..........වීර පුරන්අප්පු ..........
ශී‍්‍ර ලංකාව තරම් විදේශ ආක‍්‍රමණිකයන්ගෙන් තාඩන පීඩනවලට ලක්වූ රටක් මේ මහ පොළොවේ නැති තරම්ය. මෙම තාඩන පීඩන මැද සම්බුද්ධ ශාසනය ද රැකගෙන විදේශ ආක‍්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටි උදාර වීරවරයන් සිටියහ. සිංහල ජාතිය රැකගැනීමට උරදුන් මෙවැනි වීරවරයන් සිහිිකිරීම අපගේ යුතුකමකි.මාතෘ භූමියේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදීන් හමුවේ අභීතව නැගී සිටිමින් සිංහල ජාතියට නායකත්වය දෙමින් තම ලේ දහරින් මාතෘ භූමිය තෙත් කළ සිංහල වීරවරයන්ගේ සුවඳ අදත් මේ දෙරණේ හමායන සුළඟේ ගැබ් වී තිබේ.වසර 1848 විමුක්ති අරගල තුළින් ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද සටහන් කළ උදාර වීර පුරුෂයෙකි වීර පුරන් අප්පු.මොරටුවේ උයන නම් ග‍්‍රාමයේ විසූ සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප‍්‍රනාන්‍දු හා වර්නමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ දම්පති දාව 1812 නොවැම්බර් 07 වැනිදා පුතෙකු උපත ලැබීය. වීරහැන්නදිගේ ප‍්‍රැන්සිස්කු ප‍්‍රනාන්‍දු යන නම ඔහුට තැබීය. ඔහු වැදගත් පවුලකට උරුමකම් කියන්නෙක් විය.කුඩා කාලයේ පටන්ම එඩිතර භාවය ඔහු තුළින් කැපී පෙනුනේය. දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් ඔහු කි‍්‍රයා කළේය. එකල ගම්මුලාදෑනිවරු ගැමි ජනතාව තලා පෙලා අත්තනෝමතික ලෙස ගම් පාලනය කළේය. අයුක්තිය, අසාධාරණය හමුවේ නැගී සිටි ප‍්‍රැන්සිස්කු ලක්‍ෂපතියේ ගම්පතියාට දෙවතාවක්ම පහර දුන්නේය. ගම්මුලාදෑනියාගේ පළිගැනීම්වලින් බේරීම සඳහා ඔහු තම ගම අතහැර ගියේය. ඔහු ඉන්පසුව රත්නපුර, බදුල්ල, මහනුවර ප‍්‍රදේශවලට පලාගියේය. තම විදේශ නම අතහැර පුරන් අප්පු නමින් ඔහු පෙනී සිටියේය.1847 ලංකාණ්ඩුකාර ධුරයට පත් වූ ටොරින්ටන් සාමිවරයා විසින් 1848 දී ජනතාව මත බදු හතක් පැනවීය. එනම් ඉස්තෝප්පු, ඔරු, බලු, කරත්ත, කඩ, තුවක්කු හා ඇඟ බද්දය. බදු විරෝධී හඬ රට පුරා පැතිරෙන්නට විය. බදු බර නිසා සුද්දන්ට විරුද්ධව කැරැල්ලක් ඇති විය.
බි‍්‍රතාන්‍ය පාලනය බිඳ දැමීමේ අරමුණින් පුරන් අප්පු සිය සේනාව සමඟ පෙරමුණ ගත්තේය. ඔහු ජූලි 28 වැනිදා මැක්ඩොවල් කොටුව විශිෂ්ට අයුරින් බිඳ දමා මාතලේට පැමිණියේය.පුරන් අප්පු සිංහලේ රජු වශයෙන් 1848 ජූලි 22 වැනිදා දඹුල්ලේදීත්, 28 මහනුවර දීත් අභිෂේක ලැබීය. මාතලේටත් නුවරටත් අතර පැවති සටනක දී වීර පුරන් අප්පු වීරවරයා ඉංගී‍්‍රසීන්ගේ සිරකරුවෙකු ලෙස මහනුවරට ගෙන එන ලදී. මහනුවර රජතුමා ඔහු බවත්, වික්ටෝරියා රැජිනට විරුද්ධව කැරලි ගැසීම ඔහුට තිබූ චෝදනා විය. අධිරාජ්‍යවාදීන්ගේ නඩු විභාගයෙන් පසු පුරන් අප්පු වැරදිකරු වී මරණ දණ්ඩනය නියම කරන ලදී. එම තීන්දුව අනුව ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් 1848 අගෝස්තු 08 වැනිදා වෙඩිතබා මරා දැමීමට නියෝග කළේය.මරණ දණ්ඩනය නියම කිරීමට කාලය පැමිණියේය. ඔහුගේ ඇස් වසා දෑත් විලංගු දමා වෙඩි තැබීමට ඉංග්‍රීසි හේවායෝ සූදානම් විය. සිංහලයන් මරණයට බිය නැහැ. මාගේ දෑස් නිරාවරණය කොට විලංගු ඉවත් කරන ලෙස පුරන් අප්පු ඔවුන්ට පැවසීය. ඔහුගේ ඉල්ලීමට ඉඩ ලැබිණි.ඉංගී‍්‍රසි හේවායන් හා නියොග දීමේ නිලධාරියා ඉදිරිපිට දී ඔහු මෙසේ ද පැවසීය. ‘මෙම සටනට නායකත්වය දෙන්න මා වැනි තවත් හය දෙනෙකු සිටියා නම් නුවර අඩවියේ එක සුද්දෙකුවත් ජීවත් වෙන්නේ නැහැ’ යැයි නිර්භීතව පැවසීය.බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් කළ පුරන් අප්පු 1848 නිදහස් සටනේ නායකයා ලෙස ද සිංහල දේශය වෙනුවෙන් ද සිංහල ජාතිය වෙනුවෙන් ද සටන් කර දිවි පිදූ ජාතික වීරවරයකු ලෙස ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී ඇත.