වෛද්‍යවරු හොඳ || නරක

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වෛද්‍යවරු හොඳ || නරක

    මේ නූලෙ අරමුණ සයිටම් ගැනවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගැනවත් කථා කරන එක නෙමේ.(ඒ සම්බන්ධ thread ඇති තරම් මේ එළකිරියේ තියෙනවා.)
    දොස්තරලගේ හොඳ නරක ගැන තම තමන්ගේ හරි සමීපතමයන්ගේ විශ්වාස කටයුතු අත්දැකීම් දක්වන එක.ඉතාම හොඳ වෛද්‍යවරු වගේම වෛද්‍යවුර්තියට අගෞරව කරන දොස්තරවරුත් අපේ රටේ ඉන්නවා.
    දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකුගේ ඕනෑම හොඳ දෙයක් ,නරක දෙයක් මේකේ දාන්න.වෛද්‍යවරයාගේ නම දාන එක අනිවාර්‍යයම නෑ.
    එහෙම අත්දැකීම් අනිත් අයත් දැනගත්තොත් ඒක හොඳක් වෙයි. අත්දැකීම් නැති අය බම්පියකින් වගේ හරි සහයෝගයක් දෙන්න.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔන්න මම එහෙනම් වැඩේ පටන් ගත්තා.

    210zqcn.jpg

    2q8d1lj.jpg

    muzcsk.jpg

    122fbz6.jpg

    2qldgk6.jpg
     
    • Like
    Reactions: DangerMan119

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    විශේෂඥ දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්

    විශේෂඥ දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

    සිසේරියන් සැත්කමකදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

    කැලණිය දලුගම ජෝනික්වත්තේ අංක 669/5 දරන නිවසේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය මෙම පැමිණිල්ල ගොනු කළාය.

    කොළඹ පෞද්ගලික රෝහලකට හා එහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය මහතා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇත.

    තමන් තම දෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා 2016 ජනවාරි මස 03 වැනි දින අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් වගඋත්තරකාර විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත් බවත් ඇය පවසයි.


    http://www.rivira.lk/online/2017/02/15/95377

    විශේෂඥ වෛද්‍යවරුත් මනුෂයෝ තමයි.වැරදීම් වෙනවා.ඒත් වැරද්දක් තමන්ගේ අතින් වුනා කියලා පිළිගන්න අපේ දොස්තරවරු නිහතමානි නෑ.ලෙඩාම තනියම නඩු කියාගෙන උසාවි යන්න ඕනේ.


     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    විශේෂඥ දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

    සිසේරියන් සැත්කමකදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

    කැලණිය දලුගම ජෝනික්වත්තේ අංක 669/5 දරන නිවසේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය මෙම පැමිණිල්ල ගොනු කළාය.

    කොළඹ පෞද්ගලික රෝහලකට හා එහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය මහතා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇත.

    තමන් තම දෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා 2016 ජනවාරි මස 03 වැනි දින අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් වගඋත්තරකාර විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත් බවත් ඇය පවසයි.


    http://www.rivira.lk/online/2017/02/15/95377

    විශේෂඥ වෛද්‍යවරුත් මනුෂයෝ තමයි.වැරදීම් වෙනවා.ඒත් වැරද්දක් තමන්ගේ අතින් වුනා කියලා පිළිගන්න අපේ දොස්තරවරු නිහතමානි නෑ.ලෙඩාම තනියම නඩු කියාගෙන උසාවි යන්න ඕනේ.



    memeke docage nama daala , makkda hospital eka daala na, ekat aulak, ow ban meka nam waradi, doca , et hospital ekat tibuna nam watinawa article eka
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගොඩක් වෛද්‍යවරු channel කරපු වෙලාවට එන්නෙ නෑ. 10ට එන්න ඉන්න දොස්තර එන්නෙ 10.30ට. නොම්මර 1 ගනිපු ලෙඩත් පැය භාගයක් පු‍ටුව රත් කර කර ඉන්න ඕනෙ. එක ලෙඩෙක් බලල ඊට පස්සෙ රිපෝට් පෙන්නන ලෙඩ්ඩු ගන්නව. එහෙම නැතිනම් උදේට කන්න යනව. ආපහු එන්නෙ විනාඩි 15ක් 20ක් ගිහින්. ඉතින් ලෙඩාගෙ ඇපොයිමන්ට් ටයිම් එක 10.15 නම් ලෙඩාව බලන්න ගන්නෙ 11.30ට විතර. එහෙම ඉඳලත් ලෙඩා ඇතුල්වෙනකොටම බෙහෙත ලියලත් ඉවරයි. ඩොකාගෙ කාලය තරම් ලෙඩාගෙ කාලය නොවටිනා බවයි ඔවුන් හිතන්නෙ. මේ වෛද්‍ය හිඟයට සහ වෛද්‍ය ඒකාධිකාරයට පිලියමක් විදියට තව තවත් වෛද්‍ය වෘතිකයන් බිහි කල යුතුමයි.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගොඩක් වෛද්‍යවරු channel කරපු වෙලාවට එන්නෙ නෑ. 10ට එන්න ඉන්න දොස්තර එන්නෙ 10.30ට. නොම්මර 1 ගනිපු ලෙඩත් පැය භාගයක් පු‍ටුව රත් කර කර ඉන්න ඕනෙ. එක ලෙඩෙක් බලල ඊට පස්සෙ රිපෝට් පෙන්නන ලෙඩ්ඩු ගන්නව. එහෙම නැතිනම් උදේට කන්න යනව. ආපහු එන්නෙ විනාඩි 15ක් 20ක් ගිහින්. ඉතින් ලෙඩාගෙ ඇපොයිමන්ට් ටයිම් එක 10.15 නම් ලෙඩාව බලන්න ගන්නෙ 11.30ට විතර. එහෙම ඉඳලත් ලෙඩා ඇතුල්වෙනකොටම බෙහෙත ලියලත් ඉවරයි. ඩොකාගෙ කාලය තරම් ලෙඩාගෙ කාලය නොවටිනා බවයි ඔවුන් හිතන්නෙ. මේ වෛද්‍ය හිඟයට සහ වෛද්‍ය ඒකාධිකාරයට පිලියමක් විදියට තව තවත් වෛද්‍ය වෘතිකයන් බිහි කල යුතුමයි.

    එකඟයි මචං පරක්කු වෙන එක ගැන නම් මටත් අත්දැකීම් තියෙනවා.ලෙඩා මාසයක දෙකක පොඩි එකෙක් නම් ඒ තරුණ අම්ම අසරණ වෙනවා අනික් පිරිමි මිනිස්සු ඔක්කොම ඉස්සරහා කිරි දෙන්න වුනාම.(හැම පිරිමියම එක වගේ නෑනේ මචං .එක එක මානසික මට්ටම් වල අය සමාජේ ඉන්නවා.)

    තවත් සමහර වයසක අම්මලා තාත්තලා එක්කන් එනවා මං දැකලා තියෙනවා මුත්‍රා බට දාල.සමහර අම්මලට තාත්තලට මළ පිටවෙනවා නොදැනුවත්වම.මිනිස්සු ඉසරහා ඒ දරුවෝ අසරණ වෙනවා.හැමෝටම පෞද්ගලික රෝහල් වලට යන්න බෑ අපේ රටේ.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඉස්සර රුපවාහිනියේ ගියා “ජීවක අසපුව” කියලා ටෙලි නාට්‍යයක්.ජනක කුඹුකගේ තමා දොස්තර මහත්තයාගේ චරිතය රඟපෑවේ.දුෂ්කර පළාතක මැලේරියාවට බේත් කරන දොස්තර කෙනෙක් මුණ දෙන්න වෙන අභියෝග තමා එකේ තිබුනේ.දොස්තර කෙනෙක් කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් ගොඩක් වෙලාවට.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    වෙනස්ම කථාවක් .දිග වැඩි උනත් මේකේ යමක් තියෙන නිසා දානවා.

    ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර කැබැල්ලක් වැනි රෝගියා තම ඉරණම අපේක්ෂාවෙන් ඇඳේ වැතිර සිටියි. සුමාන දෙකකින් වත් නොකපන ලද රැවුල දිස්වන්නේ එළි පෙහෙලි නොකරන ලද වගා බිමක් ලෙසටය. හෙතෙම වේදනාවෙන් කෙඳිරි ගෑවේය.

    " මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටම​කියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි "

    රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය​. ඔහු මලානික හඬින් කථා කළේය.

    "අනේ මහත්තයෝ මම ජීවත් උනේ මේසන් වැඩ කරලා. කලවේ විසප්පුවක් ආවා. ඒකට අත් ඛෙහෙත් කරලා සනීප වුන නැති නිසා තමයි මුදියන්සේ වෙද​රාළ ලඟට ගියේ. උන්දෑ පත්තුවක් බැන්දා. මගෙ හිතේ පත්තුවේ සැරට කකුලේ හම පිච්චුනා..."

    " මෝඩ හරක් ..." වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙස බලා පැවසීය.

    අද වාට්ටු දිනය නිසා ඔහු කනිෂ්ඨ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිවරාගෙන වාට්ටුවේ සිටින රෝගීන් සිය​ළු දෙනාම බලයි. ශල්‍යකර්මවලට ලක් කළ යුතු රෝගීන්ට ශල්‍යකර්ම සදහා දින නියම කිරීම ද ශල්‍යකර්ම වලින් පසු රෝගී තත්ත්වය අඩු රෝගීන්ගේ ටිකට් කැපීමද අද සිදු වේ. පිරිවර සමග ඇවිදින යුවරජෙකු සේ ඔහු වාට්ටුවේ සිටින සියළුම රෝගීන්ගේ රෝහල් ආයු කාලය පිළිබඳ තීරණයකට පැමිණෙයි.

    වට්ටෝරු වෙදෙකු විසින් ප්‍රතිකාර කරන ලද රෝගියා කෙරෙහි ඔහුට ඇති වූයේ කෝපයකි. — මෝඩ මිනිස්සු..˜ ඔහු මනසින් ප්‍රතිරාව​ කළේය. —කකුලේ පොඩි ඇබ්සස් එකක් එන්න ඇති. මේ මෝඩයා වෙදා ලඟට ගියා. වෙදා රටේ නැති බේත් ජාති අඹරලා කකුලේ ගාලා තියෙනවා. ඒකට හම පිච්චිලා. දැන් ඉන්ෆෙක්ට්˜ වෙලා. වැඩේ වැරදුණාම අපි ලඟට එනවා.˜

    "අයිසේ, ඔහු යළිත් වරක් රෝගියා ඇමතීය. කකුලේ ගෙඩියට ඉස්පි්‍රතාලෙට ආවා නම් ඉවරයිනේ. එතකොට ගෙඩිය පැළුවා. බේත් කළා. එැඩේ අහවරයි. දැන් වැඩේ කෙළවෙලා. මුළු කකුලම පැසවලා. කකුල කපන්න වෙයි."

    රෝගියාගේ මුහුණේ ඇත්තේ තැතිගත් ස්වරූපයකි. ඔහු අසීරුවෙන් හිස එසවීය.

    "අනේ මහත්තයෝ මගේ කකුල කපන්න වෙයිද?

    "ඔව්˜ ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය ජයග්‍රාහී ලෙස කීවේය. තමුසගෙ ජීවිතය බේරගන්න කකුල කපන්න වෙයි."

    රෝගියාට තමාගේ ලෝකය කඩා වැටුණු බව හැගුණි‚ කකුලක් නැතිව මේසන් වැඩ කරන්නේ කොහොමද? බිරිඳට හා ළමයින්ට කන්න අඳින්න දෙන්නේ කොහොමද? පලංචි වැඩවලට සිරිල් බාස් ගන්නේ හොඳට අතපය හයිය ඇති මිනිසුන්ය. කකුලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද? මහමඟ සිඟා කෑමට සිදුවීම අනිවාර්යයයි. රෝගියා ශල්‍ය වෛද්‍යවරයා දෙස බැවේ පිහිට අයදින බැල්මකිනි.

    "අනේ මහත්තයෝ..., කකුල කපන්න එපා. මම දුප්පත් මිනිහෙක්, කකුළක් නැතිව මට මගේ රස්සාව කරගන්න බැහැ.˜ ඔහුට තව දුරටත් කථා කරගැනීමට නොහැකි විය. උගුරේ පටලයක් බැඳුනා සේ රෝගියාට දැනි‚. ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණි‚

    මෙවර ශල්‍ය වෛද්‍යවරයාගේ සිතට දැණුනේ කෝපයකි. —අයිසේ˜ ඔහු රෝගියා දෙස එක එල්ලේ බැලීය. රොස් පරොස් වූ විට ඔහු රෝගීන් හෝ කාර්ය මණ්ඩලය අමතන්නේ අයිසේ යනුවෙනි. වෛද්‍ය වල්ගම්පායට තරහා ගියබව දැනගත් කණිෂ්ඨ වෛද්‍යවරු හා හෙදියෝ මදක් ඈත් වූහ.

    "තමුසේ එක එක වෙද්දුගෙන් බේත් අරගෙන ලෙඩේ කුණු උනහම අපි ලඟට එනවා. මම දැන් තමුසෙට සුද්ද සිංහලෙන් කිව්වානේ, මුළු කකුළම පැසවලා. කකුළ කපනවා ඇරෙන්න වෙන ප්‍රතිකාරයක් නැහැ. නැත්තං ටිකට් කපාගෙන තමුසෙගෙ වෙදා ලඟට යනවා. " ඔහු රෝගියාගේ ඇඳ ඉහ පත පසෙකට විසිකොට දැමීය. හෙදියක් පහත් වී එය අසුලාගෙන ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සුදර්ශන් අතට දුන්නාය.

    රෝගියා අසරණ වූ දෙනෙතින් වෛද්‍ය කාර්ය මණඩලය දෙස බැවේ අනුකම්පාව අයදින්නාක් මෙනි. ඉවත යන විශේෂඥ වෛද්‍යවරයා දෙසට හිස හැර වූ ඔහු දොහොත් මුදුන් දී වැන්දේ තමාව ගලවාගන්නා ලෙස බැගෑපත්ව අයදිමිනි. වෛද්‍ය වල්ගම්පාය එය දුටුවේ ද යන්න සැක සහිතය. ඔහු වෙනත් රෝගියෙකුගේ ඇඳ ඉහපත් වාර්තා පරික්ෂා කළේය.

    "කෝ ලෙඩාගේ X-රේ එක..˜ ඔහු නේවාසික වෛද්‍යවරයා දෙස බැවේ ආධිපත්‍ය සහිත බැල්මකි‚.

    "සර් X-රේ එක ගන්න ලෙඩා යැව්වේ උදේ, තාම රිපෝට්ස් වාට්ටුවට එවලා නැහැ.˜ නේවාසික වෛද්‍යවරයා බියපත් වූ හඬින් කීය.

    "අයිසේ, රිපෝට් කකුල් දෙක ලඟට එනකන් ඉන්නේ නැතුව X-රේ එක වෙට් ප්ලේට් හරි ගේනවා. අද තියටර් ගන්න​ ඕනෑ. දැන්මම X-රේ එක ගේනවා.˜ ඔහු දුන්නේ දැඩි නියෝගයකි. නේවාසික වෛද්‍යවරයා කඩිනමින ් X- රේ අංශය වෙත දිව ගියේය.

    රෝගියාගේ බඩේ නාභිය අසල මඳක් ඇඟිලි තුඩුවලින් තද කළ ඔහු —කැක්කුම˜ දැයි ඇසීය. රෝගියා හොඳට වැඩුණු අතපය ඇති ඉලන්දාරියෙකි . එහෙත් උදරයෙන් එන වේදනාව නිසා ඔහු —අම්මේ˜ යැයි කීය. "හරි දැන් ඔහු තියටර් යවන්න" ශල්‍ය වෛද්‍යවරයා නියෝගයක් දුන්නේය. හෙදියක් සේවකයෙකුට කථා කොට ට්‍රොලියක් ගෙන එන ලෙස කීවාය. යළිත් වරක් රෝගියාගේ ඇස් යට පරික්ෂා කළ වෛද්‍ය වල්ගම්පාය උදේ ඉඳන් මොකුත් කෑවේ බිවේ නෑ නේදැයි රෝගියාගෙන් විමසීය.

    "ඩොක්ටර් ආප්ප දෙකකුයි කෝලිකුට්ටු ගෙඩියකුයි කෑවා.˜රෝගියා කීවේ වරදක් කළාදැයි දෙගිඩියාවෙනි.

    යළිත් වරක් වෛද්‍ය වල්ගම්පාය කෝප විය. "අයිසේ මං කියලා තියෙනව නේද මං බලනකන් ලෙඩ්ඩුන්ව ෆාස්ටින් තියන්න කියලා..˜ මෙවර ඔහු හැරුනේ හෙද සොයුරිය දෙසටය.

    "සිස්ට මේක හැමදාම කරන්න බැහැ. නර්ස්ලා කියන්න න ලෙඩ්ඩුන්ට කන්න එපා කියලා.˜ හෙද සොහොයුරිය වාට්ටුවේ හෙදිය දෙස බැළුවේ චෝදනාත්මක දෙනෙතිනි. වාට්ටු භාර හෙදිය තරුණය, ඇයට ඇත්තේ ප්‍රසන්න මුහුණකි.

    "අපි ලෙඩ්ඩුන්ට කියනව සර්.....˜ ඇය බිම බලාගෙන කීවාය.

    "ඇයි මිසී කියල තියෙද්දිත් ආප්ප කෑවේ˜ හෙද සොහොයුරිය රෝගියා ගෙන් තදින් ඇසුවාය.

    රෝගියා මදක් නොසන්සුන් විය. "නැහැ මිසී මට කවුරුවත් කන්න එපා කිවුවේ නැහැ. මම කෑවේ ආප්ප දෙකක් විතරයි. ඉතුරු ආප්ප තුන මම ඔතනම තිබ්බා " රෝගියා ඇඳ අසල තිබූ කුඩා කබඩ් එක උඩ තිබූ පාර්සලයට ඇගිල්ල දික් කළේය.

    වෛද්‍ය වල්ගම්පාය කිසිවක් නොකීවේය. ඔහු තුළ ඇතිවූයේ කෝපය මත සියල්ල එපා වූ ස්වභාවයකි. මෙම රෝගියා පෙරදින ඔහුගේ චැනල් සේවයට පැමිණියේ පියා සමගිනි. රෝගියාට ශල්‍යකර්මයක් අවශ්‍ය බව ඔහුට වැටහිණි . රෝගියා වාට්ටුවට ඇතුලත් කළේ අද දින උදේ වරුවේ ශල්‍යකර්මය කිරීම සදහාය. ශල්‍යකර්මයෙන් පසු ඔහු මහනුවර බලා යාමට සිටියේ කොළඹින් එන ඥාතීන් පිරිසක් පිළිගැනීමටය. දැන් වැඩ පිළිවෙල කඩාකප්පල් වී ඇත. යළි රෝගියාට ශල්‍යකර්මයක් කළ හැක්කේ සවස දෙකෙන් පසුවය. එය අවසන් වී මහනුවර යන විට බොහෝ සවස් වනු ඇත.

    වෛද්‍ය වල්ගම්පාය ලෙඩුන් බැලීම නවත්වා ශල්‍යාගාරයට ගියේ සුළු සුළු ශල්‍යකර්ම නිම කොට දැමීමටය. විසප්පු ගෙඩි, අධෝමාර්ගයේ ගෙඩි, නහර ගැට ගැසුණු රෝගීන් ගේ නහර වලට එන්නත් කිරීම් වැනි කෙටි වේලාවක් ගතවන ශල්‍යකර්ම කිරීම ඔහු ඇරඹීය. අන් දිනවල මෙවැනි ශල්‍යකර්ම කරන්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් විසිනි. එහෙත් අද ඔහු සුළු වැඩවලට අත ගැසීය.
    ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා රෝගීන් ගේ රෝග ඉතිහාසය විමසමින් ඔවුන්ව නිර්වින්දනය කළහ. විනාඩි දහයක් පමණ කාලයක් ගත වන මෙම ශල්‍යකර්ම වලට හිරිවැට්ටවීම පමණක් ප්‍රමාණවත්ය. සුදු ඇදුම ඇදගෙන පෙළ ගැසී සිටි රෝගීන් වරකට එක් අයකු බැගින් ශල්‍යාගාරයට ඇතුල් වූහ. සෑම රෝගියෙකුගෙන් ඔහුගේ නම විමසා රෝග ඉතිහාසය ලියා ඇති ලිපි ගොණුව පරික්ෂා කොට බලා කළයුතු ශල්‍යකර්මය කුමක්දැයි අවබෝධකරගත් ඔහු ශල්‍යාගාර හෙදියගෙන් අවශ්‍ය උපකරණ ඉල්ලා ගත්තේය. වෙනදා හෙදියන් සමඟ විහිළු තහළු කරගත් ඔහු අද නිහඞවම තම රාජකාරිය කළේය.

    ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් පැමිණ දෙවැනි ශල්‍යාගාරයේ වැඩ පටන් ගත් අතර රෝගීන්ගේ පෝලිම ක්‍රමයෙන් අඩු විය.

    "සර් තේ ලෑස්තියි.˜ හෙදියක් වෛද්‍ය වල්ගම්පායට පැවසුවාය. තේ එකක අවශ්‍යතාව ඔහුට දැනී තිබු‚. ශල්‍යකර්මය අවසන් කළ ඔහු අත්වැසුම් ඉවත් කළේ තේ කෝප්පයක් පානය කිරීම සඳහාය.

    "තේ සල්ලි මට මාස දෙකකින් දෙන්න බැරිවුනා.˜ ඔහු හෙදියට කීවේ යමක් අතපසු වූ විලාශයෙනි. —මම යන්න ඉස්සෙල්ලා සල්ලි ඉල්ලා ගන්න.˜

    "කමක් නෑ සර් පස්සේ ගමු˜ හෙදිය තාලයට නැලවෙන ස්වරයෙන් කීවාය.

    වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විවේකාගාරටය ගියේ යමෙකු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇතුම් දිනවල නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා තේ බිමට පැමිණෙයි. එවිට ඔවුහු රෝහලේ අඩුපාඩු ගැන කථා කරති. එහෙත් අද ඔහුගේ ක්ලිනික් දවස විය යුතුය. තේ පෝච්චියෙන් කිරිතේ එකක් වක්කර ගත් වෛද්‍ය වල්ගම්පාය හාන්සි පුටුවේ දිගඇදුනේ අද දිනයේ සිදු වූ අප්‍රසන්න සිදුවීම් යළි මතකයට ගනිමිනි.

    යමෙකු දොර අසල සිටිනු දැක ඔහු දොර රෙද්ද මෑත් කළේය. ඇද ඉහපත් මිටියක් අතින් ගත් උපස්ථායකවරියක් දොර​ අසල සිටියාය.

    "සර් ලෝකල් පර්චස් වගයකට අත්සන් ගන්න"

    ඔහු උපස්ථායකවරියට ඇතුළට එන ලෙස කීවේය. ඇය ලේඛන මිටිය අසල මේසය උඩ තැබුවාය.

    "ඉතින් ප්‍රේමා කොහොමද වාට්ටුවල තොරතුරු? වෛද්‍ය වල්ගම්පාය උපස්ථායකවරියගෙන් විමසුවේය.

    මැදිවියේ පසුවන උපස්ථායකවරිය වන ප්‍රේමා දිගු කාලයක් පුරා ශල්‍ය වෛද්‍ය අංශයේ වැඩ කරන්නීය. වල්ගම්පාය වෛද්‍යවරයා සීමාවාසික වෛද්‍යවරයෙකුව සිටින කාලයේදී ද ප්‍රේමා කාන්තා වාට්ටුවේ සේවය කළාය. වාට්ටුවේ සිදුවන දෑ පිළිබඳ තොරතුරු ලබාගන්නේ ප්‍රේමාගෙන්ය. කේලම් කිමේ උපන් හපන් කමක් ඇති ඇය ගිරවියක සේ වාට්ටුවේ වන සිද්ධීන් ඔහු සමග පවසන්නීය.

    "සර් දර්ශන මහත්තයා ඊයේ අවේ උදේ 10ත් පහුවෙලා. ලෙඩ්ඩු බලනකොට සර්ගේ චිට් එකක් තිබ්බ ලෙඩෙකුටත් කෑගැහුවා.˜

    සීමාවාසික වෛද්‍යවරයෙකු වූ දර්ශන නාහෙට නාහන්නෙකි. ඔහු ඇතැම් විට වාට්ටුවට ප්‍රමාද වී පැමිණේ. තමා විසින් චැනල් මධ්‍යස්ථානයේ දී ලෙඩ බලා වාට්ටුටට ඇතුළු කරන ලෙඩ්ඩුන්ට විශේෂ සැළකිල්ලක් වෛද්‍ය දර්ශන නොදක්වන බව මීට පෙරත් ලෙඩුන් කීපදෙනෙකු කිවා මතකය. මොහු සම්බන්ධයෙන් යමක් කළයුතු බව වෛද්‍ය වල්ගම්පාය ඉටාගත්තේය.

    "ඉතින් තව මොනවද˜ ඔහු ප්‍රේමා දෙස බැවේ තවත් තොරතුරු දැනගන්නා විලාසයෙනි. "

    "දීපිකා මිස් පෙරේදා රෑ ආවේ නැහැ. ළමයට අසනීපයක් කියලා. හේවාපතිරණ මිස් තමයි තනියම රෑ ඩියුටි කළේ "

    ප්‍රේමා ඔහුට පවුලේ සාමාජිකාවක් මෙනි. ඔහුගේ බිරිඳ ඔහුට මුලින්ම මුණගැසුණේ ශල්‍යාගාරයේදීය. එවකට ඇයද සීමාවාසික වෛද්‍ය වරියකි. ඔවුන් අතර ගොඩනැගුණු සම්බන්ධතාවයට ඇයගේ පවුලේ උදවිය කැමැත්තක් නොදැක්වූයේ කුල ප්‍රශ්ණයක් මතය. තම පෙම්වතියගේ ගෙදරින් ඇති තහංචි නිසා ඔහු එකළ සිටියේ දැඩි මානසික පීඩනයකිනි. ඔවුන් දෙදෙනා පිළිබඳව විමසිලිවත් වන ලෙස ඇගේ පියා රෝහල් දිස්ත්‍රික් වෛද්‍යවරයාට පවා කියා තිබුණි. ප්‍රදේශයේ ධනවතෙකු මෙන්ම බලවතෙකු වූ ඇයගේ පියා වල්ගම්පායට වරක් කුළ මල කියා අපහාස කරන ලදි. මේ කාලය අතර තුර ඔවුන්ගේ පණිවුඩ දෙදෙනා අතර ගෙන ගියේ ප්‍රේමාය. ඔහු විසින් ලියන ලද හසුන් පත් ප්‍රේමා ගෙන ගොස් ළමා වාට්ටුවේ වැඩකරන පෙම්වතියට දෙන්නේ රහසිනි.

    කාලය ගත වූයේ කොපමණ ඉක්මනටද? ඇයගේ පියා හෘද්‍යාබාධයක් සෑදී මිය ගියේ අනපේක්ෂිකවය. ඒ වන විට ඇය කොළඹ ළමා රෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිවරිය වූවාය. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වීමේ අභිලාෂයෙන් පෙළුන ඇය තම ඉලක්කය කරා ගියේ දැඩි ආත්ම විශ්වාසයකිනි. ගම්පහ රෝහලේ සේවය කරන සමයේ ඔහු ඇය බැලීමට කොළඹ රිජ්වේ රෝහලට නිබඳවම ගියේය. ඇයගේ පියාගේ මරණින් පසු ඔහුට තිබූ ප්‍රධාන බාධකය ඉවත් විය. ශල්‍ය වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඔහු තුළ උනන්දුව තිබුණද විශේෂඥ වෛද්‍ය විභාගය කිරීමට ඔහුව යොමු කළේ ඇයයි. දැන් ඔහු ශල්‍ය විශේෂඥවරයෙකි. ඇය ළමා රෝග විශේෂඥවරියකි. එහෙත් ප්‍රේමා තවම එකම තැනය.

