වෛරස

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    නරකම වෛරසයක් ඇන්ඩ්රොයිඩ්වලට -අනතුරට ලක්වූ ස්මාර්ට් දුරකතන ලැයිස්තුව මෙන්න

    සයිබර් ප්‍රහාරකයන්ට ජංගම දුරකතය තුළ ඇති දත්ත මුළුමනින්ම සොරා ගත හැකි වෛරසයක් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන මිළියන ගණනක අඩංගු මෘදුකාංගයක් තුළින් හමුවී ඇත.

    ඇමරිකාවේ ක්වල්කොම් (Qualcomm) සමාගම විසින් නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික් ‘චිප්’ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’ නම් ආයතනය විසින් ඒ බව සොයාගෙන තිබේ.

    ක්වල්කොම් (Qualcomm) මෘදුකාංගය ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන මිළියන 900 ක පමණ භාවිතා කර ඇති බවයි එම සමාගම පවසන්නේ.

    එසේවුවද දැනට සිදුවී ඇති ප්‍රහාර ‘සයිබර් හොරුන්’ විසින් සිදුකළ බවට සාක්‍ෂි හමුවී නැත.

    ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’ සමාගමේ ජංගම උපකරණ කළමනාකරණ අංශයේ ප්‍රධානී මයිකල් ශෞලොව් පැවසුවේ දැනට පවතින අවදානම් තත්වය ඉදිරි මාස කිහිපය තුළ දැකිය හැකිවනු ඇති බවයි.

    අනතුරට ලක්ව ඇත්තේ පහත දැක්වෙන දුරකථන වර්ගයන් වේ


    BlackBerry Priv
    Blackphone 1 and Blackphone 2
    Google Nexus 5X, Nexus 6 and Nexus 6P
    HTC One, HTC M9 and HTC 10
    LG G4, LG G5, and LG V10
    New Moto X by Motorola
    OnePlus One, OnePlus 2 and OnePlus 3
    US versions of the Samsung Galaxy S7 and Samsung S7 Edge
    Sony Xperia Z Ultra


    ජංගම දුරකතනයේ ‘ග්‍රැෆික්ස්’ පාලනය කෙරෙන මෘදුකාංගය සහ සන්නිවේදනය සඳහා යොදාගන්නා කේත පාලනය සඳහා වෙනත් ක්‍රමවේදයක් ඇතුල් කොට තිබීම මෙසේ හඳුනාගෙන ඇති අවදානම බවයි මයිකල් ශෞලොව් පැවසුවේ.
    මෙම වෛරසය මගින් දුරකථනය ක්‍රමක්‍රමයෙන් තමාගේ පාලනයට නතුකර ගැනීමට ප්‍රහාරකයාට හැකියාව ලැබෙන අතර දත්ත සියල්ල කියවීමේ හැකියාවද ලැබේ.

    ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’ විසින් මෙම වෛරසය හෝ වෙනත් වෛරස ඇතුල්වී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා QuadRooter Scanner නමින් ‘ඇප්’ එකක් නර්මාණය කර ඇති අතර මුදල් ගෙවීමකින් තොරව එය භාවිතා කළ හැකි බවයි මයිකල් ශෞලොව් පවසන්නේ.

    මෙයට අමතරව මයිකල් ශෞලොව් ඉල්ලා සිටියේ නිල ‘Google Play store’ වෙතින් පමණක් ‘ඇප්’ බාගත කරගන්නා ලෙසයි.

    එසේම තමා ජංගම දුරකථනය මිලදී ගත් ආයතනයට ගොස් වරද සකසා ගැනීම සඳහා අවශ්‍ය ‘පැචර්ස්’ (patches) ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

    මෙම වෛරසය පිලිබඳ මුල්වරට සොයාගත් ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’ ආයතනය විසින් මෙම වෛරසය හෝ වෙනත් වෛරස ඇතුල්වී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා QuadRooter Scanner නමින් ‘ඇප්’ එකක් නර්මාණය කර ඇති අතර එය ගූගල්මු ප්ලේ ස්ටෝර්ද වෙත පිවිසීමෙන්ල් නොමිලේ භාගත කළහැක.



    quadrooter-check-point-e1470806488680.jpg


    Gossip King.

    මේක ඇත්ත. පරෙස්සම් වෙයල්ලා.

    Proof මේ ඊයේ මෙහේ පත්තරේ හෙඩිම


    evcc9u.jpg
     
    Last edited:
    • Like
    Reactions: sri D

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    15x4g8g.jpg


    WHICH DEVICES MIGHT BE AFFECTED?
    - BlackBerry Priv and Dtek50
    - Blackphone 1 and Blackphone 2
    - Google Nexus 5X, Nexus 6 and Nexus 6P
    - HTC One, HTC M9 and HTC 10
    - LG G4, LG G5, and LG V10
    - New Moto X by Motorola
    - OnePlus One, OnePlus 2 and OnePlus 3
    - US versions of the Samsung Galaxy S7 and Samsung S7 Edge
    - Sony Xperia Z Ultra
     
    Last edited: