වේගයෙන්ම ත්වරණය වන මෝටර් රථ 10ය මෙන්න

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
වේගයෙන්ම ත්වරණය වන මෝටර් රථ 10ය මෙන්න

මෙම මෝටර් රථවල ත්වරණ කාලය ලෙස සලකනු ලැබෙන්නේ 0 සිට පැයට කිලෝමීටර 100ක් නැතහොත් පැයට හැතැප්ම 60ක වේගයක් ලබා ගැනීමට ගතවන කාලයයි. පහත සඳහන් සියලු වාහන දැනට නිත්‍යානුකුලව ලෝකයේ භාවිතා වේ.

1. ARIEL ATOM – 2.3 SECONDS


Ariel-Atom-500.jpg



පෙනුමේ හැටියටද නේද වැඩ ? මේවගේ කාර් 100ක් වගේ තමයි අවුරුද්දකට හැදෙන්නේ. ලංකාවෙනන් දැකගන්න අමාරුයි.


2. BUGATTI VEYRON SUPERSPORT – 2.46 SECONDS

veyron_sport_wallpaper.jpg


බුගාටි කාර් එක ගැන හැමෝම අහල ඇති නේ. ලෝකේ වේගවත්ම මෝටර් රථය ලෙසටත් හැඳින්වෙනවනේ. 2010 වසරේ හදපු මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර 431ක පමණ වේගයකින් ගමන් කරන්න පුළුවන්.

3. CAPARO T1 – 2.5 SECONDS


348270.jpg



බ්‍රිතාන්‍යයේ හදපු මේ මෝටර් රථයට පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගන්න යන්නේ තත්පර 2.5යි.

4. PORSCHE 918 SPYDER – 2.6 SECONDS


porsche-918-spyder-xl.jpg


දුටුවන් නෙත් වසඟ කරගන්න මේ සුපිරි පොර්ශේ මෝටර් රථය 2014 වසර සඳහා නිකුත් කල නවතම මාදිලිය වන අතරම 4.6 ලීටර V8 එන්ජිමකින් පනගැන්වේ

මෝටර් රථ පිළිබඳව තරුණ තරුණියන් ඇත්තේ ඉතා විශාල උනන්දුවක් සහ ආශාවක්. කුඩා කල සිටම සිහින මවන්නේ තමාගේම කියා මෝටර් රථයක් මිලදී ගැනීම පිළිබඳවයි. අපි මෙතැනදී නං කතා කරන්නේ ලෝකයේ මිල අධික කාර් 10ක් පිළිබඳවයි. මෙම මෝටර් රථවල ත්වරණ කාලය ලෙස සලකනු ලැබෙන්නේ 0 සිට පැයට කිලෝමීටර 100ක් නැතහොත් පැයට හැතැප්ම 60ක වේගයක් ලබා ගැනීමට ගතවන කාලයයි. පහත සඳහන් සියලු වාහන දැනට නිත්‍යානුකුලව ලෝකයේ භාවිතා වේ.



5. LAMBORGHINI AVENTADOR – 2.7 SECONDS

Lamborghini-Aventador-Hd-Wallpapers-Free-Download-1.jpg


ලැම්බෝගිනි කිව්වම ඉස්සර වගේ නෙමෙයි. දැන් ලංකාවේ කා අතරත් ප්‍රසිද්ධයි. මෙම දැකුම්කලු මෝටර් රථය 2011 සිට නිෂ්පාදනය කෙරේ

6. NISSAN GT-R R35 – 2.7 SECONDS



2014-Nissan-GTR.png



අනිත් කාර් වලට සාපේක්ෂව සාමාන්‍ය කාර් එකක් වගේ පෙනුනට මෙයත් අනිත් අයට දෙවෙනි නෑ. තත්ත්පර 3කට අඩු කාලයකින් පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගන්න පුළුවන්. මෙම වර්ගයේ මෝටර් රථ වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුල ද භාවිතයේ පවතියි.

7. PORSCHE 911 TURBO S – 2.7 SECONDS

images


Porsche වර්ගයට අයත් තවත් මෝටර් රථයක්. Porsche 997 යන නමින් ද හැඳින්වේ.

8. SSC ULTIMATE AERO TT – 2.78 SECONDS

images


ඇමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථයකි.

9. BAC MONO – 2.8 SECONDS

bac-mono.jpg



මෙම මෝටර් රථය එංගලන්තයේ BAC (Briggs Automotive Company) සමාගම විසින් නිපදවනු ලැබේ.

10. LAMBORGHINI MURCIÉLAGO LP 670–4 SUPERVELOCE – 2.8 SECONDS

lamborghini_murcielago_lp670_4_sv_01.jpg



ලිපිය අවසන් කරන්න වෙන්නෙත් තවත් ලැම්බෝගිනි මෝටර් රථයකින්.

මීට අමතරව McLaren P1, Rimac Concept One සහ Lykan HyperSport කියන මෝටර් රථ කිහිපයත් තත්පර 2.8න 100ට ලඟා වෙනවා.

 
Last edited:

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Arial Atom and GTR mahindage podi eka gwath thiyanwa, drags walata aran enwa wandi deka