    ඔහු ප්‍රේමා විසින් ගෙන එන ලද ලිපි ගොනුවේ අත්සන් කළ යුතු තැන් වල තම කෙටි අත්සන තැබුවේ වාට්ටුව ගැන කල්පනා කරමිනි. ප්‍රේමා පිටත්ව යෑමත් සමග වෛද්‍ය සුදර්ශන් කාමරයට ඇතුළුවිය. කොළ පැහැති ශෛල්‍ය ඇඳුම ඇද සිටි ඔහු තම රෙදි හිස් වැස්ම ගැලවූයේ නළලින් වැගිරෙන දා ඩියද පිස ගනිමිණි.

    "සර් ලිස්ට් එක ඉවරයි. අර ෆාස්ටින් නැති ලෙඩා තියටර් අරගෙන ඒක කරන්නද?˜

    ඇත්ත වශයෙන්ම මෙය ඔහුට සහනයකි. දහවල් දෙකට සුදර්ශන්ට ශල්‍යකර්මයක් ආරම්භ කළ හැකිය. ඒ සමඟම ඔහුට නුවර බලා යාමට ඉඩ ප්‍රස්ථාව සැලසේ.

    " ඉස් දෙයා එනි ප්‍රොබ්ලම් යූ කෝල් මයි ෆෝන්.˜ ඔහු කීවේ සැහැල්ලු සිතෙනි. සුදර්ශන්ගේ ශල්‍ය හැකියාවන් ඔහු විශ්වාස කළේය. ඔහුට මනා අත් ගුණයක් ඇත. එහෙත් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමට ඔහු තුළ කැමැත්තක් නැත. සුදර්ශන්ට අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරයෙකු වීමටය. දැනටමත් සුදර්ශන් ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ පළමු විභාගය සමත්ව තිබේ. ප්‍රජා වෛද්‍ය විද්‍යාවට ලොල් කරන වෛද්‍යවරයෙකු ශල්‍ය වෛද්‍ය වාට්ටුවක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී ලෙස පත් කිරීම ගැන ඔහුට තිබුණේ ගැටළුවකි. එහෙත් වෙනසකින් තොරව සුදර්ශන් වාට්ටුවේ වැඩ හොඳින් කරගෙන යයි.

    "සර්, අර මෑන්ගේ කකුළ කපන්නේ නැතුව අපි ට්‍රයි එකක් දෙමුද?˜ සුදර්ශන් ඇසුවේ ශල්‍ය වෛද්‍යවරයාගේ තීරණය අභියෝගයට ලක් නොකරණ ස්වරයෙනි.

    "කොයි මෑන්ගේද?˜ ශල්‍යවෛද්‍ය වල්ගම්පායට රෝගියා ගැන හරි හැටි නිච්චියක් නොවීය.

    "සර් අර වෙදා ගෙන් බේත් කරලා කකුළ ඉන්ෆෙක්ට් කරගෙන ඉන්න මෑන්, අපි අද උදේ බැළුවේ"

    "හරි... හරී...˜ වෛද්‍ය වල්ගම්පාය කීවේ නොරිස්සුම් හඩකිනි. "කකුල ගොඩක් ඉන්ෆෙක්ට් වෙලා. සෙප්ටිසීමියා වලට යන්න ඉස්සෙල්ලා කපන්න වෙයි. මෝඩයෙක්... තුවාලෙට පත්තු බැඳලා. අනෙක් මිනිස්සුන්ට පාඩමකටත් එක්ක මුගෙ කකුල කපන්න ඕන.˜ ඔහු කීවේ යුද්දේ දී අල්ලාගත් සිරකරුවෙකුට සමාව නොදිය යුතුය යන ආකල්පයේ සිටින හමුදා නිළධාරියෙකු මෙනි.

    "අනිද්දා තියටර් ගමු..˜ ඔහු සියල්ල තීන්දු කළේය.

     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වෛද්‍ය සුදර්ශන් කිසිවක් නොකියා විශේෂඥ වෛද්‍ය නිළධාරී කාමරයෙන් එළියට පැමිණියේය. එදින දිවා ආහාරයෙන් පසු ශල්‍යවෛද්‍ය වල්ගම්පාය නුවර ගියේ මදක් දෙගෙඩියාවෙනි. වෛද්‍ය සුදර්ශන්ට ශල්‍යකර්මය කිරීම ගැන ගුරුහරුකම් දුන් ඔහු යම් ගැටළුවක් මතු වුවහොත් දුරකථනයෙන් ඇමතුමක් දෙන ලෙස කීවේය. එහෙත් නුවර ගිය වහාම ඔහුට රෝගියා ගැන මතක් නොවීය. කලෙකට පසු ඥාතීන් දුටු විට ඔහුට සියල්ල අමතක විය. රෝගියාගේ තත්ත්වය විමසීම සඳහා වෛද්‍ය සුදර්ශන්ට දුරකථනයෙන් කතා කිරීමට අමතක වූ නමුදු සවස හතට පමණ සුදර්ශන් වෛද්‍ය වල්ගම්පායට කථා කළේය. ශල්‍යකර්මය සාර්ථක බවත්, රෝගියා දැන් සිහිය ලබා වාට්ටුවට ගෙන ආ බවත්, සුදර්ශන් දැන්වීය. වෛද්‍ය වල්ගම්පායගේ සිතට දැණුනේ සහනයකි.

    "තෑන්ක් යූ සුදර්ශන්, මම හෙට එන්නේ නැහැ. පොඩි වැඩ වගයක් යෙදිලා. වෝඩ් එකේ වැඩ බලාගන්න.˜ ඔහු තම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියාට කීවේ සැහැල්ලු සිතිනි. ශල්‍ය වාට්ටු වලට නිතිපතා නොගියද, වාට්ටුවේ සිදුවන දෑ සියල්ලම ඔහුට ප්‍රේමා මගින් දැනගන්නට ලැබේ.

    ඥාතීන්ට තම නිවසේ අසිරිය පෙන්වා වෛද්‍ය වල්ගම්පාය ලැබුවේ අසීමිත ප්‍රීතියක් හා අභිමානයකි. "පුතා, නුවරට මාරුවක් ගත්තොත් නරකද?˜ විල්බට් බාප්පා ඇසුවේ විටක් කටේ දමා ගනිමිනි.

    "පහුවෙලා එනවා˜ ඔහු කීවේ නුවරට මාරුවක් ගැනිමට තමා එතරම් කැමැත්තක් නොදක්වන විලාශයෙනි. මහනුවර රෝහලට පත්වීමක් ලැබුණේ තමාට වඩා කණිෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකටය. ඒ පිළිබඳ විරෝධතා නඩුවක් පැවරුවද තවම තීන්දුව ප්‍රකාශයට පත් වී නොමැත.

    "නුවරට ආවා වගේ නොවෙයි. මෙහේ හරියට වැඩ.˜ බිරිඳ කීවේ නුවරට මාරුවක් ගැනීම යනු — තව්තිසා දෙව්ලොවට˜ පැමිණීම​වැන්නක් නොවන බව විල්බට් බාප්පාට සනාථ කිරීමට මෙනි.

    පසු දින වාට්ටුවේ වැඩ කටයුතු පිළිබඳ වගකීම පැවරුණේ වෛද්‍ය සුදර්ශන්ටය. ඔහු රෝගීන්ව හොඳින් පරීක්ෂා කළේය.

    "හොඳ දොස්තර මහත්තයා. ලෙඩුන්ට හරිම කරුණාවයි. දෙමළ මහත්තයෙක් වුනත් හොඳට සිංහල කථා කරනවා.˜ ඇඳක් නොමැතිව බංකුවේ වාඩි වී සිටි උපාරිස් පැවසීය.

    උපාරිස්ගේ කකුලේ තුවාලයකි. එය දැනට අවුරුදු තුනකටත් වඩා පැර‚ය. ඔහු වාට්ටුවට ඇතුළුවන්නේ තුවාලය පෙන්වමිනි. ගෙයක් දොරක් නැති උපාරිස්ට වාට්ටුවෙන් තුන් වේලම නොමිලයේ කෑම ලැඛෙයි.

    " ඒ උනාට අපි කොහොමද දන්නේ හිත අස්සේ මොනවා තියෙනවාද කියලා. යටින් ඔක්කෝම කොටින්ට සපෝට්.˜ පැවසුවේ උපාරිස් අසල සිටි තරුණ රෝගියෙකි. හමුදාවෙන් පලා ඇවිත් ගමේ චණ්ඩිකම් කළ ඔහුගේ මුහුණ හරහා දැලි පිහි පාරක් වැදී තිබේ. දැන් තුවාලය හොඳටම සුව වී ඇත.

    වාට්ටුවේ රෝගීන් සියළු දෙනාවම පරික්ෂා කළ වෛද්‍ය සුදර්ශන් කකුල පැසවා තිබුණු රෝගියා ගැන විශේෂ අවධානය යෙදීය.

    "මිස් මේ ලෙඩාට කොහොමද?˜ ඔහු හෙදියගෙන් විමසීය.

    "මෙයාට උණ තියෙනවා. දැන් කෑම කන්නෙත් නෑ.˜ හෙදිය පැවසුවාය.

    "කෝ දිව පෙන්නන්න...˜ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි රෝගියාගේ කම්මුලට සිහින් තට්ටුවක් දැම්මේය. අසරණ විලාශයකින් ඇඳේ වැතිර සිටි රෝගියා මුඛය ඇර දිව පෙන්වීය.

    "ලේ මදි වගේ.., HB එකක් කරන්න. මොනවද දැන් දෙන ඇන්ටිබයොටික්ස්.˜ ඔහු හෙදියගෙන් ඇසුවේ රෝගියාගේ ඇඳ ඉහපත් වාර්තාව කියවන ගමන්ය. "ඩොක්ටර් මෙයාට දෙන්නේ ඕරල් ඇමොක්සසිලිනුයි, ෆ්ලැජිළුයි"

    "ඒක මදිනේ..˜ වෛද්‍ය සුදර්ශන් හෙදියගේ දෑස දෙස එක එල්ලේ බැලීය.

    "දන්නැහැ ඩොක්ටර්. සර් දෙන්න කිව්වේ ඒවා තමයි.˜

    "බැරිද මෙයාට Zinacef ටිකක් දෙන්න.˜ වෛද්‍ය සුදර්ශන් ඇසුවේ වාට්ටුවේ මෙම ඛෙහෙත නොමැති බව දැනගෙනය.

    "ඒකට DMO ට ලියන්න ඕන. සර්ජන් අත්සන් කරලා.˜ හෙදිය කීවේ මෙම ඖෂධය ලබා ගැනීමට වෛද්‍ය වල්ගම්පායගේ අනුමැතිය අවශ්‍ය බව පෙන්වීම සඳහාය.

    "සර් එන්නේ හෙට. අදම පටන් ගන්න පුළුවන්නම් හොඳයි,˜ වෛද්‍ය සුදර්ශන් කීවේ රෝගියා දෙස බලමිනි.

    "අනේ, දොස්තර මහත්තයෝ මගේ කකුල කපන්න එපා.˜ රෝගියා ආයාචනය කළේය.

    "මොකද එහෙනං පත්තු බැන්දේ..˜ හෙදිය රෝගියාට කඩා පැන්නාය.

    විශාල වරදක් කර අසුවූවෙකු මෙන් රෝගියා හෙදිය හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියා දෙස බැලීය.

    "පලංචියෙන් බහිනකොට උණ කීරක් කකුලේ ඇනුණා. දවස් දෙකකට පස්සේ එතැන ගෙඩියක් ඇවිල්ලා සැරව පිරිලා රිදෙන්න ගත්තා. මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ, ඛෙහෙත් ගන්න යන්න. අපේ අල්ලපු ගෙදර ඉන්නේ වෙදෙක්. උන්දෑ බේත් වගයක් අඹරලා ගෑවා. ඊට පස්සේ කකුලේ හම වණ වෙලා කුද්දටි ආවා...˜ තව දුරටත් කතා කිරීමට ඔහුට නොහැකි බව පෙනුනි. —අනේ.. මහත්තයෝ.... බුදුබව අත්වෙයි මගේ කකුල කපන්න එපා....˜ ඔහුට තව දුරටත් කතා කිරීමට අපහසු විය.

    වෛද්‍ය සුදර්ශන් රෝගියාගේ කකුලේ වූ තුවාලය පරීක්ෂා කර බැලීය. කලවේ සිට බත් කෙණ්ඩ දක්වා පැතිරී ගිය විශාල තුවාලයකි. තුවාලය නිසා රෝගියා දිනෙන් දින දුර්වල වෙයි. වෛද්‍ය සුදර්ශන් ඇඳ ඉහපත පරික්ෂාවෙන් බැලීය. රෝගියාට පිටගැස්ම සඳහා එන්නතක් දී නැත. එහෙත් දැන් සතියක කාලයක් පුරා රෝගියා වාට්ටුවේ සිටියි. ඔහු වාට්ටුවේ ඇටන්ඩන්වරයෙකුට කතා කළේය. ඇටන්ඩන්වරයා රෝගියාට ළං වූයේ මුහුණ ඉවතට හරවා ගනිමිනි.

    "අපෝ ගඳ.. මස් කුණු වෙලා. මේ කකුල නොකපා බේරා ගන්න බැහැ.˜ ඔහු කීවේ වාට්ටුවේ වැඩ කිරීම නිසා තමන්ද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැණුමක් ලබා තිබේය යන හැ`ගීමෙනි.

    වෛද්‍ය සුදර්ශන් කිසිවක් නොෙදාඩා රෝගියාගේ කකුල අංශක තිහක් පමණ උසකට ඔසවා සිටින ලෙස ඇටන්ඩන්වරයාට නියම කළේය. ඉන් පසු ඔහු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් වලින් තුවාලය පවිත්‍ර කළේය. රෝගියා දුබල හඩින් කෑ ගැසුවේ වේදනාව නිසා විය හැක.

    "මේක තියටර් ගත්තනම් ඉවරයිනේ ඩොක්ටර්..˜ හෙදිය කීවාය. හෙදිය එසේ කීවේ මෙවැනි වැඩ වාට්ටුවේ නොකළ යුතු බව අනියම් විලාශයකින් කියන්නාක් මෙනි.

    "නෑ, දැන් ඉවරයි˜ ඔහු හෙදියට පවසා ගෝස් පටියකින් තුවාලය වෙලීය. —ඛෙහෙත් වෙනස් කරන්න​. මෙයාට අයි වී ෆ්ලුවිඩ්ස් එක්ක Zinacef දෙන්න​ මම​ ඩී.එම්.ඕ ට කථා කරන්නම්.˜ වෛද්‍ය සුදර්ශන් කීවේ කෙසේ හෝ මෙම ඖෂධය රෝගියාට ලබා දිය යුතු බව දනවන හැඟීමෙනි'

    ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියා දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාව දුරකථනයෙන් ඇමතීය. රෝගියා සදහා ප්‍රතිජීවක ඖෂධයක් වන Zinacef අවශ්‍ය බව පවසා එම ඖෂධ පිටතින් මිළට ගැනීමට අවසර ඉල්ලා සිටියේය. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයාගේ අවසරය හෙට අනිවාර්යෙන්ම ලබා දෙන බවට ඔහු වැඩි දුරටත් කීවේය. මේ පොරොන්දුව මත අවශ්‍ය ඖෂධ නිකුත් කිරිමට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එකඟ විය. පැය දෙකක් ඇතුළත දී අදාල ඖෂධ වාට්ටුවට ලැබුණි.

    පසු දින සෙනසුරාදාවක් වූ නිසා ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය වාට්ටුවට පැමිණියේ නැත. එහෙත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි සුදර්ශන් රෝගියාගේ තුවාලය පෙර සේ සෝදා පිරිසිදු කළේය. පැය අටකට වරක් ඔහුට ප්‍රතිජීවක එන්නත් කරන ලදී.

    සඳුදා උදෑසන වෛද්‍ය වල්ගම්පාය රෝගීන් බැළුවේ කඩිනමිනි. හදිසි අනතුරක් නිසා වාට්ටුවට එවන ලද රෝගියෙකු නිසා ඔහු ඔහුගේ අවධානය අනෙක් රෝගීන් කෙරෙහි යොමු කළේ යන්තමිනි.

    "සර්, මේ ලෙඩාට මොකද කරන්නේ˜ හෙදිය කෙට්ටු මේසන්වරයා පෙන්වා ඇසීය. හෙට ඇම්පියුටේෂන් එකට තියටර් ගන්න˜ ඔහු පැවසුවේ රෝගියාගේ තුවාලයවත් නොබලමිනි.

    " කෝ අර ඇක්සිඩන්ඩ් වෙච්ච ලෙඩා.....˜

    "සර්, අර ට්‍රොලියේ ඉන්නවා˜ හෙදිය තරබාරු රෝගියෙකු පෙන්නුවාය. ඉක්බිති හෙදිය මේසන්වරයා දෙසට හැරී —හෙට ඔහේගේ කකුල කපනවා. අද රෑ හතේ ඉදන් මොකුත් කෑමක් බීමක් ගන්න එපා. මෙන්න මෙතන අත්සන් කරන්න.˜ හෙදිය ඇඳ ඉහපත හා බෝල්පොයින්ට් පෑන ඔහුට දික් කළාය.

    "අනේ නෝනා, ˜ ඔහු දෑත් එකතු කොට හෙදියට වැන්දේය. —මගේ කකුල කපන්න එපා මම රස්සාව කරන්නේ කොහොමද?˜

    "ඒවා මම දන්නේ නෑ, ඇහුණානේ. සර්ජන් මහත්තයා කිව්වා හෙට ඔපරේෂන් කාමරයට ගන්නවා කියලා. දැන් මෙන්න. ඔපරේෂන් එකට කැමැත්ත දීලා මෙතන අත්සන් කරන්න˜ හෙදිය රෝගියාට විධානය කළාය.

