වෛරසයට......... අදාල නැත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔබගේ වයස , රැකියාව , ආගම ..... අදාල නැත









    collage.png





    කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය ගාල්ල – දඩල්ල පොදු සුසාන භූමියේදී, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අද පස්වරුවේ ආදාහනය කෙරුණා
    ‼️
    🙏



    145866364_3650554921687787_494887791430851496_n.jpg


    143257753_3650554981687781_2671547909771314522_n.jpg


    144731453_3650555061687773_1993061126220295790_n.jpg


    143455468_3650555175021095_3130278119932858031_n.jpg



    ඔහුට පමණක් නොව වසංගතයෙන් මිය ගිය සියලුම දෙනාටම පාර්ථනා කරන සැනසීමක් ලැබේවා







    :sorry: :sorry:


    Code:
    දරුවන් බේරා ගන්නා ‘රත්තරන් දොස්තර’ ලෙස ප්‍රකටවූ වෛද්‍ය ගයාන් දන්තනාරායන කොරෝනාවෙන් මියගියේය. ඔහු කවුද? ඔහු ගැන ඔහුගේ මිතුරන් මේ තරම් උනන්දු වන්නේ ඇයි? ඔහු ගැන ඔහුගේ මිතුරකු මෙසේ පවසා තිබේ.
    “වෛද්‍ය ගයාන් මට හමුවන්නේ චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී. අපි අවුරුදු 5ක් එකට ඉගෙන ගත්තා. ඔහු මගේ හොඳම මිතුරෙක්.
    කොළඹ, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනගෙන අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හදාරන්න ආපු ගයාන් තමයි අපේ කණ්ඩායමේ හිටිය බාලයා. ඒ හින්දා අපි හැමෝම ඔහුට කතා කළේ ගයාන් මල්ලි කියලා.”
    ඒ 2005 අවුරුද්දය. ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයට ඒ වර්ෂයේදී ඇතුළු වූ ඔහු තමන්ගේ කණ්ඩායමේ හැමදෙනා සමඟම කතාබහ කළේත් මිතුරුකම් පැවැත්වූයේත් එකම ආකාරයටය. වෛද්‍ය ගයාන් සියලු දුසිරිතෙන් තොරය.
    “යුනිවසිටි එකට ඇතුළත් වුණු දවසේ ඉඳලා නැවත ලංකාවට එනතුරුම ගයාන් ගත කළේ පුදුමාකාර ආදර්ශවත් ජීවිතයක්. ඔහු මත්පැන් පානය කරන්නේ නැහැ. සිගරැට් බොන්නේ නැහැ. කිසිම වැරැදි වැඩකට දායක වෙන්නේ නැහැ.හැබැයි හැම වෙලාවෙම සිනාමුසු මුහුණින් හිටියා.
    
    ගයාන් සංගීතයට හරි දක්ෂයි. ඉතින් ශ්‍රී ලන්කන් ඩේ එක දවසට ඔහු ගිටාරය වාදනය කරමින් ගීත ගයනවා අහන්න හැම රටකම වගේ යාළුවෝ අපිත් එක්ක එකතු වෙනවා.
    ඒ ඇරුණු කොට ඔහු නිදහසේ හිටිය වෙලාවට කළේ ගිටාරය වයමින් ගීත ගායනා කළ එක තමයි. ඇත්තටම අපි මේ චරිතයට හුඟාක් ආදරේ කළා. ඇලුම් කළා.”
    අපි හුඟාක් කාර්යබහුල වුණත් අවශ්‍යම වෙලාවට අපි කතා කරනවා. අදහස් හුවමාරු කරගන්නවා.ලංකාවට ආවට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට මේ රටේ වැඩ කරන්න අවශ්‍ය විභාගයටත් අපි දෙන්නා එකට ලිව්වා. ඔහු ඉතා දක්ෂ තරුණයෙක්.
    වයස අවුරුදු 31 පමණ වන මේ තරුණ වෛද්‍යවරයා සැබෑ මිනිසකු බව මනුෂ්‍යත්වය අගය කරන්නකු බව ඔහු ළඟින් ඇසුරු කරන හැමෝම කියති.
    හලාවත, අම්පාර වගේ රෝහල්වල විශේෂයෙන්ම ළමා වාට්ටුවේ සේවාව කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට සුප්‍රසිද්ධය.
    මම හොඳටම දන්නවා ඔහු කළ සේවය. හලාවත හා අම්පාර රෝහල්වල සේවය කරද්දී ඔහු අසාධ්‍ය රෝගී දරුවන්ව අරගෙන ගිලන් රථයෙන් කොළඹ එනවා. එක්කෝ මහනුවරට යනවා. ඔහු මේ දේවල් කළේ හරිම කැමැත්තෙන්. ඒ වගේම කරන්න පුළුවන් හැම උදව්වක්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරනවා.
    වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාත් දක්ෂ වෛද්‍යවරයෙකි. මේ වෙද්දී ඔහු මෙන්ම ගයාන්ගේ මව හා බිරිය පවා සිටින්නේ කොරෝනා ආසාදිතවයි.
    වෛද්‍ය ගයාන්ගේ පවුලේ ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති. වැඩිමහල් සහෝදරයා හදිසි දුම්රිය අනතුරකින් මියගොස් තිබේ. පාසල ඇරී නිවෙසට එනවිට අනතුරට පත්වූ තම සහෝදරයාගේ හදිසි වියෝව එදා පුංචි ගයාන්ගේ හිතට තදින් දැනී තිබිණි.
    අපේ කතානායකයා එසේත් නැතිනම් ආදරණීය වෛද්‍යවරයා කොරෝනා රෝගයට ගොදුරු වන විට සේවය කළේ රාගම මහ රෝහලේ. ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මුල්ලේරියාව රෝහලට මාරු කර යැවිණි. ඒ වෛද්‍ය ගයාන් තරමක් දුරට දියවැඩියා රෝගයෙන්ද පීඩා විඳින හෙයිනි.
    උස, මහත, දක්ෂ, අවංක මිනිස්කම හඳුනන මේ වෛද්‍යවරයාට හැකි ඉහළම ප්‍රතිකාර ලබාදුන්නත් එක්තරා අවස්ථාවකදී ඔහුගේ පෙණහලුවලට හානි සිදුවී ඇති බව වෛද්‍යවරුන්ට තේරුම් ගියේය. ඒ අනුව ඔහු වහාම ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට යවන ලදී.
    කරාපිටිය රෝහලට රැගෙන යන ලද වෛද්‍ය ගයාන් එහි ‘එක්මෝ’ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කෙරිණි. ඒ කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතුව තිබූ හෙයිනි.ඒත් ඔහුගේ ජීවිතය අවසානයේ නැති විය.
    ගයාන් වගේ මිනිස්සු මේ වෙලාවේ ජීවත් වෙන්න ඕනෑ. ඒ වගේ නැති මිනිස්සුන්ගෙන් මේ ලෝකේ පිරිලා ඉතිරිලා නිසා. මේ කතාව මගේ මුල්ම පත්වීම අරගෙන දෙහිඅත්තකණ්ඩිය ළමා රෝග ඒකකයේ වැඩ කරපු කාලේ. යුද්දෙ අවසන් වෙලා අම්පාරට, පොළොන්නරුවට සංවර්ධනයේ අලුත් බලාපොරොත්තු එන කාලේ.
    දෙහිඅත්තකණ්ඩියට ළඟම නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකය පොළොන්නරුව මහ රෝහල. ඒ කාලේ හැමදාම ඒක පිරිලා.
    
    ඉතිං අලුත ඉපදුණු අසාධ්‍ය නොමේරූ ළදරුවො අරගෙන අපිට යන්න වෙන්නේ අම්පාරට. දෙහිඅත්තකණ්ඩියේ ඉඳන් ඒ කාලෙ අම්පාරට යන ගමනට අවම වශයෙන් පැය 03ක් යනවා. කිලෝමීටර් 125ක දුරෙන් වැඩි කොටසක පාරෙ ඇම්බියුලන්ස් එකේ අඩිය බිම වදින සයිස් වළවල්. ඒ කාලේ තිබ්බ ඇම්බියුලන්ස් කියන්නේ නිකම්ම ඇඳක් හයි කරපු, පිටිපස්ස දුනු තියෙන හයිඑස් වෑන්. මාදුරුඔය රක්ෂිතය මැදින්, අරලගංවිලෙන් යන පාරෙ තියන වළවල්වල වැටෙනකොට භූමිකම්පාවක් වගේ. ඒක තමයි ගැස්සෙන්නේ. ගමන මැද ගැස්සෙනකොට අර දරුවට කෘත්‍රිම ශ්වසනය දෙන්න දාපු ET tube එක (ඔක්සිජන් දෙන්න පෙණහලුවලට දාන නළය) ගැලවෙනවා. ඉතිං ඇම්බියුලන්ස් එක නවත්තලා ටෝච් එකක් ගහගෙන ආයෙ ඒක දාන්න ඕනෑ.
    දරුවගේ විජලනය වළක්වන්න ඇම්බියුලන්ස් එකේ ජනෙල් ඔක්කොම වහන්න ඕනේ. උෂ්ණත්වය රැකගන්න ඕනෑ නිසා AC එක දාන්නේ නෑ. මේ වෙනකොට ඇම්බියුලන්ස් එක ඇතුළෙ පෝරනුවක් වගේ. කොහොමත් ගමනේ මේ වෙලාව වෙනකොට නර්ස් මිසී, සුළු සේවිකාව එහෙම බොහෝවිට වමනෙ දාන්න පටන් අරන්.
    අපි ඔය දුෂ්කර ගමන ගෙවාගෙන යනකොට අම්පාරෙ ළදරු දැඩි සත්කාර ඒකකයේ බොහෝ විට ඉන්නෙ ගයාන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වගේ කේස් එකක් ඇම්බියුලන්ස් එකක දාලා අරන් එන එකට කියන්නේ ‘බකට් එකක්’ කියලා. බකට් එකක් අරන් යන අපිව භාරගන්නෙ කැමැත්තෙන් නෙවෙයි.
    ඒ අතින්, අම්පාරෙදි ළමයා භාරගෙන කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට සෙට් කරපු ගමන් ගයාන් අහන්නේ, “අයියෙ – කාලද ආවේ”? කියලා.
    බොහෝ විට රෝහලේ කැන්ටින් එකට ගිහින් තේ එකක්, කන්න දෙයක් අරන් දීලා ළමයා අමාරුවෙන් එක්කගෙන ආවට තෑන්ක්ස් කියලා තමයි ආයෙ අපිව එවන්නේ. ඒ වගේ දෙයක් කිසිම කෙනෙක් කරනවා මගේ ජීවිත කාලෙදි මං දැකලා නෑ.
    ගයාන්ලගෙ PBU එකෙන් භාරගත්තු දරුවො, සති කිහිපයකින් සුවකරලා ආයෙ එවනවා. එහෙම බාගෙට මැරිලා ගිහිං සනීප වෙලා ආපු සමහර දරුවො අදටත් ඒගැන සිහිපත් කරනවා.
    
    සමන් ප්‍රියංකර

    https://www.gossiplankanews ඩොට් com/2021/02/gayan-danthanarayana.html?fbclid=IwAR2Fp2rGW0RNnvOdGe25bWKVuhtwY6mv5SLEJX0U4FePpQ7KpyJ2YRl4el4