වෙනසක්‌ කරන අලුත් සෙල්ලම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    වෙනසක්‌ කරන අලුත් සෙල්ලම

    බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

    ඉවැන්ජලිකල් ආක්‍රමණය, ක්‍රිස්‌තියානි ව්‍යාප්තවාදය ගැන කතා කිරීමට අද කිසිවෙක්‌ නැත. එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ පැය තුනේ බණ දේශනයේදී මුස්‌ලිම් ව්‍යාප්තවාදය මෙන්ම ක්‍රිස්‌තියානි ආක්‍රමණය පිළිබඳවද කතා කළහ. උන්වහන්සේ වෙනුවෙන් ධර්මරාජ්‍ය ගොඩනැඟීමට උත්සාහ ගත්තෝ අද ක්‍රිස්‌තියානි ආක්‍රමණය ගැන වචනයකුදු නොකියති. 2003 සෝම හිමි අභාවය සමඟ ඉවැන්ජලිකල් ආක්‍රමණයට එරෙහිව රටේම බොදු පුබුදුවක්‌ ඇති වුවද 2016 දී ඒ පුබුදුව මියගොස්‌ ඇති බව කියන්නේ කනගාටුවෙනි.
    wenasa-3.jpg
    යහපාලනය රජවීමත් සමඟම ඉවැන්ජලිකල් ආක්‍රමණය වර්ධනය වී ඇත්ද යන්න පිළිබඳ අපට කුකුසක්‌ පැනනගී. මිලියන ගණනින් මුදල් වියදම් කරමින් “වෙනසකට ජවයක්‌” මැයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක්‌ දියත්ව තිබේ. ඔබේ ජීවිතය වෙනස්‌ වීමට මේ ජීවිත කතා කියවන්නැයි ඉල්ලමින් පුවත්පත් දැන්වීම් පළකර ඇත. මේ පොත ගැන විස්‌තර ලබා ගැනීමට අදාළ දුරකථන අංකයට කතාකර විස්‌තර ඇසූවිට ඔවුන් පවසන්නේ පොත එවීමට නම හා ලිපිනය ලබාදෙන ලෙසයි. කෙසේ නමුත් මේ සංවිධානය කිසියම් ආගමික ව්‍යාපාරයක්‌ දැයි ඇසූවිට එම දුරකථන ක්‍රියාකරු ප්‍රකාශ කර සිටියේ තමන්ට මේ ගැන අදහස්‌ දැක්‌විය නොහැකි බවයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයක්‌ පමණක්‌ බවත් ඊට වඩා විස්‌තර ලබාදිය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
    එහෙත් වෙනසකට ජවය දීමට විශාල ප්‍රමාණයෙන් ඩොලර් පොම්පවන බව නම් සහතිකය. වෙනසකට ජවයක්‌ ලබාදීම වෙනුවෙන් ලාංකිකයා ඇදගෙන යන්නට උත්සාහ කරන්නේ කොතැනටද? දෙවියන් වහන්සේ ළඟටද? කිසිම ආගමික සලකුණක්‌ හෝ මොවුන් ප්‍රකාශයට පත් කරන්නේ නැත.
    ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ දියණියක වූ ඊෂා බෙගෝ දොරේ අප්පාද ජීවිතය වෙනස්‌ කරගත් කාන්තාවකි. ඇගේ කතාවද මේ කතා 12 තුළ අඩංගුය. මොවුන් මෙරට පවත්වාගෙන යන වෙබ් අඩවියේ හි ඇත්තේද මේ කතා 12 පිළිබඳ විස්‌තර පමණි. නමුත් ඔවුන්ගේ www.powertochange.com වෙබ් අඩවිය බැලූවිට අපට එය සම්පූර්ණ ක්‍රිස්‌තියානි ආගමික ව්‍යාපාරයක්‌ බව පැහැදිලිය. එසේ නම් මොවුන් ජීවිතය වෙනස්‌ කර ගැනීම වෙනුවෙන්……. අඬගසන බව පැහැදිළිය. හීන් නූලෙන් ගෙන යන මේ ව්‍යාපාරයද, ගෙවල්වලට පැමිණ බයිබල් බෙදීමේ ව්‍යාපාරයෙන් වෙනස්‌ වන්නේ නැත.
    wenasa-2.jpg

    බලහත්කාරයෙන් ආගම් වෙනස්‌ කර හෝ වංචාවට ලක්‌කර ජීවිතය වෙනස්‌ කළ හැකිද? හදවතේ තිත්තකම නැති කිරීමට මේ ජීවිත කතා කියවීමෙන් ඵලක්‌ වේද? එවිට හදවත සීනි කඳක්‌ බවට පත්වන්නේද? මේ ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන බෞද්ධයන් හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුය.
    සිංහල පුවත්පත්වල පිටු ගණනින් දැන්වීම් දමා හදවතේ තිත්තකම ගැන කතා කරන්නේ කවුරුන්ට ඇම දැමීමටදැයි අප හොඳින් කල්පනා කළ යුතුය.
    අයිසීස්‌ සංවිධානය වර්ධනය වීමත් සමඟම යුරෝපයේ සුදු ක්‍රිස්‌තියානි ජාතිකවාදය වර්ධනය විය. ඇමරිකාවේ රිපබ්ලිකන් ජනපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රිස්‌තියානීන් ගැන විශේෂයෙන් කතා කරයි. ඇමරිකාවේ බලය ක්‍රිස්‌තියානීන් බවට පත්කරන බව හෙතෙම කියයි. මේ හරහා ඉවැන්ජලිකල් ආගමික නිකායන්ටද පැහැදිලි තල්ලුවක්‌ ලැබී ඇති බව පැහැදිලිsය. ඉදිරියේදී මෙය වේගයෙන් ලොව ව්‍යාප්ත වනු ඇත.
    නැවත වරක්‌ වෙනසකට ජවයක්‌ ගැන කතා කිරීමට හැරුණහොත් අන්තර්ජාලය වඩා හොඳින් පරීක්‍ෂා කරද්දී විශේෂයෙන් www.powertochange.com ජාත්‍යන්තර වෙබ් අඩවිය අනුව මොවුනගේ මූලස්‌ථානය පිහිටා ඇත්තේ කැනඩාවේය. මේ ක්‍රිස්‌තියානි ආගමික සංවිධානයේ සභාපතිවරයා වන්නේ සිව්දරු පියෙකු වන රොඩ් බර්ගන් වේ. එම වෙබ් අඩවියට අනුව මෙය ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් සංවිධානයයි. ඔවුනට ලොව පුරා ශාඛා සංවිධාන රැසක්‌ ඇති බවටද මෙහි තොරතුරු ඇතුළත් කර ඇත. ඒ අනුව කැනඩාවේ සිට මෙරටට එවන ඩොලර්වලින් ජීවිතය වෙනස්‌ කරන කතා පොත් නොමිලයේ බෙදන බව පැහැදිලිය. ඕනෑම කෙනෙකුට තමන් කැමති පොතක්‌ මුද්‍රණය කර නොමිලයේ බෙදිය හැක. ඒ ගැන අපට ප්‍රශ්නයක්‌ නැත. නමුත් මේ හරහා සිදුවන ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන මෙරට බහුතර සිංහල බෞද්ධයා දැනුවත්ව සිටීද යන්න නම් අපට ප්‍රශ්නයකි.
    මෑතකාලීන සංඛ්‍යා ලේඛන කවරක්‌ වෙතත් 2004 වර්ෂය වන විට ඇමරිකා එක්‌සත් ජනපදය, උතුරු යුරෝපය, කැනඩාව හා දකුණු කොරියාවේ ආධාර ලබන මූලධර්මවාදී පල්ලි 456 ක්‌ මෙරට පිහිටුවා තිබිණි. 2016 දී එය කොපමණ ප්‍රමාණයකින් වැඩිවී ඇත්දැයි නිවැරැදි තොරතුරු අප සතුව නැත. සමහර මූලධර්මවාදී සංවිධාන මෙරටට පැමිණෙන්නේ ආයෝජන මණ්‌ඩලය හරහාය. වර්තමාන යහපාලන ආණ්‌ඩුවේද ඉවැන්ජලිකල් ඇමැතිවරු සිටිති.
    හිටපු ඇමරිකානු ජනපති ජෝර්ඡ් බුෂ් මූලධර්මවාදී බෝර්න් එගේන් නිකායේ සාමාජිකයකු බව ප්‍රකට කරුණකි. ඇමරිකා එක්‌සත් ජනපදයේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටෙඡ් මහතා නිව්ස්‌වීක්‌ සඟරාවට ප්‍රකාශ කර තිබුණේ තම ජනාධිපතිවරයා වටේ සිටින්නේ වවුලන් පිරිසක්‌ බවයි. වවුලන් ජීවත් වන්නේ පහතට එල්ලී වැටෙන ලෙස නිසා බුෂ් වටා සිටින නිලධාරීන්ටද සියල්ල පෙනෙන්නේ උඩු යටිකුරු ලෙස බව හෙතෙම පවසා තිබිණි. දහවලදී නිදාගන්නා මොවුන් රාත්‍රියේදී මතුරමින් යන බවත් ආමිටේඡ් හෙළිකර තිබිණි. හිටපු ජනපති බුෂ් වටා සිටින ප්‍රධාන කණ්‌ඩායම ආගමික මූලධර්මවාදීන් බව හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා හෙළිකර තිබිණි. ජනපති බුෂ්ගේ ආගමික අන්තවාදය නිසා ලෝකයට සාමය අත්වූයේ නම් නැත.
    කවරක්‌ නමුත් මෙම මූලධර්මවාදී ආගමික ආක්‍රමණය ප්‍රවේශමෙන් වටහා ගත යුතුය. ජීවිතය වෙනස්‌ කිරීමට නොමිලයේ ලැබෙන ග්‍රන්ථ කියවුවද ඒ හරහා වෙනසකට ජවයක්‌ දීමට එක්‌විය යුතු නැත. මෙරට බෞද්ධ නායකයන් විශේෂයෙන්ම මහා සංඝරත්නය වහා ක්‍රියාත්මකව අදිසි ලෙසින් ක්‍රියාත්මක වන මෙම ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන බෞද්ධයන් දැනුවත් කිරීම වඩා කාලෝචිත බව සටහන් කළ යුතුය.
    චතුර පමුණුව



