වෙසක් පුන් පොහෝ දිනය අදයි

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වෙසක් පුන් පොහෝ දිනය අදයි

    වෙසක් පුන් පොහෝදිනය අදයි .සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පරම පූජනීය ඓතිහාසික ආගමික දිනය අසිරිමත් වෙසක් පොහොය දවසයි. දොළොස් මහේ පොහොය අතර වෙසෙසින්ම ඉතා සුවිශේෂී පොහොය වන්නේ ද වෙසක් පුන් පොහොයයි. ඒ අසිරිමත් සම්බුදු සිරිතේ සම්බුදු තෙමඟුල යෙදී ඇති නිසා ය.

    vesak-1.gif

    එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දිනක් දීපංකර සම්බුදුරදුන් සමඟ හාර ලක්‍ෂයක් රහතන් වහන්සේ වැඩම කරන මඟෙහි මහා මඩ වගුරෙහි දසුන දුටු සුමේධ තාපසයාණෝ සිරි පා කමලේ බිඳකුදු මඩ නොතරවමි’යි දැඩි අදිටනින් තම සිරුර ඒදණ්ඩක් සේ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයේ පුදා මඩ මතුපිට දිගා වූහ. එය දිවැසින් දැක සතුටු වූ දීපංකර බුදුන් වහන්සේ සමන් මල් අට මිටක් ඉස අෂ්ට සමාපත්ති උපදවාගෙන මතු බුදුවීමට සුදුසු වූ සුමේධ තාපසයාණන්ට ගෞරව බහුමාන කළ සේක.

    මෙසේ සුමේධ තාපසයාණන් ‘සම්මා සම්බුද්ධත්වය’ පතා දීපංකර සම්බුදුරදුන්ගේ පාද මූලයේ දී ප්‍රථම වරට නියත විවරණ ලැබුවේ වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    ඒ අප්‍රමාණ දීර්ඝ වූ සංසාර ගමනේ අවසන් භවයේ දී ‘සිද්ධාර්ථ’ නමින් ලුම්බිණි ශාල වනෝද්‍යානයේ දී උපත ලබා සත් පියුමක් මත පෙළහර පා ‘ලොවට ශ්‍රේෂ්ඨ වූ මට නැවත ඉපදීමක් නැතැයි’ ලොවම කම්පිත කරවා අභීත සිංහ නාද පැවැත්වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකය.

    විසිනව වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට සපැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේ ද වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    සංසාර ගමනේ අනේක විධ වූ දුක් විඳිමින් අතරමං වූ ලෝක සත්වයාට අනුකම්පා කළ බෝසතාණන් වහන්සේ ලැබූ සත්විති සුවය අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමූ සේක.

    සය වසක්ම දුෂ්කර ක්‍රියා කරමින් රූක්‍ෂ ප්‍රතිපදාවල නියැළී බුද්ධත්වය නම් ශ්‍රේෂ්ඨත්වය උදෙසා අපමණ වූ වෙහෙසක් දැරූහ. උට්ඨාන වීර්යෙන් සපිරුණු බෝසතාණන් වහන්සේ අශ්චත්ථ බෝධීන් වහන්සේගේ සෙවණෙහි වැඩ සිටිමින් අවිද්‍යාව නැමැති කැණි මඬල පළා උතුම් වූ රහත්ඵලය පසක් කර ගනිමින් ලොවුතුරා සම්මා සම්බුදු පදවියෙන් පිදුම් ලැබූ වේ අද වැනි උතුම් වූ වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත් පුර තම උපන් ගමට වැඩම කළ බෝසතාණන් වහන්සේ ඥාතීන්ගේ අති මානය දුරැලා යමා මහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී ලක්දිවි තලය තෙවන වරටත් ඒකාලෝක කරවා බුදුරදුන් කැලණි පුරයට වැඩම කළේ ද පුර පසළොස්වක පොහොය දිනයක් වූ වෙසක් මහේදී ය.

    අපේ ඉපැරැණි වංශ කතාවලට අනුව පිරිනිවන් මඤ්චකයෙහි සැතපුණු බුදුරදුන් සක් දෙව් රද අමතා විජය කුමරු සමඟ ලක්දිවට සපැමිණෙන සත්සියයක් පිරිසට රැකවරණය ලබා දෙන්න යැයි ඉල්ලීමක් කළේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය.

    රැයකට පැයක් සැතපී පන්සාළිස් වසක්ම සසර පිරූ පාරමී දම් බලයෙන් දුකෙන් පිරි ලෝවාසීනට මහ කරුණාවෙන් සසරේ අඳුරු සෙවණැලි දුරු කරවන සඳහම් මාවත පෙන්වා දුන් බුදුපියාණන් කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් මඤ්චකයෙහි දී සැතපී සම්බුද්ධ පරිනිර්වාණයට සූදානම් වූහ. මෙයින් හඬා වැළපුණු තුන් ලොවෙහිම සත්වයන් ඇමැතූ තිලෝගුරු බුදුපියාණෝ ‘සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. එබැවින් එළැඹ සිටි සිහියෙන් නොපමාව කටයුතු කරන්නැයි වදාරා අටලෝ දහමින් කම්පිත නොවී නිවන් සෙත් පුර අරමුණු කර පරිනිර්වාණය කරා එළැඹියේ ද අද වැනි වෙසක් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් හතළිස් වසරකට පසු රෝහිණී නදිය මධ්‍යයේ වැඩ සිටි ආනන්ද මහරහතන් වහන්සේ අවුරුදු එකසිය විස්සක් ආයු වළඳා පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    බොදු සිත සඳහම් සිසිලෙන් පුබුදු කරවූ මේ අසිරිමත් වෙසක් පුර පසළොස්වක බෞද්ධ රජවරුන්ගේ රාජාභිෂේකයන්ගෙන් ද බැබළ වූ උත්තරීතර පොහොය දිනයකි.

    දෙවනපෑතිස් රජු ද්වීතියාභිෂේකයෙන් සැඳහැති රජකු බවට පත් වූයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    සතුරු බලයන් පරදා බොදු බලයෙන් රට බැබළ වූ දුටුගැමුණු රජු රුවන්වැලි මහ සෑයෙහි වැඩ ඇරැඹුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    මහා විහාර භික්‍ෂූන් වහන්සේ වසරක් පුරා සපුරන උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    දුටුගැමුණු රජු වෙසක් උළෙල සූවිස්සක් ද භාතිය රජු වෙසක් උළෙල විසි අටක් ද, වසභ රජු වෙසක් උළෙල හතළිස් හතරක් ද පැවැත් වූ බව මහාවංශ කතාවට අනුව පැවසෙයි. ප්‍රදර්ශන හා පෙරහර රැසකින් වෙසක් පුර පසළොස්වක අසිරිමත් වූ බව අශෝක චක්‍රවර්තීන්ගේ සිව්වන සෙල් ලිපියේ සඳහන් වෙයි.

    සියවස් ගණනාවක සිටම ලොව බැබළ වූ වෙසක් උළෙල . ලෝකවාසී බෞද්ධයා විවිධ වූ ආකාරයෙන් පවත්වනු ලැබේ.


    TITt6Wf.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    1. දීපංකර බුදුරදුන් හමුවේ නියත විවරණ ලැබීම

    _/|\_ අසිරිමත් බුදු සිරිත සිතුවමින් _/|\_


    L41t3EV.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    2. මහාමයා දේවිය දුටු සිහිනය හා බෝසතාණන්වහන්සේ මවුකුස පිළිසිඳ ගැනිම

    y6veqKr.jpg
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    5. වප්මඟුල් දිනයේදී සිදුහත් කුමරු අනාපානසති භාවනාව වඩමින් සිටීම

    aCRwckR.jpg
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    6. දෙව්දත් කුමරු හංසයකුට විදීමෙන් පසු සිදුහත් කුමරා සුවපත් කිරිම

    uDj8QpW.jpg

    සිදුහත් කුමරා දුනුශිල්ප දැක්වීම

    bKrrQ3T.jpg
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    9. මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවිදිරුව යන සතරපෙර නිමිති දැක කලකිරිමට පත්වීම

    ERwrBOO.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    10. ගිහිගෙය හැරයාමට පෙර තම බිරිඳවු යශෝධරා දේවියත් එදිනම උපන් රාහුල කුමරුත් දෙස අවසන් වරට බැලීම

    y3gr4By.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    11. කුමරු සත්‍ය සෙවිම සඳහා ගිහිගෙයි ස්වරූපය අතහැර හිස මුඩුකර නේරංජනා ගංතීරයේදී පැවිදි විම

    tCNUbqx.jpg