මම දවසට වේල් දෙකයි කන්නේ
පැය 24 දෙකට බෙදලා පැය 12 ට එකක් වැටෙන්න කනවා.
උදේට 8 ට වගේ, රෑට 8 වගේ (සාමාන්‍ය දවස් වල, නමුත් වැඩ වලට එලියට ගියාම ඔය ටයිම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා)
ඊට අමතරව දවල් 2 වගේ වෙනකොට මොනවා හෝ පළතුරක් කන්න උත්සහ කරනවා, අඩුම ගානේ කෙසෙල් ගෙඩි දෙකක් හරි.
සමහර දවස් වලට දවල්ට කිරි එකක් (හයිලන්ඩ්) බොනවා සීනි හැන්දක් වගේ දාලා, එහෙම කරන්නේ ඒවගෙන් කැල්සියම් ඇගට ලැබෙන නිසා. එහෙම ටී එකක් බිව්ව දවසට ඒ සීනි හැන්ද ඇරෙන්න ඒ දවසට වෙන සීනි කෑම නොකා ඉන්න වගබලා ගන්නවා.
කොහේ හරි ගිහින් ලිෆ්ට් එකයි පඩිපෙලයි දෙකම තිබුනොත් පඩිපෙළ පාවිච්චි කරනවා.
ඔහොම දේවල් ටිකක් කරගෙන යනවා ඉතින්