වෙසක් විරිදු..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...
    ඩඹ ට්රක ටක ටක ටක ටං....

    සම්බුදු තෙමගුල ලබලා ලංකාවම එළිය වෙලා...
    වෙසක් තොරන් හා දන්සැල් රට වටේම එකළු කලා...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    පහන් කූඩු කැරකෙනකොට විදුලි බුබුළු දැල් වෙනවා...
    ඒ එළියෙන් ලංකාවම පහන් සිතින් පිබිදෙනවා.....
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    කාලෙන් කාලෙට ලෝකේ අළුත් අළුත් දේ වෙනවා...
    වෙසක් එකත් අළුත් වෙලා දෝ සැකයක් ඇති වෙනවා....
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    වෙසක් බලන්නට කට්ටිය රොත්ත පිටිං සෙට් වෙනවා..
    ලොරි බාගෙට කාවඩි සෙට් එක පිටින්ම පටවනවා.....
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    කලිං අරං තියාගත්ත බෝතල් අද එළි වෙනවා...
    ඒ සුවදට බඹරු වගේ කන බොන අය ලං වෙනවා....
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    බෝතලයයි බෝතලයයි එකින් එකට ඉවර වෙතේ....
    ඒත් පුතේ වෙසක් බලන එක තවමත් ඉවර නැතේ..
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    වැඩි ගානට හොර කඩවල් වලට ගිහිං අරං එතේ..
    ඒවා ගහල තැපැල් වැදිලා සෙට් එක දැං නිදති පුතේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    තව කට්ටිය පාර දිගේ හෙමිං හෙමිං ඇවිද යතේ....
    බොංගො ගසා ගෝල්ඩ් ලිෆ් එක ඉවර වෙද්දි එකක් ඇතේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    පාර දිගට ඇති දන්සල් එකක් නෑර වැද ගනිතේ....
    මේ අයියලා පාරෙ යද්දි බල්ලො බුරයි වටේ පිටේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    බක්කො දමා හොල්මන් වෙස් මුහුනුද දැං පැළැද යතේ..
    පාර දිගේ ඇවිදං යන පුංචි එවුන් බය කරතේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    ගෝනි බිල්ලො වාගේ හැම තැනකම ඉව දමා යතේ...
    දැක්කොත් බුවා නොදකී නම් එබුවා තමා ශුවර් පුතේ..
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    වෙසක් තොරන් පහන් කූඩු නරඹන්නට පැමින තිබේ....
    කොටට ඇදං සුදු නංගිලා දැක්ක ගමන් බැලෙයි ඉබේ..
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    තැනක් නොතැන නොබලා ගොන් වැඩ කරනා විටදි පුතේ..
    වටේ පිටේ ඉන්න කොල්ලො රංචු පිටිං ෆෝම් වෙතේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    තැනකට සංවර විදිහට නොමයන පිරිසක් ඉදලා...
    අසංවර හැගුම් සංවර තැනදි පවා මතු වීලා...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    වටේ පිටේ ජනකායක් නිකරුනේම අවදි වෙලා....
    වලි සීයක් පිබිදෙන්නට ඇති ඔය ටික මතක් කලා..
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    හෙන සද්දෙට කැසට් දමා රෝද තුනෙන් ගමන යතේ...
    භක්ති ගීත ලොරිය ලගින් පිට් බුල් ගේ ගීත ඇසේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    ඒකෝන් ඇන්ඩ් ෆිෆ්ටි සෙන්ට් ඉංගිරිසිය මරන වෙලේ...
    සුද්ද ඉංගිරිසි චුට්ටක් අහගන්නට ආමි බොලේ.....
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    ලංකාවේ සිංහල කම සිංහලයයි රැක ගන්නේ...
    එය රැකුමට ඉංගිරිසින් කිසිම දිනක නෑ එන්නේ..
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    සංස්කෘතිය සභ්‍යත්වය හැකි පමණින් රැක ගන්නේ...
    බුදු තෙමගුල සමරද්දී එය ඉටුකර පෙන්වන්නේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    පාර දෙපස මහ මගදිත් සංවර ලෙස හැසිරෙන්නේ....
    කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරන්නේ...
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    වෙසක් තොරන් පහන් කූඩු හොදහැටි නරඹා ගන්නේ...
    ‍වෙසගේ අසිරිය ‍හොදහැටි සංවර ලෙස විදගන්නේ....
    වෙසගේ අසිරිය ‍හොදහැටි සංවර ලෙස විදගන්නේ....
    වෙසගේ අසිරිය ‍හොදහැටි සංවර ලෙස විදගන්නේ....
    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං...

    ඩඹ ට්රක ටං ...ඩඹ ට්රක ටං ...
    ඩඹ ට්රක ටක ටක ටක ටං.... ඩුං.....................
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gaz.gif
    ela ela maxxa
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පට්ට යකෝ....
    සිටපිය තොරනක් ගැහැව්වොත් උඹව හොයන් එනවා මම


    rep දෙන්න බැහැලු සහෝ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට යකෝ....
    සිටපිය තොරනක් ගැහැව්වොත් උඹව හොයන් එනවා මම


    rep දෙන්න බැහැලු සහෝ :(

    11.gif
    එළ එළ... තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකට....
    රෙප් නැති උනාට අව්ලක් නෑ.... ගොඩක් අය බල බල යනවා... ඒත් කමෙන්ට්ස් අඩුයි.. :(:(