වැස්ස වැටුනායින් පසුව මෙම භූමිය සටන් කීරීමටත් ඉදිරියට ඇදීමටත් ඉතාම අපහසුය.

    පාබල සේනාංක ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූවොතින් විකල්ප හමුදාව සතුය. යුධ ටැංකිද, කාලතුවක්කු හා මෝටාර්ද මෙහීදී භාවිතාවට ගන්නේය. ඉන් ඔබ්බට.... ඔව්, තව විකල්පයක් ඇත. එහෙම පිරිසක්ද යුධ හමුදාව සතුය.

    මිනිසුන් විවිධකාර දක්ෂතා ඇතිව ලෝකයට බිහිවෙයි. එකෙක් ඉගෙන ගැනීමට දක්ෂයෙකි, තවකෙත් ගායකයෙකි, තවත් එකෙක් ක්‍රීඩකයෙකි යනාදි වශයෙන් එකි නෙකා උරැම කරගත් විභවයන් හී ගැබ්වූ දක්ෂතාවක් තිළිණ කොට ඔවුනොවුන් උපත ලබයි. එම උරැමකරගත් දක්ෂතාවය යම් පුද්ගලයෙක් තුලින් මතුවූව හොත් හෝ හඳුනාගතහොත් එම පුද්ගලයා අදාල ක්ෂේත්‍රය තුල ඉහලට පැමිනෙයි. එම දක්ෂතාවයට දැඩි කැපකිරීම, මහන්සිය මත උපරිම පුහුණුව යෙදවුවහොත් ඔහු හෝ ඇය අදාල ක්⁣ෂේත්‍රයේ සුපිරි තලයකට පැමිනෙයි. මැණික් සොයා ඒවා ඔපමට්ටම් කරන තුරැ වටිනාකම අඩුය.

    හමුදාවට බඳවා ගන්නා දහස් සංඛයාත නව සෙබලුන් මාස 6ක මූලික හමුදා පුහුණුවකට ලක්වෙයි. අනතුරැව ඔවුන් විශේෂ බලකා යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කරනු ලදුව සුවීශේෂි සෙබල දක්ෂතා ඇත්තවුන් හඳුනාගෙන ඔවුන් විශේෂ බලකා පාඨමාලාව සඳහා තෝරා ගනියි. වසරක එම පාඨමාලාව අවසානයේ ඉතා සුලු පිරිසක් වි⁣ශේෂ බලකා සොල්දාදුවෙකු ලෙස සුදුසුකම් ලබා පිටවෙයි. මේ සෙබලා උපන් සෙබල දක්ෂතාවය ඇති, දැඩි කැපකිරීම හා මහන්සිය යොදා පුහුණුව සිදුකල ඒ සුපිරි හමුදා ශිල්පියාය. ඔපමට්ටම් කල මැණික්ය. වේළුසුමනලාය. නන්දමිත්‍රලාය. සුරනිමලලාය.

    මෙම සෙබලුන් දුටුවිට ඒ වෙනස ඔබට දැක ගත හැකිය. කැළෑ නිළ ඇඳුම ඇඳ පැක් එක හා සිය අවියද පතුරම් වැලද පැළදූ විට වචනයේ පරිසමාප්ත අර්ථය පැහැදිලි කරන සෙබලෙකු විරාජමාන වෙයි.

    පුනරීන් ඇල්ලීමටද විශේෂ බලකාය කැඳවූයේය. ලොකු බස් දෙකක් පුරවා සෙබලුන් 60ක් පමණ අප ඉදිරි සැරහුම් මධ්‍යස්ථානය ඉදිරියෙන් ගොස් ඊට කිලේ මීටරයක් පමණ දුරකින් කඳවුරැ ලා ගත්තේය. අපට ඉදිරිය පැහැදිලිය. බෙහෙත්හේත්, ශල්‍ය උපකරණ අස්පස්කොට ගෝස් නවා, බැන්ඩේජ්, සේලයින් , කැනුයුලා අසුරා අපද සූදානම් වූයේය.

    සිරිත් පරිදි එම කණ්ඩායමෙන් එක් සෙබලෙකු මා හමුවට යොමුකර තිබින. තුවාල කරැවන් ගනන් කීරීම, තුවාල වල ප්‍රභේදය අනුව වර්ග කලවිට සටහන් කරගැනීම, මරණ වුවහොත් හඳුනා ගැනීම ආදී පරිපාලන කටයුතු වලට සහභාගී වීමට මෙලෙස සටන් කණ්ඩායමකින් එක් සෙබලෙකු මා වෙත රපෝර්තු කරවයි.

    ඉහතින් කී සුපිරි සෙබලෙකු මා ඉදිරියට පැමිණියේය. ඔහු කෝප්‍රල් ජයරත්නය. දකුණු පහල බාහුවේ පරණ වෙඩි තුවාලයක්ද සහිත වූ ඔහු පරිනත ස්වරෑපයක් පෙන්නූවේය. පුහුණව නිසාදෝ අැතිවූ අභිමානවත් පෞරුෂයක් ඔහු සතුවූයේය.

    හිරැ ගිලී ගියේය. අඳුර ගිල ගත්තේය. ඒත් සමඟම මහා වෙඩි වරැසාවකින් සටන ආරම්භ වූයේය. දැන් නොනවත්වා සටනය. වෙඩි හඬ අස්වැසිල්ලකට හෝ නතර නොවෙයි. තුවාල කරැවන්ද ක්‍රමයෙන් පැමීණීම ඇරඹුණි. විශේෂ බලකාද, පාබල සොල්දාදුවෝද ඒ අතර වූවේය.

    විශේෂ බලකා සොල්දාදුවන්ගේ සිරුර පවා වෙනස්ය. ඔවුන් බරය. මාංශ පේශීන් ඝනය. බොහෝ ඇයෝ පිරිපුන් දේහ දාරියෝය. අත් පා අන් සොල්දාදුවන්ට වඩා මහතය. වටප්‍රමාණය වැඩිය. වේදනාවට ඔරොත්තු දෙන්නේය. වෙඩි වැදි කටු කැඩී සිටියත් මුහුණේ සිනාවකි. නොසැලෙන අභිමානයකි. අප සැරහුම් මධ්‍යස්ථානයද එදා ලැබුයේ වෙනමම අත්දැකීමකි.

    පපුවට වෙඩි වැදී පපුකුහරය සිදුරැ වූවිට, උරස් කටු අතරින් බටයක් උරස් කුහරය තුලට ඇතුලු කර කුඩා සැත්කමක් කල යුතුවෙයි. මෙහිදී දඹරගිල්ල භාවිතා කොට බටය දමන කටු අතර හිදැස සොයා එය කපා පාදා ගත යුතුය. සාමාන්‍ය දඹර ගිල්ලේ දිග එයට ප්‍රමාණවත්ය. එහෙත් එදා මට එසේ කිරීම පහසු වූයේ නැත. ඇඟිල්ලේ දිගද ශක්තියද මේ සෙබලුන්ගේ උරස් කුහරයට ඇතුලු කිරීමට ප්‍රමාණවත් නොවූයේය. අතිශයෝක්තියක් නොවෙනම් එම පේශි ශල්‍ය පිහිතලයෙන් පවා නොකැපෙනු ඇතැයි මට සිතින. එම බට සමඟ එන ⁣ඇලුමීනියම් උල භාවිතා කොට යන්තම් බට⁣ය උරස් කුහරය තුලට ඇතුල් කර සැත්කම නිමා කරගත්තෙමි. මා හෙලු දිගු හුස්ම දැක සෙබලා මා දිහා බලාගෙනම සිනාවෙයි.

    තුවාල වූ පිරිස සමඟ පැමිණි තවත් සුලු තුවාල ලැබු සොල්දාදුවන් කීප දෙනෙකු " සර්, තුවාලේ අමාරැ එකක්ද " යැයි විමසා සිටියේය. "නෑ මේක P3. මම ඔවුනගේ තුවාලය බලා පිරිතුරැ දුනි. "සර් අපි එහෙනම් ආයෙත් යන්නද? ඉවර කරලාම එන්නම්. " කුමක් කිව යුතුදැයි මට විස්වාස නැත. නොගැලවෙන ලෙස තදින් තුවාල වෙලු මම ඔවුනට නැවත යාමට අවසර දුනි. ඔවුන් ගෙන ආ කැබ් රථයේම නැවත එල්ලුනු ඔවුන් උද්යෝගයෙන් සිය සෙසු සහෝදරයන් හා එක්වනු පිණිස නැවත සටන් බිමට ගියේය.

    සටන දෙවැනි දවසටද පැමිණියේය. කොටි ඉසව්වෙන් පැමිණි බබා මෝටාරයක් විශේෂ බලකා සෙබලුන් සිටි මධ්‍යයේ පතිත වූයේය. ජේෂ්ඨ සාජන්වරයෙකුද ඇතුලුව සෙබලුන් 5 දෙනෙකුට මරැ කෑඳවූ එම පිපිරීම සටන් බිම හෙල්ලීමට සමත් වූයේය. ඔවුනගේ සිදුරැවී ගිය කැඩීබිඳී ගිය සිරැරැ අප මධ්‍යස්ථානයට රැගෙන ආවේය. ආසන්නයේ වූ පොල් ගස් දෙකක් යට ඉටිකොලයක් උඩ සිරැරැ 5ම දිග හැර තිබුනේ මාගේ නිරීක්ෂණය සඳහාය. මාගේ හදවත සලිත වූයේය. මනස කම්පා වී ඇත්තේය. ඒත් මා මෙය කල යුතුය. ඔවුනට හිමි කහ පාට කැශුවල්ටි කාඩ් පත පුරවා මරණය සහතික කල යුතුය. මා එහි ගියේය. කොප්‍රල් ජයරත්න මා සමඟය. ඔහු ⁣මියගිය සෙබලුන් හඳුනා ගැනීමට මා හට උදව් වූයේය. හිත ගල් කරන් සිය සහෝදර සෙබලුන්ගේ බිඳීගිය සිරැරැ වල තුවාල පරීක්ෂා කර සටහන් කරගැනීමට සිරැරැ උස්පහත් කර පෙන්වූයේය. කෙතරම් ඝණ වුවද විශේෂ බලකා සෙබලාගේද ඒ දැඩිවූ සිරැරට ඇතුලෙන් හදවතක් වූයේය. කෝප්‍රල් ජයරත්න කීපවිටක් කාටත් හොරෙන් සිය කඳුලු පිහිදනු මාදුටිමි.

    තව පැය කීපයක් පැවති වෙඩි හඬ ක්‍රමයෙන් නතර වූයේය. සටන අහවරය. පුනරීන් ඇල්ලූබව අපහට දන්වා සිටියේය. සිතපුරා තෘප්තිය උතුරා ගියේය. මාධ්‍යයෙන් දැන ගැනීමට පෙර මා දුරකතන ඇමතුමක් ගෙන අම්මාට ඒ බව දැන්වූයේ ඇය සතුටු කරන අටියෙනි.

    ඊළග උදෑසන විශේෂ බලකා කණ්ඩායම පිටත් වූයේය. කොප්‍රල් ජයරත්න සිය නිලඇදුම ඇඳ අවියද අතැතිව මා සමීපයට පැමිණියේය. " සර් අපි ගිහිල්ලා එන්නම්. " එසේ කියා අභිමානයෙන් සැලියුට් කලේය. ඒ වන විටත් යුධ හමුදා පුහුණුව ලබා නොසිටි මා කෙලෙස ප්‍රතිචාර දක්වමි දැයි නොදැන සිටියේය. කොට කලිසමක් හා අත් නැති බැනියමක් ඇඳ රබර් සෙරෙප්පු යුගලක් පැලද සිටි මම යම් අපහසුතාවකය පත් වූයේය. ඔහු ඒ බව තේරැම් ගන්නට ඇත.

    බස් පිටව යාමට මත්තෙන් කැබ් රථයක් අප සැරහුම් මධ්‍යස්ථානයට පැමිණියේය. ඉන් බැස ගත් විශේෂ බලකා සෙබලකු මා හට පාර්සලයක් දුන්නේය. " සර්ට අපේ සර් මේක දෙන්න කිව්වා. මී පැණි බොතලයක්ද, කැලේ යනකොට ආහාරයට ගන්නා SF9 බිස්කට් පැක⁣ට් කීපයක්ද එහි වූයේය. "අපිට ස්තුති කරන්න දෙන්න තියෙන්නේ ඕවා තමයි සර්."

    ටික වේලාවකින් බස් රථ පිටත් වී ගියේය. තුවාල වූවන්ද මියගිය වූවන්ද එහි අඩුය. නමුත් ගමන ඉවර නැත. ඔවුන් යා යුතුය.

    වෙල්ලමුල්ලිවෛයික්කාලයට තව බොහෝ දුරය.

    - පැතුම් කර්නර්

    මෙවන් වීරයන් දිවි පුදා රැකි රට අද පරගැති නිවට ජාති ද්‍රෝහීන් රජ වූ කල...


    28059199_10215632494873751_7634213836353142436_n.jpg


    28168732_10215632494793749_5871269429546949770_n.jpg


    28166826_10215632494913752_5373496169006066898_n.jpg

    28166621_10215632494953753_1369586373689400773_n.jpg

    28279417_10215632495553768_5340232288808175468_n.jpg

    28166843_10215632496393789_5483098716533769738_n.jpg

    28166930_10215632496353788_6775025323725390270_n.jpg

    28059509_10215632496553793_9098209301645444460_n.jpg

    28377737_10215632497153808_3335732905398378026_n.jpg

    28279109_10215632497393814_4610000581374620307_n.jpg

    28166374_10215632497473816_2176698315637720523_n.jpg

    28277186_10215632497913827_4981944040171855056_n.jpg

    28166527_10215632498153833_4189538951288303409_n.jpg
     
    • Like
    Reactions: Rummy678

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2015 බලයට එන්න ගහපු ගිවිසුම් අනුව දැන් රට දුවන්නේ...