    රෝගියා ඇඳ ඉහපත හෝ පෑන අතට ගත්තේ නැත. ඔහු දෙනෙත් වසා ගත්තේය. "මගේ කකුල කපන්න දෙන්න බැහැ නෝනා......˜ ඔහු සිහින් හඬින් කියා වැළපුනේය.

    රිය අනතුරට ලක් වී රැගෙන ආ රෝගියාගේ තත්ත්වය බරපතල බැවින් හෙදියට මේසන්වරයා සමඟ වාද කිරිමට වේලාවක් නොවීය. ඇය ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය අනතුරට පත් රෝගියා පරික්ෂා කරන ස්ථානයට ගියාය. "හෙඩ් ඉන්ජරි එකක්. බර්හෝල් එකක් කරන්න වෙයි.˜ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ගැඹුරු බැල්මක් හෙලමිණි.

    හදිසි අනතුරකට ලක් වී ඇත්තේ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. තම වාහනය නවත්වා පාර පනින විට වේගයෙන් පැමි‚ ත්‍රීවිලරයකට ඔහු හැපු‚. විසිවී ගිය ව්‍යාපාරිකයාගේ හිස පදික වේදිකාවේ වැදී එකෙනෙහිම ඔහුට සිහිසන් නැතිවිය. වට වූ පිරිස ත්‍රීවීල් රියදුරාට පහර දෙන අතර, තවත් කිහිප දෙනෙකු ඔහු රෝහලට ගෙන ආහ. එහෙත් ඔවුහු රෝගියා පිළිබඳ වගකිම බාරගැනීම ප්‍රතික්ෂේප කොට රෝගියාගේ ඥාතීන්ට රෝගියා පිළිබඳව දැනුම් දුන්හ.

    පැය බාගයක් ඇතුළත දේශපාලඥයන්, ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රෝහලට ඇමතුම් ගලා ආවේ වක්කඩය කැඩුවා සේය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාද රෝගියා බැලීමට වාට්ටුවට පැමිණියේය.

    රෝගියාට ශල්‍යකර්මයක් කොට මොළයේ ලේ ගැලීම නැවැත්විය යුතු විය. මෙය බරපතල ශල්‍යකර්මයකි. දැන් එය ඇරඹුවහොත් අද සවස් වන තුරුම කිරීමට සිදු වේ. ඇරත් වෛද්‍ය වල්ගම්පායට තම නීතිඥයා හමුවීමට යෑමට තිබේ. වෛද්‍ය වල්ගම්පාය දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැලිය. "මේක බොහෝම බරපතල වැඩක්. බර්හෝල් එකක් කරලා ලේ අරන් දාන්න ඕන. අපි කැන්ඩි ට්‍රාන්සර් කරමු "

    "බැරිද අපට මෙහෙ සර්ජරි කරන්න˜ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා ඇසුවේ රෝගියා එකවරම නුවරට මාරු කිරීම නුසුදුසු බව සිතූ නිසාය.
    තමාගේ මතය අභියෝගයට ලක් කරන විට වෛද්‍ය වල්ගම්පායට ඉවසුම් නොදේ. "ඩොක්ටර් ජයසිංහ...˜ ඔහු දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැවේ කෝප වූ දෙනෙතිනි. — මමයි මේ හොස්පිටිල් එකේ සර්ජන්. ලෙඩාට ස්පෙෂල් කෙයා අවශ්‍යයි. ලෙඩාව අපි නුවරට ට්‍රාන්සර් කරනවා.˜ ඔහු සංවාදය නිම කළේ රෝගියා මාරුකිරීමට අවශ්‍ය ලේඛණය පිරවීමට වෛද්‍ය දර්ශනට අණ කරමිණි.

    "සර්, ට්‍රාන්සර් කරන හේතු මොකක් කියලද දාන්නේ?˜ වෛද්‍ය දර්ශන ඇසුවේ ඔලොක්කුවට මෙනි.

    " අයිසේ දානවා For Special Management කියලා.˜ ඔහු නොඉවසිලිමත්ව පිළිතුරු දුන්නේය.

    වැඩි කලබලයකින් තොරව වගකීම නුවර පැටවීමට හැකිවීම ගැන ඔහු සිටියේ උද්දාමයෙනි. හැකි ඉක්මනින් රෝගියා ගිලන් රථයට දමන ලෙස වැඩි දුරටත් පිරිසට අණ කළේය.

    "සර්, මාත් ලෙඩා එක්ක යන්නද?˜ දර්ශන ඇසුවේ නුවර සවාරියක් යාමේ අභිලාෂයෙනි.

    "හොඳයි දර්ශනත් යන්න. ˜ ඔහු නේවාසික වෛද්‍යවරයාට අවසර දුන්නේය. ඔන්න අපි අපේ යුතුකම කළා. වාට්ටුවේ දොස්තර කෙනෙක් එක්ක ලෙඩා නුවර යැව්වා.˜ වැනි බැල්මකින් ඔහු ලෙඩාගේ ඥාතීන් දෙස බැලීය.

    "ඩොක්ටර් ලෙඩාට අමාරුද?˜ රෝගියාගේ ඥාතියෙක් විචාලේය.

    "ඔව් ටිකක් අමාරුයි. ඒක නිසයි අපි ලෙඩාව නුවර යැව්වේ. බයවෙන්න එපා අපේ දොස්තර මහත්තෙකුත් ලෙඩා එක්ක ගියා.˜ වෛද්‍ය වල්ගම්පාය කීවේය.

    දහවල් කාලය වැඩි කලබලයකින් තොරවම ගෙවී ගියේය. එහෙත් හදිස්සියේම ඔහුට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාගෙන් ඇමතුමක් ලැබුණි .

    "සර්, අපි නුවරට ට්‍රාන්සර් කරපු ලෙඩා නුවරට කිට්ටු වෙද්දී මැරිලා. නුවරට ගිහාම කියලා තියෙනවා නුවරට එවන්නේ නැතුව මෙහෙ බර්හෝල් එක කළා නම් ලෙඩා බේරාගන්න තිබුණා කියලා. මැරිච්ච මිනිහා බිස්නස් කාරයෙක්. මේක ඇදෙයිද දන්නේ නැහැ.˜

    "ඩොක්ටර් ජයසිංහ, ඔය මිනිස්සු මාත් එක්ක ඇටෑක් එකට ඉන්න නිසා ඔය එක එක කතන්දර කියනවා. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැනේ. අපි මොනවා කරන්නද?˜ ඔහු රිසිවරය තැබුවේ කැළඹුණු සිතිණි . උගෙ කරුමෙට ඌ මැරිලා. ඒකට මම මොනවා කරන්නද?˜ ඔහු සිතෙන් මළ මිනිසාට දොස් පැවරීය. මියගිය රෝගියාගේ ඥාතීන්ට නුවර රෝහලේ වෛද්‍යවරුන් තමා පිළිබඳව යම් දොසක් පැවසුවහොත් ඔවුන් තමා සමඟ තදින්ම උරණ වනු ඇත. මියගිය තැනැත්තා යමක් කමක් කළ හැකි අයෙකි. —අපරාදේ මම ට්‍රාන්සර් කළේ. මෙහෙ තියටර් ගත්තානම් ප්‍රශ්ණේ ඉවරයි. මෙහිදී මැරුණානම් කියන්න පුළුවන් අපි කරන්න පුළුවන් හැමදේම කළා කියලා. ඔහු හිසට අත තබාගෙන සිතුවේය.

    "ඇයි සර් හිසේ ඇම්මද?˜ ප්‍රේමා ඇසුවාය.

    "නෑ, නිකං ප්‍රේමා, ඇයි ප්‍රශ්නයක්ද?˜

    " සර්, ......˜ ප්‍රේමා රහසක් කියන්නාක් මෙන් ළං වූවාය. —අර හැප්පිලා මැරිච්ච මුදලාලිගේ මල්ලිලා වගයක් OPD එකේ කෑ ගහනවා. අපේ වාට්ටුවේ කවුරු හරි කියලා, සර් ලෙඩ්ඩු හරියට බලන්නේ නැතිව නුවරට යවනවා කියලා. මට හිතෙන්නේ සුගතපාල මහත්තයා වෙන්න ඕන.

    සුගතපාල යුනියන්කාරයෙකු නිසා ඔහු සමඟ පැටලීමද සුභ නැත. සුගතපාලට සුභසාධක මුදල් වංචා කිරීමේ චෝදනාවක් තිබේ. මේ දක්වා ඔහු දැක්වූයේ නිහඞ ප්‍රතිපත්තියකි. මුගේ සුභසාධක කේස් එකට ඇටෙන්ඩන්ලාව ෆෝම් කරා නම් හරි. ඔහු සිතුවේ සුගතපාලගේ ඇල්ලිය යුතු නිළය ගැන සිතමිණි. ලබන සැරේ මිනිහව වෙන වෝඩ් එකකට දාන්න කියනවා.

    "සුගතපාල මහත්තයා මොකටද ඔය අනවශ්‍ය දේවල් ගැන කියවන්නේ. අර තමන්ට තියෙන සුභසාධක සංගමයේ මුදල් වංචා කිරීමේ චෝදනාව ගැන බලාගත්තානම් ඉවරනේ.˜ ඔහු ප්‍රේමා දෙස යන්තම් බලා කීය. ප්‍රේමා මෙම ආරංචිය රැගෙන රෝහල පුරා යනු ඇත. එයින් වත් සුගතපාල මට්ටු වනු ඇතයි වෛද්‍ය වල්ගම්පායට සිතිණි. අද දිනයේ රෝහලින් බැහැරව යාම සුදුසු නැත. ඔහු අරමුණකින් තොරව වාට්ටුවේ රැදී සිටියේය. නීතිඥයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු නීතිඥයා හමු වීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියේය. —මේ අහක යන කේස් එකක් නිසා මුළු දවසම පාළු උනා.˜ ඔහු සිටියේ නොරිස්සුම් ගතියෙනි.

    "සර්, හෙට තියටර් ලිස්ට් එක යවන්නද?˜ නේවාසික වෛද්‍ය නිරූපමා ඇසුවාය. දර්ශන නුවර යාම නිසා ඇය ඔහුගේ වැඩ කොටසද කරන්නීය. "යවන්න˜ ඔහු පැවසූවේ වාට්ටුවේ ප්‍රශ්න විය හැකි රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබා දිය යුතු බැවිනි. තවත් ප්‍රශ්න වෙන්න ඉස්සරවෙලා වාට්ටුව සුද්ද කරගෙන ඉන්න ඕනෑ. ඔහු අදිටන් කර ගත්තේය.

    පසු දින උදෑසන ඔහු ශල්‍යාගාරයට පැමිණියේ වාට්ටුවේ මෙතෙක් ප්‍රමාද වී තිබුණු ශල්‍යකර්ම අවසන් කිරීම සඳහාය. ප්‍රධාන ශල්‍යකර්ම තුනක් කිරීමෙන් පසු ඔහුට මේසන්වරයා මතක් විය. "අර කකුල ඇම්පියුවේට් කරන්න ඉන්න ලෙඩා තවම ගෙනාවේ නැත්තේ ඇයි.? ඔහු ඊළගට මේසන්වරයා ගෙන එන ලෙස නේවාසික වෛද්‍යවරියට නියෝග කළේය. පැය බාගයක් පමණ ගත වුවද රෝගියා වාට්ටුවෙන් එව්වේ නැත. මෙවර ඔහුට කේන්ති ගියේය. "අයිසේ, මොකද මේ වැඩේ?. ඉක්මනට ලෙඩා එවනවා.˜ වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය වාට්ටුවේ හෙදියට නියෝගයක් දුන්නේ දුරකථනයෙනි.

    "සර්, කකුල කපන්න දෙන්න බැහැ කියනවා. BHT එකේ අත්සන් කරලත් නැහැ...˜ හෙදිය පැවසුවේ තම අත වරදක් නැතැයි කියන ස්වරයෙනි. විශේෂඥ වෛද්‍ය වල්ගම්පාය තම හිස් වැසුම හා අත්වැසුම් ගලවා දැමුවේ කෝපයෙනි. අනතුරුව රිසිවරය තදින් අල්ලාගත් ඔහු හෙදිය ඇමතීය. —ඇම්පියුටේෂන් එකට කැමැත්ත දීලා අත්සන් කරන්න බැරිනම් ටිකට් කපාගෙන යන්න කියනවා.˜ ඔහු සංවාදය අවසන් කළේය.

    "වෙන ලෙඩෙක් ටේබල් එකට දාන්න..˜ ඔහු නේවාසික වෛද්‍යවරියට පැවසුවේ මුදු ස්වරයෙනි.

    "සර්, ලෙඩාගේ වුන්ඩ් එක දැන් ටිකක් සනීපයි. සර් දැක්කේ නැද්ද?˜ ශල්‍ය වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාට කිට්ටු වී පැවසීය.

    "වැඩක් නැහැ. සෙප්ටිසෙමික් ෂොක් එකකට ගියොත් ලෙඩා මැරෙයි. ඒකේ බ්ලේම් එකත් මට ගන්න වේවි˜ ඔහු පිළිතුරු වශයෙන් කීවේය.

    සර්, අපි සිනසෙෆ් ස්ටාට් කළා. සුදර්ශන් කීවේ පණ්ඩිත වැඩක් කිරීම පිළිබඳච දොස් ඇසීමට සිදුවේදැයි දෙගඩියාවෙනි.

    "මම හැම දාම තුවාලය සුද්ද කරලා දැම්මා....˜ ඔහු කීවේ තම ක්‍රියාව සාධාරණීකරණය කරන විලාශයෙනි.

    වෛද්‍ය වල්ගම්පාය කිසිවක් කීවේ නැත. ඔහු නිහව සැතපෙන ශල්‍ය මේසය මත සිටි රෝගියාගේ උදරය හරහා කැපුමක් කළේය.

    දිවා ආහාරයෙන් පසු මේසන් රෝගියා බැලීමට ශල්‍ය වෛද්‍ය වරයාට සිත් විය. ඔහු වාට්ටුවට ගොස් රෝගියාගේ තුවාලය පරීක්ෂා කළේය. ගත වූ දින කිහිපය තුළ දී තුවාලයේ යහපත් වෙනසක් වී ඇත. තුවාලය සුව වන ලකුණු පහල වී තිබේ. එහෙත් තමාගේ මුල් තීරණය සිඳ දැමීමට ඔහු සූදා නම් නොවීය. "බලමු තාම සනීප මදි. තුවාලය පැතිරුනොත් කකුල කපන්න වෙයි.˜

    "අනේ බුදු දොස්තර මහත්තයෝ, මගේ කකුල බේරලා දෙන්න....˜ රෝගියා යළි ආයාචනයක් කළේය.

    "හෙට මෙයාව තියටර් එකට දාන්න. තුවාලය සුද්ද කරන්න.˜ වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍යවරයා දෙස බලා හෙද සොහොයුරියට පැවසුවේ ප්‍රාණවත් හඩකින්ය. වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කිසිත් විරෝධයක් නොපෑ බැවින් එම තීරණය සම්මත විය.

    " මේ උදේනිස්..˜ සුදර්ශන් රෝගියාට කථා කළේ මෘදු හඩකිනි. "හෙට ඔපරේෂන් කාමරයට ගෙනිහිල්ලා අපි තුවාලය හොඳට සුද්ධ කරමු. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා උදේනිස්ගේ කකුල බේරා ගන්න"

    රෝගියා වෛද්‍යවරයා දෙස බැවේ කෘතඥපූර්වකවය. පසු දින උදෑසන රෝගියා ශල්‍යාගාරයට ගෙන ගිය සුදර්ශන් රෝගියාගේ තුවාලය හොඳින් සුද්ද කිරීම ඇරඹීය. හැලොතේන් වායුව ආඝ්‍රාණය කිරීම නිසා රෝගියා සිටියේ නිශ්චලවය. ඒ අතරවාරයේ තුවාලයේ අස්සටම හයිඩි්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් දමමින් හෙතෙම තුවාලය පිරිසිදු කළේය. එදින සවස වන විට රෝගියාගේ උණ බැස තිබුණි. සිහිය ආ පසු ඔහු යමක් කෑමට ඉල්ලීය.

    සුදර්ශන්ගේ වෑයම නිසා රෝගියාගේ තුවාලය ක්‍රමයෙන් සුව විය. මේ කාලය තුළ දී නොකඩවා ප්‍රතිජීවක රෝගියාට ලබා දෙනු ලැබීය. තම කකුල කපා නොදමන බව රෝගියාට දැන් විශ්වාසය. ඔහු හොඳින් ආහාර ගත්තේය. අනෙකුත් රෝගීන් සමග කථා බස් කළේය.

    "මීට පස්සේ පත්තු බඳින්න යන්න එපා ˜ තරුණ හෙදිය වන චිත්‍රාංගනී කීවාය. මෑතකදී පත්වීම ලැබූ ඇය රෝගීන්ට අතිශයින්ම කරුණාවන්තය.

    "අනේ නැහැ මිසී, ˜ උදේනිස් කීවේ යළි වැරදි නොකරන බවට පොරොන්දු වන පාසල් දරුවෙකුගේ විලාශයෙනි.

    "ඉතිං තමුසෙට වෙදාගෙන් වන්දි ඉල්ලා ගන්න පුළුවන්නේ..˜ කටකාර ඇටන්ඩන්වරයෙකු වූ ජයම්පතී කීවේය.

    " නෑ, කංකානම් මහත්තයා, වෙද උන්නැහේ මට බේත් කළේ මයිත්තිරියෙන්මයි.. තුවාලේ සනීප වෙන්න කියලා. මගේ කරුමෙට බේත විස වුනා. ඇරත් ඒ මිනිහා හොඳටම වයසයි. අපේ ගමේ සර්පයි දෂ්ට කරපු ජීවිත කීයක් උන්දෑ බේරාගෙන තියෙනවාද? ˜ ඔහු පිළිතුරු දුන්නේ උපේක්ෂා සහගතවය.

    උදේනිස් සම්පූර්ණ සුවය ලැබුවේ තවත් සුමාන හයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවය. ඔහුගේ තුවාලය සනීප වූ අතර කළුපාට තුවාල කැළල පමණක් ඉතිරි විය. ටිකට් කැපුවාට පසු උදේනිස් වාට්ටුවෙන් පිට වූයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පායගේ දෙපතුල් අල්ලා වැඳ වැටීමෙනි. "මහත්තයාට බුදු බව අත් වෙන්ඩ ඕනෑ.....කකුල නොකපා මාව සනීප කරාට...." ඔහු පැවසුවේ දෙනෙතින් එන කඳුළු කමිස අත්වල පිස දමමිනි. ශල්‍ය වෛද්‍යවරයා කිසිවක් කීවේ නැත. නිහඩව බලා සිටියා පමණි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග​


    http://transyl2014.blogspot.sg/2015/04/blog-post_23.html
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    MIRACLE OPERATION PERFORMED BYDOCTORS AT MAWANELLA HOSPITAL

    6 foot wooden rafter that pierced through the stomach of a carpenter had been surgically removed successfully.

