වෙසඟ කෙලෙසන ‘අමුතු වෙසක්’

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
වෙසඟ කෙලෙසන ‘අමුතු වෙසක්’

603539_627830847245016_544519346_n.jpg


222170_628324217195679_1740894012_n.jpg


2600 වන සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා පිළිවෙතින් පෙළ ගැසෙන්නට බලමුළු බැඳ ගත් රටක ඉනික්බිතිව සැමරෙන දෙවන වෙසක් මංගල්‍යය ද ළඟ ළඟ ම ය. පෙළ ගැසුණු පිළිවෙත් පෙනෙන මායිමකවත් නැත. ඒ වෙනුවට යළිත් වරක් වෙසක් නො හඳුනනා ‘වෙසක්’ ගෙන, වෙසෙඟ් උත්තරීතරත්වය කෙලෙසන්නට බලමුළු බැඳෙන බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

පොහොය දිනය හුදු නිවාඩුවක් සහ විනෝදයක් පමණක් කරගත් සමාජ ක‍්‍රමයක ඛේදනීය වටපිටාව මේ දිනවල සූදානම් වන්නේ වෙස්මුහුණු බැඳ ගත් ඔළුබක්කන්ගෙන් සමන්විත කානිවල් එකක් බවට වෙසක් පොහෝ දිනය ද පත් කරවන්නට ය. වෙස්මුහුණකින් සැබෑ මුහුණ සඟවා ‘අමුතු වෙසක්’ හෙවත් ‘වෙනත් වේෂයක්’ ගැනීම වෙසක් පොහෝ දිනයේ අර්ථය යැයි සලකා කටයුතු කරන මේ මන්ද බුද්ධික සමාජ ක‍්‍රමයට කෙසේ ආමන්ත‍්‍රණය කළ යුතු ද යන්න පවා ගැටළුවකි.

වෙසක් යනු වෙනසක් හෝ වේෂයක් යන්න නො වේ. අතිශයින් දුර්ලභව ලෝකයට පහළ වන්නා වූ, කෙලෙස් පියස්ස කඩා බිඳ දමා තෙර තරණය කරන්නා වූ, එතෙරට වීම පිණිස ම දෙව් මිනිසුනට මඟ පෙන්වන්නා වූ අනුත්තරීය ශාස්තෘ රත්නය ලොව පහළ වන්නේ ද සම්බුද්ධ රාජ්‍යයේ සම්බුද්ධාභිෂේකය ලබන්නේ ද තුන්ලොව නිවා සනසවා, නිවී යන පහන් සිලක් සේ පිරිනිවෙන්නේ ද මේ අති උත්තම දිනයේ දී ය. ලෝකයේ යම් උපතක් පරම දුර්ලභ වූයේ ද පරම ශ්‍රේෂ්ඨ වූයේ ද සදාතන සැප සලසන්නක් වූයේ ද ඒ එකම උපත සිදු වූ මේ දිනය ඇත්තේ ඒ උත්තරීතර ශාස්තෘත්වයේ අපරිමිත ගුණ සමුදාය පුද දෙන්නට විනා අමුතු වෙසක් ගෙන විකාර දර්ශන දක්වන්නට නො වේ.

ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුතු පිළිවෙත් පසෙක තබා පාරක් පාරක් ගානේ අනේක ප‍්‍රකාර වෙස්මුහුණු එල්ලාගෙන සිටින්නවුන්ට වුවමනා වී ඇත්තේ උත්තම වෙසක් මංගල්‍යය ද අමනුෂ්‍යයන් මෙන් විකාරරූපී වෙස්මුහුණු පැළඳගෙන ගයනා, වයනා, නටනා උන්මන්තක බටහිරයන්ගේ තවත් හැලොවීන් (Halloween) දිනයක් ම බවට පත් කරන්නට නො වේ ද? මේ හැලොවීන්කරණය අපට අමුතු වෙසක් ගන්නට පමණක් නො ව වෙසක් මංගල්‍යයේ සැබෑ අරුත අමතක කරවන්නට ද සමත් වී ඇත. වෙසක් කියූ සැණින් දැන් සමාජයට සිහිපත් වන්නේ පාට පාට බකට්, වෙසක් කාඩ්, පහන් කූඩු, තොරණ් සහ වෙස්මුහුණු ය. මේ දේවල් ‘වෙසක්’ කියා බදා ගත්තවුන් කෙසේ නම් අරුත් දැන තුන්ලෝකාග‍්‍ර වූ තථාගතයාණන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයන් පුද දෙන්න ද?

පෙරුම් දම් පුරා සපැමිණි බෝසත් කුමාරයාණෝ පිපි පියුම් මත සත් පියවර තබා ‘‘මම ලොවට අග‍්‍ර වෙමි, ජ්‍යේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ අවසන් උපත ය, යළි උපතක් නැත” කියා සිංහනාද කෙරූ දිනය….. ලොව සියලූ බිය එක මිටට ගෙන පසමිතුරුව නැගුණු දස බිම්බරක් සේනා සහිත මරු පරදවා දසබලයාණන් වහන්සේ විජයග‍්‍රහණය ලද දිනය….. හතලිස් පස් වසරක් මුළුල්ලේ සත්වගට සෙත සලසාලූ විශාරද ගුණ මුහුදාණන් වහන්සේ පරිනිර්වාණයට පැමිණි දිනය….. වෙස් බැඳ අඩව් අල්ලන්නවුන් නච්ච, ගීත, වාදිතයෙන්, දුරාචාරයෙන් කුල්මත්ව, කූට සේරිවානිජ පරපුරේ වෙළඳ ඉලක්කයන් සපුරාලන කොඩිවිනයක් බවට පත් කිරීම කෙතරම් ඛේදනීය ද? වෙළඳ පරමාර්ථ ගැන හැර සමාජීය අර්ථයක් සැපයීමක් ගැන හාන්කවිසියක්වත් නො සිතන මේ වෙළඳුන්ගේ වෙස්මුහුණූ ජාවාරම් හමුවේ වෙසඟේ උත්තරීතරත්වය නිරුවත්ව කෙලෙසී යන වග දැන දැනත් බලධාරීන් අනුගමනය කරන නිද්‍රශීලී ප‍්‍රතිපත්තිය ප්‍රෞඩ ජාතියේ අභිමානයට එල්ල කෙරෙන අතුල් පහරකි.

නිවී සැනසීම උරුම කළ නිදුකාණන් වහන්සේගේ ගුණස්කන්ධය සිහිපත් කෙරෙන උත්තම වෙසඟ මොවුන් වෙස් බැඳ සඟවා තබන්නේ දැවී වැනසීම ඉලක්ක කරගත් පුහුදුන් සමාජ සංස්කෘතීන් කරපින්නාගෙන ය. එයින් දැවෙන්නේ ඔවුහු පමණක් ම නො වේ, උත්තම වෙසඟේ අසිරිය, අභිමානය, අරුත සහ ගෞරවය ද එයින් මුළුමනින් ම වැනසී යයි. අනාගත පරපුරේ නිර්මල ධර්ම දායාදය ද එයින් නැසී යයි.

සම්බුදු දහමේ නිර්මල දායාදය ‘තෙමඟුල් සාදයට කටගැස්මක්’ කරන වග දැක දැකත් අප තවත් නිහඬව සිටිය යුතු නැත. වෙස් බැඳ ගත්තවුන්ගේ වෙස් ගලවන්නට මේ සුදුසු ම කාලයයි. ඔබ අද ඔවුන්ගේ වෙස්මුහුණ නො ගෙන වෙසක් සුබ පැතුම්පත, පහන් කූඩුව ගන්නවා වන්නට පුළුවන. එහෙත් එයින් ඔවුන්ට, ඔවුන් සිදු කරන විනාශය ඒත්තු ගැන්වෙන්නේ නැත. ඒ නිසා කළ යුතුව ඇත්තේ වෙසඟ අනර්ථවත් කරවන කවරක් හෝ සිල්ලරට වුව විකුණාගෙන මඩිය තර කර ගන්නට පොර කන්නවුන් දෙසවත් නො බලා වෙසක් මංගල්‍යයට සූදානම් වීම ය. දහමට වින කටින දෙස් විදෙස් බළමුළුවල අතකොළුවක්ව වෙසක් මංගල්‍යය දිනයේ රටට ම වෙස්මුහුණු පළඳවන්නට වලි කන මේ සියලූ වෙළඳ ජාවාරම් අප වර්ජනය කළ යුතු ය. මෙවැනි විකෘතීන් සමාජගත කරන්නන්ගෙන් කිසිවක් ම මිල දී නො ගත යුතු ය. එය ඔවුන්ගේ බඩට පහර ගැසීමක් නොව ව්‍යාපාර මුවාවෙන් සිදු කෙරෙන ශාසනික විනාශයන්ට වැට බැඳීමකි.

අද ඔබ ඔවුන් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ ඒ සිදු කළේ වෙසඟේ අරුත නසාලන මහා සමාජ ව්‍යවසනයක් වළක්වාලීමට සෘජු පියවරක් ගැනීමයි. එවැන්නක්වත් සිදු කරන්නට නො හැකි නම්, සකල ලෝ වැසියන් හමුවේ අභියෝග රහිතව නැගී සිටි ඒ දිව්‍ය සුපූජිතයාණන් වහන්සේගේ අනුගාමිකයන් කියා අපව හඳුන්වා ගන්නට අයිතියක් අපට නැත.

ආමිස දෙවැනි කොට පිළිවෙත් රකිනා ලෙස අපට වදහළ තථාගතයන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයන්හි සැබෑ අරුත නො දකිනා පුහුදුන් ලෝකය ‘අමුතු වෙසක්’ ගෙන සිටිනු දැකීමෙන් ම එතුළ ඇති අනාගත තර්ජනය හඳුනා ගත යුතුව ඇත. නිර්මල දහම වනසන මේ කූට ප‍්‍රයෝගයන්ට හසු නො වී, හරසුන් දෙය වෙනුවට හරවත් දෙය මුල් කරගෙන, අරුත් දැන තථාගතයන් වහන්සේ පුද දෙන්නට ගෞතම සම්බුදු සසුනේ සැබෑ ශ‍්‍රාවකයෝ නො පමාව රොද බඳිත්වා!

http://mahamegha.lk/mahamegha-today/amuthu-wesak/
 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නිර්මල දහම වනසන මේ කූට ප‍්‍රයෝගයන්ට හසු නො වී, හරසුන් දෙය වෙනුවට හරවත් දෙය මුල් කරගෙන, අරුත් දැන තථාගතයන් වහන්සේ පුද දෙන්නට ගෞතම සම්බුදු සසුනේ සැබෑ ශ‍්‍රාවකයෝ නො පමාව රොද බඳිත්වා! 4+
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අසහතික ඇත්ත.... වෙසක් දවසේ විකාර නටන්න දෙන්න හොඳ නෑ... අනික වෙසක් කියන්නෙ වෙළඳ පරමාර්ථ අනුව යන උත්සවයකුත් නෙවෙයි. අද නත්තල සමරන විදිහ බලන්න.... වැඩිපුරම නත්තල් කාලෙට සතුටු වෙන්නෙ බිස්නස් කරන අය...
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    නිර්මල දහම වනසන මේ කූට ප‍්‍රයෝගයන්ට හසු නො වී, හරසුන් දෙය වෙනුවට හරවත් දෙය මුල් කරගෙන, අරුත් දැන තථාගතයන් වහන්සේ පුද දෙන්නට ගෞතම සම්බුදු සසුනේ සැබෑ ශ‍්‍රාවකයෝ නො පමාව රොද බඳිත්වා! 4+

    942861_627293490632085_301026755_n.jpg
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    අසහතික ඇත්ත.... වෙසක් දවසේ විකාර නටන්න දෙන්න හොඳ නෑ... අනික වෙසක් කියන්නෙ වෙළඳ පරමාර්ථ අනුව යන උත්සවයකුත් නෙවෙයි. අද නත්තල සමරන විදිහ බලන්න.... වැඩිපුරම නත්තල් කාලෙට සතුටු වෙන්නෙ බිස්නස් කරන අය...

    එක වෙළෙන්දගේ ස්වභාවය නේ........හරියට තිසරනය පිහිටි කෙනෙක් කවදවත් ඔය වගේ ලාමක දේවල් වලට බැදිල යන්නෙ නෑ,අපිට පුළුවන් විදියට හරි මෙවා ගැන මේ අකාරයෙන් දැනුවත් කරනවා නම්,මිනිස්සු මේ දේවල් වලට අසුවෙන්නේ නෑ........
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    වෙස් මූණු පැළදීමේ හරි අර්ථය තමයි. මාර පරාජයේදි වස්වර්තියෙන් ආපු දෙවිවරුන් මවපු යක්ෂයන්ගේ ස්වරූපය පෙන්වීම මිසක් බටහිර දෙයක් අනුකරණය නෙවෙයි.