Urajdrlk Exposed

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශ්‍රී ලාංකීය ඔන්ලයින් කමියුනිටි ඉතිහාසයේ එදා මෙදා තුර සිදු කල මහා Expose කිරීම.:shocked:
    ලංකාවේ විශාලම පිරිසක් දිනපතා පැමිණෙන ඔන්ලයින් Community එක වන Elakiri.com හරහා ඉතා පහසු මිලට ලැප්ටොප්/ ඩෙක්ස්ටොප් පරිගණක විකිණීම සහ සේවාවන් ලබා දෙනවා යැයි පවසමින් මාලඹේ පුරවරයේ කලක පටන් කරගෙන යන්නා වූ ව්‍යාපාරයක සුලමුල මෙසේ හෙලිකරනු ලැබේ. :nerd:
    ශ්‍රී ලංකාවේ නොයෙක් දෙසින් මෙහි පැමිණ ලැප්ටොප් ලබා ගන්නා ජනතාව ත්‍රෙඩ් දමමින් විවිධ අවස්ථාවලදී විවිධ මැසිවිලි නගනු අප දැක ඇත. ඒ පිලිබදව සමීක්ෂනය කිරීම සදහා අප විශේෂ නියෝජිතවරයෙකු වෙස්වලාගෙන එහි ගිය අවස්ථාවේ සිදුවූ සිදුවීම මෙසේය. (නම් ගම් මනක්කල්පිත වේ) :oo::growl:
    කොල්ලුපිටියේ සිට මාලඹේ දක්වා බසයෙන් පැමිණ SLIIT ආයතනය අසලින් බැස ගත් ඔහු කෙලින්ම ටෙක් ස්මාට් ලංකා වෙත පිවිසේ...
    ඈත සිටම මුළු වෙළදසැල පුරාම CCTV කැමරා සවි කර ඇති බව දිස්වෙන පුවරු රාශියක් වේ. පසෙකින් කවරයක් දමා වසා දැමූ බයිසිකලයකි. :dull:
    ක්රාස් ගා දොර විවර කරමින් අප නියෝජිත ඇතුල් වේ....
    ඇතුලත වායු සමනය කොට මනාව නිමකර ඇත. :shocked:පසෙකින් පුටු කීපයක් හා ඈතින් සෝෆාවක් තබා ඇත. එහි ලළනාවන් කීප දෙනෙකු අසුන්ගෙන ඇත.:shocked::shocked::shocked: ඔව්න් දත් 32 ම පෙන්වා සිනාවක් දැමූහ. අනෙක් පසින් මේසයක් ඇත. එහි මහෝදර වැනි පුද්ගලයෙක් බඩ උඩ තබාගෙන ලැප්ටොප් වර්ගයෝ පරිගණකයක් අළුත්වැඩියා කරයි...:dull:
    කිසිවෙකු ශබ්දයක් නැත...:baffled:
    ඕයි.... ඔය මනුස්සයෙක් ආවා කථා කරනවා....:growl::growl:
    ඈතින් ඇසෙන්නේ මහා ගෝරනාඩුවකි. ඒ සමගම මහෝදර තෙමේ උඩ ගොස් බිම වැටේ.. ඔහු දනින් වැටී.. හා හා මගෙ සුදු නෝනේ... මං බලන්නං කියයි.:dull::sorry:
    ඉන්පසුව ඔහු අප නියෝජිත දෙස හොදින් බලා සිනාසේ...
    එන්න එන්න .. වාඩිවෙන්න.....

    9.gif
    ‍මොකක්ද ගන්න ඕනේ....
    මං මේ.... ලැප්ටොප් එකක් ගන්න තමා බැලුවේ.....
    ආහ්...... ලැප්ටොප්....
    මහෝදර තෙමේ ප්‍රීතියෙන් ඉපිල යයි....

    අපි ලග තියෙනවා එක එක වර්ගයේ ලැප්ටොප්. හැබැයි මං නං කියන්නේ ටොශීබා තමා හොදම.
    9.gif
    9.gif
    9.gif
    ඒ උනාට දැං ඒවා හදන්නෑ නේ... :sorry: ඒ උනාට ටොශීබා තමා හොදම.
    9.gif
    9.gif

    ටොශීබා වගේම තමා ලේලන්ඩ්...
    9.gif
    9.gif
    9.gif
    ලේලන්ඩ් වලට ගහන්ඩ බස් එකක් ආයෙ ලොවෙත් නෑ... බස් නං ලේලන්ඩ්.. ලැප් නං ටොශීබා. මහත්තයාට බස් එකක් ඕන නං කියන්න මං ලේලන්ඩ් එකේ කට්ටියව අදුරනවා...:cool::cool:
    බොල්ලෑ දක් සියල්ලම පෙන්වමින් මූන පුරා සිනාවක් නංවා ගත් මහෝදර පැවසීය.

    නෑ නෑ .. මං ආවේ ලැප් එකක් ගන්න....

    ආහ්හ්... ඔව් නේද..
    එතකොට... අපි ලග තව තියෙනවා...
    HP ලැප්.
    9.gif
    ඩෙල් ලැප්.... අසූස් ලැප්...:oo:
    අළුත්ම එක තමා ලෙනෝවෝ....

    9.gif
    9.gif
    ඒ වගේම.... අපි මේ හැම එකම දෙන්නේ කොම්පැනි වොරන්ටි එක්ක... පිට පාරේ ගෙනාපු හොර බඩු අපි ලග නෑ නේ....:cool::cool: සෝෆා එකේ වාඩිවී සිටි කෙල්ලන්ගේ මුහුණු ඇඹුල් වී යද්දී :oo::oo:උන් දෙසවත් නොබලා මහෝදර තෙමේ පැවසීය. :lol:

    මං බැලුවේ මේ ලෙනෝවෝ ලැප් එකක් ගන්න කියලා...
    ආනේ.. කොච්චර දෙයක්ද..

    9.gif
    ගන්න සර් ගන්න...
    අපි ලෙනෝවෝ වලට ඉස්පැසල් ප්‍රමෝශන් එකක් කරනවා...
    මේ තියෙන්නේ.....
    ඔහු තමා අත වූ කොළයක් පෙන්වමින් පවසයි...
    12208383_921903324566152_5756834433191132386_n.jpg



    අපි දෙනවා මිල පහලට අභි‍යෝගය කියලා ඔෆර් එකක්... සර් දන්න තැනක අපේ ගනං වලට වඩා අඩුවට ලැප් තියෙනවා නං .... අපි දෙනවා ඒ ගානට...:cool:
    ඒ එක්කම... අපෙන් ලැපක් ගත්තොත් අනිවා සැපක් නොමිලේ...
    සර්විස් එකට සර්විස් එක්ක නොමිලේ....
    9.gif
    9.gif

    9.gif
    9.gif
    9.gif
    හෙඩ් මසාජ් ‍නොමිලේ....
    ඒ වගේම අපේ නිල කිරි සැපයුම්කාරිය අල්ලපු කඩේ මිල්ක් බාර් එකේ නංගිගේ එසැනින් දොවා ගත් හොදම එලකිරි වීදුරුවක් නොමිලේ... :cool:
    කතරගමදි කාලා බලලා දොදොල් ගන්නවා වගේ... මසාජ් එකක් දාලා බලලා සර්විස් එක්ක කරමුද සෑර්....
    ඔහු එක් කෙල්ලකට ඇසකින් ඉගි මරද්දි.... එකියක් පැමිණ අප නියෝජිතව ටයි එකෙන් ඇදගෙන පසුපසට ගෙන යයි...

    මේ .... ඔිය්... හොව්.. හෝව්....
    මේ මොකක්ද කරන්නෙ.......

    යන්න සර් යන්න..... මේ කාලේ නැති මසාජ් කවදා නං දෙන්නද.... :cool:

    නියෝජිතව පසුපස පිහිටි කාමරයකට ඇරලවීමෙන් පසුව ඒ කෙල්ල යලිත් ඉදිරිපසට ඇවිද එද්දී....
    විනාඩි දහයක් පමණ ගතවූ තැන රෙද්දකින් හා හැටිටයකින් සැරසුනු තරබාරු කාන්තාවක් කාමරයට ඇතුල් වේ...
    සර්ට මොන වගේ මසාජ් එකක් ද දෙන්න ඕනේ.....:dull::dull:
    ඇය තාලෙට නලවමින් ගස්සමින් පද්දමින් අසයි...
    ම... ම... ම ... මට මොන මසාජ් එකක් වත් ඕනෙ නෑ යකෝ.... මට යන්න දීපල්ලා...:sorry::sorry:
    බියෙන් ත්‍රස්ත වූ අප ‍නියෝජිත කෑ ගසයි...:eek::growl:
    වරක් කරගෙන වෙනස වටහා ගන්නකෝ දෙයියෝ....
    ඇය ඔහු සිටි තැනට පනිද්දී... සට සට ගා මොනවාද විසිවෙයි...
    හුටාය.... :dull:හැට්ටයේ යට බොත්තම් වලට තව දුරටත් හිර කරගෙන සිටීමට නොහැකි වූ මයිල් වලින් පිරී ගිය උදරය එළියට පනී....:shocked::shocked:
    කෙලියා....
    හොදින් අසා පුරුදු කටහඩක් අප නියෝජිතට ඇසේ....
    ඔහු එක්වරම මෙම කාන්තාවගේ කොන්ඩයෙන් අදියි....
    බොරු කොන්ඩය ගැලවී යද්දී හැට්ටය අස්සේ දම‍ාගෙන ආ පොල්කටු දෙක පංචා දැමුවා සේ රෝල්වී පෙරලී යයි.....:shocked::shocked::shocked:

    මේ මොන ඉලව්වක්ද යකෝ....
    මාරයාට ආවේස වූ අප නියෝජිත සාපකරමින් නැගී සිටියි.....:growl::growl:

    අයියෝ.... සොරි සර්....
    ලැපක් ගත්තට පස්සේ තමා අර නංගිලාව දෙන්නේ... ටෙස්ටිං එක දෙන්නේ මං ම තමා. මේ කාලේ හරි අමාරුයි නේ.... :sorry::(

    තමු‍සෙලාට හොදටම පිස්සු ඕයි..
    සියල්ලන්ටම බැන වදිමින් අප නියෝජිත පිටවී යයි....
    නෙද්දකිං මෝඩයා.. ඒ බිස්නස් එක කෑවා නේ....
    පසුපසින් කොසු පාරක් වදින හඩ සමග රෙදි හැට්ට ගලවා දමමින් මහෝදර තෙමේ මිල්ක් බාර් එකේ පස්ස දොරෙන් රිංගනු පෙනේ..... :sorry:

    :lol: :lol: :lol:
    මේ කතාව කුමක්දැයි මේ වනවිට ඔබට මතුවී ඇති කුතුහලයට පිළිතුරු ලබාදීමට අප දැන් සූදානම්...

    මේ පිළිබදව අපි එළකිරි වාසීන් කීප දෙනෙකුගේද අදහස් විමසන්නට තීරණය කළා...
    ඉස්සෙල්ලාම අදහස් දැක්වූයේ අප දත් කිඹුලා සහෝදරයා...

    ඇත්තටම මේකයි මල්ලි කියන්න තියෙන්නේ... මූ හොද වැඩකාරයා... ඒ උනාට මුගේ හිත හොද වැඩියි. හැම තිස්සේම කෙලවෙලා යන්නේ ඒකයි. මූ තමා මගේ සසල හද විල්තෙර ප්‍රෝග්‍රම් එකේ නිල තොරතුරු තාක්ශණික සහකරු. සෑහෙන කාලයක් තිස්සේ හොදටම ඒ වැඩේ කරනවා. ලැපක් කැඩුනොත් ලැපට ලැපක් දෙනවා. හොදම සර්විස් එක. පොඩ්ඩක් නෝනාට බය තිබ්බට බුවා හොද මනුස්සයා... මට වඩා අවුරුදු හතක් විතර නාකි උනාට එච්ච වයසක් පේන්නේ නෑ. මං ඌට සුභ උපන්දිනක් කිව්වා කියහංකෝ ඈ... :cool:

    ඉන්පසුව එළකිරි පල්සර් ක්ලබ් එක නියෝජනය කරමින් නම පැවසීමට අකමැති සහෝදරයෙක් මෙලෙස අදහස් දැක්වූවා...:dull:

    බඩා මාමි .... බඩා මාමි කියන්නේ අපේ හොද බොක්කක්.. බඩා මාමිගේ මූලික ආදායම් මාර්ගය ලැප්ටොප් විකිණීමයි. බඩා මාමි හරි හොද හිත ඇති මනුස්සයෙකි. බඩා මාමි පල්සර් බයික් එක්ක ගත්තේ අපේ පල්සර් ක්ලබ් එක බලලා දෝ යැයි මට සිතේ. පල්සර් ක්ලබ් එකේ මාමි පළකරන සමහර ‍පෝස්ටු නිසා... මාමි බයිසිකලය දේවත්වයෙන් සලකනවා දෝ යැයි අපට සිතේ. ට්‍රිප් ගියත්.. නාන්ඩ ගියත්.. කොහේ ගියත් බඩා මාමි පසුපසින් නැන්දා ද යයි. එසේ යන්නේ නැන්දාට මාමා ගැන ඇති ආදරය නිසා යැයි ඔහු පවසයි.
    සිටය ජීවන ගමනේ හතලිස් හත් වෙනි උපන්දිනය සමරණ අපේ බඩා ට ජය වේවා! උම්මා.....!

    අවසාන වශයෙන් රත්තරං නොහොත් තම්බි නානා තමා මුහුණ දුන් සිදුවීම මෙසේ පැවසූවා :cool:
    :shocked:


    උදේම ගත්තා කෝල් එකක්..

    ට්රිර්න් ට්රිර්න් ට්රිර්න් ට්රිර්න....



    "අස්වලාම් වලෙක්කුම්!! ටෙක් ස්මාර්ට් ලංකා වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. අරාභි භාශාව සදහා එක ඔබන්න.. ඉංග්‍රීසි භාශාව සදහා දෙක ඔබන්න.. දෙමල භාශාව සදහා තුන ඔබන්න.. අනාත සිංහල කුකුල්ලු රැදී සිටින්න.."



    හුටා බඩා හෙන ඇඩ්වාන්ස්ඩ් පීඒබීඑක්ස් සිස්ටම් එකක්ම දාලා... ලේටස්ට්ම ටෙක්නොලොජියෙන් වැඩ..ඔන්න ඔහේ රැදී සිටියා


    "සිංහල භාශා ප්‍රවේශය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු.. ටෙක් ස්මාට්ල් ලංකා වෙතින් න්ස්ඩ්ග්ජස්‍රොග්නොඉසර්ජ්ගිඅස්‍රජ්ග්පිඅස්‍රජ්ගස්‍රි ප්ජ්ග් හෙන බර බර ගොඩකින් පස්සේ ඕන් කියපි අපගේ පාරිභෝගික නියෝ (ඕයි ඔය එකම මගුල උදේ ඉදන් එන හැම කෝල් එකකටම
    කියෝ කියෝ ඉන්නේ නැතුව උදේ ඉදන් ගිහින් තේකක් හදන් එනවා - පසුබිමෙන් ඇසෙයි ) ජි ජි ජි ත මා මා මා හතෙකු වෙත ස සම් බන්ද වීමට 6 ඔබන්න. පසුබිමින් ඇසුනු හඩ පටිගත කීරීමේදී සිදුවූ දෝශයක් බව කරුනාවෙන් සලක ක ක න්න.."

    ඔන්න හයත් එබුවා. මේන්න ඒ පාර සින්දුවක් යනවා...

    "මමනම් ආසයි අහන්න නයනා - අපගේ පාරිභෝගික මහතුන් කාර්යභහුල බැවින් මදක් රැදී සිටින්න - ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන අහන්න... (තමුසේ තාම නයන ගැනද ඕයි හිතන්නේ, කන්ඩ උයල දෙනවා තමුසේගේ හඩු රෙදි හෝදලා දෙනවා..තමුසෙට තාම ලොකු නයනා..එනවකෝ අද රෑට පැනි හිනාව දාන්-පසුබිමෙන් ඇසේ )"



    ඒ පාර ඕන් ටාර් ගාලා යන්තම් සින්දුවත් ඉවර වෙලා හලෝ කියපි



    අඩෝ යුරාජ් ද?



    "ඔව් ඔව් යුරාජ් තමා ලැපක් ගන්නද? සැපක් ගන්නද? බස් එකක් කුලියට ගන්නද? අනේ මහත්තයා ඩී එක්ස් එකනම් 3.75න් සතයක් වත් අඩුව දෙන්නේ නෑ. ලන්කාවේ ඕනේ තැනක ඊට අඩුවට ඩී එක්ස් එකක් තියෙනවනම් කියන්න අපි ඊට අඩුවෙන් වොරන්ටි එක්ක දෙනවා. ලගදි තමා හිල් වහල පේන්ට් කලේ. ඩීසල් හොදට වැඩ ඕනේ ටාටා එකක් එක්ක ගිහෑකි. රූට් පර්මිට් එකනම් විකුනන්න නෑ හැබැයි. ඩීඑක්ස් එක ගන්නවනම් ලැප් ටොප් බෑග් එකක් දෙනවා. ලැප් ටොප් එකේනම් පොඩි ලීසින් එකක් තියෙනවා කැමතිනම් කොලෝස් කරලා දෙන්න පුලුවන් නැත්නම් ගෙවාගෙන යන්න දෙන්න පුලුවන් හැබැයි අතට දෙකක් වත් ඕනේ.. මොකද නැත්නම් බස් එකට ඩැක් ටයර් දැම්මහම එක පාරක් බල්ලා කකුල කෑවා, ඇත්තටම කිව්වොත් ගෙදර බල්ල නෙමේ මිල්ක් බාර් එකේ නංගිගේ බව්වා. සැප වැඩි වෙච්ච පාර බල්ලව ඉම්බ.. පර්සර් එකනම් විකුනන්න අදහසක් නෑ, ඒකයි ඔය වහල තියෙන්නේ. ස්ටොක් ලැබිච්ච ගමන් එකක් දෙන්න, ඉතින් ඩෙල්ම හොයන්නේ ගන්නකො ලෙනෝවෝ එකක්.ආ නෑ නෑ මේ ටොශිබා නෙමේ ලෙනොවෝ.."


