වෙඩි_තැබීම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගාල්ලේ වෙඩි තැබීම : "මේ වගේ මිනිස්සු හමුදාවට ගන්න එපා"



_107762448_eeeeeee.jpg



"මගේ මහත්තයා නාවික හමුදාවේ අවුරුදු 12 ක් සේවය කළ කෙනෙක්. නීතියක් දන්නේ නැති මනුස්සයෙක් නෙවෙයි. ලෝගුවක් දාගෙන පොලු මුගුරු අරන් ත්‍රස්තවාදියෙක් වගේ ඉස්කෝලෙට ආවේ නෑ. එයාගේ අතේ ඒ වෙලාවේ හිටියේ මගේ අනිත් දරුවා විතරයි. දරුවා අතේ තියාගෙන හිටපු කෙනාට වෙඩි තියන්න තරම් මේ සෙබළා මානසික රෝගියෙක් ද? ඇයි දෙයියනේ මේ වගේ මිනිස්සු අතට තුවක්කු දෙන්නේ ?" අයේෂා මංජුලී සිය මියගිය ස්වාමියා සම්බන්ධයෙන් හඬ අවදි කරන්නීය.


ගාල්ල පිලාන වංචාවල ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතොටගේ උදය ප්‍රදීප් කුමාර 39 හැවිරිදි තිදරු පියෙකි. වසර 15 කට අධික කාලයක් නාවික හමුදා තූර්යවාදන කන්ඩායම නියෝජනය කළ ඔහු එහි ස්වේච්ඡා සේවයේ නිරතව සිටි අයේෂා මංජුලී සමග විවාහ විය. නාවික හමුදා රාජකාරියෙන් විශ්‍රාම ගිය උදය ප්‍රදීප් කුමාර තූර්ය වාදක කණ්ඩායමක් නිර්මාණය කරගනිමින් පවුලේ ආර්ථිකය වෙනුවෙන් වෙහෙසින. වසර කිහිපයකට පෙර තමා ද නාවික හමුදා රාජකාරියෙන් ඉවත්ව මේ වන විට පෞද්ගලික ආයතනයක සේවය කරන බව මංජුලී පවසන්නීය.


ඔවුන්ගේ දරුවන් තිදෙනාම අධ්‍යාපනය හදාරන්නේ ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසලේය. බ්‍රහස්පතින්දා (ජුලි 04) ඔවුන්ගේ වැඩිමහල් දියණියට අසනීප බව පවසමින් පාසලෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබිණ. මංජුලී පවසන්නේ තමා රැකියාව සඳහා ගොස් සිටි බැවින් දරුවන් රැගෙන ඒම සඳහා සිය ස්වාමියා එදින පාසලට පිටත් කර හැරි බවය.



_107762452_20190705_173744-1393x1857.jpg





"එදා මගේ දුවට අසනීපයි කියලා ඉස්කෝලෙන් කතාකරල තිබුණා. මහත්තය මුලින් ගිහින් දුව අරගෙන ඇවිත් ආයේ කල්පනාකරලා තිබුණා අනිත් දරුවාත් අරගෙන ආවොත් හොඳයි කියලා. එහෙම හිතල තමයි ඉස්කෝලෙට ගිහින් තිබුණේ." පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව දිවයිනේ පාසල්වල ආරක්ෂාව සඳහා යුද හමුදා සෙබළුන් 9000ක් පමණ යොදවා සිටින අතර මෙම ජාතික පාසලට ද ගාල්ල කොටුව ගැමුණු සේවා බලඇණියට අනියුක්තව රාජකාරියේ නිරත සෙබලෙක් යොදා තිබිණ.


එම සෙබළා නියමිත ස්ථානයේ රාජකාරි නොකළ බව පවසමින් ඒ සම්බන්ධයෙන් පාසල් පාලනාධිකාරිය දැනුවත් කිරීමට තම සැමියා උත්සාහ දරා ඇතැයි ඇය පවසන්නීය. "පාසලට පැමිණි අවස්ථාවේ මේ සෙබළා පෙනෙන්න නොසිටි නිසා මගේ මහත්තයා මේ සම්බන්ධයෙන් ප්‍රාථමික අංශ කාර්යාලය දැනුවත් කරලා තියනවා. ඒ අවස්ථාවේ වෙනත් ස්ථානයක සිට පැමිණි සෙබළා තමන් ගැන පැමිණිලි කරන්න එපා කියලා බල කරලා. අපේ මහත්තයා ඒ කාර්යාලයෙන් එළියට එනකොට අතින් ඇදලා. මගේ දුව කියනවා තාත්තා බිමට වැටුනම මෙයා වෙඩි තිබ්බා කියලා," මංජුලා බීබීසී සිංහල සේවයට පැවසීය. වෙඩි තැබීමෙන් උදරයට බරපතල තුවාල සිදුවූ ප්‍රදීප් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුල් කිරීමෙන් පසු මියගොස් තිබේ.


කෙසේ වෙතත් පොලිසිය සහ යුද හමුදාව මේ සිදුවීම සම්බන්ධව පවසන්නේ ඊට වඩා වෙනස් අදහසකි. මියගිය පුද්ගලයා පාසැල් ගේට්ටුව බලහත්කාරයෙන් විවෘතකර භූමියට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේ ආරක්‍ෂවට යොදවා සිටි යුදහමුදා සෙබළා ඊට බාධාකර ඇති බව එම චෝදනාවල සඳහන් විය. දෙදෙනා අතර හටගත් බහින් බස් වීම දුරදිග ගොස් පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.


_107764294_20190705_180108-1857x1393-1.jpg



_107764296_20190705_174950.jpg



එමෙන්ම හමුදා සෙබලාගේ අත තිබූ ගිනි අවිය පැහැරගැනීමට උත්සහ කළ අවස්ථාවේ මෙම වෙඩිතැබීම සිදුවූ බව ද පොලිසිය සඳහන් කළේය. නමුත් ප්‍රදීප් ගේ බිරිඳ මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. "මගේ මහත්තයා ත්‍රස්තවාදියෙක් නෙවෙයි. රණ්ඩුවක් උනත් ගිනි අවිය උදුරාගෙන ඒ මනුස්සයට වෙඩි තියන්න තරම් මගේ මහත්තයට උවමනාවක් නෑ. මේ කතාව අහන හැමෝටම තේරෙයි මේක බොරුවක් කියලා. මේ වගේ හික්මීමක් නැති සෙබළු කොහොමද දරුවෝ ආරක්ෂා කරන්නේ. අන්තිමට මගේ මහත්තයා මට නැතිවුණා. මගේ ළමයින්ට තාත්තා කෙනෙක් නැතිවුණා. පුංචිම දරුවා අහනවා තාත්තා කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. මොනවද මම දෙන උත්තර. මගේ පවුලම විනාශ කරා. හමුදාවට ගන්නකොට මේ අයගේ මානසික මට්ටම බලන්න ඕන."



යුද හමුදාවේ ප්‍රතිචාරය



මෙම සිද්ධිය පිළිබඳ යුද හමුදාපතිවරයාගේ නියමයෙන් යුද හමුදා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු බීබීසී සිංහල සේවයට ප‍්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට වග බලාගන්නා බවය.


මියගිය පුද්ගලයාගේ බිරිඳ එල්ල කරන චෝදනා ගැන ප්‍රතිචාරය පළ කරන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා: "මම අපේ සෙබළා සුද්ද කරන්නේ නෑ. නමුත් පැහැදිලිව කියන්න ඕන තවම මේ ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ සිදුවීමේ හරි වැරැද්ද තවම ප්‍රකාශ කරන්න අමාරුයි. අපි තේරුම්ගන්න ඕන මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ සෙබළු ඉන්නේ ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙන්න ඕන කියන සිතුවිල්ලෙන්. ඒ විමසිල්ලෙන්. ඉතින් මෙතන යම්කිසි බලහත්කාරකමක් වෙලා තිබෙනවානම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ඕන," යනුවෙන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.



