වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම
අද දින හිරු ප්රවෘත්ති ප්‍රකාශය අතර තුර දී ගොවීන් විසින් තම වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීමට වී ගබඩාවක තෙරපෙන අයුර හා එම තෙරපුමේ දී ඔවුනොවුන් අතර බහින් බස් වීමක් සිදුවන ආකාරය හද කම්පා කරන සුළු විය. මහින්ද යුගයේ මෙම තුණ්ඩු ලබා ගත්තේ ගමේ ම සමිතියෙනි. එහෙත් දැන් ගොවියාට එය ලබා ගැනීමට බොහෝ දුර ගෙවා නගරයට ඒමට සිදුව තිබේ. අදාළ තුණ්ඩු ලබා ගැනීම සඳහා බොහෝ ගොවීන් පැමිණ තිබුණේ පාන්දර දෙකේ සිට ය. දිිගු හා අක්‍රමවත් පෝලීම්වල තෙරපෙමින් සිටි අයගෙන් අඩක් ම මැදි විය ඉක්ම වූ කාන්තාවන් ය. ඔවුන් අහිංසක ය. එක් කාන්තාවක් හැඬූ කඳුලින් මාධ්‍යට වෙත කියා සිටියේ තමන්ට වයස 59ක් වන බවත් තම ජීවිතේට මෙවැනි කටුක අත්දැකීමක් ලබා නැති බවත් ය. තව බොහෝ අය හිස් අහසට බැණ අඬ ගැසූහ. ඒවා අසන කෙනෙක් නැත. දෙවියන්ගේ බුදුන්ගේ නාමයෙන් අප ඉල්ලා සිටින්නේ රටට බත සපයන මේ ගොවියන්ගෙන් කරන පළිගැනීම වහා නැවැත්විය යුතු බව
By Mahinda Pathirana

.ඔවා විඳපුවාවේ
.වෙනස තදටම දැනෙනවා ඇතිනෙ දැන්.