වෙඩි නොවදින රථ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වෙඩි නොවදින රථ

    උණ්‌ඩයත් ජයගෙන ගැඹුරු දියට බිලි වන ඡේ. ආර්ගේ, චන්ද්‍රිකාගේ, මහින්දගේ වෙඩි නොවදින රථ


    ගයාන් සමරසිංහ


    vehicleපසුගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් පරිහරණය කළ වෙඩි නොවදින රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට රජය තීන්දු කර ඇති බව ඉකුත් ඉරිදා (31 දා) දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතය. මෙසේ මුහුදේ ගිල්වන රථ අතර මර්සිඩීස්‌ බෙන්ස්‌, ජගුවර්, ලෑන්ඩ් කෲසර් රථ ද ඇත. ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් විසින් මේ වෙඩි නොවදින රිය භාවිත කරන ලදි. වෙඩි නොවදින රියක්‌ දිගු කාලයක්‌ පරිහරණය කරනු නොලැබේ. ඒ රිය බරින් බොහෝ වැඩි නිසා ඉතා කෙටි කාලයක්‌ තුළ එන්ජිම ක්‍ෂය වෙයි. එවිට අලුතින් එන්ජිමක්‌ තැබීමක්‌ හැර අන් පිළියමක්‌ නැත. එය ඉතාම මිල අධික කාරණයක්‌ නිසා වෙඩි නොවදින රථයක්‌ දිගු කලක්‌ පරිහරණය කළ නොහැක. රථයේ වීදුරු හැර වෙඩි වැදීමට ඉඩ ඇති සෑම කොටසක්‌ම ආවරණය වන පරිදි ඇතුළතින් High Carbon තහඩු හෙවත් කාබන් සංයුතිය අධික ඝනකම් වානේ තහඩුවලින් සාදා ඇත. කාබන් අධික වානේ සංයුතියක්‌ ඇති තවත් ද්‍රව්‍යයක්‌ වන රේල් පීලි උණු කිරීමට ලංකාවේදී බැරි වන්නේ යම් සේද , වෙඩි නොවදින රථවල තිබෙන කාබන් අධික වානේ තහඩු, උණු කළ නොහැක. ඒවා උණු කළහැකි තාක්‍ෂණ පිටරටවල තිබුණ ද ප්‍රවාහන වියදම් අධික බැවින්ද, ලංකාව තුළ එකතුවන කාබන් අධික වානේ තහඩු ඉතා ස්‌වල්පයක්‌ වන බැවින්ද එම තහඩු රට පැටවීම පාඩුය. මේ නිසා කළ හැකි නුවණැතිම ක්‍රියාව වන්නේ මෙවැනි වාහන වෙනත් තැනැත්තන් අතට පත්වීමට ඉඩ නොහැර මුහුදේ ගිල්වීම හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීමය. එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක්‌ මතු පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත. ඒ බැවින් එම සිහිවටන මුහුදේ ගිල්වා දැමීමට ඔවුහු ප්‍රියය.

    vehicle1වෙඩි නොවදින රථ වර්ග දෙකක්‌ තිබේ. පළමුවැන්න වෙඩි නොවදින යුද රථය. දෙවැන්න වෙඩි නොවදින VIP කාර්ය. මේවා වෙඩි නොවදින සිවිල් වාහන ලෙස ද හඳුන්වනු ලැබේ. ඉහත වර්ගයේ වාහන වැඩි වශයෙන් නිපදවනු ලබන්නේ අවුඩි, ලින්කන් ටවුන් කාර්, හුන්ඩායි, BMW මර්සඩීස්‌ බෙන්ස්‌, බෙන්ට්‌ලි, ජගුවර්, කැඩිලැක්‌ , ටොයෝටා යන සමාගම් විසිනි. මේ සමාගම් සියල්ලම විසින් නිපදවනු ලබන වෙඩි නොවදින රථ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්‌ වෙඩි නොවදින රියක්‌, ඇමරිකාවේ තිබේ. එය ඇමරිකන් ජනාධිපති පරිහරණය කරන රථයයි. අධි බර දැරිය හැකි ට්‍රක්‌ රථයක චැසිය හා සමාන අධි කාබන් වානේ චැසියක්‌ මත ඉදිකර ඇති මේ රථය කැඩිලැක්‌ සමාගමේ නිර්මාණයකි. ඩොලර් කෝටි 1000 ක්‌ දුන්නත් ඒ හා සමාන රථයක්‌ සෑදීමේ ඇනවුම කැඩිලැක්‌ සමාගම භාර ගන්නේ නැත.

    වෙඩි නොවදින ඪෂඡ රථයක්‌ සාදන්නේ කෙසේද? එහි පිටස්‌තර පෙනුම සුඛෝපභෝගී රථයක්‌ හා සමාන ය. අභ්‍යන්තරය අන් රථවලට වෙනස්‌ ය. රථය ඇතුළත එන්ජිම සහ පෙට්‍රල් ටැංකිය අධි කාබන් වානේ තහඩුවලින් ආවරණය කර ඇත. එහි ජනෙල් වීදුරු ඉදිරිපස සහ පිටුපස වීදුරු මි. මී. 10 සිට 20 දක්‌වා ඝනකම් ය. එම වීදුරු එකිනෙක මත අලවන ලද ස්‌ථර කිහිපයකින් සමන්විතය. ටයර් ගල් ටයර් ය. එබැවින් ටයර්වලට වෙඩි වැදුණ ද හානියක්‌ වන්නේ නැත. වෙඩි නොවදින සෑම රථයකම ගිනි නිවන උපකරණ, ඔක්‌සිජන් යනාදිය තිබේ. ප්‍රහාරයක්‌ එල්ලවූ සැනින් රථයේ දොරවල් සියල්ල අගුල් වැටේ. ඒවා පිටතින් ඇරිය නොහැක. ඇමෙරිකන් ජනපතිගේ වෙඩි නොවදින නිල රථය තුළ ඔහුගේ රුධිර වර්ගයට අයත් ලේ පයින්ට්‌ කිහිපයක්‌, සේලයින්, ප්‍රථමාධාර ගිනි අවි යනාදිය ද තිබේ.

