වොට් සහ ඇම්පියර් Help එකක් ඕනේ.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වොට් සහ ඇම්පියර් Help එකක් ඕනේ.

    වොට් සහ ඇම්පියර් ගණන, ගැන හොදට දන්න කෙනෙක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
    ලොකු උදවුවක්.

    මට මේ දෙක හරිම පැටලිලි සහගතයි යාලුවනේ.
     
    වොට් කියන්නේ මචන් ක්ෂමතාව එක හැදෙන්නේ ඇම්පියර් ගැන වොල්ටීයතාවෙන් වැඩි කරාම

    P(W)=V(v) x I(A)

    ඇම්පියර් කියන්නේ ඉලෙක්ට්‍රොන ගලාගෙන යාමේ සීග්‍රතාව මනින ඒකකය,
    තව විදිහකින් කියනවනම් ධාරාවේ විශාලත්වය මනින ඒකකය
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පිස්සු පුසා;14836553 said:
    වොට් කියන්නේ මචන් ක්ෂමතාව එක හැදෙන්නේ ඇම්පියර් ගැන වොල්ටීයතාවෙන් වැඩි කරාම

    P(W)=V(v) x I(A)

    ඇම්පියර් කියන්නේ ඉලෙක්ට්‍රොන ගලාගෙන යාමේ සීග්‍රතාව මනින ඒකකය,
    තව විදිහකින් කියනවනම් ධාරාවේ විශාලත්වය මනින ඒකකය

    :yes::yes::yes::yes:

    Power = P = VI = I2R, V2/R
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    වොට් සහ ඇම්පියර් ගණන, ගැන හොදට දන්න කෙනෙක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
    ලොකු උදවුවක්.

    මට මේ දෙක හරිම පැටලිලි සහගතයි යාලුවනේ.
    මේ කට්ටිය දාලා තියන විදිහ පැහැදිලිද සංකීර්ණ වැඩියිද?

    Power = P = VI = I2R, V2/R
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කට්ටිය දාලා තියන විදිහ පැහැදිලිද සංකීර්ණ වැඩියිද?

    :yes:

    තව ටිකක් පැහැදිලි කරන්න් පුළුවන් නම් ගොඩක් වටිනවා.
    බොහෝම ස්තූතී
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වොල්ටියතාවය කියන්නේ විදුලි සැපයුමක ධන රින අතර ඇති ඉලෙක්ටොන පිඩනයේ වෙනසයි .මෙකට විභව අන්තරය කියලත් කියනවා .සංකේතය V මනින එකකය Volt

    මෙහි ප්‍රධාන කොටස් 2යි
    සරල වොල්ටියතාව (DC)
    ප්‍රත්‍යාවර්ථ වොල්ටියතාව(AC)

    වෝල්ට් ඒකක් යනු ඕම් එකක ප්‍රතිරෝධයක් තුලින් ඇම්පියර් එකක ධාරාවක් ගලා යාමට යොදන පීඩනයයි

    මයික්‍රෝ මයික්‍රෝ වෝල්ට් 1000 = මයික්‍රෝ වෝල්ට් 1.
    මයික්‍රෝ වෝල්ට් 1000 = මිලි වෝල්ට්
    මිලි වෝල්ට් 1000 = වෝල්ට් 1
    වෝල්ට් 1000 = කිලෝ වෝල්ට් 1
    කිලෝ වෝල්ට් 1000 = මෙගා වෝල්ට් 1

    ඇමිපියර්

    ඇම්පියර් මගින් විදුලි ධාරාවේ ප්‍රමානය මනිනවා. මෙය (A ) මගින් දක්වයි.
    ඇම්පියර් එකක් යනු, “වෝල්ට් 1 ක විදුලියක් ඕම් 1ක ප්‍රතිරෝධයක් හරහා ගමන් කරන විට ගලන විදුලි ධාරා ප්‍රමානයයි.

    (වොට් watt =විදුලිය වැයකරන ශක්ති ප්‍රමානය (ක්ෂමතාවය ) W අක්ෂරය,) ( OHMS (ඕම්ස් ) (Ω )
    විදුලි ගමනට කරනු ලබන බධාවේ ප්‍රමානය. මෙය ප්‍රතිරෝධය නමින් හදුන්වයි. ප්‍රතිරෝධය මනිනු ලබන්නේ ඕම්ස් (OHMS ) නම් ඒකකයෙනි.)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සු පුසා;14836672 said:
    උඹට මොන වගේ දෙයකටද මේක ඕන කිවොත් මට පුළුවන් සරලව කියල දෙන්න :yes::yes:

    මචං ඔය ඉලෙක්ට්‍රොිනක් උපකරණවල එහෙම ගහලා තියෙනවනේ වොට් 5යි. ඇම්පියර් 200 වගේ සටහන්. තව සමහර ඒවගේ වොට් 5යි ඇම්පියර් 100යි කියලා ගහලා තියෙනවා එතකොට එකම වෝල්ටීයතාවයක් තියෙද්දී ඇම්පියර් ගණන වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ. වැඩිපුරම තේරෙන්නේ නැත්තේ ඇම්පියර් ගණන ගැන තමයි මචං. ඒකක කොහොමද විදුලි උපකරණයකට බලපාන්නෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වොල්ටියතාවය කියන්නේ විදුලි සැපයුමක ධන රින අතර ඇති ඉලෙක්ටොන පිඩනයේ වෙනසයි .මෙකට විභව අන්තරය කියලත් කියනවා .සංකේතය V මනින එකකය Volt

    මෙහි ප්‍රධාන කොටස් 2යි
    සරල වොල්ටියතාව (DC)
    ප්‍රත්‍යාවර්ථ වොල්ටියතාව(AC)

    වෝල්ට් ඒකක් යනු ඕම් එකක ප්‍රතිරෝධයක් තුලින් ඇම්පියර් එකක ධාරාවක් ගලා යාමට යොදන පීඩනයයි

    මයික්‍රෝ මයික්‍රෝ වෝල්ට් 1000 = මයික්‍රෝ වෝල්ට් 1.
    මයික්‍රෝ වෝල්ට් 1000 = මිලි වෝල්ට්
    මිලි වෝල්ට් 1000 = වෝල්ට් 1
    වෝල්ට් 1000 = කිලෝ වෝල්ට් 1
    කිලෝ වෝල්ට් 1000 = මෙගා වෝල්ට් 1

    ඇමිපියර්

    ඇම්පියර් මගින් විදුලි ධාරාවේ ප්‍රමානය මනිනවා. මෙය (A ) මගින් දක්වයි.
    ඇම්පියර් එකක් යනු, “වෝල්ට් 1 ක විදුලියක් ඕම් 1ක ප්‍රතිරෝධයක් හරහා ගමන් කරන විට ගලන විදුලි ධාරා ප්‍රමානයයි.

    (වොට් watt =විදුලිය වැයකරන ශක්ති ප්‍රමානය (ක්ෂමතාවය ) W අක්ෂරය,) ( OHMS (ඕම්ස් ) (Ω )
    විදුලි ගමනට කරනු ලබන බධාවේ ප්‍රමානය. මෙය ප්‍රතිරෝධය නමින් හදුන්වයි. ප්‍රතිරෝධය මනිනු ලබන්නේ ඕම්ස් (OHMS ) නම් ඒකකයෙනි.)

    බොහෝම ස්තූතී පැහැදිලි කිරීමට
    :yes::yes::yes:
     
    මචං ඔය ඉලෙක්ට්‍රොිනක් උපකරණවල එහෙම ගහලා තියෙනවනේ වොට් 5යි. ඇම්පියර් 200 වගේ සටහන්. තව සමහර ඒවගේ වොට් 5යි ඇම්පියර් 100යි කියලා ගහලා තියෙනවා එතකොට එකම වෝල්ටීයතාවයක් තියෙද්දී ඇම්පියර් ගණන වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ. වැඩිපුරම තේරෙන්නේ නැත්තේ ඇම්පියර් ගණන ගැන තමයි මචං. ඒකක කොහොමද විදුලි උපකරණයකට බලපාන්නෙ.

    වොට්(W) ද වෝල්ට්(V) ද
    :confused::confused::confused:
     
    උදාහරනෙකට බල්බ් එකක් ගමු
    එක ගහල ඇති 100W කියල,
    එකට අපි සාමන්යෙන් දෙන්න අපේ ගෘහස්ත් පරිපථයේ විදුලිය
    ඒ කියන්නේ 240V
    එතකොට මචන් එකට අදාල ගන්න විදුලි ධාරාවේ විශාලත්වය වෙන්නේ 100/240
    ඒ කියන්නේ 0.4A
    ඔය බල්බ් එක උපරිම දීප්තියෙන් පත්තු වෙනකොට ඇදල ගන්න ධාරාව
    අපි එක 0.5A කියල ගමු උදාහරනෙකට
    ඒ වෙලාවට බල්බයේ කම්බියේ ප්‍රතිරෝධය ආසන්න වශයෙන් 240/0.5
    480 ඕම (ඕම ලකුණ හොයාගන්න බෑ )
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සු පුසා;14836755 said:
    වොට්(W) ද වෝල්ට්(V) ද
    :confused::confused::confused:

    සොරි මචං වෝල්ට් තමයි. මම ප්‍රශ්නෙ අහලා තියෙන විදිය වැරදී.
     
    වෝල්ට් කියන්නේ විභව අන්තරය මනින ඒකකය,
    මම කලින් කිවුවේ මචන් ඇම්පියර් වලින් මනින්නේ එලෙක්ට්‍රෝන් ගලාගෙන යාමේ සීග්‍රතාව කියල, ඒ එලික්ට්‍රොන ගලාගෙන යන්නනම් තල්ලුවක් දෙන්න ඕන,
    හරියට වතුර වැඩි තැනක ඉඳන් අඩු තැනකට ගලනවා වගේ,
    වෙනසක් තියෙයිනම් ඒ වෙනස නැති වෙනකල් වතුර ගලනවානේ,
    ඒ වගේ තමයි එලෙක්ට්‍රොනත්, එකේදී බලන වෙනස තමයි මචන් විභව අන්තරය කියන්නේ , එක මනින එක්කකය වෝල්ට් , කොටින්ම කියනවානම් විභව අන්තරයක් නැතිනම් ධාරාවක් ගලන්නේ නැහැ, එතකොට කාර්යයක් කෙරෙන්නේ නැහැ, ඒ කියන්න වොට් අගය(ක්ෂමතාවය ඒකකය) බින්දුවයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සු පුසා;14836776 said:
    උදාහරනෙකට බල්බ් එකක් ගමු
    එක ගහල ඇති 100W කියල,
    එකට අපි සාමන්යෙන් දෙන්න අපේ ගෘහස්ත් පරිපථයේ විදුලිය
    ඒ කියන්නේ 240V
    එතකොට මචන් එකට අදාල ගන්න විදුලි ධාරාවේ විශාලත්වය වෙන්නේ 100/240
    ඒ කියන්නේ 0.4A
    ඔය බල්බ් එක උපරිම දීප්තියෙන් පත්තු වෙනකොට ඇදල ගන්න ධාරාව
    අපි එක 0.5A කියල ගමු උදාහරනෙකට
    ඒ වෙලාවට බල්බයේ කම්බියේ ප්‍රතිරෝධය ආසන්න වශයෙන් 240/0.5
    480 ඕම (ඕම ලකුණ හොයාගන්න බෑ )

    බොහෝම් ස්තූතී මචං ඒ ටිකනම් තේරුනා. එතකොට ඔය චාජර්වල Output 2.8V
    220mA කියලා ගහලා තියෙන්නේ. ඒගැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචං ඔය ඉලෙක්ට්‍රොිනක් උපකරණවල එහෙම ගහලා තියෙනවනේ වොට් 5යි. ඇම්පියර් 200 වගේ සටහන්. තව සමහර ඒවගේ වොට් 5යි ඇම්පියර් 100යි කියලා ගහලා තියෙනවා එතකොට එකම වෝල්ටීයතාවයක් තියෙද්දී ඇම්පියර් ගණන වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ. වැඩිපුරම තේරෙන්නේ නැත්තේ ඇම්පියර් ගණන ගැන තමයි මචං. ඒකක කොහොමද විදුලි උපකරණයකට බලපාන්නෙ.

    වොට් =V
    වොල්ට් =P(W)
    ධාරව (ඇම්පියර්)=I(A)
    P=V*I
    v=I*R

    මට පෙන්නේ උබ වොට් වොල්ට් පටල ගෙන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සු පුසා;14836810 said:
    වෝල්ට් කියන්නේ විභව අන්තරය මනින ඒකකය,
    මම කලින් කිවුවේ මචන් ඇම්පියර් වලින් මනින්නේ එලෙක්ට්‍රෝන් ගලාගෙන යාමේ සීග්‍රතාව කියල, ඒ එලික්ට්‍රොන ගලාගෙන යන්නනම් තල්ලුවක් දෙන්න ඕන,
    හරියට වතුර වැඩි තැනක ඉඳන් අඩු තැනකට ගලනවා වගේ,
    වෙනසක් තියෙයිනම් ඒ වෙනස නැති වෙනකල් වතුර ගලනවානේ,
    ඒ වගේ තමයි එලෙක්ට්‍රොනත්, එකේදී බලන වෙනස තමයි මචන් විභව අන්තරය කියන්නේ , එක මනින එක්කකය වෝල්ට් , කොටින්ම කියනවානම් විභව අන්තරයක් නැතිනම් ධාරාවක් ගලන්නේ නැහැ, එතකොට කාර්යයක් කෙරෙන්නේ නැහැ, ඒ කියන්න වොට් අගය(ක්ෂමතාවය ඒකකය) බින්දුවයි

    හො‍දයි මචං බොහෝම ස්තූතී. ඉලෙක්ට්‍රොනික් කරන කීප දෙනෙකුගෙන් මම මේගැන ඇහුවත් හරි උත්තරයක් ලැබුනේ නෑ. දැන් තමයි පැහැදිලි උනේ. බෝහෝම ස්තූතී..