    source
    http://www.colombotoday.com/25689444wenasa/

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    වැඩි විස්තර දන්නව නන් කියන්න තව මේක ගැන. මම හොයාගත්ත දේවල් ටිකකුත් තියෙනව මේක සම්බන්ධයෙන්. ඩොලර් මිලියන ගණන් මුදල් වියදම් කරල මොවුන් මේ කරන්නෙ රටේ අහිංසක ජනතාව රවට්ටන එක.:growl::growl::growl:

    ප්‍රශ්නවලට සැබෑ විසදුම ඔය කියන සර්ව බලධාරී දෙය්ය නන් මොකද උන්නාන්සෙ අපෙන් ආතල් ගන්නෙ අපිට ප්‍රශ්න හදල දීල මොන තුප්පහි වැඩක්ද ඒක.

     
    Last edited:

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    ඔකේ මොකක්හරි අවුලක් තියෙනවකියල මටත් මුලින්ම හිතුන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඔකේ මොකක්හරි අවුලක් තියෙනවකියල මටත් මුලින්ම හිතුන.
    ඔව් බන් තඩි බැනර් එකක් දාල තිබ්බ කොළඹ මැද්දෙ ඊට පස්සෙ තමා මටත් හොයන්න හිතුනෙ මේ ලිපිය හම්බ උනෙත් ඊට පස්සෙ. බලමු කරන්න පුළුවන් මොනවද කියල මේ වෙනුවෙන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ගැන පත්තරෙත් ලොකු ඇඩ් එකක් දාලා තිබ්බ. ජිවයක් වගේ පොත් ගහල බෙදන්න ගත්තේ අද එකා නෙමෙයි බන් ගොඩක් කාලෙක ඉදලා
    ඕවට මිනිස්සු බලෙන් බදවගන්න බහ බන්. එක්කෝ සල්ලි දෙන්න ඕනි. නැත්තම් ගුප්ත බලයක් ලෙඩරෝග සුව කිරීමක් පෙන්වන්න ඕනි
    සල්ලි වලට ආගම මාරු කරලා ඕකට යන මිනිහෙක්ගෙන් ඔය ආගමටත් සේවයක් වෙයි කියල මම හිතන්නේ නැහැ. උ සල්ලි තමයි අදහන්නේ. ආගම නෙමයි.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේච්චර අන්තවාදයට උදාහරණ තියෙද්දිත් සම-හරක් කියනවනේ ලංකාවේ ආගමික අන්තවාදයක් නැහැ කියලා.:rofl:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    බලහත්කාරයෙන් ආගමට හරවන්නෙ නැත්නම් ඕක සම්පුර්ණ නීත්‍යානුකූල ව්‍යාපාරයක් විය හැක. ඕනෑම අයෙකුට තමුන් කැමති ආගමක් අදහීමේ නිදහස ලංකාව තුල ඇත.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොත්ත බබා;19886102 said:
    බලහත්කාරයෙන් ආගමට හරවන්නෙ නැත්නම් ඕක සම්පුර්ණ නීත්‍යානුකූල ව්‍යාපාරයක් විය හැක. ඕනෑම අයෙකුට තමුන් කැමති ආගමක් අදහීමේ නිදහස ලංකාව තුල ඇත.