    වෙඩි නොවදින රථ ලෙස කටවහරේ හැඳින්වුව ද එවැනි රිය වර්ගයක්‌ ලොව නැත. ඕනෑම රථයකට වෙඩි වදී. වෙඩි නොවදින රථයකට වෙඩි තබන විට සිදුවන්නේ මුනිස්‌සම හෝ උණ්‌ඩය රථයේ පිටත තහඩුව පසා කර ගෙන ගොස්‌ ඇතුළත වානේ තහඩුවේ ගැටී එතැනින් එහා යැම නැවැත්වීමය. පිටත තහඩුව සිදුරු කරන උණ්‌ඩයේ වේගය කොහොමටත් බාල වේ. එවිට උණ්‌ඩය අධි කාබන් වානේ තහඩුව ඉදිරිපිට අසරණ වෙයි.

    ඇමෙරිකන් ජනාධිපති, රුසියන් ජනාධිපති, චීන ජනාධිපති වැනි බලගතු පුද්ගලයන්ගේ රථවලට හැර සෙසු රාජ්‍ය නායකයන් සහ ප්‍රභූවරුන්ගේ (VIP) රථවලට මිසයිල පහර එල්ල නොවන බවට ප්‍රතිපත්තිමය අවබෝධයක්‌ වෙඩි නොවදින රථ නිපදවන්නන් අතර ඇත. ඒ නිසා සෙසු රාජ්‍ය නායකයන්ගේ රථ නිපදවන විට සැලකිල්ලට ගන්නේ අත්බෝම්බ, පැති බෝම්බ සහ බිම් බෝම්බ ප්‍රහාර, T 56 තුවක්‌කුවලින් තබන වෙඩි සහ පිස්‌තෝල උණ්‌ඩවලින් සිදුවන ප්‍රහාර පමණි. රාජ්‍ය නායකයා තම වෙඩි නොවදින රථයේ නැඟී යන විට කාලතුවක්‌කුවක්‌ තල්ලු කරගෙන විත් වෙඩි තබන හෝ යුද ටැංකියකින් පැමිණ එහි තිබෙන තුවක්‌කුවෙන් වෙඩි තබන ජනයා සිටින රටක්‌ නැත.

    හොඳම තත්ත්වයේ වෙඩි නොවදින රියක්‌ ඩොලර් ලක්‍ෂයක්‌ හෙවත් මෙරට මුදලින් රුපියල් එක්‌ කෝටි පනස්‌ පන් ලක්‍ෂයකි. ඒ අතර රුපියල් ලක්‍ෂ 15 ටත් වෙඩි නොවදින රථ ඇත. ඒවා පාවිච්චි කරන්නේ ත්‍රස්‌තවාදීන් නොව දාමරික හොරුන් බහුලව ගැවසෙන බ්‍රසීලය වැනි රටවල ය. මේ සොරුන් අත නවීන අවි නැත. වැඩිම වුණොත් ඇත්තේ අත්බෝම්බයක්‌ සහ පිස්‌තෝලයකි. ලංකාවේ එවැනි තත්ත්වයක්‌ පුළුල් ලෙස පැතිර නැත. එබැවින් අපේ රටේ තිබෙන පැරණි වෙඩි නොවදින රථ ගඟේ මුහුදේ දැමීම හැර අන් විකල්පයක්‌ බලධාරීන්ට නැත.
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    රාජ්‍ය නායකයා තම වෙඩි නොවදින රථයේ නැඟී යන විට කාලතුවක්‌කුවක්‌ තල්ලු කරගෙන විත් වෙඩි තබන හෝ යුද ටැංකියකින් පැමිණ එහි තිබෙන තුවක්‌කුවෙන් වෙඩි තබන ජනයා සිටින රටක්‌ නැත.



    :baffled::baffled::baffled::confused::confused::rolleyes::rolleyes::D:D:rofl::rofl:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නිකන් මුහුදට දාන්නේ අපරාදේ නෙව :oo: වෙන කරන්න දෙයක් නැතිම වෙන්න බෑ නෙ.


    අපේ රටේ ජනදිපතිවරුන්ට වෙන් උන කවුතුකාගාරයක් නැහැනේ එහෙම එකක් හැදුවානම් මොකද වෙන්නේ කොහෙද මෙහෙ පක්ෂ වලට බෙදිලානේ ඉන්නේ ඉතින් අනිත් පක්ෂේ ජනාදිපති ඊලග පක්ෂෙන් චෝර කරනවනේ ඒකට ඇමෙරිකන් කාරයෝ මොන ප්‍රශ්නේ තිබ්බත් රටේ නායකයෝ රට ගැන හිතන නිසා එහෙ මිනිස්සුත් හැම නායකයාටම ගරු කරනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට වෙඩි නොවදින රත වලට වඩා හෙන නොවදින රත නිෂ්පාදකයන් හදන්නේ නම් වැදගත් වේ
     
    • Like
    Reactions: ArunaTelshan

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට වෙඩි නොවදින රත වලට වඩා හෙන නොවදින රත නිෂ්පාදකයන් හදන්නේ නම් වැදගත් වේ

    :D:D:D:yes::yes: