වෙනස

intox1234

Member
Apr 26, 2009
342
43
0
1231qtk.jpg


අනුත්තර
ආත්මය
සඟවාගත්
මහමෙරක් තරම්
ආදරය
සියුම් දිය
පහරක්ව
ඇතිකරන
සංවේදනා
නොහී
පසක් කෙරුමට
සැඩ ජල කඳකට



 
  • Like
Reactions: dilrasan

intox1234

Member
Apr 26, 2009
342
43
0
තෙද


අනන්ත හුදෙකලාවෙක
මූසල කාන්සිය
පලා හල නුඹ..
අසංඛේ්‍යය
තරු රසින්
ම සිත් නිම්නය
එකලු කර
රුසිරු ගැන්වීය
අපිරිමිත
ස්නේහය වපුරා
පුරන්වූ නිම්නයට
කරුණා වස්වා
අහේතුකව උද්දීපනය වූ
ප්‍රේමණීය සුමධුර්‍ය ඵලය
නෙලුමට
සරසී නුඹේ
තෙදතියුර...

සොඳුර මම
ණයගැතියි..​
 

intox1234

Member
Apr 26, 2009
342
43
0

නපුරු වුවද
නුඹ නිසා
අයා හිඳිනටද නොහේ
නෙතු කවුලු

හරද යමි
දිවිය
මන්දාරම් අහස
මැදින්
ඈත සිටින නුඹ වෙත
මරණය
කෙතරම් සීතලද
මිතුර මම නොවෙමි පවසුමට
නුඹ වෙත
එහෙත්,
කුරිරු නොවනු ඇත
මෙතරම්, සතුරෙකුට වුව.

ජීවිතයේ
සදාතන අරුත
නොසොයමි මා
එනමුත්,
මම
මියැදුනේ
සැබවින්ම
අවසරයි මට.​