වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය
වෙද ගෙවල් වල කොහෙද බං ඔක්සිජන් ටැංකි , මඤ්ඤං ද ?

ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. මුලින් බලමු මොකටද ඔක්සිජන් ඕනෑ වෙන්නේ කියලා. පිටත අවකාශයේ ඔක්සිජන් නැති පරිසරයක පණ රැක ගන්නයි ඔක්සිජන් ඕනා. පිටත් ඔක්සිජන් නැත්තම්, වෙන ක්‍රමයකින් ඔක්සිජන් ලබා ගන්න බැරි නම් ඉතිං අබම සරණයි (නමුත් අබ කොච්චර වටිනවද කියල පහුවට වැටහෙයි).
පිටත වාතයේ ඔක්සිජන් තියෙද්දි, ශරීරයට ඔක්සිජන් අවශෝෂණය කර ගන්න බැරි වෙන අවස්ථාවල් බොහොමයි. ඒවට හේතු සංඛ්‍යාවත් අධිකයි. ඒවා විස්තර කරනන් ගියොත් ලිපියේ අරමුණ වෙනස් වෙන නිසා නොලියා ඉන්නවා.
දැන් මේ ආකාරයට සිරුරට ඔක්සිජන් පෙනහළු වලින් අවශෝෂණය බැරි වීම හදිසි තත්වයක්. ඉක්මනින්ම හදිසි ප්‍රතිකාර දිය යුතු අවස්ථාවක්. ඔක්සිජන් ටැංකි හැම තැනම නෑ. ඒවා තියෙන තැනක් හොයාගෙන යන්න ඕනා. එහෙම ගිහිල්ල ඔක්සිජන් දෙන්න ටැංකි හොයන්න ගියාම කලින් ආපු හදිසි ලෙඩ්ඩුන්ට ඒවා හයි කරලා. ඉතිං ඉවර වෙනකල් බලං ඉන්න ඕනා නැත්තම් තව ටැංකි හොයන්න දුවන්න ඕනා. (අබම සරණයි , නූල අග බලන්න අබ සරණ කොච්චර වටිනවද කියලා). මේ අවස්ථාවට හදිස්සි ලෙඩ්ඩු අරං ගිය බොහෝ දෙනෙක් මුහුණ දීලා ඇති.
දැන් කොහොම හරි ඔක්සිජන් දුන්නයි කියමුකො. එහෙම කරලත් ඒත් ලෙඩාට අවශෝෂණය කරගන්න බැරි වෙන අවස්ථාත් හරිම බහුලයි. මේ වෙලාවට හදිස්සි ප්‍රතිකාර දෙන දොස්තරලා ලෙඩාට ඇඩ්රේනලින් එන්නත් කරනවා.
නමුත් මේ විදියට ඇඩ්‍රෙනලින් ගහලත් ඔක්සිජන් අවශෝෂණය ඉහල නොයන අවස්ථා තමයි බහුලවම දකින්න තියෙන්නේ. සංඛ්යානුකූලව ගත්තත් කතන්දරේ මේකම තමා. ඉතිං ඔන්න අබ සරණ ලංවේගෙන එනවා ලෙඩාට. එහෙම කිව්වට තාමත් මේ වගේ අවස්ථාවක කරන්නෙ ඇඩ්‍රෙනලින් ගැහිල්ලම තමා. මොකද ඒ ? ලෙඩාව ගොඩ ගන්න වෙනින් දෙයක් කොරන්න නොදන්න නිසා. දොස්තර ඉස්කෝලේ එහෙම දේවල් කියල නොදෙන නිසා. නැත්තම් ඇඩ්‍රෙනලින් පිටරටින් ගේන හිංදද මන්දා !

කලින් මේ කියපු අවස්ථා ඕනෑම එකකදි ලෙඩාගෙ පණ බේරන්න අපේ මුතුන්මිත්තො අපිට දායාද කරපු ඔක්සිජන් ටැංකිය ගැන තමයි අද මම ඔයාලට කියල දෙන්නේ. මේ විදියට මගේ ආච්චි කෙනෙක්ගේ ජීවිතය තුන්වතාවක් මේ දේශීය ඔක්සිජන් ටැංකියෙන් බේරල තියෙනවා (ඒ මිත්තනිය අවුරුදු 90කටත් වඩා සුවසේ ආයු වළදා සැපසේ පරලොව ගියා). අන්න ඒ ප්රත්යක්ෂ අත්දැකීම නිසාම තමයි මම මේ ලිපිය ලියන්නෙත්.

ඒ තමයි සිද්ධාර්ථ තෛලය. ඕනෑම සුළු හෝ මාරාන්තික ශ්වසන ආබාධයකදි රෝගියාගෙ පණ ගැන බලාපොරොත්තුව්ක් දෙන්න පුළුවන් ලෝකේ තියෙන එකම ඖෂධය තමයි මේ.

ඉතිං මේකට වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය කියල හදුන්වන එක වැරදිද ?
ආ වැරදි තමයි, 
මොකද ඔක්සිජන් ටැංකියෙන් අරන් දුන්නත් ගන්න බැරි වෙන වෙලාවල් එද්දි, මේ ඖෂධයෙන් එහෙම බැරි වීම් නැති නිසා ඔක්සිජන් ටැංකියක් කියල හදුන්වන්නත් බෑ තමා. 

මේ ඖෂධයට නිපදවන්න මූලිකවම යොදා ගන්නෙ අබ. බුදු හාමුදුරුවන්ට අබ බෙහෙවින් සම්බන්ධ නිසා (නොමළ ගෙයින් අබ ගේන්න, බෝසත් කාලයේ අබ තෙල් පූජාව) උන්වහන්සේගේ ගිහි නමින් මේ තෙල නම් කරල තියෙන්නෙ ඒ ඖෂධයත් අනික් ඖෂධ අතරින් අග්‍ර වීම (සිදුහත් කුමරා අන් හැමෝටම වඩා අග්‍ර වුණා වගේ) නිසා.
දැන් මෙහෙම ප්‍රශ්නයක් මතු වෙනවා. මෙච්චර උතුම් බේත් තියෙද්දිත් ඔක්සිජන් දිදී ඇඩ්‍රෙනලින් ගගහ ඉන්නෙ අහවල් මඟුලකටද ?