ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වනවිට යළිත් වරක් වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් උද්ගතව තිබෙනවා.
ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් අඩංගු නෞකා 3ක් මෙරටට ළඟා වී ඇතත් එහි තොග ගොඩබෑමට නොහැකි වී ඇත්තේ ණයවර ලිපි විවෘත කර ඩොලර් ගෙවීමට නොහැකිවීම හේතුවෙන්.
මෙම තත්ත්වයත් සමඟ ලිට්රෝ ගෑස් බෙදා හැරීම කර්මාන්ත හා ආදාහනාගාරවලට පමණක් සීමා වී තිබෙනවා.
බෙදා හරින ලද ගෑස් තොග සීමිත ප්‍රමාණයක් වෙළෙඳපොළේ තවදුරටත් අලෙවි වන අතර ඉදිරියේ දී එම සැපයුම ද අඩාල වනු ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ලාෆ් සමාගමේ ගෑස් බෙදා හැරීම ද මුළුමනින්ම නවතා දමා තිබෙනවා.
එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සදහන් කළේ, පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සිය සමාගමට ආනයනික ගෑස් තොග රට තුළට ගැනීමට නො හැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
මේ වන විට වෙළදපොළ තුළ පාරිභෝගික අලෙවිය සඳහා ගෑස් නොමැති බව ද ලාෆ් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Hiru