වෙනසක_ආරම්භය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 1400 ක් එම සේවාවලින් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

    ඒ අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකු සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 07 දෙනෙකු ද අයත්.

    මීට අමතරව ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 850 දෙනෙකු ද එම සේවාවලින් ඉවත් කිරීමටයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.

    කෙසේවෙතත්, එහි සිටි 300 දෙනෙකු තවදුරටත් ජනාධිපති ආරක්ෂක අංශය තුළ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, සමස්තයක් ලෙස ගත් කළ මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 2,250 දෙනෙකු එම සේවාවලින් ඉවත් කෙරෙනු ඇති.

    මෙම සියලූදෙනා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමට නියමිතයි. මෙමගින් එම පොලිස් ස්ථානවල ඇති පුරප්පාඩු ඇතුළු ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

    ඒ අනුව, මින් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු කරන්නේ යුද හමුදා කමාන්ඩෝ නිලධාරීන් සහ රඳවා ගනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300 දෙනා පමණයි.

    කිසියම් ස්ථානයකට ජනාධිපතිවරයා පැමිණීමට පෙර අදාළ ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම ද මින්පසු පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරෙනු ඇති. මීට අමතරව විවිධ ප‍්‍රදේශවල ඇති ජනාධිපති මන්දිරවල දැනට සේවය කරන පොලිස් නිලධාරීන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට අපේක්ෂිතයි.

    මේ අතර, ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. ජී. ජයතිලක ද විශ‍්‍රාම යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඔහු පොලිස් සේවයෙන් විශ‍්‍රාමයාමට නියමිතව සිටියේ 2017 වසරේදීයි. මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවන ඔහු පෙරේදා දිනය තෙක් සේවා දිගු ලබාගනිමින් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළා.

    මීට අමතරව, ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසම නිර්දේශ කළ සහකාර පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ ද එම තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    r2ndVce.gif
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

    ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැක්කේ එක් උපදේශකවරයෙකු පමණයි. රජයේ වියදම් අවම කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා.

    කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන් සම්බන්ධයෙන් මෙවැනි සීමාවක් මීට පෙර පැවතියේ නැහැ.

    ඉකුත් ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්, 50 දෙනෙකුට ද වැඩි උපදේශකවරුන් පිරිසක් රඳවා තබා ගත් බවට වාර්තා පළවුණා.

    කැබිනට් අමාත්‍යවරුන්ගේ මෙම උපදේශකවරුන් වෙනුවෙන් රජයට අනවශ්‍ය වැඩි වියදමක් ද දැරීමට සිදුවන බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    මීට පෙර, ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. එමෙන්ම පසුගිය දින කිහිපය තුළ වියදම් අඩු කිරීම සහ නාස්තිය අවම කිරීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ගයන්ද ගත්තා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574930106711.jpg


    සාමාන්‍ය ජනතාව ගමන් කරන මගී පර්‍යන්තයෙන් මීට සුලු මොහොතකට පෙර
    ඉන්දියාව බලා පිටත්ව ගිය අපේ
    ගරු ජනාධිපති තුමා.


     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිoහලයෙක් ජනාධිපති උනාම කොහොමද තියෙන ගැම්ම..එක රටේ ජාතික ගීත දෙකක් ගැවුන කාලෙ ඉවරයි, එක රටක් එක නීතියක්..

    UP
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..

    ඒක තමයි
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමාට තියෙන ආදරේ නිසා ආරක්ශාව ගැන අපේ උන් හිතනව ඇති, ඒක බොහොම හොද දෙයක්,

    අවුරුදු 20ක් උතුරෙ යුද්ද කරපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාට බය කියන දේ දැනෙන් නැතුව ඇති ඒකයි ගාඩ් එක අයින් කරන්ඩ ඇත්තෙ..

    රට වැසියාගේ ආරක්ශාව උපරිමයටම සපයයි දැන් ඉන්නව මේජර් ජෙනරාල්ල දෙන්නෙකුයි හිටපු ආරක්ශක ලේඛම්තුමයි අන්තවාදීන්ට බඩ ගිහින් මැරෙන්නෙ බයට බයට..
    :D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඔය කුරුණෑගල පැත්තේ එකෙක් ඉන්නවා නම් මුට ෆ්‍රෙෂ් පුනක්කු මුට්ටයක් යවපල්ලා ප්ලීස්.......

    ඔය රත්නපුර පැත්තේ එකෙක් ඉන්නවා නම් මුට ෆ්‍රෙෂ් පුනක්කු මුට්ටයක් යවපල්ලා ප්ලීස්.......
     
    • Haha
    Reactions: SLBlackKnight

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..
    පුකේ තියෙන මොලේ ඔළුවට අද්දන්න අලි ඇත්තු ටිකකුත් දැම්ම නම් මෙහෙම වෙන්නෙ නෑ