වෙරළ ලෙයින් තෙත් කළ තල්මසුන් දඩයම

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වෙරළ ලෙයින් තෙත් කළ තල්මසුන් දඩයම

    මුහුදු වෙරළ ලෙයින් තෙත් කළ තල්මසුන් දඩයම(PHOTOS/VIDEO)

    දිනුක් හේවාවිතාරණ


    එළඹෙන සිත සෘතුව සදහා සුදානම් වන අත්ලාන්තික් සාගර කලාපයේ පිහිටි ෆෙරෝස් දුපතේ ජිවත් වන ගම්වැසියන් විසින් සිය වාර්ෂික තල්මසුන් දඩයමේදී "බිකඩ් තල්මසුන්" 180 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
    රංචු වශයෙන් මුහුදේ සැරිසරන බිකඩ් තල්මසුන් සිය ධිවර යාත්‍රා උපයෝගී කර ගනිමින් ධිවරයින් විසින් ගොඩබිම දෙසට එලවාගෙන එමෙන් අනතුරුව වෙරළේ රැදී සිටින ගම්වැසියන් මෙම තල්මසුන් තියුණු ආයුධ යොදා ගනිමින් මරා දමා ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සදහන් කරන්නේ.
    අඩි 13 සිට අඩි 42ක් පමණ දිගින් යුත් මෙම බිකඩ් තල්මසුන් අත්ලාන්තික් සාගරයේ පිහිටි දුපත් වැසියන් සහ ජපන් ජාතිකයින් බහුලව දඩයම් කරනු ලබන තල්මසුන් වර්ගය ලෙස හදුන්වනු ලබනවා. හැඩයෙන් මෙම තල්මසුන් ඩොල්ෆින් මත්සයින්ට සමානකමක් දක්වනවා.
    16 වන ශතවර්ෂයේ සිට ෆෙරෝස් දුපතේ ජනතාව ගිම්හාන සමයේදී මෙම තල්මසුන් දඩයම් කිරීම සිදුකරනු ලබන බවයි පරිසරවේදීන් සදහන් කරන්නේ. තල්මසුන් දඩයම් කිරිම තහනම් වුවත් ජපානය, අයිස්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් තවමත් තල්මසුන් දඩයමේ යෙදෙනවා.
    තල්මසුන් මරා දැමු මුහුදු වෙරළ ලේ ගංගාවක් මෙන් දිස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    https://video.dailymail.co.uk/previ...697188645/636x382_MP4_4355255623697188645.mp4



     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි මාළු මරන්නෙත් ඔහොම තමා ඉතිං තොග පිටින්. මූ ලොකු හින්ද ඉතින් දැක්කම අප්සට් පොඩ්ඩක්. :baffled:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    පොඩි මාළු මරන්නෙත් ඔහොම තමා ඉතිං තොග පිටින්. මූ ලොකු හින්ද ඉතින් දැක්කම අප්සට් පොඩ්ඩක්. :baffled:

    Hal maesso 30k withara inna bath kana gaman sinhalu mewata ane apoi ganawa:rofl: