වෘත්තීය අරගල මාෆියාව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වෘත්තීය අරගල මාෆියාව

    වෘත්තීය අරගල මාෆියාව

    වැටුප් විෂමතා ඉවත් කිරීම, අධ්‍යාපනයට අයවැයෙන් සියයට හයක් වෙන්කිරීම, ගුරුවරුන්ට අනවශ්‍ය කොළ පිරවීම් නතර කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන ලංකා ගුරු සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබේ. පෙරේදා ආරම්භ කළ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සියයට අනූඅටකින් සාර්ථක වූ බව සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි. ලේකම්වරයාගේ කතාව සත්‍යයකි. මෙම වෘත්තීය ක‍්‍රියා මාර්ගය හේතුවෙන් පෙරේදා දිවයිනේ පාසල් රැුසක අධ්‍යාපන කටයුතු මුළුමණින්ම බිඳ වැටී තිබුණි. තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් ඉගැන්වීම් කටයුතු හැර වෙනත් කිසිදු රාජකාරියක නිරත නොවීමටත්, මාර්තු 16 සිට 20 දක්වා දින පහක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමටත් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් 30 ක් ඒකමතිකව තීරණය කළ බව ගුරු සංගමය දැනටමත් නිවේදනය කර තිබේ. මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ඉදිරියට

    ගෙනයමින් උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් මේ වන විට ඉවත් වී තිබේ. එම නිසා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ඉදිරියට ඇදී යෑම රටේ අධ්‍යාපන පරිපාලන ක‍්‍රියාවලියට එතරම් ගුණදායක නැත. එම නිසා හැකි ඉක්මණින් සාකච්ඡුා අරඹා ගැටලූ නිරාකරණය කර ගැනීමට දෙපාර්ශවයම එක`ගතාවකට පැමිණිය යුතුය.

    ලෝකයේ සෑම වෘත්තීය අරගලයක්ම සාධාරණීකරණය කළ හැකි වුවත් ගුරුවරුන් සහ වෛද්‍යවරුන් සිදු කරන වෘත්තීය අරගල සාධාරණීකරණය කළ හැකි ද යන්න ගැටලූවකි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන රටේ ජීවනාලිය බඳු ක්‍ෂේත‍්‍ර වෘත්තීය අරගලවල නියැළීම එක පැත්තකින් සදාචාරාත්මක නොවේ. නමුත් ශ‍්‍රී ලංකාවේ මීට වඩා සදාචාර විරෝධී ක‍්‍රියා සිදුවන නිසා අප ඒ ගැන වැඩිදුරටත් කතා නොකර සිටිමු. ශ‍්‍රී ලංකාව වැනි සුබසාධක රාජ්‍යයක මේ ක්‍ෂේත‍්‍ර දෙකම පෝෂණය ලබන්නේ රටේ පොදු ජනතාවගේ බදු මුදල්වලිනි. පොදු ජනතාවගේ බදු මුදල්වලින් යැපුණද එම ක්‍ෂේත‍්‍රයන්හි පවතින ප‍්‍රශ්න, ගැටලූ විසඳා ගැනීමට ඔවුන්ට අයිතියක් තිබේ. ඒ සඳහා වෘත්තීය අරගල දියත් කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ. නමුත් ඔවුන් ඒවා දියත් කළ යුත්තේ පරිපාලන ක‍්‍රියාවලියට බාධාවක් නොවන පරිදිය. ඒ සඳහා ජනතාවගේම බදු මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය යාන්ත‍්‍රණයක් තිබියදී ගුරුවරුන්ට තමන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීමට මහපාරට පැමිණීමට සිදුවීම එක පැත්තකින් බේදවාචකයකි. ඉන් හැෙ`ගන්නේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරුවරුන්ගේ ප‍්‍රශ්න විසඳා දීමට හැකියාවක් නොමැති බවය. එසේ නොමැතිනම් අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර කළමනාකරණය කිරීමට ඔවුන් දක්වන අසමත්භාවයයි. ගුරු වෘත්තීය අරගලවලදී රටේ පොදු ජනතාව දකින පොදු චිත‍්‍රය මෙයය. නමුත් මෙම චිත‍්‍රය පිටුපස හොරිකඩ දේශපාලන ක‍්‍රියාවලියක්ද දියත්වන බව අප මතක තබා ගත යුතුය.

    ලෝකයේ වෘත්තීය අරගල දේශපාලනයේ කොටසක් වුවද ලංකාවේ සෑම වෘත්තීය අරගලයක්ම රටේ දේශපාලන පක්ෂ යාවත්කාලීන කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් බවට පත්ව තිබේ. ඒවා ගැන කතා කිරීම තරම් අපුල දනවන කාරණාවක් තවත් නැත. නමුත් ඒ ගැන කතා කළ යුතුය. ලංකා ගුරු සංගමය සෘජුවම නියෝජනය කරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයයි. එය සමාන වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය නමැති වෘත්තීය සමිතියට පමණි. රටේ අනෙකුත් සෑම වෘත්තීය සමිතියක්ම කාලෙන් කාලෙට නැගී එන දේශපාලන පක්ෂ බලයට පත්කිරීම සඳහා වෘත්තීය අයිතිවාසිකම් පාවාදෙමින් සිටිති. රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලය පුරාම පෙනී සිටියේ දේශපාලන ව්‍යාපෘති කරළියට ගෙන ඒම සඳහාය. පසුගිය කාලය පුරාම රාජ්‍ය හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතුකරමින් වෘත්තීය අරගල මෙහෙය වූ සමන් රත්නප‍්‍රිය අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකුවී ‘ඩියුටි ප‍්‍රී’ වාහන බලපත‍්‍රය කිසිදු හිරිකිතයක් නොමැතිව සාක්කුවට දමා ගත්තේය. ඒ වගේම වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ භික්ෂුවකි. ලංකාවේ වෘත්තීය අරගල තේරුම් ගැනීමට පෙර එම වෘත්තීය අරගල මෙහෙයවන පුද්ගලයන් හඳුනා ගැනීම වඩා වැදගත් වන්නේ මේ නිසාය.

    ශ‍්‍රී ලංකාවේ වෘත්තීය අරගල දේශපාලනීකරණය වීමෙන් එහි බරපතලම විපාක විඳීමට සිදුව ඇත්තේ රටේ පොදු ජනතාවටය. රටේ ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දියත් කළ යුතු වෘත්තීය අරගල සියල්ල මේ වෘත්තීය සමිති විසින් පක්ෂ දේශපාලනය සඳහා දියාරු කර දමා තිබේ. රටේ කිසිදු අධ්‍යාපන වෘත්තීය සමිතියක් දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බසින්නේ නැත. ඇත්තටම ගුරු සංගමයට දැක්මක් ඇත්නම් ඔවුන් මේ මොහොතේ අරගල කළ යුත්තේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සඳහාය. විෂය නිර්දේශවලින් පීඩාවට පත්ව සිටින දරුවන්ගේ ළමා අයිතිවාසිකම් දිනා දීම සඳහාය. මවට ඒඞ්ස් වැළඳීම නිසා පාසල අහිමි වූ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් රටේ කිසිදු ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් පාරට බැස්සේ නැත. ඒ වගේම රෝහල්වල වරදින් අකාලයේ මියයන, අත් පා අහිමි වන, සදාකාලික අබ්බගාතයන් බවට පත්වන අසරණ රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු වෛද්‍ය සංගමයක්, හෙද සංගමයක් පාරට බැස නැත. මේ සියලූ දෙනා පාරට බසින්නේ තමන්ගේ පඩි පතට කීයක් හෝ වැඩි කර ගැනීමට පමණි.

    සැබෑ වෘත්තීය අරගල දියත් කළ යුත්තේ දේශපාලන පක්ෂ කාර්යාලවල සිට නොව ජනතාව සමග සිට බව මේ වෘත්තීය සමිති තේරුම් ගෙන නොමැත. ඔවුන් ඒ බව තේරුම්නොගන්නා තාක් රටේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සිහිනයක් පමණි

    source
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...

    වෘත්තීය අරගල කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එකෙක් ලියපු එකක්.:rolleyes: