වෛද්‍ය_විද්‍යාවට_නව_පර්යේෂණ_මානයක්_පෙන්ව
බෘක් ග්‍රීන්බර්ග්ගේ කතාව...
මෙයා ගැන මම කලින් දාපු ත්‍රෙඩ් එක.http://www.elakiri.com/forum/showthread.php?t=1541934
2013 වසරේ ජනවාරි මාසයේ අට වැනිදා ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි බැල්ටීමොර් නගරයේ ජීවත් වූ තරුණියක් සිය විසි වන උපන් දිනය සැමරුවාය. ඒ නෑදෑ හිත මිතුරන් රැසකගේ සහභාගිත්වයෙනි. ඇය දන්නා හඳුනන අය මෙන්ම ඇය නොහඳුනන අය ද ඇයට සුබ පතන්නට පැමිණ සිටියහ. වයසින් අවුරුදු විස්සක් වුවද, ඇය සමාන වූයේ වයස අවුරුදු දෙකක ළදරුවෙකුගේ පෙනුමටය. මේ කතාව වයස අවුරුදු විස්සක් සහ පෙනුම අවුරුදු දෙකක් වූ බෘෘක් ග්‍රීන්බර්ග් ගැනය.
මීට වසර විස්සකට පෙර, එනම් 1993 වසරේදී ඇමෙරිකානු යුදෙව් ජාතික හොවාර්ඩ් ග්‍රීන්බර්ග් සහ මෙලනී ග්‍රින්බර්ග් දෙවැනි වතාවටත් මව්පියන් බවටත් පත් වූහ. ඒ බිලිඳු බෘෘක්ට උපත දෙමිනි. ඇය උපන්නේ නියමිත දිනයට හරියටම මාසයකට පෙරය. ඒ නිසාම ඇති වී තිබූ ස්වසන අපහසුතා නිසි තත්ත්වයට පත්වන තුරු ඇය නොමේරූ
ළදරු ඒකකයේ තැබිය යුතු බව මේරිලන්ඩ් හි සිනායි රෝහලේ වෛද්‍යවරුන් ග්‍රීන්බර්ග් යුවළට දැන්වූහ. උපන් මොහොතේ ඇගේ බර රාත්තල් හතරක් නොහොත් කිලෝ එක හමාරක් පමණක් වීමද එයට හේතු විය.
ඊට අමතරව බිලිඳු බෘෘක් යම් යම් සංකූලතාවලින් යුතු වූවාය. ඇගේ උකුල ප්‍රදේශයේ යම් මට්ටමක අස්ථාවර පිහිටුමක් තිබූ අතර උකුල ඉදිරියට නෙරාවිත් ඇති ආකාරයක් පෙනෙන්නට තිබිණි. නමුත් පැය කීපයක ශල්‍යකර්මයකින් පසු එය යථා තත්ත්වයට ගත හැකි බව වෛද්‍යවරු පැවසූහ. දින කීපයක් රෝහලේ ගත කර ස්වසනය යථා තත්ත්වයට පත් වූ පසු ඇය සිය මව සහ පියා සමග
පළමු වරට නිවසට ගියාය. නමුත් ඇයට නිවසේ ගත කරන්නට සිදුවූයේ දින හතරක් පමණි.
පළමු දින දෙක හොඳින් මව් කිරි උරා බිව් ඇය එකවරම කිරි බිම අතහැරියාය. ඒ සමගම ඇගේ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වන්නට පටන් ගත්තේය. ඒ අනුව නැවත වරක් ඇය රෝහල් ගත කෙරිනි.
එහිදී පර්යේෂණ අටකට මුහුණ දෙන්නට තරම් පුංචි බෘෘක් ශක්තිමත් විය. ඇගේ උදරයෙන් වෙන වෙනම ෙසෙල ලබා ගත් පර්යේෂකයන් රෝග හතරක් සඳහා පර්යේෂණ සිදුකරන ලදී. එහිදී ඇගේ උදරය ආශ්‍රිතව පිළිකාවක් වැඩෙමින් පවතින බව සොයා ගන්නට වෛද්‍යවරුන්ට හැකි විය. ඉන් දින දෙකකට පසු, දින හයක් වයසැති බිලිඳාගේ උදරය තුළ වූ පිළිකා ෙසෙල ඉවත් කිරීමේ ශල්‍යකර්මය ආරම්භ විය. පැය හයක ශල්‍යකර්මයකින් පසු පුංචි බෘෘක්ගේ උදරය පිරෙන්නට මැහුම් වැටී තිබිණි. රෝහලට පැමිණ මාසයකට පසු නැවත වරක් ඇය සිනාසෙමින් ගෙදර ගියාය.