_107764299_555125db-0b3a-4f39-94eb-15f50aa19d93.jpg



බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු - යුධ හමුදා ප්‍රකාශක




එමෙන්ම පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයෙන් පසුව දිවයිනේ පාසල් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරතව සිටින බව බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පවසයි. ඔහු පවසන ආකාරයට බස්නාහිර පළාත තුළ පමණක් සෙබළුන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් පාසැල් ආරක්ෂාව පිණිස යොදවා තිබේ. දෙමාපියන් ආරක්ෂක අංශ කෙරෙහි පවතින විශ්වාසය මත තම දරුවන් පාසලට එවීමට ඉදිරිපත්ව සිටින බව පවසන හමුදා ප්‍රකාශකවරයා එම විශ්වාසය බිඳ නොවැටෙන ආකාරයෙන් කටයුතු කිරීමට තමන් නිරන්තරයෙන් කැපව සිටින බව ද අවධාරණය කරයි. වැඩිදුරටත් කරුණු දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, ඉකුත් දිනවල ඇතැම් අවස්ථාවන්හි දී දෙමාපියන් අනවශ්‍ය ආකාරයෙන් කලබල වූ අවස්ථාවේ තම නිලධාරීන් එම ගැටළු පාලනය කිරීමට මහත් කැපවීමකින් ක්‍රියා කළ බවය.



"අපි කිසිම අවස්ථාවක ගැටළු ඇතිවෙන විදියට කටයුතු කරන්නේ නෑ. හමුදා සෙබලෙක් කියන්නේ හොඳ විනයක් ඇති කෙනෙක්. ඒකයි මම කිව්වේ මේ පරීක්ෂණය අවසන් වෙන්න ඕන කියලා යම් තීන්දුවකට එන්න. නමුත් වැරැද්ද කාටත් පොදුයි. සමාවක් නෑ. නමුත් අපි විමසිල්ලෙන් නොසිට යම් සිද්ධියක් වූවානම් එයත් හානිදායක විදිහට අපට චෝදනාවක් එන්න පිළිවන්. කොහොම නමුත් මෙතන ජීවිතයක් නැතිවෙලා තිබෙනවා ඒ ගැන අපි විවිධ මට්ටමින් පරීක්ෂණ කරනවා."



සැකකාර සෙබළාට රැඳවුම් නියෝග



මේ අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හමුදා සෙබළා සිකුරාදා ( ජූලි 05) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණ. එහිදී ඔහු සම්බන්ධයෙන් නීති උපදෙස් ලැබෙන තෙක් බූස්ස 581 බල සේනාධිපතිවරයා වෙත භාර කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.


BBC NEWS


 

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    එම සෙබළා නියමිත ස්ථානයේ රාජකාරි නොකළ බව පවසමින් ඒ සම්බන්ධයෙන් පාසල් පාලනාධිකාරිය දැනුවත් කිරීමට තම සැමියා උත්සාහ දරා ඇතැයි ඇය පවසන්නීය. "පාසලට පැමිණි අවස්ථාවේ මේ සෙබළා පෙනෙන්න නොසිටි නිසා මගේ මහත්තයා මේ සම්බන්ධයෙන් ප්‍රාථමික අංශ කාර්යාලය දැනුවත් කරලා තියනවා. ඒ අවස්ථාවේ වෙනත් ස්ථානයක සිට පැමිණි සෙබළා තමන් ගැන පැමිණිලි කරන්න එපා කියලා බල කරලා. අපේ මහත්තයා ඒ කාර්යාලයෙන් එළියට එනකොට අතින් ඇදලා. මගේ දුව කියනවා තාත්තා බිමට වැටුනම මෙයා වෙඩි තිබ්බා කියලා," මංජුලා බීබීසී සිංහල සේවයට පැවසීය. .

    මැරිච්ච ඒකාත් අනවශ්‍ය වැඩ කරන්න ගිහින් ඉල්ලන් කාලා වගේ සීන් එකක් මටනම් පෙන්නේ..සමහරු ඉන්නවනේ අයුක්තිය අසදරනේ දැක්කම වීරයා යන්න වෙන උන්...ආමි එකේ කොල්ල පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් හිටපු වෙලාවක මු කේලම් කියල පුක දෙන්න යන්න ඇති..කොහොම උනත් පපුවට වෙඩි තියපු එකනම් ලොවෙත් වැරදියි...කකුලට තිබ්බනම් මොකද...පව් අර දරුවෝ දෙන්නා ...
     

    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Ane yako. Oka henata tharaha ganna dial akak game. Gameth wali. Ape udaha gedara anty oya game. Oka illagena kapu akak thamai. Muge lamai thamai pau. Kattiya ithin army kollata thamai lede danne.