වෙදකමයි-කවි රසයි

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වෙදකමයි-කවි රසයි

    7146019359_caf9e5846d.jpg



    හැමදාම දත නැති පොන්ස් ට මඩ ගහලත් එපාවෙලා කුකුළනේ.අද මම කියන්න යන්නේ කවියයි හෙළ වෙදකමයි අතර තියෙන සම්බන්දතාවය ගැන.කවිය කියන එක ඉස්සර ඉඳන්ම අපේ හෙළයාහෙ ජීවන රටාවත් එක්ක බැඳුන එකක්,කවිය කියන්නෙත් එක්තරා ආකාරයක භාවනාවක් කියලයි මමනම් හිතන්නෙ,ඔන්න ඉතින් ටිකක් නෙවෙයි ගොඩාක් වැදගත් ලිපියක් දැක්ක දිවයිනේ පරණ කලාපයක් කියවගෙන යනකොට...කවි රස දන්න එළකිරියේ කොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා...
    හෙළයො කිව්වම ඉතින් එදා ඉඳන්ම කලාව ජීවිතේ කරගත්ත ජන කොටසක්නෙ,අනිත් එවුන් ඉරිසියා කරන්නෙපා....තොපිලට කොයින්ද මේවා???

    අපේ ජන ජීවිතය රසාලිප්ත බව බොහෝ වියතුන් පවසන්නේ ගැමියා දුකට, සන්තාපයට, සතුටට මෙන්ම වියෝවටද කවිය අවියක්‌ කොටගත් නිසාය. ජීවිතයේ දුක්‌ කරදර අටෝ රාශියක්‌ මැදින් යනෙන විට දැනෙන පීඩාව ඔවුහු සමනය කර ගත්තේ ද තම සිත්හි නැඟෙන සුන්දර අදහස්‌ කවියට පෙරැළීමෙනි. ඒවා ජනකවි ලෙසට ජනවහරේ අදටත් එයි. එහෙත් වෙද පරපුරේ අතැඹුලක්‌ සේ දත් රහස්‌ ඔසු පිළිබඳව කවි කලාවක්‌ද පවතී. වරෙක උග්‍ර දන්තාබාධයක්‌ වැළඳුන රෝගියකුට අපූරු කවියක්‌ වෙදැදුරෙකු ලියා දුන්නේය.

    වැල්මී අමු ඉඟුරු එක පමණට ගන්න
    මිරිකා පොල් කිරෙන් ලිප බා පැස වන්න
    නස්‌නාරං යුෂට කපුරුත් දම මින්න
    අඹරා දතෙහි රඳවනු කැක්‌කුම යන්න.

    වැල්මී ඉඟුරු එක පමණට ගෙන පොල්කිරි දමා නස්‌නාරං යුෂ කපුරු මිශ්‍ර කොට අඹරා දත මුල තබන්න. එවිට දත් කැක්‌කුම සුවවේය යන්න මෙම වෙද කවියෙහි අරුතය.

    පොළඟා අපේ ගම්වල, හේන්වල, ගෙවත්තේ ගොවිතැන් කරන ගොවියන්ට ගෙවිලියන්ට බොහෝ හිංසා පීඩාදිය ගෙන දෙන්නෙකි. එහෙත් කාලාන්තරයක්‌ මුළුල්ලේම අපේ ගැමියා මෙබඳු සර්ප දෂ්ඨනයන්ගෙන් මුදවා ගත්තේ අපේ හෙළ වෙද ඉසිවරයන්ය. ඔවුහු හෙළයේ ගහකොළ මුල්වැල් උපයෝගී කරගෙන අපූරු පිළියම් කළහ.

    ආයුර්වේදයෙහි එන සතුන් සඳහා වූ වෙදකම වෛද්‍යවරුන්ගේ මතක ගබඩාවෙහි තැන්පත් කිරීම සඳහා අපූරුතම කවි වහරක්‌ ඔවුන් භාවිතා කළහ. මේ කවි බස ලාලිත්‍යයෙන් සපිරි වීම හේතු කොටගෙනම හෙළ වෙද පරම්පරාවේ කණිෂ්ඨයන්ට බොහෝ සෙයින් උදව් ගෙන දිනි. මේ හෙළ ඔසු රටාව සුසංයෝග කරන්නට කිවි කලාව උපයෝගී කර ගන්නට අපේ ඉපැරැණි වෙද ඉසුරන් කල්පනා කළහ. පොළොන් විසට තනාගත් ඔසුව ඔවුන් කවියෙන් පැවසුවේ මේ ලෙසටය.

    සොඳට ඇසතු බෝ නුග මුල් ගන්නේ
    දියට එනරදිය ගලපා ගාන්නේ
    ටිකට නැතුව මැස්‌සක්‌ අර ගන්නේ
    එවිට අලුත් පානෙන් බැස යන්නේ

    තෙලිසාද අපේ ගැමියන්ට දුක්‌ගැහැට හිරිහැර හා වද වේදනා ගෙන දෙන සර්පයකු ලෙසට ප්‍රකයට. ගමේ ගොඩේ ප්‍රකටය. මේ තෙලිසප් විසට දෙන ඔසු අපේ පැරැණි වෙද ඉසිවරුන් කවියට නඟා ඇති අයුරුය.

    තඹලං ගෙඩි කුඩු මිරිස්‌ ද ගන් නේ
    කහඅනුලා වෙන වෙනම බඳින් නේ
    කැකිරිවරා කොළ ලේප කරන් නේ
    හැට තෙලිසප් විස මින් පහවන් නේ

    කැකිරි වරා කොළ පොතු ලේප කරමි න
    ලුණු දෙහි අඹරා ලේප කරමි න
    සැමෝ කොල යුසරස රස දිය ලේපයෙ න
    තෙලිසප් විස ගුණ වෙයි දනු සැනෙකි න
    සැමෝයුෂය ගනිමින් නේ
    රසදිය එහි සමගින් නේ
    විත් මුක තුළ ගාමින් නේ
    තෙලිසප් විස බැස යන් නේ
    කීකිරිදිය කොල ගන් නේ
    කහලුනුලා මලවා ගන් නේ
    කෑ මුඛයෙහි බඳිමින් නේ
    තෙලිසප් විස නොතිබෙන් නේ

    මාපිල් වර්ග බොහෝමයක්‌ පිළිබඳව අපේ වනගත ගම්මානවල සිටින ඇත්තන් දැන සිටිති. මාපිලා වටා එතෙනු ජනප්‍රවාද බොහෝය. ඒවා ඒ ආකාරයෙන්ම රසවත්ය. මාපිලකු මරා දැමූ විට තවත් සත්දෙනකු ආසන්නයට එන බව ප්‍රකට මතවාදයකි. එලෙස වන්නට එAවාට විද්‍යාත්මක හේතු මතවාද තිබෙනමුත් අදටත් බැද්දේ ගම්මානවල මාපිල් විසට කෙරෙන ඔසු වෙදහෙදකම් කවිවලට ගොනුව ඇත්තේ මෙසේය.

    කරල් සැමෝ ඇට නිකදළු ගන් නේ
    සුදුළූණුත් සමකර අඹරන් නේ
    නිකකොල මිරිකා නස්‌න කරන් නේ
    මාපිල් විසයට ඇඟ ගල්වන් නේ
    මාපිලාට ගන්නෙ පිටවක්‌ක ත්
    පින්නකොලත් දෙහි ඇඹුලෙන්වල ද ත්
    අමුකහ සමගින් පිස හැර මුඛය ත්
    ඉන් දුරුකරවයි මාපිල් විසය ත්
    නිල් වැල්ලන් ද ගෙන්වා ගෙ න
    කොටමින් යුෂ මිරිකා ගෙ න
    එම යුෂ ඇඟ ගැල්ලූ තැ න
    මාපිල් විස කෙරෙයි සම න
    මුකුණුවැන්න කොල ගන් නේ
    කොටමින් යුෂ මැඩ ගන් නේ
    මීතෙල් ගෙන පොවමින් නේ
    මාපිල් විස නොතිබෙන් නේ
    දිමි ගොටුවක්‌ කොටා රැගෙ න
    මුත්‍රාදියෙන් මිරිකා ගෙ න
    විසාකුරයන්හට පෙවූ තැ න
    මාපිල් විස නසයි සොඳි න
    වල් ඉඟුරුත් හරංකහ අල ගනිමින් නේ
    පුවඟු කොළත් සමගම ගලගා ගන් නේ
    කෑ තැන ලේපය කළ හෙයින් නේ
    මාපිල් විස නොතිබෙයි සැනෙකින් නේ
    කරපිංචා කොල අඹරා ලේපයෙ න
    මුගුණුවැන්න නරමුත්‍රයෙන් පොව න
    කළු සබරල කොල කොටමින් නසපයෙ න
    මාපිල් විස නොතිබෙයි කිව් සැනෙකි න

    මූසිකයා ගොවියාට බොහෝ දුක්‌ ගැහැට පීඩාදිය ඇති කරන්නෙකි. කාන්ත්‍රිකයන්ගේ ලොවේ ප්‍රධානතම සාමාජිකයකු වන මූසිකයා එක්‌ රැස්‌ කර අටුවේ තබන බවභෝගවලට වී වලට නාස්‌තිකාර ප්‍රහාර එල්ල කරයි. එපමණකුදු නොව මූසිකයන් ගේ දොර ගැවසීම සර්පයන් ගෙවද්දා ගැනිමටද මං තැනීමකි. ඉඳහිට අහම්බෙන් වුව මීයන් සපා කෑමට ද ගෙවිලියක, පවුලේ දරු පැටවකු ලක්‌විය හැකිය. මේ මී විෂට අදටත් ගම්මානවල තනාගන්නා ඔසු කවිවලට ගොනු කළ අපූරුවය.

    ඇසලත් බැලතන මුල් දෙක සමගි න
    නිලකටරොලු නැතහොත් තල මුල් ගෙ න
    සීනිද මී පැණි ගිතෙලුත් සමගි න
    බුව, අටලොස්‌ කුල මී විස නැතිවෙන් න

    තුන්බෝ අත්තන සහ මුල් ගෙන යා
    නැවුන් සලක ලා මැටි ඔඳ ගෙන යා
    කරන් ලිපේ අන්කර දුමේ යා
    පොවන් කරන් අළු ගෙන මෙලෙසේ යා

    මංචාඩියේ බර කිරලා ගෙන හෙ ව
    ගිතෙල් දෙමංචාඩිය සහ වළ ඳ ව
    අත්දුටු බේතකි පෙර ඉසි පැවසු ව
    දැනගෙන නැති මූසික විසිකර සු ව

    ගිවුල කොලත් ගනිමින් නේ
    කසාය කකාර ගන් නේ
    තලතෙල් ලා පොවමින් නේ
    මූසික විස නසිමින් නේ

    දිවුලු ගසේ සැමදේ ම
    කැමැති විදියකටම දී ම
    මූසික විසයට ම සෑ ම
    හිත බව දැනගනු පේ ම

    සිකනලා ගම්වැසියන්ට ආගන්තුකයකු නොවේ. ගෙවත්තේ මෙන්ම නිවසේ ද මේ සත්වයා ගේ ලැඟුම් තැන් බවට ඇතැම් විට පත්වෙයි. එහෙත් අහම්බයකින් හෝ සිකනලු දෂ්ඨනයට ද ලක්‌වන්නට ගැමියාට සිදු විය. "අහසේ තරුත් මුහුදේ මඩත්" ඇවැසිවනු

    මේ ප්‍රතිකර්මයත් සිකනලාට උචිත බව අදටත් ගම්මානවල පොඩි ඇත්තන් දනිති. එහෙත් සිකනලාට ඔසු අපේ වෙදැදුරන් කවි බසට හරවා ඇත්තේ මෙසේය.

    මිදි කොල සුදුළූණුත් සමකර ති
    තලතෙල් සිකනල් විසයට පොව ති
    බළු දං කොල පොතු පොල්කිරි ගනි ති
    බිඳී යයි සිකනැල් විස ගත පැව තී

    රන් තැඹිලිය මුල්කල් පොතු ගන් නේ
    තුන් පලා ද මුල් සමකර ගන් නේ
    තුන් වගයට කැඳවිය දෙවමින් නේ
    ඉන් සිකනැල් වෙව්ලුම් නැතිවෙන් නේ

    පුසුල් කොලද ලුනු දිය ගෙන එම සේ
    වූවොත් එයින් සිකනල් විස වැන සේ
    එකල් මුලත් පොල්කිරි ගෙන සම සේ
    කුහුල් නොවමි බොනු ගුණවෙයි නොල සේ

    ගෝනුස්‌සාද අනේකවිද විපත්ති ගෙන දෙන්නකු බවට ගැමියන් අඳුනාගෙන තිබේ. ඉඳහිට පැදුරු ආනකින් මතුවන, පොල්අතු රුප්පාවකින් ගෙට වදින ගෝනුස්‌සාගේ දෂ්ඨනය හීන් එවුන්ට දරා ගැනීමට අපොහොසත් රුදු වේදනාවකි. ගෝනුසු විෂට අත්බෙහෙත් වුවමනා තරම් හෙළ වෙද ඔසු ගොන්නෙහි දැකගත හැකිය. අදටත් අතිශය දුෂ්කර ගම්මානවල වෙසෙන ගැමියන් මේ ඔසු ගැන හොඳින් දැන සිටිති. මේ ගෝනුස්‌සාගේ දස්‌ඨයට අපේ හෙළ වෙද ඇඳුරිඳුන් මුවග අදටත් කියෑවෙන ප්‍රවාදයෙහි එන කවි කිහිපයකි.

    කල කොයඹ ද කොස්‌ පල සමඟ ගත් ක ලා
    එක්‌කොට ගිතෙල ගලා අරගෙන රෙදි වෙ ලා
    අව්ලා නිවා දුම් දුන්කලට මත කලා
    ගෝනුසු විස හැර යයි සෙත වේහුය සුවපු ලා

    මොණර පිලුත් ගනිමින් නේ
    එළඟි තෙලින් පොවමින් නේ
    දල්වාලා දුම් දෙන් නේ
    ගෝනුසු විස ගුණවන් නේ

    අත්තන යුෂ ගනිමින් නේ
    විස මුඛ තුළ ගාමින් නේ
    ආතුර එම සැනෙකින් නේ
    සැපයේ වැජඹි ඉන් නේ

    මේ කවි අදටත් ඉපැරණි හෙළ ඔසු සුසංයෝග කොට දිව ඔසු තනනු අපේ හෙද වෙදැදුරන් කටපාඩමින් දනිති. ඔවුන්ගේ සෙසු පරම්පරාවලට ද මේ රසකාරක මිශ්‍රණයන් ගෙනයැම අතිශය වැදගත්ය.

    >>>>>දිවයින පත්තරේ ලිපියකින් ගත්තෙ බොලව් ඩබ්.ඒ සරච්චන්ද්‍ර මහත්තයගෙ ලිපියකින්...බලල හොඳනම් අනිත් කුකුළන්ට බලන්න බම්පියක් දාගෙන පලයල්ලා<<<<<
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තෑන්ක් යූ වේවා මචන්....ඒ උනාට මේක එවුන් ගොඩක් දෙනෙක්ට මේවගෙ ඒවායේ වටිනාකමක් නැහැ.දත නැති පොන්ස් ගෙ වීඩියෝ එකක් හරි කෙල්ලෙක් අඩ හෙලුවැල්ලෙන් ඉන්න එකක් හරි දැක්කොත් දුවගෙන එනවා කෙල හලාගෙන...ලොලේ ලොල්