වෙන හදකට ගිහින් ඔයා.....
පෙලන්න තව බැරි හින්දා සාංකාව තුරුලට ගෙන...
මගේ මනස එක්තැන් කොට හුදෙකලාව මැද තනිවුන....
විවර නොවූ අදුරු මැදුර අතීතයේ උනුහුම මැද......
විමසයි ඔබ එන දිනයක් යලි නැගෙන්න වසාසානය.....
නිකිනි මහේ පිපුන සමන් මල් පොකුරක් අතින් රැගෙන...
බැතිනි එදා පියමැන්නේ සිතින් අපේ ලෝකයකට....
සිතුනි කෙදා වත් ඔබ නම් හැර නොයනට මුළු දිවියෙම...
නැගුනි නොසිතු ලෙස කටු වැල් අපෙ ආදර මාවත පිට.....
සරණ සොයා සැරිසැරුවෙමි ඔබෙන් මිදෙනු නොහැකි නිසා...
පිහිට අවැසි තැන නොම විය පිහිටත් මට අකැප නිසා.....
නිහඩ වන්න බැරි තරමට අප දෙදෙනා බැදුනු නිසා....
අවැඩ කියා නොම හැරුනෙමි සොදුරු ඔබේ සෙනෙහෙ නිසා....
දිවි කටුකයි ගමන දුරයි අවසන නැත දිස් වෙන්නේ......
මට පාළුයි ඔයා නැතිව කවදද ඔබ දැකගන්නේ......
බිය ගෙනදෙයි එය රුදුරුයි ආපසු යා නොහැකි වුනේ....
මා කුරිරුයි වියුරු ලොවම ඔබට චෝදනා කෙරුනේ.....
ලොව අවමන් විද හසරැල් නගා ඔබව දකිනු කියා......
පස් වසරක දුක් සෝ ගී නිල් දෑසින් මකනු නියා.....
සත් සියයක් පැතුම් අරා ආවේ මේ ලෙසින් දයා.....
මැදුරු වසා අගුළු දමා වෙන හදකට ගිහින් ඔයා.....