වොල්බැකියා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    80131658_1357570554447056_1877704464236806144_n.jpg
    ඩෙංගු ආයෙත් හිස ඔසවලාය.ඉතින් ආයෙ ආයෙමත් උණ හැදුනොත් කරන්නට ඕනෑ දේ වගේම ඩෙංගු මදුරුවා මට්ටු කරන්නට කරන්නට ඕනෑ දේවලුත් මතක් කරන්නට වෙලාය.
    ඒ අවු අස්සේ ඩෙංගු මදුරුවාට වින කටින්නට අලුත් හාදයෙක් ලංකාවට ඇවිත් ය.උන්දෑ නමින් වොල්බැකියා ය.
    😊😊😊😊😊😊😊😊😊
    👉වොල්බැකියා ගැන කතා වෙන්න කලින් ඩිංගක් ඩෙංගු ගැන කතා කරලා ඉමුකො.අහලා අහලාම එපා වෙලත් ඇති ඉතින්.
    👉ඩෙංගු හැදෙන්නෙ මදුරුවෙක්ගෙන්ද?
    නෑ.ඩෙංගු හැදෙන්න වයිරසයකින්.
    ලෝකේ මේ ඩෙංගු හදන වෛරස ජාති හතරක් තියෙනවා.

    එතකොට ඇයි අපි මේ මදුරුවෙක් අල්ලං දඟලන්නෙ?
    මේ මදුරුවා හරහා තමයි ඩෙංගු වෛරසය අපේ ඇඟට ඇතුල් වෙන්නෙ.

    වැඩි හරියක්ම ඔය ඩෙංගු වෛරස් අපේ ඇඟේ ගෙනත් ගහන්නේ ඊඩිස් ඊජිප්ටයි කියන මදුරු නෝනා.ඩෙංගු විතරක් නෙවෙයි ලෝකේටම මහා කරදර වෙච්චි කහ උණ, චිකුන් ගුන්යා අලුතෙන්ම හොයාගත්තු සිකා වගේ වෛරස් උණත් බෝ කරන්නෙ මේ ඇත්තිම තමයි.
    👉මේ වෙනකං ලෝකෙ මිනිස්සු කොච්චර වලි කෑවත් මේ මදුරු පරපුරෙන් බේරෙන එක හරිම අමාරු වෙලා තියෙනවා.ඇයි ඒ?
    ඩෙංගු මදුරුවාට බිත්තර දාන්න අපේ මේ කොන්ක්‍රීට් වනාන්තර අස්සෙ පොඩි ඉඩක් හොඳටෝම ඇති.ඒ වගේ ම උන්දැලා ගොදුරු හොයන් යන්නෙ දවල් කාලෙ.ඉතින් රෑට නෙට් එකක් යට උන්නට උන්දැගෙන බේරෙන්න බෑ.ඒ වගේම දවසට කීපවතාවක් එයා ගොදුරු හොයනවා.ඉතින් එක ඩෙංගු මදුරුවෙක්ට දවස් ගානක් ඇතුලත පවුල් ගානක් ලෙඩ කරන්න බැරි කමක් නෑ.ඕං ඔහොමයි මදුරුවගෙ කතන්දරේ
    👉ඩෙංගු හැදුනම තියෙන ගැටලුව මොකද්ද ?
    මේක ගැන ඕනැතරම් කතා කරලා තියෙනවා.ඒත් ටිකක් කියමු.ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ කියන්නෙ ඩෙංගු උණේ අවස්ථා දෙකක්.සාමාන්‍ය ඩෙංගු උණ සමහර වෙලාවට අපි දන්නෙම නැතුව හැදිලා සනීප වෙලා ගිහින් වෙන්නත් පුළුවන්.ඒක අනිත් වෛරස් උණ වගේමයි.
    නමුත් ගැටලුව තියෙන්නෙ ඩෙංගු රක්තපාත උණේ.එතනත් කට්ටිය හිතනවා රුධිර පට්ටිකා අඩු වෙන එක තමයි එකම අවුල කියලා.එහෙම හිතලා පට්ටිකා වැඩි වෙන්න කියලා එක එක පෙති ගන්නත් පටන් අරන්.

    සාමාන්‍යයෙන් ඇඟේ ලේ තියෙන්නෙ රුධිර වාහිනී ඇතුලේ.ඒවා පිටට ලීක් වෙන්නෙ නෑ.ඒත් ඩෙංගු රක්තපාත තත්වයේදී මේ රුධිරවාහීනීවලින් තරලය ඇඟ ඇතුලට ලීක් වෙන්න පුළුවන්.
    මේ ලීක් වෙන අනතුරුදායක කාල සීමාව සාමාන්‍යයෙන් දිනක් වගේ.

    ඉතින් ඩෙංගු රක්තපාත තත්වයේදී අපි කරන්නෙ අවදානම් ලක්ෂණ තියෙන රෝගීන්ගේ රුධිර පට්ටිකා හා වෙනත් දර්ශක, රුධිර පීඩනය ආදී දේවල් දිහා බලාගෙන ලෙඩාගේ ජීවිතයට හානියක් වෙන්න තියෙන ඉඩ අඩු කරන එක.
    එහෙම නැතිව උණ බැස්සුවා කියලා ඩෙංගු සනීප වෙන්නෙ නෑ ඉතින්.
    👉දෙවනි පාර ඩෙංගු හැදුනොත් මොකද වෙන්නෙ?
    ඉස්සෙල්ලා මං කිව්වනෙ ඩෙංගු වෛරස ජාති හතරක් ඉන්නවා කියලා.පළවෙනි වර්ගෙ වෛරසයක් නිසා කෙනෙක්ට ඩෙංගු හැදුනා හිතන්නකො.එතකොට එයාගෙ ඇඟෙන් ඒ වර්ගයේ ඩෙංගු වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තියක් ඇති වෙනවා.එතකොට පළවෙනි වර්ගෙ ඩෙංගු වෛරස්වලට එයා ආයෙත් අසනීප වෙන්නෙ නෑ.
    ඒත් වැඩේ කියන්නෙ ඒ ලෙඩා ඉතුරු වර්ග තුනෙන් එකක ඩෙංගු වෛරසයකට මූණ දෙද්දි.අර කලින් වර්ගෙට ඇති වෙච්ච ප්‍රතිශක්තිය මේ අනිත් වර්ගෙ වෛරසයට ලෙඩාට ඩෙංගු හදන්න ලේසි කරනවා වගේම මෙදා පාර ලෙඩේ බරපතළ කමත් වැඩි කරනවා.
    👉ඉතින් අර වොල්බැකියාව අමතකම වුනාද?
    අහ් ඔව් නේන්නම්.
    මේ ඩෙංගු එක්ක ලෝකේ මිනිස්සු ඔට්ටු වුනේ අද ඊයෙ නෙවෙයි නෙ.ඒත් ඉතින් මේක ලේසි වැඩක් ම නෙවෙයි.
    ලෝක මදුරු මර්දන ව්‍යාපාරේ ඇත්තන්ට වොල්බැකියා මුණ ගැහෙන්නෙ ඒ අස්සෙ.


    80662210_1357570624447049_5862388625395679232_n.jpg



    🤔කවුද හැබෑට වොල්බැකියා:love:?
    වොල්බැකියා කියන්නෙ බැක්‍ටීරියාවක්.සාමාන්‍යයෙන් අපේ වටපිටාවේ ඉන්න හුඟක් කුරුමිණි සත්තුන්ගෙ ඇඟේ මේ වොල්බැකියා ස්වාභාවිකව ම ඉන්නවා.ඒත් වැඩේ කියන්නෙ අපේ ඩෙංගු මදුරුවාගෙ ඇඟේ මේ කියන වොල්බැකියා නෑ.
    ඉතින් ඔය කියන වොල්බැකියා ඩෙංගු මදුරුවගේ ඇඟේ හිටියම මොකද වෙන්නෙ?
    අන්න එතනයි ලස්සන වැඩේ තියෙන්නෙ.වොල්බැකියා ඇඟේ ඉන්න ඩෙංගු මදුරු නෝනලා ඩෙංගු වෛරස් එක මිනිස්සුන්ට බෝ කරන්න බෑ.ඒ කිව්වෙ ඒ විදියෙ මදුරුවෙක් කෑවට ඩෙංගු හැදෙන්නෙ නෑ.
    🤔ඒත් ඉතින් ඔය කියන වොල්බැකියා ඩෙංගු මදුරුවොන්ගෙ ඇඟේ නෑනේ.ඉතින් මොකදෑ කරන්නෙ?
    ලෝක මදුරු මර්දන ව්‍යාපාරේ ඇත්තෝ ඒකට මෙහෙම වැඩක් කරනවා.
    මුලින්ම එයාලා ඩෙංගු මදුරු නෝනලා ඇති කරනවා.ඒ ඩෙංගු නෝනලා ගේ මදුරු බිත්තරවලට වොල්බැකියා මුණ ගස්සනවා.දැන් වොල්බැකියා එක්කහු වෙච්ච මදුරු පරම්පරාවක් හැදිලා.
    🤔ඒත් ඉතින් කවදා වෙනකන් ඔහොම මදුරු බිත්තර රක්කවන්නද?
    ඒකත් මෙහෙමයි.එක මදුරු නෝනෙක්ගෙ ඇඟට රිංගපු වොල්බැකියා ඒ නෝනා බිත්තර දමද්දි බිත්තර හරහා ඊළග පරම්පරාවටත් ඇතුල් වෙනවා.එතකොට වොල්බැකියා උන්නැහේ ලා ඇඟේ ඉන්න මොඩිෆයි කරපු මදුරු බිත්තරවලින් එන මදුරු නෝනලාගේ ඉදිරි පරම්පරා ඔක්කොගේම වොල්බැකියාවා ඉන්නවා.එතකොට මොඩිෆයි වෙච්ච මදුරු මහත්තුරු අපේ නෝර්මල් මදුරු නෝනෙක් එක්ක එකතු වුනා කියමුකො.එතකොට මොකද වෙන්නෙ.එතනදී හැදෙන්න සරු නැති මදුරු බිත්තර.
    ඉන්දුනීසියාවෙ පටන් ගත්තු වොල්බැකියා නැටුම දැන් ඩෙංගු බහුල ගොඩක් රටවල්වල අත් හදා බලනවා.
    මෙච්චර කල් අපි කළේ ඩෙංගු මදුරුවෝ හැදෙන තැන් වනසන්න බලපු එක නේ. වොල්බැකියා ව්‍යාපෘතියේ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.

    වොල්බැකියා එක්කහු කරපු මොඩිෆයි මදුරු බිත්තර රක්කවලා මොඩිෆයි ඩෙංගු මදුරුවෝ පරිසරයට මුදා හරින එක තමයි මෙතනදි කරන්නෙ.
    වොල්බැකියා මදුරු ගහණය ටික ටික වැඩි වෙලා අපිට ඩෙංගු බෝ කරන පරණ ඩෙංගු මදුරුවෝ නැති වෙයි කියන එක තමයි මේකෙ පදනම.
    ටිකක් අමුතුයිත් වගේ නේද?

    ඩෙංගු බහුලම රටක් හැටියට අපේ ලංකාවටත් මේ වෙද්දි වොල්බැකියා මදුරු නැටුම හඳුන්වලා දීලා තියෙනවා.
    😊😊😊😊😊😊😊😊😊😊
    ඒත් ඉතින් වොල්බැකියාටම ඔක්කොම කරන්න දීලා බලන් ඉන්න බෑ.මොකද මේක තාම පර්‍යේශන මට්ටමේ වැඩක් නෙ.
    ඉතින් ලියමන අහවර කරන්නං සුපුරුදු මන්තරෙන්.
    ඩෙංගු මදුරුවට බෝවෙන්න තියෙන නවාතැන් විනාස කරන්න.අපේ ගෙදර විතරක් පිරිසිදු වෙලා හරියන්නෙ නෑ.මදුරු නෝනලා විදින්නෙ ගෙවල්වල ඇඩ්‍රස් බලබල නෙවෙයිනෙ.වටපිටාවෙ ඔක්කොම තැන් ගැන අවධානෙන් ඉන්න.
    උණ හැදුනොත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගන්න.රුධිර පරීක්ෂා කරගන්න.විවේකෙන් ඉන්න.උණ මට්ටු කරන්න පැරසිටමෝල් විතරක් ගන්න.
    මදුරුවා ඩෙංගු වෛරසේ එක්කහු කරගන්නෙ ඩෙංගු හැදිච්ච මනුස්සයෙක්ගෙන්මනෙ.
    ඩෙංගු උණ හැදුනානම් නැතිනම් සැකයක් තියෙනවනම් දෙයියනේ කියලා මදුරු දැලක් ඇතුලට වෙලා ඉන්න.

    ඔය ඇති නෙව.😊
    වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා
    (චායාරූප අන්තර්ජාලයෙනි.)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    This is not exactly the silver bullet to Dengue, but something effective in reducing the spreading of the infections.

    When Aedes aegypti mosquitoes carry Wolbachia, the bacteria competes with viruses like dengue, Zika, chikungunya and yellow fever. Thus making it harder for viruses to reproduce inside the mosquitoes. Hence the mosquitoes are much less likely to spread viruses from person to person.
    Studies have found that this method has the highest effectiveness with Zika, then Dengue & Chikunngunya.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වැඩිය විශ්වාස කරන්න එපා අපේ රටේ ඔය වගේ දෙයක් කෙරෙයිද කියල ෂුවර් නැහැ බහුජාතික මදුරු කොයිල් කාරයෝ ඉන්නකන්
     
    • Like
    Reactions: malakadss

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    වැඩිය විශ්වාස කරන්න එපා අපේ රටේ ඔය වගේ දෙයක් කෙරෙයිද කියල ෂුවර් නැහැ බහුජාතික මදුරු කොයිල් කාරයෝ ඉන්නකන්
    ඔව් බන් ඕවා රටේ අන්ඩු වලටත් වැඩිය පවර්ස් තියනවා,
    අර කොකා කෝලා, කිරි පිටි වගේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    https://economynext.com/sri-lanka-to-let-loose-anti-dengue-wolbachia-bug-as-infections-surge-38182/?fbclid=IwAR0rIT6mrVwp13fkvRPg_Ybk71O1KR71A-eScwg-QKdVDWUgx9lXpHsnctM

    2020 පෙබරවාරී මාසේ මුල් මදුරුවෝ සෙට් එක රිලීස් කරනවලු

    Sri Lanka plans to let loose a bug among the island’s mosquito population that would hopefully make life difficult for the dengue virus, officials said as new cases grew fourfold from last year to reach epidemic proportions in November.

    Sri Lanka plans to release especially bred Aedes aegypti mosquitoes, with Wolbachia bacteria in them to the wild early next year. The bacteria inhibits the growth and multiplication of the dengue virus inside the mosquito.

    “We will release mosquitos we bred with the bacteria that stops the spreading of the dengue virus” AnuraJayasekera, director of the dengue prevention unit of Sri Lanka’s state health service told reporters in Colombo.

    “We have inserted this Wolbachia bacteria in to Aedes aegypti (Dengue carrier Mosquito) eggs. And the mosquitos that we bred does not have the dengue virus within them.”

    Jayasekra said the dengue prevention unit will release the specially bred mosquitos to the eco system within the first two weeks of February 2020.

    “This project has been successfully implement in many other countries in the world” said jayasekara.

    “Wolbachia is a natural bacteria that is found in almost 60 percent of the insects in Sri Lanka. Unfortunately the Aedes Mosquito in the wild does not have the bacteria in them naturally.”

    “This process will happen as a natural phenomenon.”

    After the mosquitoes with the bacteria are released to the wild, their off-spring will also be borne with the bug, gradually releasing the ability of the wild population to be an effective host to the dengue virus.

    In November 2019 Sri Lanka’s dengue cases soared 400 percent to epidemic levels seen in 2017.

    SEE ALSO
    Sri Lanka's central bank to punish eight banks for flouting price controls
    India's Axis Bank, ICICI Bank to exit Sri Lanka
    Sri Lanka rupee ends weaker, gilts ease
    Sri Lanka President moots central database for citizen's information
    ICRA Lanka reaffirms Construction Guaranteed Fund [SL]A-


    Total recorded cases surged to 21,561 in November 2019 up from 4,537 last year.

    In December 12,300 cases have been recorded with the full total yet to come.

    Intermittent rains where there is heavy rain and a breaks have helped push up the mosquito population Jayasekera, said.

    Sri Lanka has had a dengue epidemic in 2017, when 41,121 patients were recorded in the worst month.

    Officials said intermittent rains and dry periods seen in the last few months had helped sharply increase the dengue population.(Colombo/ Dec 30/ 2019)




    මේක 2017 පටන් ගත්ත අදහසක්. ඔසී විදේශ ඈමතිනිය 2017 ලන්කාවට ආපු වෙලාවේ කතාකරගත්ත වෑඩක්. දෑන් තමා පලමු වරට පරිසරයට මුදා හරින්න හදන්නේ

    20 Jul, 2017 | 6:11 PM

    සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍ය ජුලි බිෂොප් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.



    ඩෙංගු අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියාවේ උපරිම සහය ලබාදෙන බව ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍ය ජුලි බිෂොප් මහත්මිය මෙම හමුවේදී පවසා තිබේ.

    ඇය දැනුම් දී ඇත්තේ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රුපියල් මිලියන 58 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට තම රජය කටයුතු කරන බවයි.

    ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂෝප් මහත්මිය අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවිය.

    ඇය විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවුණේ, ඉන් අනතුරුවයි.

    ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ඊයේ පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ද හමුවිය.

    ජුලි බිෂොප් මහත්මිය මේ සංචාරයේදී ඩෙංගු පාලනය කිරීම සඳහා මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සහය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

    ඩෙංගු රෝගයට ගොදුරු වන ප්‍රමාණය අවම කිරීම සඳහා වොල්බෑකියා බැක්ටීරියාව යොදා ගැනීමේ පුරෝගාමී වැඩසටහන ක්‍රියාවට නගන්නේ මොනෑෂ් විශ්වවිද්‍යාලයයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    වැඩිය විශ්වාස කරන්න එපා අපේ රටේ ඔය වගේ දෙයක් කෙරෙයිද කියල ෂුවර් නැහැ බහුජාතික මදුරු කොයිල් කාරයෝ ඉන්නකන්

    This is what I said in my previous post... The mosquito coil business in SL is a Rs Billion one. Previously they paid handsomely to a well known Minister. The coil sales is directly proportional to the number of Dengue cases.:P
    Don't just only blame the multinationals who manufacture coils... There are locals who make money too!
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    This is what I said in my previous post... The mosquito coil business in SL is a Rs Billion one. Previously they paid handsomely to a well known Minister. The coil sales is directly proportional to the number of Dengue cases.:P
    Don't just only blame the multinationals who manufacture coils... There are locals who make money too!


    Hope this time they will do it. :yes::yes::yes::yes:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔව් බන් ඕවා රටේ අන්ඩු වලටත් වැඩිය පවර්ස් තියනවා,
    අර කොකා කෝලා, කිරි පිටි වගේ

    කිරිපිටි කිව්වෙ ඇන්කර්ද? නම කියපංකො හරියට :D
     
    • Dislike
    Reactions: marvin silva

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Hope this time they will do it. :yes::yes::yes::yes:

    Lets keep our fingers crossed.. Honestly I don't trust any politician from any side. All of them are certified crooks and thieves. That's the reality whether anyone likes or not. That's why the country is in this mess.