    යකෝ මම ඇහුවේ යුරාජ්ද කියලා විතරයි හෙන හෑල්ලක් කියෝපි


    අඩෝ මේ මම රත්තරං උබට මේ සුභ උපන්දිනයක් ඇන්ඩ් ජින්ගල් බෙල්ස් ඇන්ඩ් පිනිමුවෝස් !!!කියන්න ගත්තේ...


    "අඩෝ සොරි බන්.. මෙතන හරියට බිසී.. හුගාක් වෙලා කෝල් එක වෙයිටින් තිබ්බද? සොරි බන් දන්නේ නැද්ද ඉතින්.. ස්ටාෆ් එක එක්ක හරි අමාරුයි මෙතන හැඩල් කරන්න"

    ආ එල එල අව්ලක් නෑ.. එහෙනම් ව්‍යාපාර කටයුතු සාර්තක වෙන්න වගේම යන එන ගමන් බිමන් කරන කියන දේ සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!!!

    "තැන්කූ ඇන්ඩ් වෙල්කම් මචන්... උම්ම උම්ම"

    මචන් මොකක්ද බන් අර කිව්වේ කව්ද බාර් එකක නංගි කෙනෙකුයි ආතල් වැඩිවෙලා බල්ලෙක් ඉබලා බල්ල කාපු කතාව???

    "මචන් මෙතන පොඩ්ඩක් බිසී මම පස්සේ ගන්නම් උබට.. ටීක් ටීක් ටීක් ටීක්...."

    HappyBirthdaySexyMan.jpg
    ඉන්පසුව මොහුගේ ලැප්ටොප් මිලට ගත් පාරිභෝගිකයන් කීප දෙනෙක් අදහස් දක්වමින්...


    • ලැපක් ගත්තා... සැපක් දුන්නා... බඩාට ජය වේවා...!

    • මං බදින්නේ නෑ... මං ලැප් අරගන්න දිගටම මෙහේ එනවා.. පට්ටම සර්විස් එක...
    • සුන්දරයි අහින්සකයි... ඔබ හරිම ලෙංගතුයි... නෑ නෑ බඩා නෙවෙයි.. අර ඒකේ හිටිය නංගිලා..
    • හැපි බර්ත්ඩේ බඩෝ.... මීට ආස්මි ජෙම්ස්.
    • නෙද්දකිං හිපාටුවා අද තොගේ උපන්දිනේද.. ඔන්න ඔය තරහා මරහා අතඇරලා යාළු වෙමු බං..
    • ආ සිංහලයෝ.... උඹගේ ගෝඩ් ස්පීකිං.... :cool: කුකුල් මස් කෑල්ලක් කන්ඩ මෙහේ වරෙං තට්ටයෝ....


    ඉතිං... එළකිරි ඉතිහාසයේ වැඩිම පිරිසක් හමුවී ඇති... වැඩිම පිරිසකට සිය තාක්ශණික සහය ලබා දී ඇති, ලැප්ටෝප් අළවියේ නොමැකෙන නාමය...Tech Smar Lanka සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ශක යුරාජ් මහතාගේ ජන්ම දිනයට අපෙන් සුභපැතුම්...


    ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා. නිදුක් ‍නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබට හිමිවේවා...! ජයෙන් ජයම වේවා...! :cool::cool:


    Happy_birthday_gif-4.gif


     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා. නිදුක් ‍නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබට හිමිවේවා...! ජයෙන් ජයම වේවා...!

    child-blowing-out-candles-398px.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ පාන්දර ම බල ඇදිල ඉවරයි හිනා වෙලා!!!


    හැපි උපන් දිනයක් බඩෝ!


    අද බෝතල් පාර්ටි!!!!