වෙස්මුහුණේ_නොදුටුව දේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙස්මුහුණේ_නොදුටුව දේ

    ඔබ මගෙම කියූ මා ඔබෙම කියූ..
    දවසක් තිබුනා... අතීතයේ......
    මුදු සිනා වලින් හද ගැස්ම වැයූ....
    යුගයක් තිබුනා....ප්‍රියාවියේ.....

    බැදි පෙමක් නිසා ලෝකෙන් සැගවූ.....
    කටු කදුළු පිරුණු මේ ජීවිතයේ.....
    අළු මතින් නැගෙන ගිනි පුළිගු මැවූ....
    මතකේ ඡායා ඇවිලිලා ගියේ.......

    සොදුරුයි සුහදයි නෙත් මනලෝලයි...
    දසුනෙන් දසුනට ඔබ හැඩකාරයි....
    ආදරයේ පුදසුන ලය මඩලයි....
    ඒ මඩළේ දැල්වෙන පහන ඔබයි.....

    ළය පුරා දිවෙන ‍රුහිරේ සරණා...
    එක පැතුම ඔබයි මගෙ එළිය ඔබයි....
    මේ ගණ අදුරේ උන්මන්තකයා...
    ඔබ නොලද මමයි...රැවටුනු මසිතයි...

    කුරිරුයි චපලයි මේ හිත බොලදයි...
    චන්ඩව නැගෙනා රුදු සයුර වගෙයි...
    වෙස්මුහුණේ නොදුටුව දේ බෝමයි...
    වැටහෙද්දී මා නම් දුර ඈතයි............

    වැටහෙද්දී මා නම් දුර ඈතයි.......


    ඔබ මගෙම කියූ මා ඔබෙම කියූ..
    දවසක් තිබුනා... අතීතයේ......
    මුදු සිනා වලින් හද ගැස්ම වැයූ....
    යුගයක් තිබුනා.... මා.... ප්‍රියාවියේ...

    hurt.gif


     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ බන් ආ‍යෙත් බූට් සින්දු ලි‍යන්න පටන්ගත්තේ......ආපහු නාගත්තද මොකක්හරි මගුලක් කරගන්න ගිහින්.......:oo:


    රෙප් දෙන්න බැරිලු......:dull: