මැතකදි මම බලපු දෙමළ චිත්‍රපටියක් ගැන අද මට කතා කරන්න හිතුනා..
මම දන්නවා එළකිරි අඩවියේ බොහෝ සහෝදර සහෝදරියන් දෙමළ චිත්‍රපටි නරඹන්න රුචිකත්වයක් දක්වන විත්තිය..
ඒ අය වෙනුවෙන් ම අලුත් චිත්‍රපටියක් ගැන කතා කරන්න හිතුනා..
ත්‍රේඩ් එකේ මාතෘකාව අනුව දැන් කට්ටියට තේරුම් ගිහිල්ලා ඇති අද මම කතා කරන්න යන චිත්‍රපටියේ නම. ඔව්, ඔගොල්ලන් හරි චිත්‍රපටියේ නම ඇවිත් " වෙට්ටෙයි "
චිත්‍රපටියේ කතාව කෙටියෙන් පැහැදිලි කරනවා නම්..
සහෝදරයන් දෙන්නෙක් අතර ඇති වෙන කතා මාලාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවටම දිව යන්නේ..
තම පවුලේ එකම වැඩිමල් සහෝදරයා ජිවිතයේ හැම බාධකයක් ම මුහුණ දෙන්න බිය වෙන චරිතයක් ඒත් ඒකට තම බාල සහෝදරයා ඒ කිසිම දෙයකට බය නොවෙන චරිතයක්..
උදාහරණයට තම වැඩිමල් සහෝදරයා රණ්ඩුවකට මුහුණ දුන්න අවස්ථාවේදි වුනත්.. තම බාල සහෝදරයා ගේ උදව් උපකාරය බලාපොරොත්තු වෙනවා...
තම එකම වැඩිමල් සොයුරාට යම් කෙනෙකු ප්‍රශ්නයක් ඇති කරන අවස්ථාවේදි ඒ හැම ප්‍රශ්නයක් ම තමන්ගේ කරට ගෙන හැම ප්‍රශ්නයක් ම විසදන මේ බාල සහෝදරයා
නිසා වැඩිමල් සහෝදරයා ගේ ජිවිතය ගැන කිසිම විටකත් බියක් ඇති කර ගන්න ඕන වෙන්නේ නෑ..
මොහුන් දෙපලගේ පියා පොලිස්පති කෙනෙක්.. ඒත් මේ පියාගේ හදිසි අභාවයෙන් පසු ඒ තාත්තාගේ පුරප්පාඩුව පිරවිමට ඒ වැඩිමල් සහෝදරයාට සිදුවෙයි..
ඒත් මේ වැඩිමල් සහෝදරයා බියගුළු චරිතයක් කියලා තම බාල සහෝදරයා දන්නවා වුනත් තමන්ගේ බලපෑම නිසා මේ තනතුර ඉල්ලුම් කලා..
ඒත් පළමු දවසේම ලොකු රාජකාරියක් වෙනුවෙන් වැඩිමල් සහෝදරයාට
මුහුණ දිමට සිදුවෙයි.. ඒ හැම දෙයක් ම ඒ තරම් ලොකු දෙයක් හැටියට ගණන් ගන්නේ නැතිව
තම බාල සොයුරාගේ පිහිටෙන් තමන්ගේ වෘත්තිය ලස්සනට කරමින් වැඩිමල් සහෝදරයා දිනෙන් දිනම ජනප්‍රිය චරිතයක් වෙනවා...
මේ අතර සුන්දර ආදර කතාවක් මේ කතාවට ඇතුලත් වේලා තියෙනවා..
ඇත්තටම ලස්සන කතාවක්.. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නේ, මාධවන් ( වැඩිමල් සහෝදරයා ), ආර්යා ( බාල සහෝදරයා ) , අමාලා පොල් ( මගේ ප්‍රියතම චරිතයක් ) හා සමීරා රේදි
මේ චිත්‍රපටිය බාගෙන බලන්න නම්..
මේ ටොරන්ට් එකෙන් බාගෙන නරඹන්න..
මේ චිත්‍රපටිය නරඹලා ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..
ඒ වගේම මේ චිත්‍රපටිය දැනටමත් නරඹලා ඉන්න අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන
ගන්නත් කැමතියි..

