වෛද්‍යවරු හොඳ || නරක

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇට්ටරයා;21305999 said:
    Thanks machan

    ලංකාවෙ බහුතරයක් වෛද්‍යවරු ගැන පැහැදීමක් නෑ. හුගක් උන් හොරු. සමහරු හෙන වනචරයො. ඔය නාරි ප්‍රසව උන්නම් ඔය වැඩේට යන්නෙ ගෑනුන්ගෙ අහවල් එකට ඇගිල්ල ගහන්නමයි.
    Thanks machan..

    මටත් වෙලාවකට පුදුමයි කොහොමද private Practice කරන්න වෙලාව හොයාගන්නේ කියලා.
    4PM කළුබොවිලෙන් off වෙන Doctor කොහොමද Durdens හොස්පිටල් එකට 5.00PM වලට එන්නේ කියලා .
    (අපිට කවදාවත් ඔය traffic අස්සේ එන්න බෑ මොන පාරෙන් ආවත්. අඩුම තරමේ පැය 1.5 -2ක් යනවා.Durdens එකේ First appoinment එක තියෙන්නේ 4.30PM )


    Thanks machan..
    අපේ නෑදෑයෙක් අකාලේ නැතිවුනා, ගෙදර වෙච්ච ඇක්සිඩන්ට් එකකින්, උඩක ඉදලා වැටිලා ඊට පස්සේ සිහිය නැති වුනා හොස්පිටල් එකට ගෙනිච්චට එතන වැඩ හරියට කාර්යක්ශම වුනේ නෑ, කොලබ හොස්පිටල එකට ගෙනියන්නේ නැතිව බීලා ලෙඩ දාගත්ත මනුස්සයෙක්ව කොලබ හොස්පිටල් එකට යැවුවා මෙයාව යවන්නේ නැතිව ඊට ගොඩ වෙලාවකට පස්සේ කොලබ යවලා,ඒත් යවන්ඩ කලින් කිසිම දෙයක් කරලා නෑ, රෝහලේ කාර්යමන්ඩලය හරියට වැඩේ කෙරුවේ නෑ, කොලබ යවලා සතියක් මැශින් වලින් සිහිය නැතිව හිටියා, ඒත් සිහිය ආපු නැති හින්දා මොලය මැරිලා කියලා තියාගෙන හිටියට වැඩක් නෑ කිවුවා, මොලේ ලේ නහරයක් තැලිලා ලේ මොලේට ගිහිල්ල තිබුනේ,ඔපරේශන් කිහිපයකුත් කලා ඔලු කට්ටේ කොහෙන්ද ගලවලා, එහෙදිත් දොස්තර කෙනෙක් නර්ස්ලා වෙලාවට ඇවිල්ල නෑ, බාප්පට පොඩි බබෙකුත් ඉන්නවා,

    ඒ වගේ නරක දේවලුත් තියෙනවා, හොද අයත් ඉන්නවා,

    අදාල නොවුනාට මේ නූලට --- රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ අය හොදයි කියලා අපි කියන්නේ නෑ.
    :no::no:
    ඔයවගේ දේවල් අනන්තවත් වෙනවා.අපේ සීයා කෙනෙකුගේ Sugar වැඩිවෙලා(1996 වගේ) ගෙදරට ළඟම ඉස්පිරිතාලෙට දැම්මා.ඊට පස්සේ සතියක් තියාගෙන හිටියා Test වගයක් කරන්න තියෙනවා කියලා.කිසිමදෙයක් කරන්නේ නෑ වගේ පෙනුන නිසා අපි Private හොස්පිටල් එකකට ඇඩ්මිට් කළා.එතකොට එතන හිටපු දොස්තර කියනවා විලුඹ ගාවින් කකුල කපන්න ඕනෙලු.මෙච්චර කල් මොකද ඉස්පිරිතාලෙකට ගෙනිච්චේ නැත්තේ කියලා අහනවා.දැන් අපි කාටද බං පැමිණිලි කරන්නේ ? සීයාගේ වැඩ වලට ඊට පස්සේ අවුරුදු ගානක් යනකල් සීයාගේ දුවෙක් රස්සාවෙන් අස් උනා.නරක වෙලාව කියලා හිත හදා ගත්තා.

    Thanks machan
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මගේ යාලුවෙකුගේ තාත්තගේ surgery එකක් කරන්න ගියාම waiting list එකේ ඉන්න කිව්වලු මාස 8ක්.ඉතිං එහෙම ඉන්නකොට අඳුරන දොස්තරකෙනේක්ගෙන් ඇහුවම කීවලු අඳුරන දොස්තරකෙනෙක් ඉන්නවනම් සතියෙන් දෙකෙන් වැඩේ කරගන්න පුළුවන් කියලා .
    මේ දේ 100% වැරදියි තමයි.ඒත් අනිත් මිනිස්සුත් කරන හින්දා පොර කියනවා හිත හදාගෙන එහෙම කර ගත්තලු.Operation එක ඉවරුනාම Fab එකෙන් ලොකු කේක් එකක් ගෙනිහින් දුන්නලු theater එකේ හිටපු අයට. එළියට එද්දී මිනිහට අහුනලු දුප්පත් සීයා කෙනෙක් දුවට කියනවා ලෙඩ්ඩු ගොඩක් ඉන්න හින්දා ලබන අවුරුද්දේ එයාගේ operation එක කරන්න වෙන්නේ කියලා දොස්තර මහත්තයා කිව්වා කියලා.

    මිනිහා ඕක මාත් එක්ක කිව්වේ බොන්න සෙට් වුනු වෙලාවක.මිනිහටත් දුකයි වුනු දේට.දොස්තර කෙනෙකුගේ පවුලේ කෙනෙකුට ඔහොම පෝලිම පැන්නුවාට කමක් නෑ ඒත් ඥාති පරම්පරාව ,හිත මිත්‍රාදීන්ට එහෙම කරන එක නම් අනුමත කරන්නපුළුවන්ද ?
    .
     
    Last edited:

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ලංකාවෙ බහුතරයක් වෛද්‍යවරු ගැන පැහැදීමක් නෑ. හුගක් උන් හොරු. සමහරු හෙන වනචරයො. ඔය නාරි ප්‍රසව උන්නම් ඔය වැඩේට යන්නෙ ගෑනුන්ගෙ අහවල් එකට ඇගිල්ල ගහන්නමයි.

    උඹ නම් ගෑනියකුගේ එකක් දැකලවත් නැත්ද කොහෙද. ඔකේ උඹ හිතන තරම් සුන්දර එකක් නෙවෙයි.
    ලෙඩ තියනකොට ඊට එහා. කුණු ගඳ. dilivery වලදී එතන තල මල වගේ ඉරෙනවා සමහර වෙලාවට.
    ඒවා මහණකොට පුදුම අතල් එකක් එන්නේ. සමහරුන්ගේ යෝනිය ඉරෙනවා ගුද මාර්ග පැත්තට.
    කොහොමද සැප, මළ මුත්තරා දෙකම එක ගොඩේ එනකොට. ඒවා අතින් සුද්ද කරලා මහණකොට පුදුම අතල් එකක් එන්නේ, උඹ ඔය කියන විදියට.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ නම් ගෑනියකුගේ එකක් දැකලවත් නැත්ද කොහෙද. ඔකේ උඹ හිතන තරම් සුන්දර එකක් නෙවෙයි.
    ලෙඩ තියනකොට ඊට එහා. කුණු ගඳ. dilivery වලදී එතන තල මල වගේ ඉරෙනවා සමහර වෙලාවට.
    ඒවා මහණකොට පුදුම අතල් එකක් එන්නේ. සමහරුන්ගේ යෝනිය ඉරෙනවා ගුද මාර්ග පැත්තට.
    කොහොමද සැප, මළ මුත්තරා දෙකම එක ගොඩේ එනකොට. ඒවා අතින් සුද්ද කරලා මහණකොට පුදුම අතල් එකක් එන්නේ, උඹ ඔය කියන විදියට.
    උඹත් දොස්තර කෙනෙක් වෙන්න ඇති. මන් කිව්වෙ නෑනෙ ඕක සුන්දරයි කියල. ඒත් හුගක් උන් ඔය වැඩේ පටන් ගන්නෙ ඔය අරමුනින්.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හුගක් වෛද්‍යවරු ගැන පැහැදීමක් නැති උනාට මිථ්‍යාවලට විරුද්ධව කෙළින්ම ප්‍රතිවාදියට කනට ගහනව වගේ කතා කරන ජනක ජයසූරිය වගේ වෛද්‍යවරු ගැන මට මාර රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ. පහළ ලින්ක් එක බලන්න.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1851
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    kaalina thread ekak

    හුගක් වෛද්‍යවරු ගැන පැහැදීමක් නැති උනාට මිථ්‍යාවලට විරුද්ධව කෙළින්ම ප්‍රතිවාදියට කනට ගහනව වගේ කතා කරන ජනක ජයසූරිය වගේ වෛද්‍යවරු ගැන මට මාර රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ. පහළ ලින්ක් එක බලන්න.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1851

    Thanks machan..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තව එක දවසක් අපේ ගෙවල් ගාව Uncle කෙනෙකුගේ එක පාරටම ඇස් උඩ ගිහින් බෙල්ල පැත්තකට ඇල වෙලා ගිහිං(විනාඩි 10කට විතර,ඊට පස්සේ ඉබේම හරි ගිහින්).ගෙදර අය කලබල වෙලා ළඟ තිබ්බ ඩිස්පෙන්සරියට එක්ක ගියාම දොස්තර කිව්වලු ECG එක ටිකක් අවුල් ඒ නිසා ඉස්පිරිතාලෙකට එක්ක යන්න පුළුවන් නම් හොඳයි කියලා.
    ඔන්න ඉතිං හොඳම ඉස්පිරිතාලේ කියන ජයවර්ධනපුරට අරං ගියාම කියලා මොකක්ද හේතුව කියලා කියන්න හරියටම බෑ ටෙස්ට්ස් වගයක් කරන්න තියෙනවා කියලා.ඔන්න ඉතිං Uncle ව ඇඩ්මිට් කරලා ගෙදර උන්දැලා taxi වලට වියදම් කරගෙන දවස් 3ක් උදේ හවස යනවා.Uncle ට අමාරුවක් නෑ. Uncle ගෙන් ඇහුවම දොස්තර මොකද කිව්වේ කියලා ,uncle කිව්වලු දොස්තර එක පාරක් ඇවිල්ලා බලලා ගියා ඊට පස්සේ තාම ආවේ නෑ කියාලා.
    හැමදාම රෑ 10ට එනවලු පුරුදු වෙන දොස්තරලා(Training Doctors) . ඇවිත් ඇහැරවලා ලේ ගන්නවලු .ECG ගන්නවලු .දවස් 3ම ඔහොමලු.දැන් uncle ව වෝර්ඩ් එකේම තියාගෙන ඉන්නවලු දවස් 3ක් .අංකල් ඇන්ටිට කියනවලු මේ අය ලේ ගන්න විදිහට මගේ ඇඟේ ලේ ඉවරවෙයි කියලා.පස්සේ uncleම කාමරේට ගිහින් දොස්තර මහත්තයගෙන් ඇහුවලු මට තියෙන ලෙඩේ මොකක්ද කියලා.දොස්තර මහත්තයා කිව්වලු ඔයාගේ Blood Pressure වලට ගන්න පෙත්ත තමා ප්‍රශ්නේ ඒක බොන්න කියලා තිබ්බ විදිහ වැරදියි.මීට පස්සේ ඒ පෙත්තෙන් ½ ගානේ විනාඩි 30කට පාරක් දෙපාරකට බොන්න කියලා. අද හවස ගෙදර යන්න පුළුවන් කියලා කිව්වලු .ඉතින් ගෙදර උන්දැලා රුපියල් 30,000ක විතර බිලක් ගෙවලා සතුටෙන් Uncle ව ගෙදර එක්කන් ඇවිත්.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Sri Lankan DOCTORS

    I was suffering from a tiny (abscess or pimple like) wound on my chin sometime in early 1990, just before I migrate to OZ. One day, on my way home from work I saw the doctors surgery near my bus stop was empty, and decided to go and see the doc. (I used to go and see him for medical certificates for sick leave, and know very well, he is using the letterheads and rubber stamp of another doctor who is having his surgery 2-3 miles away. So only god knows who this bugger is)

    Within few minutes of examination he said one of my tooth's root got infected, so I need to see a dental surgeon for this thing.

    Anyway, I haven't got time to sort this out before migrate to AUS, and as soon as I migrate, I went to see a doc here in Melbourne (during those good old days every migrant get all the medicare benefits as soon as we set foot here)
    Doc refer me to a specialist GP. He sent me to a surgeon. Surgeon sent me for a dental view X ray(the camera go around the face, while filming), ordinary X ray(took some 20+ x rays in different angles) and a wound culture report etc, etc.
    Within a week my doctor call me and ask me to come and see her to find out the final diagnosis on my wound.

    """INFECTED ROOT OF THAT TOOTH '''''

    So who is the best DOC????
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    I was suffering from a tiny (abscess or pimple like) wound on my chin sometime in early 1990, just before I migrate to OZ. One day, on my way home from work I saw the doctors surgery near my bus stop was empty, and decided to go and see the doc. (I used to go and see him for medical certificates for sick leave, and know very well, he is using the letterheads and rubber stamp of another doctor who is having his surgery 2-3 miles away. So only god knows who this bugger is)

    Within few minutes of examination he said one of my tooth's root got infected, so I need to see a dental surgeon for this thing.

    Anyway, I haven't got time to sort this out before migrate to AUS, and as soon as I migrate, I went to see a doc here in Melbourne (during those good old days every migrant get all the medicare benefits as soon as we set foot here)
    Doc refer me to a specialist GP. He sent me to a surgeon. Surgeon sent me for a dental view X ray(the camera go around the face, while filming), ordinary X ray(took some 20+ x rays in different angles) and a wound culture report etc, etc.
    Within a week my doctor call me and ask me to come and see her to find out the final diagnosis on my wound.

    """INFECTED ROOT OF THAT TOOTH '''''

    So who is the best DOC????

    Machan,Sri Lankan doctors go through a two-year Internship which is very tuff.During this period they do not even have time to go home.They work about 17-18 hours or more per day.They get scolded from Patients, relatives of Patients and even from nurses.But this training makes them sharp minders at the later stage.An SL doctor gone through this training can scrutinize a problem quickly and find a cause soon.
    But as far as I know other countries do not conduct this kind of difficult training.They do bias more to Tests, Scans and reports.But they are 100% confident about the root cause.In addition to this, I can recall another example.In UK doctors do not treat patients suffering from small illnesses like phlegm or diarrhea. But in here Doctors giving too much Panadol, paracetamol or any other pain killers.Sometimes having pain killers for a long time can exhaust the actual illness.
    I am not saying Australian Doctors better than SL doctors or vice versa.They use two approaches.Isn't it? It is high likely that SL doctors are talented than Australians.But when you considering accuracy I believe Australians are in the top.Do you agree ?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Machan,Sri Lankan doctors go through a two-year Internship which is very tuff.During this period they do not even have time to go home.They work about 17-18 hours or more per day.They get scolded from Patients, relatives of Patients and even from nurses.But this training makes them sharp minders at the later stage.An SL doctor gone through this training can scrutinize a problem quickly and find a cause soon.
    But as far as I know other countries do not conduct this kind of difficult training.They do bias more to Tests, Scans and reports.But they are 100% confident about the root cause.In addition to this, I can recall another example.In UK doctors do not treat patients suffering from small illnesses like phlegm or diarrhea. But in here Doctors giving too much Panadol, paracetamol or any other pain killers.Sometimes having pain killers for a long time can exhaust the actual illness.
    I am not saying Australian Doctors better than SL doctors or vice versa.They use two approaches.Isn't it? It is high likely that SL doctors are talented than Australians.But when you considering accuracy I believe Australians are in the top.Do you agree ?

    Yes, I agree. What you said above is 100% correct. My younger brother had his internship in late 90s and know how hard it was.
    All the doctors here in OZ (or any other developed country) just pass the ball to someone else. But at the end, misdiagnose was very rare, because they got all the relevant information regarding that matter.
    But Sri Lankan doctors not have the luxury of having all the test reports to diagnose an illness, due to lack of facilities, and poor patients cant afford them either. So, our doctors has to rely on their knowledge and experience to diagnose an illness more than test reports.
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Yes, I agree. What you said above is 100% correct. My younger brother had his internship in late 90s and know how hard it was.
    All the doctors here in OZ (or any other developed country) just pass the ball to someone else. But at the end, misdiagnose was very rare, because they got all the relevant information regarding that matter.
    But Sri Lankan doctors not have the luxury of having all the test reports to diagnose an illness, due to lack of facilities, and poor patients cant afford them either. So, our doctors has to rely on their knowledge and experience to diagnose an illness more than test reports.

    Thanks machan..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නෑනගේ මඟුලට නොයා දොස්තර පාරේ කළ ඔපරේෂන් එ&#348

    රිය අනතුරක් සිදුවී වූ විට නොදුටුවා සේ එයින් පැන යන්නට උත්සාහ දරණ මිනිසුන් පිළිබදව අසන්නට ලැබෙන ලෝකයක කරුණාව පෙරදැරිව තිරිසන් සතත්වයෙකුගේ දිවි සුරැකීමට සමත්වූ වෛද්‍යවරයෙකු පිළිබද පුවතක් වාර්තාවේ.

    මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 03 වන දාය. මෙම වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍ය වෛද්‍ය රන්දිල් ප්‍රමෝද් ද අල්විස්ය. ඔහු එදින සිය බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් වී ඇත.

    ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් සිය සොහොයුරා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙසේ පවසා ඇත.

    " ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන්න".

    එම පණිවිඩය සමග එම ස්ථානයට ගමන් ගත් මොහු දුටු අපූරු සිදුවීම ඔහු විස්තර කර ඇත්තේ මෙසේය.

    ''මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල මඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි.

    එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්‍යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි.

    මෙම අනතුර ඇසින් දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්‍රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය.

    මා යන විටත් වැස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි.

    ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි අය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි.

    සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි.

    මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්‍ය බෙහෙත් හා ශල්‍ය උපකරණ ජා ඇලට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්‍රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි.

    අවසානයේ සාර්ථක ශල්‍ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී.

    මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය.

    රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි. ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී.

    මෙහි ඇති වටිනාම නම් "තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි.

    තම ශල්‍ය වෛද්‍ය දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත.

    අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය...''


    https://youtu.be/3GwWHYRL9wA

    මේ දොස්තර මහත්තයා කරපු හොඳ වැඩේ අගය කරන්න ඕනේ මිනිස්සු විදිහට.දෙකයි පණහේ මාකටින් ඕනේ නෑ හොඳ වැඩ වලදී.මේ වගේ මිනිස්සු දෙවිවරු වගේ.අඩුම තරමේ මේ දොස්තර මහත්තයට තියෙන කරුනාවන්තකමෙන් භාගයක් වත් අනිත් හැම කෑදර දොස්තර කෙනෙක් ගාවම තියෙනවනම් මේ පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්ණේ එන්නෙත් නෑ .වෛද්‍යවරුන්ට ඉල්ලීම් කරලා පාරට බහින්න වෙන්නෙත් නෑ.ඒක හින්දා අන්තිම කැල්ල පොඩියට දැම්මා .
    http://sinhala.srilankamirror.com/news/2856-oparation
    :lol::lol:
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කරාපිටියේ හිතහොඳ දොස්තර

    බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර

    ඒ 2015 08 08 දා හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.

    වෛද්‍ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්‍යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්‍ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ.

    "ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්‍රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්‍රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා." වෛද්‍යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි.

    එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්‍රටිස් නියමය රකින සැබෑ වෛද්‍යවරයෙකි.ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්‍රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්‍ය වෛද්‍යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්‍යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්‍රාමයක් නොලැබුණේය.

    එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්‍යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්‍රිකුණාමලයෙන්, ‍කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්‍රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්‍යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි.

    "දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්‍ය විද්‍යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්‍රාර්ථනා කළා. මට ‍ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්‍ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි."
    ඇයි`මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්‍යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි.

    ඔබතුමා වඩාත්ම සසල වූ දවස් ඇද්ද?

    අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා.

    මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි.

    යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්‍ය වෛද්‍යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්‍යවරයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.
    1998 සිට 2015 වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදුකොට ඇති විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ (2014) සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ්‍යාව 579 කි.රෝගීන් විසින් වෛද්‍ය ගමගේ හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්.

    වෛද්‍ය නාමල් ගමගේ වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති.
    ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන) මේ දොස්තර ගොවියා ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.

    1998 වන විටත් ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන ලද්දේ කොළඹ පමණි.කොළඹින් පිට පළාත්වල ඊට සුදුසුකම් නැතැයි පොදු පිළිගැනීම විය.ඒ මතය බිඳ දමමින් දැඩි දුෂ්කරතා මැද වෛද්‍ය නාමල් ගමගේ විසින් ගාල්ල කරාපිටිය රෝහලේ අනෙකුත් සැත්කම් සිදු කරන ශල්‍යාගාරයක හදවත් සැත්කම් ආරම්භ කළේය.එය සාර්ථක විය.තමන්ගේ සාර්ථකත්වය පෙන්වූ ඔහු දිගින් දිගටම කරාපිටියට හදවත් සැත්කම් සඳහා වෙනම ඒකකයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළේය.ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ ධෛර්යවත් අරගලය ජය ගනිමින් 2003 වසරේදී නව හෘද ශල්‍ය ඒකකය විවෘත කෙරිණි.ඉන් පසුව දිනකට හදවත් සැත්කම් 4, 5 බැගින් මාසයකට සැත්කම් 60ක් 70ක් පමණ වෛද්‍ය නාමල් ගමගේ ප්‍රධාන කණ්ඩායම සිදු කළේය.දිනපතා සැත්කම් ආරම්භ කරන ලද්දේ අලූයම තුනට පමණය.මේ ආකාරයට වසරකට සිදු කරන ලද සැත්කම් ප්‍රමාණය 700ක් පමණ විය.
    ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන කොළඹ, නුවර, කුරුණෑගල ආදී අනෙක් සියලූම ශල්‍යාගාරවල දිගු පොරොත්තු ලේඛන තිබේ.( 2017 මාර්තු වන විට මහනුවර ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛනය පන්දහස ඉක්මවා ඇත.සතියකට කෙරෙනුයේ සැත්කම් තුනක් පමණි.)
    අලුත් හදවත් රෝගියකුගේ සැත්කම සඳහා දින ලැබෙන්නේ වසරකට හෝ ඊට වැඩි කාලයකට පසුවයි.මේ නිසා ඉඩකඩම් විකුණා හෝ මුදල් සපයා ගත හැකි අය පෞද්ගලික අංශයේ රෝහල්වලින් රුපියල් ලක්ෂ 10 සිට 20 පමණ දක්වා මුදලක් ගෙවා සැත්කම් කර ගනියි.ඒ හැකියාව නොමැති,නියමිත දිනය එන තෙක් කල් අල්ලා සිටිය නොහැකි රෝගීන්ට සිදු වන්නේ මිය යාමටය.එය ලංකාවේ සාමාන්‍ය තත්වයයි.එසේ තිබියදී කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් රෝගීන්ගේ පොරොත්තු ලේඛනය 2008 වසරේදී අවසන් විය.එතැන් පටන් රෝගියකු සඳහා සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දිනයේ සිට මසක කාලයක් තුළ සැත්කම සිදු කරනු ලැබීය.එය මුළුමනින්ම වෛද්‍ය නාමල් ගමගේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ ජයග්‍රහණයකි.මේ නිසා මිය යාමට ඉරණම් කෙටී සිටි රෝගීන් දහස් ගණනකට ජීවත් වීමට වරම් ලැබිණි.

    "අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි.පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා.ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්.ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි.1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා.දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ.සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ.දුරකථන ඇමතුමක් දෙන්ට කියලා.සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා 'ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි' කියලා.අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා.මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්,ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා.එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට ඔක්කොම ඔපරේෂන්කරගන්ඩ බෑ.ඒකට කාලයක් යනවා."



    උපාලි සමරසිංහ - http://www.silumina.lk/
    http://sansaranee.blogspot.com/2017/03/blog-post_13.html?spref=fb
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    wqpous.png
     
    Last edited:

    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    kari ponnayo beheth karanawa thamai.. eka unge rassawa.. ekata unta padiyak gewanawa.. anith minissuntath ehemai.. eth me huttige kollo hithan inne un deviyo kiyala.. kari ponnnayanwa suspend karala danna thiyenne warjanaya karoth..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ශල්‍යකර්මයක් සඳහා ඇතුළත් කළ වයස අවුරුදු 25ක් වූ තිදරු මවක් ශල්‍යකර්මය අතරතුර මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා නීතිඥයකු මඟින් මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරිනු ලැබ ඇත.

    යළි මාර්තු 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙසද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට නියෝග කළේය.

    මියගිය කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකරන ලද අතර මරණයට නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි බව අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් දක්වා තිබිණි. එය සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස පොලිසියට නියෝග කළේය.

    අධෝ මාර්ගයේ සැත්කමක් සිදුකිරීමට අදාළ කාන්තාව මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා යටතේ රෝහලට ඉකුත් 12 දා ඇතුළත් කර ඇත. මහාචාර්යවරයා රෝගී කතට එන්නතක් ලබාදීමෙන් පසු ඇය මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

    මෙසේ මියගොස් ඇත්තේ සුදුහුම්පොළ මුල්ගම්පොළ පදිංචි ෆාතිමා උම්මා නමැති තිදරු මවකි. ඇයගේ අවසන් කටයුතු පෙරේදා (13දා) පස්වරුවේ සිදුකෙරිණි.


    http://mawbima.lk/print20170101MB20170331.php?id=10157