    බලහත් කාරයෙන් හරවන්නේ නැහැ බන්. මොනා මොනා හරි හෙල්ප් දීලා හිත වෙනස් කරලා ආගමට හරවා ගන්නවා

    මම දන්නා ඇන්ටි කෙනක් හිටිය එයාගේ මහත්තය නැති උනා දුව විතරයි. දුවව හදාගන්න රස්සාවක් කරන්න කරන්නත් බහ. එත් ගෙවල් වල උයන පිහන වැඩ කළා.
    පස්සේ දුවව බෝඩින් කරලා කොන්වන්ට් එකක උගන්නන පුළුවන් නිසා ඒ ඇන්ටි ක්‍රිස්තියානි ආගමට හැරුනා.

    එත් දැන් නම් දුව හොද ජොබ් එකක් කරනවා ඉගනගෙන ඉවරවෙලා.

    එහෙම මිනිස්සු හැරෙනවා අසරණ උනාම පිහිටට අපු තැනට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    තොත්ත බබා;19886102 said:
    බලහත්කාරයෙන් ආගමට හරවන්නෙ නැත්නම් ඕක සම්පුර්ණ නීත්‍යානුකූල ව්‍යාපාරයක් විය හැක. ඕනෑම අයෙකුට තමුන් කැමති ආගමක් අදහීමේ නිදහස ලංකාව තුල ඇත.
    ව්‍යාපාරයක් තමා උබ හරි.

    මුදලට හෝ බලයට යට වෙලා තමා ලංකාව වගේ රටක ක්‍රිස්තියානි වෙච්ච 90%ක්ම උනේ.


    මෙහෙම හිතපන්කො කුමක් හෝ හේතුවක් නිසා මාස දෙක තුනක් හරියට ගෙදරට කන්න දෙන්න බැරි වෙන්ව බැදල ඉන්න මහත්තයට. ඒ ටික දවසට එහා ගෙදර එකා ගෙදරට කන්න බොන්න දීල ගෑණිව යාළුකරගෙන ඩිවොස් කේස් එකක් දාල බැදල ඉන්න එකාගෙන් වෙන් කරනව.

    නීත්‍යානුකූලව හරි. නමුත් සදාචාරාත්මකව හරිද ඒක.

    මොළේ තියෙන ගෑණියෙක් නන් ඔහොම දෙයක් වෙන්නෙ නෑ නුවණ අඩු කෙනෙක් නන් ඔය විදියට රැවටිලා ඇත්ත දැනගත්තම කොච්චර පසුතැවෙන්න වෙයිද?

     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බුම්ප්.....මේක ක්‍රිස්තියානි මුලධර්මවදින්ගේ වැඩක් නේද ..පට්ට සල්ලි ටිකක් ගෙවනවා ඇති මේක promote කරන එවුන්ට ......
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    බුම්ප්.....මේක ක්‍රිස්තියානි මුලධර්මවදින්ගේ වැඩක් නේද ..පට්ට සල්ලි ටිකක් ගෙවනවා ඇති මේක promote කරන එවුන්ට ......
    ඔව් ඔය කොන්ඩෙ තියෙන ඩයල් එක දැක්ක ගමන් මතක් වෙයි උබටත් ලොකු කටවුට් එකක් තියෙනව ලේක් හවුස් එක හරියෙ. මේක ඉන්දියාවෙ අයටත් එක්කම එකපාර කරන වැඩක්.