ඒ එක්කම ක්‍රිටිකල් රේස් තියරි, ජෙන්ඩර් ෆුලිවිඩිටි වගේ ළමයින්ව නපුංසකයො කරන දේවල් උගන්නනවා. ඊට අමතරව ෆුල් ග්‍රැෆිකල් පෝනොග්‍රැෆි සමහර ස්කූල් ඩිස්ට්‍රික්ට් වල උගන්වනවා ප්‍රයිමරි වලට.. ඒකට දැං හෙනම කේස් එක. අවුරුද්දකට කීප සැරයක් වෙඩි තියාගන බරක් මැරෙනවා. තව ඉතිං විස්තර තියනවා. ඒව ලියන්නෑ හෑලි පීපල්ස්
හැම රටක්ම ගත්තාම ප්‍රෝස් සහ කොන්ස් තියනවා. හැබැයි අපි තේරුම් ගන්න ඔ්න දේ තමයි යම් රටක් හොඳද නරකද කියන එක සාපේක්ෂ දෙයක්. ඒක පුද්ගලානුබද්ද දෙයක්. තමන්ගෙ අවශ්‍යතා අනුව ජීවත්වෙන්න ඔ්න විදිහ අනුව එක්කෙනෙකුට ඉතාම හොඳ රටක් තව කෙනෙකුට වැදගැම්මකට නැතිවෙන්න පුලවුන්.
ලංකාවෙන් යන ගොඩක් අයට වෙන්නෙ බණ්ඩ කොළඹ ගියා වගේ වැඩක්. ලංකාවෙ ඉද්දි දැක්කට වඩා ඉතාම අමුතු ලෝකයක් දැකලා ඒ වෙනස කියන දේ හරහා එන ඩොපමින් ෂොක් එකෙන් උද්ධාමයට පත්වෙලා තමයි හෑලි ලියන්නෙ ගොඩක් අය
මිනිස්සු වෙනස් කම් වලට ආසයි. ඒකනෙ ලෝකෙ ලස්සනම ගෑණි, මිනිහ කසාද බැන්දත් වෙනසකට එක්ක වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න කැමති බහුතරයක් (නොකෙරුවාට ගොඩක් ගෑහැණු පිරිමි දෙපාර්ශවයේම හිතේ තියනවා ඔ්ක)
ඉතිං ලංකාවෙ පාරවල්, සුපර්මාකට්, මිනිස්සු, බඩුමුට්ටු උපකරණ වලට වඩා සපුරා වෙනස් ලෝකයකට එකපාර වැටුනාම ඒ එන චේන්ජ් එක හරහා කම්පෙයා වීම නිසා ඔන්න හෑලි ලියවෙන්න ගන්නවා.
හැබැයි ඔය හෑලි ලියවෙන එක කාලයත් එක්ක අඩු වෙනවා. මූලික ආතල් එකෙන් පස්සෙ ඒ දේවල් සාමාන්‍යකරනය උනාට පස්සෙ ඔන්න අඩුපාඩු පේන්න ගන්නවා.
ඔය හෑලි ලියවෙන ගතිය ගොඩක් අඩුවෙනවා ඇමරිකාව වගේ රටකට පිටින් ගිය කෙනෙක්ට අසනීප එහෙම උනාම. ඇමරිකාවෙ තියන සෞඛ්‍ය සිස්ටම් එක තනිකර හැදිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න.
ලෝකෙ හොඳම උපකරණ තාක්ෂණය තිබුනට ඒවට ඇක්සස් තියෙන්න මුදල් තියෙන්න ඔ්න. උදාහරණයක් විදිහට ඇමරිකාවෙ දරුවෙක් ලැබුනාම ඒ දරුවා මුලින්ම ළඟට ගෙනල්ලා අම්මට පෙන්වන්නත් චාජ් එකක් ඇඩ් වෙනවා හොස්පිටල් එකෙන්. ඒක අවශ්‍ය නෑ කිව්වොත් දරුවව බේබිරූම් එකෙන් පස්සෙ ගන්න තියෙන්නෙ.
