වයස් භේදයකින් තොරව කටු අනෝදා වලට සෑම දෙනාම පාහේ ප්‍රිය කරති. වසරකට දෙවතාවක් ඵල හටගන්නා කටු අනෝදා ශාකය සෑම පළාතකම පාහේ දැකිය හැකි වේ. මෙහි ඇති ගුණය පිලිබඳව අවාසනාවකට අද බොහෝ දෙනා දන්නේ නැත. අනෝදා ශාකයේ ගෙඩි , මල්, ඇට , පොතු සහ කොළ යන පංචාංගයම ඖෂධ සෑදීම සදහා යොදා ගන්නවා. කෙටියෙන්ම කිවහොත් ඔබ අනෝදා ශාකයක් නිවසේ රෝපණය කරගන්නවා යනු නිවසේ වෛද්‍යවරයෙක් සිටිනවා වැනිය. විස රසායනික යෙදීමක් සිදු නොවන නිසා උපරිම ගුණයක් සිරුරට මෙමගින් ලබාදේ. පලතුරක් ලෙසද, කටු සහ ලෙල්ල ඉවත් කර කිරි සහ ජලය යොදා බ්ලෙන්ඩර් කරගෙන මිහිරි පානයක් ලෙසද එමෙන්ම වැංජනයක් ලෙසද කටු අනෝදා ආහාරයට එක් කර ගත හැකියි.
අනෝදා සතු විශ්මිත ගුණය වන්නේ එහි ඇති ඇට භාවිතයෙන් ශරීරයේ බාහිර හා අභ්‍යන්තර වශයෙන් සිටින පරපෝෂිතයන් විනාශ කිරීමේ හැකියාවයි. කටු අනෝදා රෝග ගණනාවකට ගුණ දෙන ඖෂධීය ශාකයක් වේ. මුඛ ආශ්රිත රෝගයන් වන විදුරුමස් දියවීම, ලේ ගැලීම, මුඛයේ ඇතිවන තුවාල වලට කටු අනෝදා යහපත් ප්‍රතිඵල ලබාදේ. එමෙන්ම මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍රාගල් සුව කිරීමේ ගුණය අනෝදා සතුව ඇත. දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝගයන්ටද කාන්තාවන්ට වැලදෙන රෝග, නින්ද නොයන පුද්ගලයන්ටද සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අනෝදා වල පිළිකා සෛල විනාශ කිරිමේ විශ්මිත හැකියාවක්ද ඇත. තවද ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට, සම පැහැපත් කිරීමට කටු අනෝදා හි ඇති ගුණයන් උදව් වෙනවා.
රෝග සඳහා කටු අනෝදා වලින් පිළියම් :-
- හොදට පැසුණු අනෝදා ගෙඩියක් ගෙන කැබලි වලට කපා වියලා ගන්න. තදට වේළුනු පසු කුඩු කර සුළං නොවදින සේ බදුනක ඇසුර ගේ අවශ්‍ය විටක කොපි මෙන් පානය කරන්න. මෙය දිනකට දෙවරක් පමණ පානය කිරීමෙන් මුත්‍රාශය, ආමාශය ආදියේ හට ගන්නා රෝග සදහාද පණු රෝග, අර්ශස් , පිළිකා ආදියට ගුණ දේ.
- හොදින් මේරු කොළ කිහිපයක් ගෙන සෝදා කැබලි කර, බදුනක් ලිප තබා ජලය උතුරවාගෙන එම බදුනට කැබලි කරගත් කොළ දමා විනාඩි 15- 20 කැ තබන්න. ජලය ළා තේ පැහැයට හැරුණු පසු පෙර නිවෙන්නට හැර පානය කරන්න. පිළිකා හා දියවැඩියා රෝග වලින් පීඩා විදින්නන්ට මෙය පානය කිරීමෙන් ගුණ ලබා ගත හැක.
- අනෝදා කොළ දෙමිටක් ගෙන සෝදා පිරිසිදු කරගන්න. ඒවා කැබලි කර මැටී මුට්ටියකට දමා වතුර අඬු කෝප්ප 8, 1 කට සිඳගන්න. උදේ සවස එයින් භාගය බැගින් සතියක පමණ කාලයක් පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල නැත්තටම නැති කරගන්න පුළුවන්.
- මුත්‍රාගල් සඳහා හොදින් පැසුණු අනෝදා ගෙඩියකින් අටෙන් එකක් ගෙන සිහින් පෙති කපා වෙනත් එළවළු සමඟ සුප් එකක් පිසගන්න. මෙය දිනක් හැර දිනක් මාසයක පමණ කාලයක් පානය කරන්න.
නමුත් කොතරම් ගුණ දෙයක් වුවද පාලනයක් ඇතිව ගැනිමට අප පුරුදු විය යුතුයි. අඩු රුධිර පීඩනය`න් ඇති අය, ගැබිණි මාතාවන්, අධික නිද්‍රා ලෝලීන් අනෝදා කෑමෙන් වැළකිය යුතුයි. කටු අනෝදා අධි රුධිර පීඩනයට ගුණ බැවින් නිතර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. එමෙන්ම අනෝදා බැක්ටීරියා නාශකයක් බැවින් නිතර ආහාරයට ගැනීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා වර්ගද විනාශ වීමේ ඉඩකඩ ඇත.
"දියණිය" පුවත්පත ඇසුරිනි -