වේදනා රහිත මරණය නීතිගත කල යුතුද ?

ශ්‍රී ලඞ්කාවේ වේ

  • වැඩිහිටියන්ට පමණක් අවසර දිය යුතුයි

    Votes: 15 23.1%
  • වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ටද අවසර දිය යුතුයි

    Votes: 33 50.8%
  • කිසිසේත්ම අවසර නොදිය යුතුයි

    Votes: 17 26.2%

  • Total voters
    65

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
mchn dan mehema hitapu coma eken inna parent kenekwa...amma coma eken innawa kiyala hitamu etakota doctors la machine eken galawanna apita sign karanna kiyanawa mehema tiyan wedak ne kiyala....api sign karoth eka anathriya papakarmayakda?

මම ඕක කියන්නමයි හිටියෙ. ඔව් මචන්. ආනන්තරීය පාපකර්මය සිද්ධ වෙනවා තමයි! කරන්න දෙයක් නෑ. එහෙම උනාම කරන්න තියෙන්නෙ, ඕන මගුලක් කරගන්න කියලා තමන් මග ඇරලා නිකක් ඉන්න එක. වෙන කරන්න දෙයක් නෑ.

එහෙම උනොත් කාටහරි, මට නම් කියන්න තියෙන්නෙ, කවදාවත් sign කරන්න එපා! වචනයකින් වත් දායක වෙන්න එපා! එහෙම කලොත්.. ඉවරයි!
 
Last edited:

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ඕක කියන්නමයි හිටියෙ. ඔව් මචන්. ආනන්තරීය පාපකර්මය සිද්ධ වෙනවා තමයි! කරන්න දෙයක් නෑ. එහෙම උනාම කරන්න තියෙන්නෙ, ඕන මගුලක් කරගන්න කියලා තමන් මග ඇරලා නිකක් ඉන්න එක. වෙන කරන්න දෙයක් නෑ.

    එහෙම උනොත් කාටහරි, මට නම් කියන්න තියෙන්නෙ, කවදාවත් sign කරන්න එපා! වචනයකින් වත් දායක වෙන්න එපා! එහෙම කලොත්.. ඉවරයි!

    උබ හරි
    ඔය නිතිය ගෙනාවොත් අනිවා පව්ලේ කව්රුහරි අත්සන් කරන්නම ඕනේ.
    දැනටත් ඕක පිළිකා රෝහලේ තියනවා. මම එක හොදාකාරවම දන්නේ එක හේතුවක් නිසා
    ඉතින් අත්සන් කරන කෙනාව අනිවා අදාළ පවට යට වෙනවාමයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බෞද්ධයන්ගෙ අදහස නම් දැනගත්ත...
    ඔක්කොම එකතු කල්ල ගත්තොත් අධික වේදනාකාරී සුවකල නොහැකි රෝගෙකිං පීඩා විඳින කෙනෙක් ජීවත් වුනත් ඒ දුක විඳවන්නම ඕනෙ, වේදනා රහිතව මැරුණත් ඒ දුක ආයෙ අනාගතේදි කවද හරි විඳවන්නම ඕනෙ.. කොහොම හරි විඳවන්නම වෙනව..

    මගෙ අදහසත් ළමයින්ට සහ වැඩිහිටියන් දෙගොල්ලන්ටම නීතිගත කල යුතුයි... (ලමයින් නම් අවුරුදු 4න් ඉහල පමණ)..
    අනික වේදනා රහිත මරණය නීතිගත කලාට අපේ මිනිස්සු ගංජ ගහනව වගේ ඕනෙ කෙනෙක්ට ඕක කරගන්න බෑ :)
    අනිවාර්යයෙන්ම අධිකරණයෙන් අවසර දෙන්න ඕනෙ..
    අධිකරණයෙන් නිකං අවසර දෙන්නෑ, වෛද්‍ය වාර්ථා ඕනෙ.. සියදිවි නසාගන්න හදන්නෙ මානසික රෝගයක් නිසා නෙමේ කියල දැනගන්න මනෝ වෛද්‍ය පරීක්ෂණයකුත් අනිවා කරගන්නම ඕනෙ. විශාදය හැදුනු බුවෙක් මේක කරගන්න හදනවනං උට ඉඋතනේසියා වෙනුවට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබන්න වෙන්නෙ.. ඒ නිසා මං දන්න තරමින් මේක වැරදි විදිහට පාවිච්චි කරන්න විදිහක් නෑ..

    අනික ලමයෙක්ට වේදනා රහිත මරණයක් දෙනවනම් අනිවාර්යයෙන්ම ළමයගෙ කැමැත්ත සහ දෙමව්පියන්ගෙ කැමැත්ත තියෙන්න ඕනෙ. ලමයගෙ කැමැත්ත කියන්නෙ Euthanasia වචනෙ කියල කැමතිද අහනව නෙමේ. මරණය ගැන තේරෙන විදිහට සම්පූර්ණයෙන් පැහැදිලිව විස්තර කරල, ආයෙ යාළුවො ඥාතියො කිසිම කෙනෙක්ව හම්බවෙන්නෙ නෑ කියල තේරුම් කල්ල දීල කැමැත්ත හෝ අකමැත්ත ගන්න ඕනෙ සහ අතරමඟදි ඕනෙම වෙලාවක අකමැති නම් නවත්තන්නත් ඉඩ දෙන්න ඕනෙ..

    මගේ අදහස ඕකයි..

    දේවවාදී ආගමිකයන්ගෙ අදහස මොන වගේද දන්නෑ..​
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    වෙන කෙනෙක් ගේ ජීවිතය ගැන තීරණ ගන්න අත්සන් කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ.
    නමුත් තමන් සුවකළ නොහැකි රෝගයකින් මැරි මැරී ජීවත් වෙනවා නම්ල ජීවත් වෙන එක තමන්ටම කරදරයක් සහ අනුන්ටත් වදයක් කියන එක ඇත්තටම වැටහෙනවා නම් තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕනි කියලයි මම හිතන්නේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ හරි
    ඔය නිතිය ගෙනාවොත් අනිවා පව්ලේ කව්රුහරි අත්සන් කරන්නම ඕනේ.
    දැනටත් ඕක පිළිකා රෝහලේ තියනවා. මම එක හොදාකාරවම දන්නේ එක හේතුවක් නිසා
    ඉතින් අත්සන් කරන කෙනාව අනිවා අදාළ පවට යට වෙනවාමයි.

    අනිවා මචන්! :)

    totally agree

    :yes::yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේක හරිම විවාදාත්මක දෙයක්. අපි හිතමු සමීප එක්කෙනෙක් හදිසි අනතුරකට මුනපාල, සිහි නැති තත්වයකට පත් වෙනවා. doctors ල කියනවා මොලේට සැහෙන damage. එනිසා අයිත් කවදාවත් සිහිය එන්නේ නැහැ කියල. දැන් ලෙඩ රෝහලේ machine එකක ආධරයෙන් ජීවත් වෙනවා. මේවිදියට අවුරුදු 20-30 තියාගෙන ඉන්න පුලුවන්ද ලෙඩ මැරෙනකම්? කවුද මේවට වියදම් කරන්නේ? කවුද ලෙඩා ලග ඉන්නේ? කවුද ලෙඩාගේ මල මුත්‍ර අයින් කරන්නේ?

    අගම ගැන හිතනවානම්, බුද්දාගමේ කියන්නේ අපිට එහෙම අයිතියක් නැහැ කියල. මගේ පුද්ගලික මතය, බුදුහාමුදුරුවෝ මේ වගේ අවස්ථා ගැන හිතල නැතිව ඇති. බුදුහාමුදුරුවෝ හරි, රහත් හාමුදුරු කෙනක් අද හිටියනම් මේ ගැන උපදෙස් ටිකක් ගන්න තිබ්බ
    :(:(.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බෞද්ධයන්ගෙ අදහස නම් දැනගත්ත...
    ඔක්කොම එකතු කල්ල ගත්තොත් අධික වේදනාකාරී සුවකල නොහැකි රෝගෙකිං පීඩා විඳින කෙනෙක් ජීවත් වුනත් ඒ දුක විඳවන්නම ඕනෙ, වේදනා රහිතව මැරුණත් ඒ දුක ආයෙ අනාගතේදි කවද හරි විඳවන්නම ඕනෙ.. කොහොම හරි විඳවන්නම වෙනව..

    සම්පුර්ණ වැරදියි. බුදුහාමුදුරුවෝ කොහෙද කියල තියෙන්නේ (බරපතල) ලෙඩක් හැදෙන්නේ, විදවන්නේ කර්මය නිසාම කියල? ඒවා ස්වාබවිකව වෙන්න පුළුවන්. කර්මය නිසා වෙන්න පුළුවන්.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක හරිම විවාදාත්මක දෙයක්. අපි හිතමු සමීප එක්කෙනෙක් හදිසි අනතුරකට මුනපාල, සිහි නැති තත්වයකට පත් වෙනවා. doctors ල කියනවා මොලේට සැහෙන damage. එනිසා අයිත් කවදාවත් සිහිය එන්නේ නැහැ කියල. දැන් ලෙඩ රෝහලේ machine එකක ආධරයෙන් ජීවත් වෙනවා. මේවිදියට අවුරුදු 20-30 තියාගෙන ඉන්න පුලුවන්ද ලෙඩ මැරෙනකම්? කවුද මේවට වියදම් කරන්නේ? කවුද ලෙඩා ලග ඉන්නේ? කවුද ලෙඩාගේ මල මුත්‍ර අයින් කරන්නේ?

    අගම ගැන හිතනවානම්, බුද්දාගමේ කියන්නේ අපිට එහෙම අයිතියක් නැහැ කියල. මගේ පුද්ගලික මතය, බුදුහාමුදුරුවෝ මේ වගේ අවස්ථා ගැන හිතල නැතිව ඇති. බුදුහාමුදුරුවෝ හරි, රහත් හාමුදුරු කෙනක් අද හිටියනම් මේ ගැන උපදෙස් ටිකක් ගන්න තිබ්බ
    :(:(.

    ඕයිට වඩා සියුම් ස්ථාන ගැන උදාහරණ සහිතව බුදුරජාණන් වහන්සේ දෙශණා කරල තියෙන්නෙ. ඒකයි මං කෙටි කරලා මෙහෙම කිවුවෙ.

    "කුමන බාහිර හේතුවක් මත උවද ප්‍රාණඝාතය පාපයක්" අන්න ඒක තමයි 1 වෙනි සිල් පදයෙ අර්ත දැක්වීම.

    අනික මචන් ඔතන කිසිම සංකීර්ණ දෙයක් නෑනෙ! හරි සරලයි නෙ. චේතනාවයි කර්මය. . .

    බලාගෙන ගියාම අපේ බෞද්ධ අයට බුදුරජාණන් වහන්සේ ගැනත් සැකයි නෙ!

    picture.php
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    ඕක ගැන දවසක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයගෙනුත් ඇහුව TV Interview එකක.. ඔහු අනුමත කරෙත් නැහැ මතක විදිහට.. රෝගියාගේ කැමැත්තෙන් අද මරනවා.. හෙට ඒ ලෙඩේට බෙහෙතක් හොයා ගන්නවා.. ඒ මරණය කරපු දොස්තරට මොන තරම් කණගාටුවක් ඇති වෙයිද කියන එක තමා මතක විදිහට කිව්වේ..
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මම ඔය කැරපොත්තෝ,කූබි එහෙම කකුල් කැඩිලා බාගෙට මැරිලා ඉන්න වෙලාවට උන් දුක් විදිනවට වඩා මැරෙන එක හොදයි කියල මරනවා.. එතකොට මාත් ප්‍රාණගාතය අකුසල කර්මයට අහු වෙනවද?? උන් දුක් විඳිනව බලන් ඉන්න බැරි නිසයි එහෙම කරන්නේ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    චේතනාව කර්මය වේ නම්, වේදනා රහිත මරණය ලබා දෙන කෙනාගෙ චේතනාව අර මනුස්සයගෙත් කැමැත්ත ඇතුව ඒ මනුස්සයව අවුරුදු ගානක් විඳවන්න තියෙන දුකකින් නිදහස් කිරීමනෙ ? මූ ඉඳල වැඩක් නෑ මූව මරල දාන්න ඕනෙ වගේ චේතනාවක් නෙමේනෙ තියෙන්නෙ..