වෙඩින් ඇල්බම් එකත් එක්ක සැඟව ගෙදරට එන මාර&#351

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වෙඩින් ඇල්බම් එකත් එක්ක සැඟව ගෙදරට එන මාර&#351

    මේ දවස්වල ලංකාවේ අඩුමිළට වෙඩින් ඇල්බම් හදන සින්තටික් මුද්‍රණ කඩදාසියක් වේගයෙන් ව්‍යාප්ත වෙනවා.මේක ආරම්භ වුනේ ඡායාරූප ක්ෂේත්‍රයේ ඉන්න කිහිපදෙනක් අඩු මිළකට වෙඩින් ඇල්බම් එක කරන්න කියලා හිතාගෙන ඉන්දියාවේ ගිහින් ඇල්බම් මුද්‍රණය කිරීම ආරම්භ වීමත් එක්කයි.

    මේ විදිහට කීප දෙනෙක් විතරක් අඩු මිළට ඇල්බම් දෙන්නේ කොහොමද කියලා බලද්දි ක්ෂේත්‍රයේ හැමෝම වගේ මේ සින්තටික් කඩදාසියේ රහස සොයාගත්තා.ඒ නිසා දැන් දැන් ලංකාවේ වෙඩින් ඇල්බම් මුද්‍රණය කරන බොහොමයක් දෙනා තරගකාරී මිළක් දෙන්න ඕනේ නිසා අර ඉන්දියාවෙ තියන සින්තටික් කඩදාසිය ආනයනය කරලා අඩුමිළ‍ට වෙඩින් ඇල්බම් කරන්න පුරුදු වෙලා.පොඩි ලාභයක් වෙනුවෙන් පාවිච්චි කරන මේ කෘතිම සින්තටික් කඩදාසිය නිසා ඇතිවෙන සහ අනාගතයෙදී ඇතිවෙන්න පුළුවන් අවධානම ගැන නම් හුග දෙනක් දන්නේ නැහැ.අන්න ඒ නිසා ඔබේ වගේම අනාගත පරපුරෙත් ආරක්ෂාව ගැන හිතනවා නම් මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න.

    ඡායාරූප ශිල්පීන් මැගසින් ඇල්බම් කිරීමට භාවිතා කරන මේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සින්තටික් මුද්‍රණ කඩදාසියේ ශරීරයට අහිතකර රසායනික සංඝටක රාශියක් අඩංගුයි කියලා මේ වෙනකොට තහවරු වෙලා තියනවා. මේ ගැන ලොකුවටම කතාබහක් ඇතිවුනේ සින්තටික් මුද්‍රණ කඩදාසියෙන් 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත මුද්‍රණය කිරීමත් එක්ක. එළිමහන් ප්‍රචාරණ කටයුතු වගේ කෙටිකාලීන අවශ්‍යතා සදහා පාවිච්චි කරන මේ සින්තටික් කඩදාසිය සමාන්‍ය කඩදාසියක් වගේ ඉරන්න බැහැ (NonTerable) . ඒ වගේම මේ කඩදාසිවලින් මුද්‍රණය කරපු වෙඩින් ඇල්බම් එකක් සාමාන්‍ය වෙඩින් ඇල්බම් එකකට වඩා බරින් සෑහෙන්න අඩුයි.මේ කෘතිම කඩදාසිය ඉරන්න බෑ වගේම දිරන්නෙත් නෑ.වතුර දැම්මත් පෙගෙන්නෙ නැති මේ කඩදාසිය හදලා තියෙන්නේ Polyethylene terephthalate (PET) කියන මූලද්‍රව්‍යයයෙන්.

    පිළිකාකාරකයක් වන මෙම මූලද්‍රව්‍යය හේතුවෙන් ශරීරයේ අන්තෝසර්ග අවයවයන්ට බලපෑම් සිදුවන බව Environmental Health Perspectives සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක සඳහන් වෙලා තියනවා. මේ සින්තටික් කඩදාසිය පිළිබඳව ලංකාවේ ජාතික ප්‍රමිති සහ තාක්‌ෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ සින්තටික් කඩදාසියේ ඇති අමුද්‍රව්‍ය ඇස්‌වල මෙන්ම සමෙහි තැවරීම ඉතා උපද්‍රවකාරී බවයි. මේ කෘතීම කඩදාසියේ ඇතුලත් ඇතැම් සංයෝගයන් අධිග්‍රහණය ඉතාම උපද්‍රවකාරී වන බව වගේම පෙනහළුවලට, ස්‌නායු පද්ධතියට හා ශ්ලේෂ්මල පටලවලටද විෂ සහිත බවත් එම පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

    ඡායාරූප මුද්‍රණය සඳහාම පමණක් ප්‍රමිතිගත කරන ලද වර්ණ ඡායාරූප මුද්‍රණ කඩදාසි වෙළඳපොලේ බහුලවම තිබුණත් සුළු ලාබයක් ගැන පමණක් සිතා විෂ රසායනික ද්‍රව්‍ය සහිත සින්තටික් කෘතීම කඩදාසියේ වෙඩින් ඇල්බම් ප්‍රින්ට් කිරීමට ඇතැම් මුද්‍රණ ශිල්පීන් පෙළඹී ඉන්නේ ගණදෙනුකරුවන්ට එය වඩා ලාභදායි කඩදාසියක් සහ වතුරට ඔරොත්තු දෙන, ඉරෙන්නේ නැති, කල්පවතින කඩදාසියක් බව පෙන්වාදෙමින්. නමුත් මෙම කඩදාසිය භාවිතයෙන් ඔබගේ වටිනා ඡායාරූප ඇල්බමය වසර 10ක් පමණ කෙටි කාලයකදී වර්ණ වෙනස් වීමකට ලක්වීම සහ ඔබගේ සහ කුඩා දරුවන්ගේ ජීවිත අවධානමක හෙළිවීමක් බව මුද්‍රණ ශිල්පීන්ගේ අදහසයි.

    සමහර විට ඔබ මේ පොඩි ලාභය ගැන හිතලා ඉන්දියාවෙන් ආනයනය කරන මේ විෂ සහිත සින්තටික් කඩදාසිය තෝරගන්නේ නොදැනුවත්ව නම් දැන් ඔන්න කාටවත් ඔබව රවට්ටන්න බෑ. ඔබම කල්පනා කරලා බලන්න.එවේලේ ලැබෙන පොඩි ලාභයට වඩා ඔබේ සහ දරුවන්ගේ අනාගතය වටිනවා නේ.අනිත් එක දැන් පොලීතීන් තහනමත් එක්ක මුළු රටම පරිසර හිතකාමීව අනාගතය ගැන හිතද්දි අපේ ලංකාවට විෂ රසායන අඩංගු කඩදාසි ගෙන්වන මේ වැඩේ නවත්තන්න ඔබේ දායකත්වය දෙන්න.ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ සින්තටික් කඩදාසිය ප්‍රතික්ෂේප කරන එකයි.ඔබේ ඒ තීරණයත් එක්ක ඔබේ අනාගතය වගේම රටේ අනාගතය වෙනුවෙන් කරන උතුම් මෙහෙවරකට ඔබත් දායකත්වයක් ලබාදෙනවා.

    අන්න ඒ හින්දා හෙට අනිද්දා විවාහවෙන්න ඉන්න අය වගේම නොදැන මේ විෂ සහිත සින්තටික් කඩදාසියට අහුවෙන ඡායාරූප ශිල්පීන් ඇතුළු හැමදෙනාට දැනගන්න මේ ලිපිය පුළුවන් තරමක් ෂෙයා කරන්න.



    Source - http://www.nethgossip.lk/article/29031
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs
    අපේ රට වල තින ලොකුම අව්ල ඔය වගේ toxic දේවල් වලට නීති නැති එක & තීන ඒවත් ක්‍රියාත්ම නැති එක ජරාව කන උන් නිසා
    පෝර,කෑම දාන භාජන බෝතල්,සබන් etc,කෑම වර්ග නම ලොකුවට තින multinational products වල උනත් ලංකාව වගේ රට වලට එන්නේ වියදම අඩුවෙන් toxic තින ජරාවල් හරි දාල හදන products.
    හැම දෙකින්ම බදු ගහල රජයක් පත් කරලා තින්නේ එකට උන් ඒවා කරන්නේ නැති එක වැඩේ
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    tfs
    අපේ රට වල තින ලොකුම අව්ල ඔය වගේ toxic දේවල් වලට නීති නැති එක & තීන ඒවත් ක්‍රියාත්ම නැති එක ජරාව කන උන් නිසා
    පෝර,කෑම දාන භාජන බෝතල්,සබන් etc,කෑම වර්ග නම ලොකුවට තින multinational products වල උනත් ලංකාව වගේ රට වලට එන්නේ වියදම අඩුවෙන් toxic තින ජරාවල් හරි දාල හදන products.
    හැම දෙකින්ම බදු ගහල රජයක් පත් කරලා තින්නේ එකට උන් ඒවා කරන්නේ නැති එක වැඩේ

    වැඩිය ඕන නෑ බන් මේ පාර 7 වසරට ගහපු භූගෝල විද්‍යාව පොතත් ඔය වස මැටිරියල් එකෙන් තමා ප්‍රින්ට් කරලා තියෙන්නේ..තව මොන කතාද බන්

    :angry:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Godak materials bala ewa thamai thiyenne
    Ape eun higana price walata illaddi vikunana eka karanne a ganata badu dena eka
    nethuwa mewa balen denne ne...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eye re mama scan karala printout ekak aran dunna grade 7 da koheda book ekak.
    eke tibbeth oya wagema synthetic paper ekak..
    :baffled::baffled::baffled::baffled:
    hariyatama kiyanawa nam issara apu 200 kole wage..