වෛරසය_නිසා මරණ 26ක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වෛරසය_නිසා මරණ 26ක්

    චීන නව වෛරසය නිසා මරණ 26ක්: මුඛවාඩම් පැළඳීමෙන් වෛරසයෙන් බේරිය හැකි ද?

    HB3lY3W.jpg

    චීනයෙන් මතු වූ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව සිකුරාදා (ජන: 24) වන විට 26 දක්වා ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීහු පවසති. ඊට අමතරව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 830 දෙනෙකි.

    මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ.

    gAs1diS.jpg

    මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ.

    කෙසේ වෙතත්, මෙම වෛරසය "ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්" ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඊට එක් හේතුවක් වී ඇත්තේ, විදෙස් රටවලින් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා නොවීමය. කෙසේ වෙතත්, මේ වන විට විදෙස් රටවලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13 දෙනෙකි.

    මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා පැවසුවේ, කොරෝනාවෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් රට තුළට පැමිණෙන්නේ ද යන්න පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙස ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඒකකයට දැනුම් දී ඇති බවය.

    මුඛවාඩම් පැළදීමෙන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ හැකි ද?
    ඕනෑ ම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයින්ය.

    වෛරස් ආසාදනය වී වැළැක්වීම සඳහා ලොව පුරා බොහෝ රටවල් ඒවා භාවිත කරයි. විශේෂයෙන් ම චීනය පරිසර දූෂණයෙන් බේරී සිටීමට මෙන් ම නව කොරෝනාවෛරසයෙන් බේරීමට ද මුඛවාඩම් පැළඳ සිටිනු දැකිය හැකි විය.

    කෙසේ වෙතත්, වෛරස් පිළිබඳ විද්‍යාඥයින් වාතය මගින් පැතිරෙන වෛරස්වලට එරෙහිව මුඛවාඩම්වල කාර්යක්ෂමතාව පිළිබඳව සැක පළ කරති.

    එහෙත්, මුඛවාඩම් මගින් අත මගින් මුඛය වෙත වෛරස් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකි බවට සාක්ෂි කිහිපයක් තිබේ.

    ශල්‍ය මුව ආවරණ පළමු වරට රෝහල් සදහා හදුන්වා දෙන ලද්දේ, 18 වන ශත වර්ෂයේ අග භාගයේදීය. එහෙත්, 1919 වසරේදී ඇති වූ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් මිලියන 50කට අධික පිරිසක් මිය යන තුරු ඒවා මහජන භාවිතයට පැමිණියේ නැත.

    ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් කැරිංටන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, "සාමාන්‍ය ශල්‍ය මුඛවාඩම් පැළදීම වාතයේ සැරිසරන වෛරස් හෝ බැක්ටීරියාවලින් ආරක්ෂා වීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් නොවන," බවය. එම මුඛවාඩම් ලිහිල් වීමත් (එමගින් ලිහිල් තැන්වලින් වෛරස්වලට ගමන් කළ හැක), වායු පෙරණයක් (air filter) නොතිබීමත්, ඇස් නිරාවරණය වී තිබීමත් නිසා "බොහෝ වෛරස්" ශරීරගත වීම සිදුවන බව ඔහු පවසයි.

    කෙසේ වෙතත්, කිවිසුම් යාමෙන් හෝ කැස්සකින් වෛරසයක් වැළඳීමේ අවදානම අඩු කර ගැනීමටත්, වෛරස් අතින් මුඛයට සම්ප්‍රේෂණය වීම යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමටත් එමගින් හැකියාව පවතී.

    නිව් සවුත් වේල්ස්හි 2016දී සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වූයේ, සාමාන්‍යයෙන් මිනිසෙකු පැයකට 23 වරක් සිය මුහුණ ස්පර්ශ කරන බවය.

    නොටිංහැම් විශ්වවිද්‍යාලයේ අණුක වෛරස් විද්‍යාව පිළිබද මහාචාර්ය ජොනතන් බෝල් පැවසුවේ, "රෝහලක් ආශ්‍රිතව සාර්ථකව සිදු කළ එක් අධ්‍යයනයකදී, මුහුණු ආවරණ මගින් කෘත්‍රිම වායු පෙරණ සහිත ශ්වසන යන්ත්‍රයකින් සිදුවන තරමට ම වෛරස් ආසාදනය වැළැක්වීමට සුදුසු," බව තහවුරු වූ බවය.

    වායු පෙරණයක් සහිත ශ්වසන යන්ත්‍ර විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ, අනතුරුදායක වායුගෝලීය අංශුවලින් ආරක්ෂා වීම සඳහා ය.

    "කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් මුඛවාඩම්වල ඵලදායීතාව දෙස බලද්දී, ඉහත කී අධ්‍යයනයෙන් ලැබුණු දත්ත ප්‍රබල බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේ ම, දීර්ඝ කාලයක් තිස්සේ මුඛවාඩමක්ත භාවිත කිරීමත් තරමක් අභියෝගයක්," මහාචාර්ය බෝල් පැහැදිලි කළේය.

    බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අත්හදාබැලීම් ආයතනයේ ආචාර්ය කොනර් බැම්ෆෝර්ඩ් පැවසුවේ, "සරල සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම" වඩාත් ඵලදායී බවය.

    "කිවිසුම් යද්දී මුව වසා ගැනීම, නිතර අත් සේදීම, අත් නොසෝදා මුඛය ස්පර්ශ නොකිරීම ආදී සනීපාරක්ෂක ක්‍රියාමාර්ග මගින් ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් ආසාදනය වීමේ අවදානම සීමා කරගන්න පුළුවන්," ඔහු පැවසීය.

    එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව (NHS) පවසන්නේ, වෛරස්වලින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ඇති බවය.

    *උණුසුම් ජලයෙන් සබන් යොදා නිරන්තරයෙන් දෑත් පිරිසුදු කර ගැනීම.

    *ඇස් සහ නාසය ස්පර්ශ කිරීම හැකි පමණින් අවම කිරීම.

    *නිසි සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාම.

    එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ජේක් ඩනිං පැවසුවේ, "මුහුණු ආවරණ පැළඳීම ආරක්ෂාකාරී බවට මතයක් පැවතුණ ද, ඇත්ත වශයෙන් ම ඒවා සායනවලින් පිටතදී භාවිත කිරීමෙන් පුළුල් ප්‍රතිලාභයක් ලැබිය හැකි බවට සාක්ෂි ඇත්තේ අල්ප වශයෙන්," යනුවෙනි.

    ඔහු පැවසුවේ, මුඛවාඩම් නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් ඒවා නිවැරදි ආකාරයට පැළදිය යුතු අතර, නිරන්තරයෙන් මාරු කළ යුතු බවය.

    "දීර්ඝ කාලයක් තිස්සේ මුඛවාඩමක් පැළඳීමේදී කාලයත් සමග එහි ක්‍රියාකාරීත්වය අඩු වන බව පර්යේෂණවලින් පේනවා," ඔහු සදහන් කළේය.

    වෛද්‍ය ඩනිං පැවසුවේ, යහපත් පෞද්ගලික සනීපාරක්ෂාවක් සහ දෑත්වල සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම වඩා යෝග්‍ය බවය.

    BBC
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oka Chinese unta infect unata sinhalunta infect wenne naha…

    Chinese unge respiratory system weak...
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    කන්න පුලුවං හැම සතාම කාලා දැන් විඳවපියව් :lol::lol: මුන්ට මෙහෙම වෙන එකත් හොඳයි...වෙන කිසිම රටක මුන් වගේ සත්තු කන්නෙ නැතුව ඇති :lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    oka Chinese unta infect unata sinhalunta infect wenne naha…

    Chinese unge respiratory system weak...
    උගුර වෙලුන මිනිස්සුන්ගෙලු ඉන්ෆෙක්ට් වෙන්නෙහ් උබේ නම් වෙනහ් එකක් නැහ් කොයි වෙලේ බැලුවත් කැරි තලියක් කටේනේ :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ai mehe un ali pukenda?:rolleyes:

    minissunge genetics balapaanawa bn owa waladi.. ehe unata infect wena eka mehe unta infect nowenna puluwan godak durata.. mokata Chinese vs SL genetical roots godak wenas..

    උගුර වෙලුන මිනිස්සුන්ගෙලු ඉන්ෆෙක්ට් වෙන්නෙහ් උබේ නම් වෙනහ් එකක් නැහ් කොයි වෙලේ බැලුවත් කැරි තලියක් කටේනේ :(

    :rofl::love:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මමනං කියන්නෙ චීන්නු හැම එකාම මැරිල යන්න ඕන සත්තුන්ට දෙන දස වදවලට

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    මම කාලයක් තිස්සෙ බලන් හිටියේ.උඹ අර china Xinjiang muslim camp ඵකේ පලිය මේක හරහා ගන්නවා වගේ:lol:.උඹට හරි හැපී නේද උන්ට වුන වැඩේට.:P..
     

    Similar threads