ඇමරිකාවෙ සෞඛ්‍ය රක්ෂනයක් නැතිව බෙහෙත් ගන්න වත්කමක් නැතිව අවුරුද්දකට සැලකියුයුතු පිරිසක් මැරෙනවා දල වශයෙන් 45000ක් 70000ත් අතර
හෙල්ත් ඉන්ෂුවරන්ස් එක කියන්නෙ විශාල මාෆියාවක් ඇමරිකාවෙ. උදාහරණයක් කියනවා නම් බෙහෙත් පෙත්තෙ ඇත්ත වටිනාකම අපි හිතමු ඩොලර් එකයි කියල. හැබැයි ඔයා ඒක ගන්නෙ හෙල්ත් ඉන්ෂුවරන්ස් එක හරහා නිසා ඔයාට ඒකට ඩොලර් 10ක් විතර අය වෙනවා. (උදාහරණයක් කිව්වෙ එක්සෑක්ට් අමවුන්ට් නෙමෙයි)
තව නියම සීන් එකක් තමයි වෙළඳ බඩු සම්බන්ධ තියන නීතිවල ලූප් හෝල් නිසා ලේබල් එකේ තිබ්බට ප්‍රඩක්ට් එක ඇත්තටම එහෙම නොවෙන්න පුලුවන්. උදාහරණයක් හැටියට ප්‍රඩක්ට් එකක් තියනවා කියමු Andrew's organic extra virgin coconut oil කියලා. හැබැයි ඇත්තටම ඔයිල් එක ඔර්ගනික් කොකනට් ඔයිල් නොවී ෆාම් ඔයිල් වෙන්න පුලුවන් තියෙන්නෙ. Andrews organic extra virgin coconut oil කියන්නෙ නම.. හරියටම ප්‍රඩක්ට් එකේ තියන දේවල් බලන්න Ingridients ලිස්ට් එක බලන්න වෙනවා.
අනිත් අතට ලංකාව වගේ රටවල බෙහෙත් නැතිව මිනිස්සු මැරෙනවා. බෙහෙත් කියලා වතුර ඉන්ජෙක්ට් කරනවා. දකුණ කකුලෙ තුවාලෙට බේත් දාන්න ගියාම වම් කකුල කපල එවනවා. කුණු සැමන් කුණු පෝර පොලිටික්කොංගෙ හොරාකෑම්.. මිනිස්සුංගෙ කෙරි වැඩ ආදී වශයෙන් මෙකී නොකී ප්‍රශ්න තියනවා.
කැනඩාවෙ ඉන්න එකෙක්ට අල්ට්රා සවුන්ඩ් ස්කෑන් එකක් කරගන්න මාස හයක් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනකොට ලංකාව වගේ සමහර රටවල මිනිස්සුන්ට අද උදේ හිතුනනන් හොඳම ස්පෙෂලිස්ට් කෙනෙක්ව හම්බවෙන්න ගොඩක් වෙලාවට ඊළඟ දවස් දෙක ඇතුලත .. සමහර වෙලාවට එදාම හවසට .. උපරිම සතියක් දෙකක් ඇතුලත හම්බවෙන්න පුලුවන්
එතකොට අපි ආයෙ එන්නෙ පරණ පොයින්ට් එකට.. ජීවත් වෙන්න හොඳම රට කියන්නෙ පුද්ගලානුබද්ද දෙයක්...තමන් වෙන රටකට ගිය පලියට හෑලි ලිය ලියා තමන්ගෙ රටේ මිනිස්සුංගෙ මූනෙ උලන්න ඔ්න නෑ ඉතිං

අම්මට උඩු

.... දන්නෙම නැතිව මාත් හෑලි පිපල් කෙනෙක් වෙලා

... බායි එහෙනං.. අපි ගියාවෙ...