වෙනස

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    වෙනස
    නෑ වැඩි තට්ටු පොඩි ගෙදරක් ඇත්තේය
    හවසට යන්ට චැනලින් මෙහි නැත්තේය
    හරියට වෙලාවට නම් යා යුත්තේය
    දොස්තර හාමු දැන් පිටරට පැත්තේය
    පර්මිට් කාර් කෝ අද බස් එකෙන් එතී
    එද්දී සැලුට් ගහනා සිකුරුටිත් නැතී
    මෙහෙදී සර් එහෙදී මුල් නමම ඇතී
    දොස්තර හාමු පිටරදී වෙනස් වෙතී
    එද්දී ලෙඩා කෝ අද බිම බලාගෙන
    හිනැහෙයි හලෝ ගුඩ් මොර්නිග් කියාගෙන
    කිව්වේ ප්ලීස් සිට් කියලා සිනාවෙන
    හාමුගෙ වෙනස වෙනදා හිටි ගොරෝගෙන
    සර් හලෝ හව් ආ යූ කියන්නේ
    මුල හිට අගට විස්තර ලෙඩ අහන්නේ
    එක එක ප්‍රශ්ණ ඇහුවට නැත බනින්නේ
    පිටරට කොහොම ඉවසීමත් හැදෙන්නේ
    බිව් හැටි බියර් අවුරුදු ගානකම් එයා
    ගණිකා වනුත් එක්කන් නිතරෝම ගියා
    සිගරට් පහක් වත් බිව්වා කියති එයා
    ගැබුරින් සලයි හිස පුදුමයි ඩොක්ට මයා
    ලොකු කළු හෙදිය ඉන්නේ පැත්තකට වෙලා
    ඇයගේ ගමන හාමුගෙ හිත බයත් කළා
    තිබුනත් වැරදි දැක්කේ නැති විලස බලා
    ඉංගිරිසියෙන් ඈ දෙස උනි සිනහ සලා
    උපදෙස් කතා කියවන බණ කොහිද නැත
    හිනැහෙන විහිළු හෙදියන් වෙත නොයති නෙත
    සේවක ගතිය ඇවිදින් මුළු ගතම වෙත
    පුදුමයි වෙච්ච වෙනසක් හා මුගේ හිත
    -සිරිල් ප්‍රේමනායක