වෙඩිවැදී රියදුරෙක් මරුට - SI අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අද (18) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් අන නොතකා ධාවනය කළ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම වෙඩිවැදීම සිදුවී තිබුණේ අද පස්වරු 06.30 ට පමණය.

    වෙඩිවැදීමට ලක්වූ පුද්ගලයා ඔහුට අයත් කුඩා ලොරි රථයෙන් කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ප්‍රදේශය ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිට තිබුණි.

    පොලීසිය පැවසුවේ නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලොරි රථය නවත්වන ලෙස කළ දැනුම්දීම නොතකා රියදුරු එය ඉදිරියට ධාවනය කර ඇති බවය.

    ඒ අනුව රථය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනා දම්පැලැස්ස ප්‍රදේශයේදී එය නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    එහිදී වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

    සිද්ධිය වූ අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.

    වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ වෑත්තෑව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

    මේ අතර අප වාර්තාකරු පැවසුවේ සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීන් නාරම්මල පොලිස් ස්ථානය අසලට පැමිණීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ බවය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොලීසියට පිස්තෝල ඕනෙ නැහැ. ඕකුන්ට බැටන් එක තිබ්බම ඇති. මෝඩ හීනමාන හරක් පිස්තෝලෙ එක්ක රඟන්න ගිහින් මිනිස්සු කීයක් මැරිල ඇද්ද
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    SI බේසිකයා හිතන්න ඇති නවත්තන්නැතුව යන්නේ කුඩ්ඩෙක් කියලා තරු වැඩිකරගන්න වෙඩි තියන්න ඇති.
    othana videos thibbe nath nam wate minissu, oka wenama story ekak heta news wala yanne,
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ඔය වගෙ ජැකට් කෑල්ලක් දාගෙන, CT 100 එකකින් එන එකෙක් නවත්වන්න කිව්වම අපි නවත්වන්න ඕනෙද බන්??
    වාහනෙ මංකොල්ල කන උනුත් ඔය වගේ රෑට පාරවල් වලට පැනලා නවත්වන්න කියනො නෙහ්...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    ඔය වගෙ ජැකට් කෑල්ලක් දාගෙන, CT 100 එකකින් එන එකෙක් නවත්වන්න කිව්වම අපි නවත්වන්න ඕනෙද බන්??
    වාහනෙ මංකොල්ල කන උනුත් ඔය වගේ රෑට පාරවල් වලට පැනලා නවත්වන්න කියනො නෙහ්...
    ඔව් බන් මෙහෙත් එහෙමයි මහ රෑට එක පාරටම ලයිට් කනු අස්සෙ හැන්ගිලා ඉදන් අත දාගෙන පනිනව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    fb eke thibba police ponnayek gedarakata penala thaniyen inna ganiyekta maha jara widiyata baninawa, geni danneth nedda koheda mokatada baninne kiyala
     
    • Like
    Reactions: Dennied and icewiz