ඉන්පසු පුංචි බෘෘක් සිය තුන් හැවිරිදි අක්කා සමග ඇති වෙන්නට සෙල්ලම් කළාය. ඇති වෙන්නට සිනාසුණාය. ඇති වෙන්නට හැඬුවාය. මේ ආකාරයට අවුරුදු දෙකක් ගත විය. මේ අවුරුදු දෙක තුළ බෘෘක් ඇවිද්දේ හෝ සිට ගත්තේ නැත. ඇගේ උකුල් අස්ථියේ පිහිටීම එයට හේතුවයි. වයස අවුරදු තුනක් පිරෙන තුරු උකුලේ ශල්‍යකර්මය සිදුකළ නොහැකි බව වෛද්‍යවරුන් පැවසීම නිසා වසර තුනකින් පසු එය සිදු කරන්නට ග්‍රීන්බර්ග් යුවළ තීරණය කර තිබිණි. ඒ නිසාම ඇගේ ඇවිදීමේ හෝ සිට ගැනීමේ අපහසුතා ගැන කිසිවකු කලබල වූයේ නැත. වයස අවුරුදු දෙකක් ගත වුවද ඇගේ බර වැඩි වී තිබුණේ රාත්තල් එකොළහකින් පමණි. ඒ වන විට ඇගේ බර රාත්තල් 16ක් වූ අතර උස අඟල් 30ක් නොහොත් සෙන්ටිමීටර් 76ක් පමණක් විය. උසින් සහ බරින් ඇය වර්ධනය නොවීම නිසා නැවත වරක් ඇයට සිනායි රෝහලට යන්නට සිදුවිය.
දින දෙකක් පුරා සිදු කළ පර්යේෂණවලින් පසු බෘෘක්ගේ මොළයේ යම් අසාත්මිකතාවක් පවතින බව සොයා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවිය, නමුත් එම අසාත්මිකතාව කුමක්දැයි යන්න කිසිම විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ
පර්යේෂකයෙකු දැන සිටියේ නැත.
ඇමෙරිකාවේ සුපිරි
පර්යේෂණාගාර රැසකදී ඇගේ මොළයේ ෙසෙල පරීක්ෂාවට භාජනය කළද ඒ පිළිබඳ නිසි තීරණයකට එන්නට කිසිවකුටත් හැකි වූයේ නැත. ඒ නිසා පුංචි බෘෘක් පෙළෙන මෙම රෝගයට නමක් තිබුණේ නැත. වෛද්‍යවරුන් එයට නමක් දුන්නේ ඉන් පසුවය. එය “එක්ස් සින්ඩ්‍රම්” නොහොත් “එක්ස් සහ ලක්ෂණය” නමින් හැඳින් වීය.
මෙවන් රෝගයක් ගැන මීට කලින් ලොව කිසිම රටකින් වාර්තා වී තිබුණේ නැත. ඇගේ මොළයේ ෙසෙල සහ ස්නායුවල සිදුකළ විශේෂිත පර්යේෂණයකින් පසු එතෙක් මතෛක් නොවුණු පුදුමාකාර රෝගයක ලක්ෂණ මතු වන්නට පටන් ගැනිණි. මෙම රෝගයට අනුව ඇගේ ශරීරය වර්ධනය වන්නේ හෝ වයසට යන්නේ නැත. වියපත්වන හෝමෝන පිටතින් ලබා දුන්නට හෝමෝන සමග ප්‍රතික්‍රියා කරන අනිකුත් සාධක ඇගේ සිරුරේ නොතිබිණි. ඒ නිසා ඇය වර්ධනය වූයේ වයස අවුරුදු පහ දක්වා පමණි. එයද සිදුවූයේ ඉතා සෙමිනි. එය වෙනත් දරුවෙකුගේ වර්ධන වේගය මෙන් විසි ගුණයකින් එකක් පමණ විය. වයස අවුරුදු පහ ඉක්ම වූ පසු ඇගේ වර්ධනය සම්පූර්ණයෙන්ම නතර විය.
මෙම අසාමාන්‍ය රෝගී තත්ත්වය නිසා ඇගේ උකුළු අස්ථියේ ශල්‍යකර්මය සිදු කිරීම මදක් කල් දමන්නට සිදු විය. මේ ආකාරයට තොටිල්‍ලේ නිදා ගනිමින් ගෝකාට් කරත්තයක එහ මෙහා ගිය බෘෘක් 2006 වසරේදී සිය 13 වැනි උපන් දිනය ද සැමරුවාය. ඒ වන විටත් ඇගේ රෝගී තත්ත්වය ගැන නිශ්චිත විසඳුමකට එන්නට වෛද්‍යවරුන්ට හැකි වී තිබුණේ නැත. නමුත් දකුණු ෆ්ලෝරිඩා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය රිචර්ඩ් වෝකර් විසින් සිදු කරන ලද සුවිශේෂී
පර්යේෂණයකින් පසු යම් කාරණයක් හෙළිදරව් කර ගන්නට ඔහුට හැකිවිය. ඕනෑම පුද්ගලයෙකුගේ වර්ධක ෙසෙල සහ වර්ධක එන්සයිමවල ක්‍රියාකාරීත්වය එකිනෙකට සම්බන්ධව ක්‍රියා කළ යුතු වුවත් ඇගේ සිරුරේ එවැනි සම්බන්ධයක් දකින්නට නැති බව අනාවරණය විය. නමුත් එයට හේතුව කුමක් විය හැකිද යන්න කියන්නට ඔහු අපොහොසත් විය. මෙය ප්‍රවේණික රෝගයක් විය හැකි බවට වෛද්‍යවරුන් අනුමාන කළත්, මේ වන විට ලොව කිසිම පුද්ගලයෙකු එවැනි රෝගයකින් නොපෙළීම නිසා එම මතය ඉවත දැමිණි.
ආචාර්ය වෝකර් පැවසුවේ මෙය ජාන විකෘතිතාවක් නිසා හටගත් රෝගයක් විය හැකි බවය. ඒ නිසාම ඇගේ ශරීරයෙන් ලබා ගත් ෙසෙල වර්ග කීපයකම ජාන සැකැස්ම කියවීම සඳහා කටයුතු සූදානම් කෙරිනි. නමුත් ජාන සැකැස්ම කියවීම යනු ඉතා අසීරු කටයුත්තක් වන බැවින් ඉදිරි 4-1පර්යේෂණ කටයුතු සිදු වූයේ මන්දගාමීවය.
2009 වසර වන විට ඇගේ වයස අවුරුදු 16ක් වුවද ඇගේ මොළයේ වැඩීම පෙන්නුම් කළේ වයස අවුරුද්දක ළදරුවෙකුගේ ආකාරයෙනි. විවිධ ශබ්ද හඳුනා ගැනීමටත්, මුහුණින් හැඟීම් ප්‍රකාශ කරන්නටත් හැකි වුවද ඇයට කතා කරන්නට හැකි වූයේ නැත. ඇගේ අස්ථි වයස අවුරුදු දහයක දරුවෙකුගේ අස්ථිවලට සමාන ශක්තිමත් බවකින් යුතු විය. එමෙන්ම ඇගේ කිරිදත් වැටුණේ හෝ අලුතින් දත් වැඩුණේ හෝ නැත. ඇගේ දෑසේ පෙනීම සමාන වූයේ අවුරුදු අටක දරුවෙකුටය. ඒ කෙසේ වුවද ඇය සිය නැගණිය කාර්ලිට නම් බොහෝ සෙයින් ඊර්ෂ්‍යා කළ බවක් පෙනෙන්නට තිබිණි. මව, පියා හෝ අක්කා දකින විට සිනාසෙන බෘෘක්, සිය නැගණිය කාර්ලි දකින විට අතට හසුවන ඕනෑම දෙයකින් දමා ගැසුවාය. වයසින් තමාට වඩා ළාබාල කාර්ලි තමාට වඩා උසින් සහ පෙනුමෙන් වැඩි වී පෙනීම ඊට හේතු වන්නට ඇත. වසර කීපයක් පුරා සිදු කළ පර්යේෂණවලින් පසු වෛද්‍ය වෝකර් සිය පර්යේෂණ වාර්තාව සකස් කරන ලදී. එහි එක් ස්ථානයක මෙසේ සඳහන් විය.
“ඇය අප්‍රමාණ විශ්මිත දරුවෙකි. ඇගේ සිරුරේ විවිධ කොටස් වියපත් වී ඇත්තේ විවිධාකාර ලෙසය. ඇගේ සමට වයස අවුරුද්දකි. දත්වලට අවුරුදු හතරකි. අස්ථිවලට අවුරුදු දහයකි. දෑසට අවුරුදු අටකි. නමුත් සත්‍ය ලෙසම ඇයගේ වයස අවුරුදු 16කි. යම් දිනක ඇයගේ සිරුරේ මෙම සංකූලතාවට නිශ්චිත හේතුව සොයාගත හැකි වුවහොත් එය මානව ඉතිහාසයේ යෝධ පිම්මක් වනු ඇත. ඉන් අනතුරුව වියපත් වීම නමින් හඳුන්වන කාටත් පොදු ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇත. එදාට මේ ලෝකයේ ඉතිරි වනුයේ තරුණ, කඩවසම් පුද්ගලයන් පිරිසක් පමණක්ම වනු ඇත.” යන්නය.
නමුත් ඇගේ සිරුරේ මෙම සුවිශේෂී සංකූලතාව ගැන නිශ්චිත වශයෙන්ම සොයා ගන්නට වෛද්‍යවරුන්ට හැකි වූයේ නැත. වෛද්‍ය විද්‍යා පර්යේෂණ සඳහා නව මාවතක් විවර කර දුන් බෘෘක් ග්‍රීන්බර්ග්, සිය විසිවන උපන් දිනය සමරා මාස කීපයකට පසු ඇය පැමිණි ලොව වෙතටම ආපසු යන්නට ගියාය.
මුලාශ "සමුදුර"