ලංකාවේ ඉන්න සිංහලු දෙන්නෙක් හම්බුනම් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඇයි? සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ, වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරනවා අනික් එකාව පාච්චල් කරන්න හිතාගෙන.
ජපන්නු දෙන්නෙක් හරි කොරියෝ දෙන්නෙක් හරි ඉතාලි කාරයෝ දෙන්නෙක් හරි ඉංග්‍රීසි වලින් කතා කරනවා දැකලා තියෙනවද? සම-හරක් සිංහලුන්ගේ පට්ට හීනමානේ .
ඔය උදවිය කොටස් දෙකකට බෙදෙනව. එක කොටසක් පොඩි කාලෙ ඉඳල ඉංග්‍රීසියෙන් ගෙදර ඉඳලම කතාකරලා... International school ගිහිං ඒ ආරෙට හැදිච්චි උදවිය. උන්ට ඉතිං ඒක මව්බාසාව වගේ තමා. ලේසියි පාවිච්චි කරන්න. උංගෙ වරදක් කියන්ඩ බෑ ඒකට... මට නං ඒක OK..
අනිත් උං තමා යන්තං කඩ්ඩ ටිකක් පස්සෙ හදාගන ලොකු කම පෙන්වන්න කඩ්ඩෙන් කතාකරන උං. ඇත්තටම පස්සෙ කඩ්ඩ ලස්සනට හදාගන පොලිෂ් කරගත්ත උං මෙහෙම කරනවා ගොඩක් අඩුයි. ගොඩක් එහෙං මෙහෙං පුරුදු වෙලා පටු වාග් මාලාවක් තියන සෑහෙන හීනමානෙකින් පෙලෙන උං තමා මේක කරන්නෙ. උංගෙ ඉංග්ලිෂ් හොයන්න හරි ලේසියි. වාක්‍යයක මැද්දෙං අනිවා සිංහල වචනයක් වැටෙනවා. කතාකරන තාලෙ ගොං... ඇක්සන්ට් එක ෆේක්..
ඒ වගේ උංව සිංහල බස්සන්න තියන ලේසිම ක්‍රමේ තමා පට්ට ඇක්සන්ට් එකක් එක්ක වතුර වගේ ඉංග්ලිෂ් වලින් කතාකරන එක. හිමීට බහිනවා සිංහලට.. නෝන්ඩි වෙන්න බැරි නිසා... අත්දැකීමෙං කියන්නෙ..
ඔය වෙලාවකට උඹලට වද දෙන්න කතාකරනවා නේද සොන්නයො ටිකක් මොකද්ද ඉන්වෙස්ටිං ෆර්ම් එකකින් , පිටරට ස්ටොක් එක්ස්චේන්ජස් වල ඉන්වෙස්ට් කරන්න යෝජනා කරන්ඩ.. අන්න උන්ට දීපං ඔය බේත.. ටක්ගාල සිංහලට හැරෙනව....