වෛරය ජයගැනීමට මගක්!!!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    වෛරය ජයගැනීමට මගක්!!!

    ඔබේ හිතේ අන් කෙනෙකු පිළිබඳ වෛරයක් තිබේ නම් ඒ පුද්ගලයාට කලින් එයින් පීඩාවට පත්වන්නේ ඔබමයි. වෛරය ඇත්තේ ඔබේ සිතේ නිසා ඔබට පීඩා විඳින්නට සිදුවන්නේය. පහත සඳහන් උපදෙස් නිතර නිතර කියවා සිතට ගන්න. එවිට ඔබව පෙළන වෛරය ඔබේ සිත තුලින් ගිලිහී යනු නිසැකය.

    1. වෛරය රෝගයක් යයි කීම සත්‍යයක් බව පිළිගත යුතුය. එය කුඩා කළ පටන් ඇතිවිය හැකි මානසික පුරැද්දකි. එසේම වෛරය බෝවන්නේය. වෛරය නිසා කෙනෙකු මානසික වශයෙන් හා කායික වශයෙන් රෝගී බවට පත්වේ.

    2. “මම වරදක් කළෙමි” යන සිතුවිල්ල පහළවීමට ඉඩදෙන විදියේ කිසිවක් කරන්න එපා. ඕනෑකමින් වැරදි වැඩ කිරීම හෝ අනුන් පෙළන විදියේ වචන කීම වහා නතර කරන්න.

    3. ඔබ ඔබ ගැන ස්වභාවික ආදරයක් ඇති කරගන්න. තමන්ට ආදරය නැති අය අනුන්ට ආදරය නොකරති. ඔබේ හොඳ ගතිගුණ ගැන අහංකාර වීමට හැකි තරම් හොඳ අයෙකු වන්න.

    4. ආදරය, කරැණාව වෙනුවට වෛරයට ඔබේ සිත තුල රජවීමට ඉඩ දෙන්න එපා.

    5. ගින්නට පිළිස්සෙන්නේ නැති ගොඩනැඟිල්ලක් මෙන් වෛරයට බිලිනොවන කෙනෙකු වීමට ඔබට පුළුවන.

    6. බනින කෙනෙකුට බැනීමෙන් පිළිතුරැ දෙන්න එපා. වෛර කරන මිනිසා රෝගියෙකු බව ඔබේ සිතට කියන්න.

    7. තමා ගැන තමා අනුකම්පා කරන හා තමා ගැන තමාට ආදරයක් නැති අය දිවිනසා ගන්නට පෙළඹෙති. එම පෙළඹීම වෙනස් කරගැනීමට හැකියාව ඇත්තේ ඔබටයි.

    8. වෛරය පහළවන අවස්ථාවක් මතු වී සැණින් වෛර කිරීමෙන්, වෛරය ප්‍රදර්ශනය කිරීමෙන් ඇති වැඩේ කුමක් ද? කියා තනියම ප්‍රශ්න කර බලන්න.

    9. අනුන්ගේ වෛර සහගත කතා වලට ඔබ ගෑවෙන්න එපා.

    10. ඔබ වෛර නොකළ සෑම අවස්ථාවක දී ම “මම කොපමණ උතුම් කෙනෙක් ද?” කියා තනිවම තමන්ට මතක් කරගන්න.

    11. වෛරය හටගන්නේ අභ්‍යන්තර බියක් මුල් කරගෙන බව කීම විද්‍යානුකූල සත්‍යයකි. අභ්‍යන්තරයේ ඇති බිය ජනක සිතුවිල්ල මතුපිටට එන විට වෛරය හැටියට නැඟී එයි.

    12. මෛත්‍රී කිරීම දුෂ්කරය. අපි මිනිසත් බව ලබා සිටිනුයේ තිරිසනුන් මෙන් ජීවත් වී මැරී යාමට නොවේ. දුෂ්කර වැඩ කිරීමටය.

    මේවා නැවත නැවත කියවමින් ඔබව පෙළන වෛරයට බැට දී පළවා හරින්න.

    -සුමනදාස සමරසිංහ,චිත්ත ධර්ම විද්‍යා පත්‍රය – 1979 ඔක්තෝබර් 1
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ ඔව්ව හිත හිතා හිටපන්කෝ එහෙනම් :) උපාසක බළල්ලු තමා මියෝ දෙන්න දෙන්න අල්ලන්නේ :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නහී වේරේන වේරානි
    සම්මන්තීධ කුදාචනං
    අවේරේනච සම්මන්තී
    ඒස ධම්මෝ සනන්තනෝ…

    වෛර බැදීමෙන් වෛරය නොසන්සිදේ,වෛරය වෛර නොකරීමෙම්ම සන්සිදේ,මෙය හැම කල්හිම නොවෙනස්වන දහමකි...
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    11.gif
    11.gif
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඇත්තට විතරක් නෙමෙයි බන්.මට Film එකක මොකක්හරි අසාදාරණ වැඩක් උනත් පට්ට විදියට තරහ එනවා.මාර කරුමයක් එක නම්.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඇත්තට විතරක් නෙමෙයි බන්.මට Film එකක මොකක්හරි අසාදාරණ වැඩක් උනත් පට්ට විදියට තරහ එනවා.මාර කරුමයක් එක නම්.

    :):):)