වෙනස..... වෙබ් සහ බ්ලොග් අතර

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වෙනස..... වෙබ් සහ බ්ලොග් අතර

    වෙබ් සහ බ්ලොග් අතර වෙනස...


    වෙබ් සහ බ්ලොග් යනු අන්තර්ජාලය තුල සැරිසරන හැමෝම දන්නා, අසා ඇති වචන දෙකකි. මේ දෙකම එකක් යැයි සමහරු සිතා සිටිති. මේ දෙකෙහි වෙනසක් ඇතැයි සමහරු දන්නා නමුත් ඒ වෙනස කුමක් දැයි ඔවුන් වටහා ගෙන නොමැති බව පෙනි යයි. ඒ නිසා වෙබ් සහ බ්ලොග් යන අන්තර්ජාල ගැන කෙටි විස්තරයක් මෙලෙස පිටපත් කරන්නම්.....

    blog-vs-website1.png


    වෙබ් අඩවියක් හා බ්ලොග් අඩවියකින් යන ආකාර දෙකෙන්ම සිදුවන්නේ දෙවිදියකට අන්තර්ජාලයේ තොරතුරු පලකරවිමයි. සරලව කිවුවොත්
    අන්තර්ජාලය තුල තොරතුරු දක්වන ඕනෑම අඩවියක් වෙබ් අඩවියක් ලෙස දැක්වීමට හැකි අතර, බ්ලොග් යනු වෙබ් අඩවි වර්ගයකි.

    වඩාත් ගැබුරින් වෙබ් අඩවියක් යනු කුමක්දැයි විමසා බැලුවහොත්, එහි තාක්ෂණික අර්ථ දැක්විම ලෙස සදහන් වෙන්නේ, එක් වෙබ් ඩෝමේන් එකක් තුල ක්රියාත්මක වන එකිනෙකට සම්බන්ධිත වෙබ් පිටු එකතුවක් ලෙසයි...

    web-design-vs-web-development.png

    අන්තර්ජාලය තුල යම් අන්තර්ගතයක් ඇති ඕනෑම අඩවියක් වෙබ් අඩවියන් ලෙස සරලව දැක්විය හැකිය. මේ අන්තර්ගතය අක්ෂර, පින්තූර, විඩියෝ හෝ මේ සියල්ලම හෝ විය හැකිය. සමහර විටෙක මේ තොරතුරු සමුදාය පරිශිලකයා හා අන්තර් ක්රියාකාරි වන ආකාරයෙන්ද සමහර විටෙක ස්ථිර වෙබ් පිටු වශයෙන්ද දක්නය ලැබේ. මෙම වෙබ් අඩවි මගින් ආයතනයක් හෝ ව්‍යාපාරයක් ප්රචාරනය කිරිම, යම් යම් අන්තර්ජාල සේවාවන් සැපයීම හෝ සරලම ආකාරයෙන් තොරතුරු දැක්විම හෝ පමණක් සිදුකල හැක. මේ සියලුම ආකාර වල වෙබ් අන්තර්ගතයන් වෙඩ් අඩවියක් ලෙසින් හදුනාගත හැකිය.

    වෙබ් අඩවිය (Website) යන වචනය ඉතා පොදුවේ භාවිතයට ගැනෙන්නකි. Google, Yahoo, Wikipedia, Amazon, Ebay, Facebook, Instagram, Youtube, Microsoft.com, Samsung.com Apple.com යනාදි සියල්ලම වෙබ් අඩවි යටතට ගතහැකි වුවත් ඒවා එකිනෙකට වෙනස් වෙබ් අඩවි වේ. නූතන වෙබ් අඩවි කාර්යයන් රාශියක් කිරීමේ සමර්ථකම් දක්වන අතර ඒවා ඉතා ආකර්ෂණිය හා හුරුබුහුටි ආකාරයෙන් නිමවා තිබේ. එසේම වර්ථමානයේදි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණිම හා මුදල් ගණුදෙනු පවා සිදුකරනු දක්නට පුලුවන. සමාජ ජාල සේවාවන් හරහා මේ වෙබ් අඩවි අන්තර්ජාලය පුරා සම්බන්ධතා ගොනගා ගනිති.


    blog.jpg


    දැන් බ්ලෝග් යනු කුමක්දැයි විමසා බලමු. Blog යන වචනය සෑදි ඇත්තේ Web Log යන වචනය ආශ්රයෙනි. Web Log යන්න සැලකීමේදි පැහැදිලි වන්නේ වෙබ් ලොග් නොහොත් බ්ලොග් යනු අන්තර්ජාල ලොග් එකක් ලෙස භාවිතා වන වෙබ් අඩවියක් බවයි. තවත් විදියකට කිවහොත් බ්ලොග් එකක් යනු දිනපොතක් මෙන් නිතරම අලුත් තොරතුරු වලින් යාවත්කාලින වන වෙඩ් අඩවියකි. මෙය ජාලගත දිනපොතක් හෝ ජර්නලයක් ලෙසින් ද දැක්විය හැකිය. බ්ලොග් අඩවියකට අලුතින් එකතු වන වෙබ් පිටු පෝස්ට් (Post) නමින් හැදින්වේ. බ්ලොග් අඩවියේ මුල් පිටුව හෙවත් Home Page එකෙහි මෙම පෝස්ට් දැක්වෙන්නේ අලුතින් පෝස්ට් එකෙහි සිට පැරණිම පෝස්ට් එක දක්වා වු අනුපිළිවෙලෙනි.


    බ්ලොග් අඩවියක් දිනපතා, සතිපතා හෝ මාස්පතා යන වශයෙන් අලුත් පෝස්ට් වලින් යාවත්කාලින වෙයි. මේ නිසා වෙබ් අඩවියකට වඩා බ්ලොග් අඩවියක් සක්රීය බවින් වැඩිය. ඒ එහි තොරතුරු නිරන්තරවම අලුත් වන නිසාවෙනි. බ්ලොග් අඩවියක් සදහා ලියන්නෝ තමන්ගේ එදිනෙදා ජීවිතය ගැන හෝ තමන්ගේ අදහස් හා මතිමතාන්තර ලෝකයට ඉදිරිපත් කිරිම සදහා බ්ලොග් අඩවි යොදා ගනිති. මෙසේ බ්ලොග් ලියන අය බ්ලොග්කරුවන් නොහොත් Bloggers කියා හදුන්වනු ලබයි. වර්තමානය වන විට ප්රධාන වෙබ් අඩවි වලට වෙන් වු වෙන වෙනමම බ්ලොග් අඩවියක් තිබේ.

    බ්ලොග් මගින් වඩාත් හොද පරිශිලක සම්බන්ධතාවයක් පවත්වාගත හැකිවිම එයට හේතුවයි..නූතන බ්ලොග් අඩවි වෙබ් යන සංකල්පයට වඩා ගැලපෙන්නේ ඩිජිටල් සගරා යන හැදින්විමටයි..සගරාවක මෙන්ම බ්ලොග් අඩවියකටද කර්තෘ කෙනෙක් ඇත. ඔහු විසින් බ්ලොග් අඩවියේ අන්තර්ගතය පාලනය කරනු ලබයි. එක් බ්ලොග් අඩවියක් බොහෝ විට පූධාන මාතෘකාවට අනුකූලව හැඩ ගැසී ඇත.එහිදි එක් එක් උප මාතෘකාවන් පිළිබද ලිපි ලියන්නන් කිහිප දෙනෙකු විසින් බ්ලොග් අඩවියට තොරතුරු සපයනු දක්නට ලැබේ. බ්ලොග් අඩවියක ඇති පූධානතම වාසිය වන්නේ එහි සජීවි බවයි..

    drupal-blogspot.png


    පෝස්ට් එකක් පලකල පසු එහි ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් අන්තර්ජාල පාඨකයින් හට සිය අදහන් පූකාශ කිරීමේ අවකාශයක් බ්ලොග් වල තිබේ..මෙය Commenting ලෙස හැදින්වේ..මේ නිසා සිය ලිපිය පිළිබදව පාඨක අදහස් එවෙලේම දැන ගැනිමට බ්ලොග්කරුවන්ට අවකාශ ලැබෙන අතර, නොයෙකුත් මත පිළිබදව වාද විවාදයන්ද මෙම කමන්ට් තීරු වල දැකගත හැකිය..

    උපුටාගැනිමකි..