හෙට (31) උදෑසන 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම් දී තිබෙනවා. අද පස්වරුවේ වෛද්‍යවරයා හමුවීමට පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් දැනුම් දී තිබෙන්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.
ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු හෙළි කළේය. විශේෂයෙන් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වීම හා එම පරීක්ෂණ සිදු කිරීම හරහා විශාල වංචාවක් සිදුවන බවයි වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.
මෙම දූෂණ වංචා පිළිබඳව ඔහු සතු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසයි ඔහුට දැනුම් දී තිබෙන්නේ.
https://www.lankanewsweb.net/sinhala/127-general-news/91755-ජයරුවන්-බණ්ඩාරට-රහස්-පොලීසියෙන්-කැඳවීමක්--
Last edited by a moderator:


ඒ මොකක්ද ?