වෙනසට ලෑස්තිද?

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වෙනසට ලෑස්තිද?

    ඡුන්දෙට කලින් අද හෙටම
    ශ‍්‍රීලනිප - එජාප ජාතික ආණ්ඩුවක්
    (ඇමතිකම් සංයුතිය 15-30*

    දින 100 දින 180 කට
    දීර්ඝ වෙයි?

    ගෙවුණ සති අන්තයේ ජනපති මෛත‍්‍රිපාල සහ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් සමග කටුනායක මූන් ලොජ් හෝටලයේ පැවති දෙදින වැඩමුළුවේදී රටේ ඉදිරි අනාගතය තීන්දු කරන වැදගත් තීරණ ගණනාවක් ගනු ලැබූ බව දේශපාලන ආරංචි වාර්තා කරනවා.
    ඉදිරි මහමැතිවරණයට පසු ජාතික ආණ්ඩුවක් නොව ඊයේ තීරණ අනුව අද හෙටම ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට යන බව වාර්තා වනවා.
    එහි එජාපයට ඇමතිකම් 30 ක් ශ‍්‍රීලනිපයට ඇමතිකම් 15 ලෙස සංයුතියක් ඇති කළයුතු බවත් නියෝජ්‍ය ඇමති ධූර 55 ක් ඇති කළ යුතු බවත් යෝජනාවී ඇත.
    ඒ අනුව පසුගියදා පත්වීම් ලැබුණ ඇමතිවරු ඇතැම් අයට ඉවත්වන්නට
    හෝ වෙනත් තනතුරු දක්වා මාරුවීම් ලැබීමට සිදුවුනු ඇත.
    ජනපති මෛත‍්‍රිපාල ගෙනා ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව හිටපු ඇමතිවරුන් වන එස්බී,ඩිලාන්,නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ,පියසේනගමගේ, ලලිත්

    දිසානායක,රෙජිනෝල්ඞ්,අතාවුද හා මහින්ද අමරවීර යන අය පක්ෂව අදහස් ඉදිරිපත් කර ඇති අතර බහුතරයේ කැමැත්ත පළවී ඇත.

    පසුගිය සතියේ ශ‍්‍රීලනිප විධායක සභාව රැුස්වී රනිල්ට ඕනෑ හැටියට ව්‍යවස්ථා හදන්න ඡුන්ද තියන්න බෑ. අපි තමා බහුතරය ආණ්ඩුව තාම අපේ.. ආදී වශයෙන් පැනනැගුණු ප‍්‍රකාශ හා ශ‍්‍රීලනිප හිටපු ප‍්‍රබලයන් වරප‍්‍රසාද අහිමිවීයාම් ගැන දැක්වූ මැසිවිලි නිසා සතිඅන්තයේ පැවති මෙම රැුස්වීමේදි ඒවාට පිළියම් ලෙස ජාතික ආණ්ඩු කතාව කරළියට පැමිණ තිබුණා.

    මෙම සතිඅන්ත රැුස්වීමේදී විධායක ජනපතිධූරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් සාර්ථකව පිහිටුවීම එක්වරම කරන්නට බැරි දෙයක් බවත් මැතිවරණ ක‍්‍රමයද කේවල ආසන ක‍්‍රමයට

    එක්වරම වෙනස් කිරීම දුෂ්කර බවත් සාකච්ඡුාවට ලක්ව ඇති නමුත් ඒ වෙනස්කම් දෙකම අත්‍යන්තයෙන්ම සිදු කළ යුතු බවට අවධාරණය කෙරී ඇත.

    ඒ නිසා ඒවා සිදුකිරීමට පහසුවනු පිණිස දින 100 මාස 6 දක්වා (දින 180* දීර්ඝ කරන්නට යෝජනාවී ඇති අතර එයට ශ‍්‍රිලනිප බහුතරයේ සහායද ලැබී ඇත.

    කෙසේ වෙතත් මෙම වෙනස්කම් සියල්ල තවම සාකච්ඡුා මට්ටමේ පවතින අතර ඒ ගැන ජනපති මෛත‍්‍රිපාල එජාපය සමගද සාකච්ඡුා කර අවසන් තීරණ ගැනීමට නියමිතය.


    Code:
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/02/slfp-moots-national-government.html

    :lol::lol::rofl:


    55+45 ministers
    100 --> 180 days
    executive presidency NOT removing
    ayyooooo salli
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    i don't see a problem with that, if there will a alteration in the constitution after 180 days. 55 ministries won't be a problem for a short period of time.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    රටට වැඩක් වෙනවනම් එච්චරයි. ඔය පොරොන්දු වුන ටිකෙන් 75%ක් වත් කරගන්න ලැබුනොත් කොහොමහරි රටේ අනාගතයටයි හොද.. පක්ෂ භේදයකින් තොරව රටට හොදක් වෙන දේවල් වලට උදව් කරන්න අපි හැමෝම වැඩ කරන්න ඕන. ඒවගේම තමා track පනිනවානම් පක්ෂ භේදයකින් තොරව එවට එරෙහි වෙන්නත් පුලුවන් වෙන්න ඕන. මොකද රට විතරයි මෙතන වැදගත් වෙන්නේ.. එක එකාට කඩේ ගියාට සුදනෝ කරන්න හැදුවට උබලා එකෙක්ටවත් පුද්ගලික වාසි ලැබෙනවද? Until everyone starts to believe in this, nothing good will happen to our country and politicians will always use us to fulfill their needs...​