වෙන්ට පුළුවනි....

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    වෙන්ට පුළුවනි....

    ලස්සන සෙන් කථාවක්.... කියවලාම බලන්නකො

    ජපානයේ ගොවියෙක් සිටියා. දිනක් ඔහුගේ ස්තාලයෙන් අශ්වයෙකු පැනගියා. අසල්වාසීන් පැමින, ගොවියාට තම ශෝකය ප්‍රකාශ කර සිටියා, "මූ යස්ස අස්සයෙක් නොවැ! මාර පාඩුවක් තමා සිද්ද උනේ". එවිට ගොවියා කීවේ මෙපමනකි, "වෙන්ට පුළුවනි..". පසුදින උදාවූ අතර, විශ්මකර්මයකින් මෙන් අර පැනගිය අශ්වයා වෙනත් වල් අසුන් දෙදෙනෙකුද සමග නැවත ගොවියාගේ නිවස වෙත පැමිනියා. එවිට අසල්වාසීන් පැමින මෙසේ කීවා, "යකෝ මාරයිනෙ. මාර වාසියක් නෙව උඹට සිද්ද වුනේ!". ගොවියා කීවේ මෙපමනකි, "වෙන්ට පුළුවනි...". තෙවැනි දිනයේදී, ගොවියාගේ පුත්‍රයා, අර අළුතින් පැමිනි වල් අශ්වයෙකු මෙල්ල කිරීමට උගේ පිටට නැගුනා. එහෙත් වැඩි වේලාවක් යාමට කලින් මෙම තරැණයා අසු පිටින් වැටී ඔහුගේ කකුලද බිදී ගියා. නැවතත් අසල්වාසීන් පැමිනියා, "මේකා ට කසෙන් තලන්ඩ එපැයි. වල් අස්සයා ලමයාගේ කකුල කැඩුවා. මාර වැඩේ". ගොවියා නැවතත්: "වෙන්ට පුළුවනි...". සතර වෙනි දිනයෙහි යුධ හමුදාවෙන් ගමට පැමිනියා, සියළු තරැණයින්ව හමුදාවට බදවා ගැනීමට (රටේ යුද්ධයක් පැවතුනු හෙයින්). එහෙත් ගොවියාගේ කකුල කැඩුනු පුත්‍රයාව ඔවුන්ට හමුදාවට බදවා ගැනීමේ හැකියාවක් තිබුනේ නැති නිසා ඔහු එයින් ගැලවුනා. අසල්වාසීන් දිවගෙන පැමින මෙසේ කීවා, "කොල්ලාගේ වාසනාව! අනෙක් හැම එකෙක්ම හමුදාවට කුදලන් ගියා. නුඹේ කොල්ලා බේරැනා!" ගොවියා: "වෙන්ට පුළුවනි...!"
     
    • Like
    Reactions: LazyLizard

    blue_in_rio

    Well-known member
  • කිසියම් සිදුවීමකදී, එය වාසනාවක් හෝ අවාසනාවක් යනුවෙන් එකවර තීරණය කිරීම නුසුදුසුය.වාසනාව තුළ අවාසනාවත්, අවාසනාව තුළ වාසනාවත් වෙස්වළාගෙන පැමිණිය හැක.දුක, අලාභ, නින්දා,අපකීර්ති ආදියට නොසැලී මුහුණ දෙමින්, සැප, ලාභ, ප්‍රශංසා, කීර්ති ඉදිරියෙහි උඩගු නොවිය යුතුය.කොටින්ම අටලෝදහමින් කම්පා නොවිය යුතුය.

    ඵුඨ්ඨස්ස ලෝක ධම්මේහී චිත්තං - යස්ස න කම්පති
    අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං

    යනුවෙන් මහා මංගල සූත්‍රයේදී බුදුන්වහන්සේ , මංගල කරුණු 38ට අටලෝදහමින් කම්පා නොවී සිටීම ඇතුලත් කොට වදාළේ එහෙයිනි. :yes::yes:
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    කිසියම් සිදුවීමකදී, එය වාසනාවක් හෝ අවාසනාවක් යනුවෙන් එකවර තීරණය කිරීම නුසුදුසුය.වාසනාව තුළ අවාසනාවත්, අවාසනාව තුළ වාසනාවත් වෙස්වළාගෙන පැමිණිය හැක.දුක, අලාභ, නින්දා,අපකීර්ති ආදියට නොසැලී මුහුණ දෙමින්, සැප, ලාභ, ප්‍රශංසා, කීර්ති ඉදිරියෙහි උඩගු නොවිය යුතුය.කොටින්ම අටලෝදහමින් කම්පා නොවිය යුතුය.

    ඵුඨ්ඨස්ස ලෝක ධම්මේහී චිත්තං - යස්ස න කම්පති
    අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං

    යනුවෙන් මහා මංගල සූත්‍රයේදී බුදුන්වහන්සේ , මංගල කරුණු 38ට අටලෝදහමින් කම්පා නොවී සිටීම ඇතුලත් කොට වදාළේ එහෙයිනි. :yes::yes:

    අනිවා....
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    meka bump