වේල් තුනම කන අය

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    හොදම විදිහ පැය 16-18 interval එකක් එන විදිහට ඉතුරු පැය 6/8 දී වේල් දෙකක් ගන්න එක.
    පලවෙනි වේලට එළවලු, පලතුරු, ෆයිබර්, antioxidants, nutrients වැඩි ආහාර.
    දෙවෙනි වේලට ප්‍රෝටීන් වැඩි ආහාර.

    venlafaxine නැවැත්තුවහම මේ diet එකට යන්න ඉන්නේ මාත්.
    Ah, that’s a combo of keto + intermittent fasting. i've followed it for few weeks, rellly hard to maintain.
     
    • Like
    Reactions: Fiona Dabare

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,019
    1,397
    113
    මම දවසට වේල් දෙකයි කන්නේ
    පැය 24 දෙකට බෙදලා පැය 12 ට එකක් වැටෙන්න කනවා.
    උදේට 8 ට වගේ, රෑට 8 වගේ (සාමාන්‍ය දවස් වල, නමුත් වැඩ වලට එලියට ගියාම ඔය ටයිම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා)
    ඊට අමතරව දවල් 2 වගේ වෙනකොට මොනවා හෝ පළතුරක් කන්න උත්සහ කරනවා, අඩුම ගානේ කෙසෙල් ගෙඩි දෙකක් හරි.
    සමහර දවස් වලට දවල්ට කිරි එකක් (හයිලන්ඩ්) බොනවා සීනි හැන්දක් වගේ දාලා, එහෙම කරන්නේ ඒවගෙන් කැල්සියම් ඇගට ලැබෙන නිසා. එහෙම ටී එකක් බිව්ව දවසට ඒ සීනි හැන්ද ඇරෙන්න ඒ දවසට වෙන සීනි කෑම නොකා ඉන්න වගබලා ගන්නවා.
    කොහේ හරි ගිහින් ලිෆ්ට් එකයි පඩිපෙලයි දෙකම තිබුනොත් පඩිපෙළ පාවිච්චි කරනවා.
    ඔහොම දේවල් ටිකක් කරගෙන යනවා ඉතින්
     
    • Like
    Reactions: sinhawanshaya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    එක වේලයි බං කන්නෙ. සමහර වෙලාවට වේල් දෙකක් කනව.

    සීනි හැන්දක් වගේ දාල තේ එකක් බොනව.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    වේල් 3 කනවා. දැන්නම් පුරුදු වෙලා. පොඩි දේවල් කාල ඉන්නත් අමාරුයි. බත්ම ඕනෙ. නැත්තන් ඇඟට පණ නෑ වගේ වෙනවා වෙව්ලන ගතියක් එනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    වනක්කු මෙතඩ් ද අම්මට හිකිලිද මොනවත් ඕනෙ නෑ. තමන්ගෙ උස බර ව්‍යායාම කරන ප්‍රමානය චැට්ජීපීටී එකද දාලා දවසට කන්න ඕනි කැලරි ප්‍රමානෙ අහපල්ලා. කෙට්ටු වෙන්නද ඉන්න ගානට ඉන්නද මොකක්ද ඕනි කියලත් කියපල්ලා. කන කැලරි ප්‍රමානය හරියට මැනලා කෑවනන් වේල් 10ක් කෑවත් කමක් නෑ

    ප්‍රශ්නයක් තියනවා.
    ඉන්සියුලින්.

    එකම කැලරි ප්‍රමාණය ඉන්සියුලින් වැඩිපුර ගලන කෑම වලින් ගත්තොත් ලෙඩ.

    ඉන්සියුලින් inflammation ඇති කරනවා, එතකොට තමයි හාට් එකේ නහර තුවාල වෙලා බ්ලොක් වෙන්න ගන්නෙ.

    ඉන්සියුලින් වකුගඩු වලට කියනවා ලේ පෙරන එක අඩු කරලා වතුර එකතු කරපං කියලා. එතකොට ලේවල ලුණු එකතු වෙලා high blood pressure.


    විසදුම -

    1. එම කැලරි ප්‍රමාණයම glycemic index එක අඩු කෑම වලින් ගැනීම.
    2. ගලපු ඉන්සියුලීන් ලේ වලින් අයින් වෙන්න වෙලාව දීම.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    වේලක් දෙකක් කාළ fasting 14 hours ඉඳලා fat burn කරන්න හැදුවා.
    බර අඩුවුණා.

    දැන් cholestrol 240 යි.
    LDL 170

    දැන් 3න් වේලම කාළ බෙහෙත් බොනවා.

    වන්නකු protein + oil කන එක සාර්ථකද?

    exercise කලේ නෑ තවම.... ටිකක් පයින් යනවා
     
    Last edited:

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    ගොඩක් සිහලු හිතනවා එක වේලක් කන්න නැති වුනාම නිකම් මදි කමක් වගෙ, මෙකෙ ඉන්නවාද වේල් තුනම කන අය? එහෙම ඉන්නවා නම් ඇයි ඒ? පුරුද්දට?
    Yes I usually take 3 meals a day.

    Not because of a ‘habit’
    I usually move my body than 95% of the Sri Lankans. So I need energy.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    පුලුවන් තරම් උදේට නොකා ඉන්න try කරනව. උදේට එක්කො වතුර නැත්තම් සීනි හැන්දක් දාපු කෝපි එකක්. ( ඒ සීනි හැන්දත් අයින් කරන්න ඉන්නෙ) 12-1 වගේ බත් කනව. ආයෙ ඉතිං රෑට කනකන් හවස මොනා හරි කාල ආයෙ කෝපි එකක්. සමහර දවස් වලට හවසට කාඩමන් ටී එකක් බොනව. රෑට පොඩි මීල් එකක් කනව පුලුවන් හැමදාම. එක්කො සැන්විච්, නැති නම් චිකන් / මාලු ග්‍රිල් කරල.

    එකම සීන් එක සතියට දවස් 3-4 වගේ හවසට 50ක් වගේ ගහනව අයිස් එක්ක. දුම් පානය නම් ජීවිතෙ කීවෙනි පාරට මන්ද මේ මාසෙ ඉදල ආයෙ නැවැත්තුව 😐
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,182
    7,982
    113
    Galaha
    මමනම් බඩගිනි උනාම තමයි කන්නෙ. සමහර දවසට 1 වේලයි. වයිෆ්ගේ ගෙදර ගියොත් එහෙ රටාවට වේල් තුනම වෙලාවට කනවා කන්න වෙනව නැත්තන් බෙදල තියල කෑවේ නැත්තන් බල්ලන්ට දානවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,303
    113
    50ml බං
    දිගටම දුම් නොබි සිටිමට ශක්තිය වාසනාව ලැබෙවා.!

    දුම් පානය නම් ජීවිතෙ කීවෙනි පාරට මන්ද මේ මාසෙ ඉදල ආයෙ නැවැත්තුව
    දිගටම දුම් නොබි සිටිමට ශක්තිය වාසනාව ලැබෙවා.
    ------ Post added on Oct 3, 2025 at 7:11 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    දිගටම දුම් නොබි සිටිමට ශක්තිය වාසනාව ලැබෙවා.!


    දිගටම දුම් නොබි සිටිමට ශක්තිය වාසනාව ලැබෙවා.
    ------ Post added on Oct 3, 2025 at 7:11 AM
    බෝමුස්තූතී !
     
    • Love
    Reactions: sinhawanshaya