වෙනස් වීමට අකැමැති
වෙනස් වීමට අකැමැති වොරන් බුෆේ...
ලොව ප්‍රමුඛත ම කොටස් වෙපොළ ආයෝජකයෙකු මෙන් ම ලොව ප්‍රධාන ධනවතුන් අතර රැඳෙන වොරන් බුෆේ සිය සාර්ථකත්වයේ රහස පිළිබඳ කිසිවෙකුට අදහාගත නොහැකි කරුණු රැසක් CNN පුවත් සේවය හමුවේ පසුගියදා අනාවරණය කළේය.
ඔහු සතුව ඇපල් සමාගමේ කොටස් ඇතත්, ඇපල් ජංගම දුරකතනයක් භාවිතා නොකරයි. ඔහු තවමත් භාවිතා කරනුයේ මීට බොහෝ ඉහතදී මිලදී ගත් සරළ ජංගම දුරකථනයකි. වසර 20ක් හෝ 25ක් භාවිතා නොකර මා කිසි දෙයක් බැහැර කරන්නේ නෑ. තමන් සතු පැරණි ජංගම දුරකථනය මහත් ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරමින් ඔහු කියා සිටියේ Òමේක තමයි මට ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් දායාද කළ දුරකථනය' යනුවෙනි.
ඕනෑම දෙයක් දිගුකාලීනව භාවිතා කිරීමේ පුරුද්ද ඔහු සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා ද මැනවින් යොදා ගත්තේය. කිසියම් සමාගමක කොටස් මිලදී ගැනීමේදී, එම කොටස් අවම වශයෙන් වසර 10ක් හෝ ළඟ තබා ගැනීමට අකැමැති නම් ඒවා මිලදී නොගත යුතු යයි ඔහු පවසයි.
වොරන් බුෆේ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වුව ද ඔහු ජීවත කාලය පුරා ම ඉ-මේල් පණිවිඩ යවා ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. මේ අනුව ඔහු නව්‍ය තාක්ෂණයට අසීමිත බියක් දක්වන සාමප්රදායික පුද්ගලයෙකු බව පෙනෙන්නට ඇතත්, ඔහු පවසන්නේ තමන් ජීවත් වන්නේ තමන්ට ම ආවේණික ක්‍රමවේදයකට අනුව බවය.
ලොව ධනවත් ම පුද්ගලයෙකු බවට පත් වුව ද ඔහු අදටත් ජීවත් වන්නේ 1958 වසරේදී ඩොලර් 31,500 කට මිලදී ගත් නිදන කාමර තුනකින් යුතු නිවසේය. 2014 වසර වන තුරු ම පැරණි කාඩිලැක් මෝටර් රථයේ ගමන්-බිමන් ගිය ඔහු, නව මෝටර් රථයක් මිලදී ගැනීමට කැමැත්ත පල කළේ ජෙනරල් මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බලවත් ඉල්ලීම මතය. මම අවුරුද්දකට ම මෝටර් රථයෙන් ගමන් කරන්නේ සැතපුම් 3,500 ක් වගේ දුරක්. ඒ නිසා මට හැම වෙලේ ම මෝටර් රථ මාරු කරන්න අවශ්‍ය නැහැ. යනුවෙන් ඔහු පවසයි. ඔහු සතුව පුද්ගලික ජෙට් යානයක් ඇතත්, ඔහු එය භාවිතා කරනුයේ අත්‍යවශ්‍ය ව්‍යාපාරික හමුවීම් සඳහා පමණි.
ආයෝජකයෙකු වශයෙන් ඔහු විශාල කීර්ති නාමයකට හිමිකම් කියන බැවින් ඔහු පවසන සෑම වචනයක් ම විශ්වාස කිරීමට ලෝකයා පෙළඹී ඇත. ප්ර්වණතාවලට තමන් පාලනය කිරීමට ඉඩ නොතැබීමට ඔහු තරයේ වගබලා ගනී.
ණය කාඩ්පත් භාවිතය නතර කර තමන් වෙනුවෙන් ආයෝජනය කරන ලෙස ඔහු තරුණ ප්‍රජාවට පවසයි. මුදල් මිනිසාව නිර්මාණය කළේ නැත; "මුදල් නිර්මාණය කරන ලද්දේ මිනිසාය" යන්න ඔහුගේ ආදර්ශ පාඨයයි.
සටහන - හසිත කැකුලාවල විසිනි.
Thursday, මැයි 18, 2017 - 01:00
දිනමිණ ව්‍යාපාරික පිටුවෙන් උපුටා ගන්නා ලදි....