    A frightful story of a 6 foot wooden rafter that pierced through the stomach of a person working in a sawmill workshop has been reported the other day from Mawanella. Due to the competency, intelligence and the cleverness of the doctors in the Mawanella hospital, the life of this saw mill owner was saved as they could successfully remove the rafter without causing any harm and damage to the patient’s internal organs.

    The name of the person who had been working in a saw mill in Hemmathagama for over 7 years is Dissanayake is now a 53 year old. He is undoubtedly competent carpenter. He had been sawing wood from the sawing machine with the help of an apprentice worker a wooden rafter has escaped their hands had met wit this almost fatal accident and dreadful incident.

    Without knowing what the people could do in such a dreadful situation, they had very appropriately called the hospital authorities while this person was clamoring in pain holding the wooden rafter which had pierced through his stomach.

    Dr K.M Gamage, one of the Medical officers has sent an ambulance after listening to the story of the patient and he had given immediate instructions to bring the patient as soon as possible to Mawanella hospital without letting the rafter to move from the position it was in,.
    When Surgeon Nishantha Wijenayake had heard the news of this patient he has arranged the ICU of the Mawanella hospital.

    However, when they had seen the patient they have realized that it was difficult to take the patient inside because of the 6 foot rafter that had remained embedded within his stomach. They have taken immediate actions to give basic treatments to the patient who was fighting between life and death outside the ward while taking blood samples. Then they have requested to bring the saw machine to cut the rafter after the patient had been admitted to the ward.

    Surgeon Nishantha Wijenayake had done the surgery successfully with the help and able assistance of Dr. Kosala Gunasekara, the Anesthetic surgeon Dr. Indunil, Anesthelogist Dr Ashoka, and the nurses and the other related medical staff.

    The saw mill worker by name Dissanayake had recovered fully after the surgery. He owes a tremendous amount of gratitude to the gods above and particularly to the doctors who saved his life by operating on him performing a miraculous successful operation.
    After this successful surgery, Dr. Nishantha Wijenayake Halpegamage stated that after such a dreadful accident the patients should be hospitalized without removing the stake because human beings have only about 5 liters of blood and a person could succumb to death die due to loss of blood. Therefore precautions should be taken to avoid excessive bleeding.

    Sroty and photographs by U.R.Jayantha Senanayake-in Mawanella
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම වැඩකරන්නේ ලංකාවේ IT company එකක.කාලෙන් කාලෙට මට අපේ company එකේ වැඩවලට Office එක නියෝජනය කරමින් සහභාගී වෙන්න වෙනවා.සමහරවිට අවුරුද්ද දෙක මට වෙන රටවල් වල වැඩකරන්න වෙන හින්දා මම මගේ පවුලේ අයවත් පුළුවන් වෙලාවට ගෙන්න ගන්නවා.

    මේ සිද්ධිය වුනේ මෑතකදී.මගේ පොඩි දුවගේ injection course එක මාස නමයේදී නවත්තලා මම හිටපු UK වලට ගෙන්න ගන්න උනා.ඉතිං Wife ගිහිල්ලා විශේෂඥ දොස්තරගෙන් ඉල්ලලා තිබුණා UK ගිහින් ඉතුරු injection ටික ගහගන්න Doctor පොඩි note එකක් ලියලා දෙන්න කියලා.(රටවල් දෙකේ injection course පොඩ්ඩක් වෙනස්.අපිට තේරෙන්නේ නෑනේ ඕවා).

    විශේෂඥ දොස්තර කියලා තියෙනවා එහෙ ගිහින් බබාගේ MOH එකෙන් දෙන පොත පෙන්නන්න එතකොට ඒ ගොල්ලෝ අවශ්‍ය කරන Injection ටික හරියට ගහයි.මට note ලියලා දෙන්න බෑ කියලා.

    පස්සේ දුව UK ආවම එහෙ දොස්තර කියනවා MOH පොතේ sticker අලවලා තිබ්බට ලංකාවේ දොස්තර කෙනෙක්ගෙන් ලියුමක් වත් නැතුව අපිට Injection ගහන්න බෑ කියලා.MOH පොත ලංකාවේ valid උනත් අනික් රටවල්වලට ඒක වලංගු වෙන්නේ නෑ කියලා.UK consultant කියනවා දුවව බලපු ලංකාවේ වෛද්‍යවරයා තමා බබා ගැන හොඳටම දන්නේ කියලා.එයා කියනවා සමහර Injections ඒ හේතුව නිසා දුවට දෙපාරක් ගහන්න වෙනවලු.

    ඉතිං මම ලංකාවේ දොස්තරට කථා කරලා කිව්වා ඔය සිද්ධිය.දොස්තර කියනවා ඔහේ ඉන්න අයට අපිට උපදෙස් දෙන්න බෑ ඒගොල්ලෝ අපි කියන දේවල් අහන්නේ නෑ කියලා .(යන්නේ කොහෙද මල්ලේ පොල් !)
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මේක තව මම දන්න දොස්තර මහත්තයෙක් ගැන.කැලණියේ ඉන්නවා දොස්තර සංජය කියලා විශේෂඥ දොස්තර මහත්තයෙක්.මම මේ කතාව ඇහුවේ කළුබෝවිල ඉස්පිරිතාලේ වැඩ කරන මගේ ඉස්කෝලේ යාළු දොස්තර කෙනෙකුගෙන්.

    කැලණියේ දුප්පත් පැල්පත් වාසි මිනිස්සු ගොඩක් ඉන්නවා .මේ දොස්තර ඒ මිනිස්සුන්ගෙන් සල්ලි කීයක්වත් ගන්නේ නෑ .ඊට අමතරව මේ දොස්තර හැම වෙසක් පෝය දවසටම එයාගේ ඩිස්පෙන්සරිය ඉස්සරහා දන්සලක් දෙනවා. සුනාමි ,ගංවතුර දවස්වලට ඩිස්පෙන්සරිය ඇතුලේ කැටයක් තියලා සල්ලි එකතු කරනවා,බැනර් එකක් දාල සල්ලි එකතු කරනවා.ඊට පස්සේ දවස් දෙක තුනක් නිවාඩු දාලා පොලිසියේ රාළහාමි කෙනෙකුයි ,හාමුදුරුවොයි,ගමේ මිනිස්සු ටිකකුයි එක්කගෙන ගිහිල්ලා අසරණ මිනිස්සුන්ට දෙනවලු.

    මම දන්න දන්නා කථා මේකේ දාන්නම්.දැනටමත් 700ක් වගේ දෙනා මේක කියවලා තියෙන එක ගැන සතුටුයි.තම තමන් දන්නා කථා මේකේ දාන්න.හොඳ දේ අගය කරන්න ඕනේ දොස්තරගේ නම්ගම් එක්ක.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ බහුතරයක් වෛද්‍යවරු ගැන පැහැදීමක් නෑ. හුගක් උන් හොරු. සමහරු හෙන වනචරයො. ඔය නාරි ප්‍රසව උන්නම් ඔය වැඩේට යන්නෙ ගෑනුන්ගෙ අහවල් එකට ඇගිල්ල ගහන්නමයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ නෑදෑයෙක් අකාලේ නැතිවුනා, ගෙදර වෙච්ච ඇක්සිඩන්ට් එකකින්, උඩක ඉදලා වැටිලා ඊට පස්සේ සිහිය නැති වුනා හොස්පිටල් එකට ගෙනිච්චට එතන වැඩ හරියට කාර්යක්ශම වුනේ නෑ, කොලබ හොස්පිටල එකට ගෙනියන්නේ නැතිව බීලා ලෙඩ දාගත්ත මනුස්සයෙක්ව කොලබ හොස්පිටල් එකට යැවුවා මෙයාව යවන්නේ නැතිව ඊට ගොඩ වෙලාවකට පස්සේ කොලබ යවලා,ඒත් යවන්ඩ කලින් කිසිම දෙයක් කරලා නෑ, රෝහලේ කාර්යමන්ඩලය හරියට වැඩේ කෙරුවේ නෑ, කොලබ යවලා සතියක් මැශින් වලින් සිහිය නැතිව හිටියා, ඒත් සිහිය ආපු නැති හින්දා මොලය මැරිලා කියලා තියාගෙන හිටියට වැඩක් නෑ කිවුවා, මොලේ ලේ නහරයක් තැලිලා ලේ මොලේට ගිහිල්ල තිබුනේ,ඔපරේශන් කිහිපයකුත් කලා ඔලු කට්ටේ කොහෙන්ද ගලවලා, එහෙදිත් දොස්තර කෙනෙක් නර්ස්ලා වෙලාවට ඇවිල්ල නෑ, බාප්පට පොඩි බබෙකුත් ඉන්නවා,

    ඒ වගේ නරක දේවලුත් තියෙනවා, හොද අයත් ඉන්නවා,

    අදාල නොවුනාට මේ නූලට --- රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ අය හොදයි කියලා අපි කියන්නේ නෑ.
    :no::no:
     
    Last edited: