වෝටර් බේස් ගැන දන්න කෙනෙකුගෙන් උදවුවක් ඕනෙ....

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පරණ ඒවා ලේසියෙන්ම වොටබෙස් කරන්න පුළුවන්...

    ජැට් ලගේ මාස්ටස් සිරිස් එකේ තියෙනවා පේන්ට් රිමුවර් ජෙල් එකක්, ඒක භාවිතා කරලා අයින් කරන්න පුළුවන්.

    වියදම අඩු ලේසිම මෙහෙම, ජනේලේ තියෙන ඔක්කොම යකඩ කෑලි ඉවත් කරලා පියනක් නම් මේසයක් උඩට ගන්න.

    පස්සේ කැන්වස් වැලිකඩදහි (රතු රෙදි) ග්රිට් 40 න් පේන්ට් එක කපන්න පස්සේ ග්‍රිට් 80 or 100න් කපන්න. ගොඩක් අය යොදාගන්නේ මේකට ඈන්ගල් ග්‍රයින්ඩර් එක (වැලි කඩදහිය මල්ටි බොන්ඩ් ගාලා අලවලා)

    ලීයට එනකන් කපලා, තවත් පේන්ට් අස්සෙන් අස්සෙන් තියෙනවා නම් පේන්ට් රිමුවර් එකක් යොදාගෙන ගලවගන්න පුළුවන් එත් අත හුරු උනාම එක පාරින් කපන්න පුළුවන්. ඈන්ගල් එකෙන් කපද්දී මාස්ක් එකක් අනිවා දාන්න, ඒ වගේම අත තදින් අල්ලන්න එපා.

    දැන් තමයි ගේමක් තියෙන්නේ..

    දැන් ගන්න ඕනි සෑන්ඩර් මැෂිමක් (ප්ලාම් එකක් හොදටම ඇති) ජනෙල් ගොඩක් තියෙනවා නම් කුලියට නොගෙන සල්ලි වලටම ගන්න. මේ මැෂිමේ විසේෂත්වේ තමා උඩට සහ යටට පමණක් සෙලවී සෙලවී කැපෙන එක, අතින් කපනවා වගේ. දැන් මොලේට ගන්න දෙයක් තියෙනවා ලියේ ග්රෙන් එක යන දිහා බලලා කපන්න ඕනි, උදා, උඩ සිට යටට කීරි යනවා නම් කපන්න ඕනි උඩ සිට යටට, හරහට ඇල්ලුවොත් ලියේ මයිල් වගේ එලියට ග්‍රේන් එක එනවා නැත්නම් ඩැමේජ් වෙනවා.


    දැන් වුඩ් පොටි (ජැට් ලගේ ටියුබ් එනවා) අරගෙන හිල් වහන්න ඕනි ඔක්කොම, කඩතොළු වහන්න ඕනි හැබැයි වැඩිය වටේට ගාගන්න එපා එතකොට ලීය ගොඩක් කපන්න වෙනවා.

    ඒවා ගාලා පැය 4කට පස්සේ හොදටම වෙලුනාම 120න් කපලා, 180න් කපන්න (40න් 80න් රවුමට කැරකුණු පාරවල් යනකම් කපන්න ඕනි මේ ගානෙන්. හැම වාරෙකම දුවිලි හොදටම අයින් කරන්න.

    දැන් ඩයි ලේයරයක් ගාන්න තියෙන්නේ. දැන් ආයේ 320න් (අතින් මැනුවල් හෙමිහිට) කපන්න (සුජුෆෝම් කොටුවක කොලේ ඔතලා). ආයේ ඩයි පාරක් ගාන්න,

    320 සහ ඉහල කලින් වගේ හොරි කපනවා වගේ කපන්නේ නෑ ලියේ උඩට වැඩියෙන් වැදුන ටික යන්තමින් ෆ්ලැට් වෙන්න කපන්නේ. ලීය දිගේ උපරිම 5 සැරයයි උඩට පහලට යන්නේ. මේක අවම සැරෙකින් ඉවර කරගන්න ඕනි, ගාපු ඔක්කොම කපලා දාලා වැඩක් නෑ..

    වෙලුනාම 400/600 න් උඩින් කපලා, පාට ඇති නම් එක්ස්ටිරියර් කෝට් එකක් ගාන්න, ගාලා හොදට වෙලුනාම ආයේ 1000න් කපන්න හෙමින්, දුවිලි අයින් කර්ලා ආයේ එක්ස්ටිරියර් කෝට් එකක් ගාන්න.

    සාමාන්‍ය හොද ෆිනිෂ් එකක් ගන්න මේ ගානට කලාම ඇති. මෙතනින් එහාට ඕනි නම් B කට් වගේ එකක් යොදලා රෙදි පොලිසින් පෑඩ් එකක් දාලා ආයේ ඔපෙ ගන්න තියෙන්නේ.



    ****************************************************
    කරුණු කිහිපයක් තියෙනවා, හැකිතාක් වර්ණ තෝරාගන්න කොට අවශ්‍ය ලාම වර්ණය තෝරාගන්න වගේම තද (වෝල්නට්) වර්ණ තෝරාගැනීමෙන් වලකින්න, මොකද ඩයි එක ලියේ ඇතුලට ගොඩක් උරාගන්නවා එතකොට පාට සැර උනොත් ආයේ පාරක ඩයි කරන්න උනාම ඒ පාටම ගෑවම අඟුරු පාට තමා එන්නේ.

    ස්ටේන් එකට ජලය කලවම් නොකර ගානවා නම් ගොඩක් හොදයි, ටොප් කෝට් එකට 20%කට වඩා ජලය දාන්න එපා. ලීය අනුව ස්ටේන් එක වෙනස් වෙනවා, ඉතින් එක පාරක් ගෑවම පාට ඇති වෙන තද පාට ලී අනන්තවත් තියෙනවා (උදා රෙඩ් බලො ලීය වගේ) ඒ වගේම ගාන්න හොද පින්සලක් ජැට් ලගෙම තියෙනවා. ඒකක් අනිවා ගන්න. වොටබේස් ස්ප්‍රේ කරන්න අවශ්‍ය නෑ ඒවා බොරු කතා. ඒ වගේම කොස් වගේ ලීයකට මැහෝගනී වගේ පාටක් ගාන එක අමුම අමු ගොන් කමක් ඒකට තියෙනවා ඕක් වර්ණය වගේ, අකමැතිම නම් ලාච් ටීක් වගේ හොදයි.

    ටොප් කොට් එකේ 60% ග්ලොස් එක තියෙනවා එකේ ෆිනිෂ් එක හොදයි මැට් එකට වඩා.

    ටොප් කෝට් එක ලේයර් 6ක් ගෑවත් කමක් නෑ ඒකෙන් තමයි ප්රෝටෙක් වෙන්නේ. 2ක් අවම සහ සාමන්යෙන් 3ක් ඇති. පලවෙනි ටොප් කෝට් එකට තීන්ත ගියාට දෙක ගාන්න යන්න එකෙන් බාගයයි. අනික බ්‍රෂ් එක ඇදලා ගාන්න ඕනි. පින්සලෙන් ඉස්කෝලේ යන කාලේ චිත්‍ර ඇන්දා වගේ.

    ප්‍රොෆෙෂනල් ෆිනිෂ් එකක් ගන්න උඩ මම කියපු ක්‍රමේ හොදටම ඇති. එතනින් එහාට ෆිනිෂ් එකක් ගන්න ක්‍රම තියෙනවා. EXM1500 වගේ ජැට් ලගේ සෑන්ඩින් සීලර් වගේ ගාලා ප්ලාස්ටික් වගේ මුණ පේන්න ගන්න ක්‍රම තියෙනවා ඒක පස්සේ ලියන්නම්..


    මගේ ගෙදරට කෝටේෂන් එක ආවේ 160,000.00ක් ඉස්සරහා ජනෙල් ටිකට මම වැඩේ තනියම කරගත්තේ 4000ක් අත් උදව් කාරයට දීලා. බඩු වලට 35යි ගියේ.

    බොහොමත්ම ස්තුතියි විස්තර ඇතුව හොඳටම ලියල තියනව.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ප්‍රස්තුත මාතෘකාවට අදාලවම, රබර් පේන්ට් වාර කීපයක් ගාපු උලුවහු ජනේල් දොරවල් water base කරන්න පුලුවන්ද ? වැලිකඩදහි අල්ලන්නැතුව paint remover වගේ ගාලා පරණ තීන්ත යවන්න පුලුවන් ක්‍රමයක් නැත්ද ?
    වීදුරු කෑල්ලෙන් කපලා ලෑල්ල මතුකරලා ගාන්න වෙන්නේ
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    මාත් ගිය අවුරුද්දේ මගේ ගෙදර වොටර්බෙස් කරා Youtube ඒකේ විඩියොස් බලලා කරේ වැඩෙ ඒලකිරිවගේ කලා
    Sayerlack JAT (Buruma Teak)මහන්සි වෙන්න නම් ඔනැ වැඩේට
     
    • Love
    Reactions: PHBhagya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ස්ටේන් එක වෙනම තියෙන එක ගාපන්.... ඒකෙන් උඹට පෙනුම ගැන අදහසක් ගන්න පුලුවන්. අවුල් නම් සැන්ඩ් කරන්න ලේසි.
    දෙක වෙනම ගාන එකේ ප්ලාස්ටික් වගේ පෙනුම අඩුයි.
     
    • Love
    Reactions: PHBhagya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ටොප් කෝට් එක ටිකක් වැඩිපුර කෝට් දෙක තුනක් ඉලුවොත් මේක හරියනඑකක් නැද්ද.
    ටොප් කෝට් එක තුන් පාරක් විතර ගාන්න පුලුවන් හොඳට වේලුනාට පස්සෙ 400 කොලෙන් කපල.
    ඔය ප්ලාස්ටික් ගතිය වැඩිපුර එක්නෙ 3in1 එකෙ.
     
    • Love
    Reactions: PHBhagya

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,563
    717
    113
    34
    Seeduwa
    ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි
    Danna widihata JAT eke witharai ohoma enne.

    JAT is recomended 100 %

    oya system eke wasiya u can select the colour of the die you want & the top coat finish as well. ( gloss, matte , semi-gloss)

    Gana wadi wunath use JAT.
    Used in our home 10 years ago. Doors & windows still looks as new.
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි
    Danna widihata JAT eke witharai ohoma enne.

    JAT is recomended 100 %

    oya system eke wasiya u can select the colour of the die you want & the top coat finish as well. ( gloss, matte , semi-gloss)

    Gana wadi wunath use JAT.
    Used in our home 10 years ago. Doors & windows still looks as new.
    👍👍👍
    තෑන්ක්ස් මචෝ

    මාත් ගිය අවුරුද්දේ මගේ ගෙදර වොටර්බෙස් කරා Youtube ඒකේ විඩියොස් බලලා කරේ වැඩෙ ඒලකිරිවගේ කලා
    Sayerlack JAT (Buruma Teak)මහන්සි වෙන්න නම් ඔනැ වැඩේට
    👍👍👍👍