ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිට

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිට

    ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිටිස් -උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය

    19580.jpg
    ඇපෙන්ඩිසයිටිස් (appendicitis ) හෙවත් උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය බොහෝ විට තරුණ වයසේ අය අතරයි බහූල ව දකින්නට තිබෙන්නේ. ඒත් වයස් ගත වූ අය අතරත් තිබෙනවා. අධික වේදනාවක් ගෙන දෙන රෝගයක් වූවත් බරපතල රෝගයක් නම් නොවේ. ඒත් නොසලකා හැරියොත් බරපතල තත්ත්වයක් ඇති වෙන්න පූළුවන්. කෙසේ වූවත් මීට ඇති එකම ප්‍රතිකර්මය ශල්‍යකර්මයයි.
    - ඇපෙන්ටිසයිටිස් කියන්නේ බොහෝ දෙනා දන්නා සූලබ රෝගයක්. මොකක්ද මේ රෝගය. හැදෙන්නේ කොහොමද?

    - ඉංගී්‍රසියෙන් ඇපෙන්ඩික්ස් හෙවත් සිංහලෙන් උන්ඩූකපූච්ඡය කියන අවයවය මහ බඩවැලේ හැරෙන වංගුවක් වැනි තැනකයි පිහිටා තිබෙන්නේ. ශාක භකෂක සතුන් ගේ මෙම අවයවය ඉතා විශාල වී පිහිටා තිබෙනවා. මිනිසා ගේ ඉතා කුඩාවටයි පිහිටා තිබෙන්නේ. එය සූළඟිල්ලටත් වඩා කුඩයි. මෙය පිහිටා තිබෙන ස්ථානය නිසයි ආසාදනය ඇති වන්නේ. මේ අවයවය මහබඩවැලට කුඩා සිදුරකින් සම්බන්ධ වෙනවා. මේ නිසයි ප්‍රදාහය ඇති වන්නේ. මේක මිනිස් සිරුරට අනවශ්‍ය අවයවයක්. ඉවත් කළා කියලා අනතුරක් හෝ අපහසූවක් හෝ සිදුවන්නේ නෑ.

    - මේ ප්‍රදාහය ඇති වන්නේ කොහොම ද?
    - නිරෝගී අයෙකු ගේ වූවත් මහ බඩවැලේ බැක්ටීරියා මාර්ග තිබෙනවා. මේ බැක්ටීරියා ශරීරයට අහිතකර තත්ත්වයක් උදා කරන්නේ නෑ. බොහෝ බැක්ටීරියා ආහාර ජීර්ණය පහසූ කරනවා. වෛද්‍ය විද්‍යාවේ දී මෙම තත්ත්වය හඳුන්වන්නේ නෝමල් බැක්ටීරියල් ෆ්ලෝරා කියලයි. මෙවැනි බැක්ටීරියා ශරීරයේ තිබෙන්න ඕනේ. යම් විදියකින් මේ බැක්ටීරියාවලට අමතරව බාහිරින් වෙනත් අහිතකර බැක්ටීරියාවක් ආහාර මාර්ගයට ඇතුලූ වූවොත් මේ අවයවය ප්‍රදාහයට ලක්වෙන්න පූළුවන්. ප්‍රදාහයට ලක්වීම නිසයි ඇපෙන්ටිසයිටිස් කියල හඳුන්වන්නේ. "ඇපෙන්ඩික්ස්" කියන්නේ අවයවයේ නම. "සයිටිස්" කියන්නේ ප්‍රදාහය.

    මේ හැරුණාම අප ගන්නා ආහාරයේ රළු කොටස්, ඒ කියන්නේ පහසූවෙන් නොදිරවන වී පොතු වැනි දේ මෙම සිදුරේ සිරවීම නිසාත් මෙය ඇතිවෙන්න ඉඩ තිබෙනවා. එහෙත් මේ නිසාම රෝගය ඇති වෙනවා කියන එක වැරදියි. බොහෝ විට සිදුර අවහිර වීම සිදුවන්නේ උන්ඩූකය වටා ඇති වසා ගැටිති ඉදිමීම නිසයි. එයට හේතුව ඉහත කිව්වා වගේ බැක්ටීරියාවක් මගින් ආසාදනය සිදුවීමයි.

    - රෝගය හඳුනා ගැනීමට තිබෙන බාහිර ලකෂණ මොනවාද?
    - රෝගය හඳුනා ගැනීම ඉතාමත් ම පහසූයි. මූලින්ම නාභිය (බූරිය) වටා වේදනාව ඇති වෙනවා. එවිට වමනය, හිසරදය මද වශයෙන් පවතින උණ වැනි ලකෂණ සියල්ලම හෝ ලකෂණ එකක් හෝ දෙකක් හෝ ඇති වෙන්න පූළුවන්. සමහර විට නොතිබෙන්නත් පූළුවන්.

    මූලින්ම නාභිය වටා වේදනාව ඇති වී ඉන් මද වේලාවකට පසූ බඩේ දකුණූ පැත්තේ යට කොටසේ වේදනාව ඇති වෙනවා. එසේ වන්නේ රෝගය තිබෙන්නේ එම ස්ථානයේ වීමයි.

    මෙයට නිදසූනක් පෙන්වා දෙන්න පූළුවන්. හෘදයේ ආබාධයක් ඇති බව පෙන්වන පෙර ලකුණ තමයි වම් අතේ වේදනාව. ඉතින් මේ රෝගයේ දීත් නාභිය වටෙි හටගන්නා වේදනාවන් ඇපෙන්ඩිසයිටිස් කියන රෝගය පෙර ලකුණක්. මෙය වෛද්‍ය විද්‍යාවේදී ලැපරල් පේන් කියා හඳුන්වනවා.

    හඳුනා ගැනීමට තවත් පහසූ ක්‍රමයක් තමයි උදරයේ දකුණූ පැත්තේ යටි පෙදෙසට අත තබා තද කළ විට වේදනාව අඩූවීම. අත ඉවතට ගත් විට වේදනාව නැවත ඇති වීම.

    - කවර හෝ ආකාරයකින් මෙම රෝගය තමාට හඳුනාගැනීමට හැකි වූවොත් කළ යූත්තේ කුමක් ද?
    - ගොඩ වෙදකම් නොකර වෛද්‍යවරයකු හමූවීමයි. වෛද්‍යවරයා ඉතාමත් පහසූවෙන් රෝගය හඳුනාගෙන ශාල්‍යකර්මයකට නියම කළොත් එය වහා කළ යූතුයි.

    - මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනවා ද ?
    - සමහර විට ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට වෛද්‍යවරයා නියම කරන්න පූළුවන්. එසේ කිරීම නූවණට හූරු නෑ. ප්‍රතිජීවක ඖෂධවලින් රෝගය තාවකාලික ව යටපත් වී වැඩි කල් නොගොස් නැවත මතුවෙනවා. එවිට රෝගය උත්සන්න වෙනවා.

    - රෝගය උත්සන්න වීම ජීවිතයට හානියක් ද?
    - රෝගය උත්සන්න වෙනවා කියන්නේ උණ්ඩූකය ප්‍රදාහයට වැඩියෙන් ගොදුරු වීමයි. ගෙඩියක් බවට පත්වී පිපිරී ගියොත් එයින් ගලන සැරව ශරීරය තුළට ගලා ගොස් බඩවැල් ආසාදනය වී මරණය පවා සිදුවෙන්න පූළුවන්. ඒ නිසා කළ යූත්තේ සැත්කමින් ආසාදනය වූ උණ්ඩූකය ඉවත් කිරීමයි.

    - රෝගය හඳුනා ගැනීමෙන් පසූ රෝගියා ගත යූතු ආහාර පිළිබඳව පැහැදිලි කළොත්.
    - වෛද්‍යවරයා රෝගය හඳුනාගෙන ශල්‍යකර්මය කළ යූතුය යන්න තීරණය කළොත් රෝගියා ආහාර නොගෙන සිටීමෙන් ශල්‍ය කර්මය ඉක්මනින් කළ හැකියි. රෝගය හඳුනා ගෙන නිවසේ සිට රෝහලට ගෙන යන තෙක් හෝ ආහාර නොදී තබා ගැනීම ඉතාමත් වැදගත්. එයට හේතුව තමයි වෛද්‍යවරයාට සැනින් ශල්‍යකර්මය කිරීමට හැකි වීම.

    - ශල්‍යකර්මයේ දී සිදු කරන්නේ කුමක් ද?
    - ශල්‍ය කර්මයේදී කරන්නේ උන්ඩූකය කපා ඉවත් කිරීමයි. එසේ කිරීමෙන් ශරීරයට වත්, ආහාර ජීර්ණයට වත් කිසිදු අවහිරතාවයක් ඇති වන්නේ නෑ. එයට හේතුව තමයි උන්ඩූකය අපේ ශරීරයට ප්‍රයෝජනයත් නැති අවයවයක් වීම. වෙනත් රටවල උදරයේ වෙනත් සැත්කමක් හෝ කරන අවස්ථාවේ දී මෙම අවයවයන් ඉවත් කරනවා. එය රෝගියාට පහසූවක්. මෙය ඉතාමත් සූළු ශල්‍ය කර්මයක් බැවින් බිය විය යූතු නෑ. කළ යූත්තේ දෑනගත් වහාම රෝහලක් වෙත යාමයි.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ගොඩක් වටිනවා මචෝ , ඕක මටත් හැදුනා පොඩි කාලේදී , එපා වෙනවා.මොන විදිහකටවත් ඉන්න බැහැ , වකුටු වෙලා හිටියම පොඩ්ඩක් විතර වේදනාව අඩු වෙනවා , නැත්තන් එවෙලේම බඩ කපන් මැරෙන්න හිතෙනවා.එච්චරටම අමාරුයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    එල මම දන්න කෙනෙක්ටත් ඕක උනා..රිදෙනවා කියලා බෙරිහන් දුන්නලු හොස්පිටල් එකට ගෙනියනකන්ම.පොඩි ඔපරේෂන් එකක්ලු තියෙන්නේ.දැන් හොදට ඉන්නවා.:)
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    mata haduna
    Surgery ekak karanna ona kiwwa
    dawask deela kanna bonna nathuwa inna kiwwa heta surgery ekata ganna
    ra adu una. ude hospitle eken horen awa
    ethakota aduwela
    passe channel karala pennuwama
    appendicitis thibila na

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ඇපෙන්ඩිසයිටිස් එහෙම චැනල් කරලා හොයන්න බැ යකො.. තොට ආයේ එහෙම උනොත් ඉස්පිරිතාලේ පල. ඔක ඔපරේශන් කරගනින්.. ඔක බඩ ඇතුලේ පිපුරුනොත්, තො මැරෙයි.. ආයේ ගොඩගන්න ටයිම් නැ..
     
    ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිටිස් -උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය

    ආච්චිගෙ රෙද්ද තමා :angry:

    බුද්ධරාජ කල්කයෙන් වරු 3කින් ගේමක් නැතුව හොඳ කර ගන්න පුළුවන් ආබාධයක්.

    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ප්‍රෝඩාවෙන් බටහිර උගත් බුද්ධිමත්තු කියාගන්නා එව්වන්ගෙ තුට්ටු දෙකට කෙළවන්න හදල තියෙන පට්ටපල් අමු තිත්ත ප්‍රෝඩාවක් තමා ඔය appendicectomy කියන්නේ. එක අතකට සාධාරණයි මොකද උන්ට බුද්ධරාජ කල්කය නෑනේ හෝ ඒ වගේ ප්‍රභල ප්‍රතිජීවකයක් නෑනෙ කොච්චර නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු වුණත්.

    නමුත් අපිට වඩා සාර්ථක අවම වියදම් සහිත විසඳුම් තියෙද්දිත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතුන් කියාගන්නා MBBS සහතිකධාරී බත්කන මී ගොන්නු ඇයි appendicectomyම කරන්න කියන්නේ ? අපිට ආදරේටද ? නෑ තනිකරම අපේ මහන්සියෙන් හම්බු කරගත්තු තුට්ටු දෙකට කෙළවන්න. :angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉදිරියේ රාළ;20656425 said:

    මම ඒත් බැලුවා කාලකන්නි නරි වෙදා තාම මොකද මේ ත්‍රේඩ් එකට නොබැස්සේ කියලා.. දැන් මට කියහන්කො, ඇපැන්ඩිස් ඔපරේශන් නොකර සුවකරන ඉසිවරයෙකුගේ අසපුවට පාර.. නිකන් බේත්ව්ලට නම් නම් කියන්න එපා, වෙදෙක්ගේ ඇඩ්‍රස් එක දීපිය
     
    ලඟම තියෙන ආයුර්වේද රෝහලට පල. ඒකෙ ඇඩ්‍රස් හොයන්න ඕන නෑනේ. හැමෝම දන්නව නේ. ඒවගේ ඉන්නවා වෙද්දු ගේමක් නැතුව appendicitis හොඳ කරන.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉදිරියේ රාළ;20656447 said:
    ලඟම තියෙන ආයුර්වේද රෝහලට පල. ඒකෙ ඇඩ්‍රස් හොයන්න ඕන නෑනේ. හැමෝම දන්නව නේ. ඒවගේ ඉන්නවා වෙද්දු ගේමක් නැතුව appendicitis හොඳ කරන.
    ඉතින් ගොනො, උබ කිව්වා නේද බටහිර දොස්තරලා සල්ලි කඩන්න ඔනාවට තමයි ඔපෙරිශන් කරන්නේ කියලා.. ඉතින් පලකො ලගම රජයේ රොහලට. තොගෙන් සතයක්වත් ගන්නේ නැ සර්ජන්කාරයා.. ඔපෙරේශන් කරලා තුවාල වේලෙන්න ඇන්ටිබයඔටික්ස් මල්ලකුත් දීලා ගෙදර එවයි.. ඉවරනේ කතාව.. උන්නුකපුච්චය නැති උනා කියලා ආබාදයක් නැ..
     
    එතකොට anesthesia ? operation එකෙන් පස්සෙ එන්න කෑම අප්‍රියතාවය, surgeonට මද කිපිලා වැඩේ ගස්සගත්තොත් (කාටවත් නෑ කියන්න බෑනේ, ඔපරේෂන් වලින් පස්සෙ අස්සෙ ගෝස් කෑල් තිබිලා කීදෙනෙක් මැරිලා තියෙනවද කියලා දන්නෝ දනිති) ? ඔය අවදානම් මොකුත් නෑනේ දේශීය ක්‍රමයෙදි. අනිත් එක ඕක කරලා දවස් කීයක් පරිස්සම් වෙන්න ඕනද ? ඒ ප්‍රෝඩාවල් මොකුත්ම නෑනේ දේශීය ක්‍රමයෙන්. වරු 3න් ලෙඩේ නිට්ටාවටම ඉවරයි නේ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉදිරියේ රාළ;20656463 said:

    ඔයාත් ඇපැන්ඩිසයිටිස් වලට බේත් ගත්තේ වරු තුනෙන්ද? අනේ ශොක්.. වැඩිකල් ඔයාට එලකිරි පොස්ට් දාන්න බැරි වෙයි වගේ..
     
    ඔයාත් ඇපැන්ඩිසයිටිස් වලට බේත් ගත්තේ වරු තුනෙන්ද? අනේ ශොක්.. වැඩිකල් ඔයාට එලකිරි පොස්ට් දාන්න බැරි වෙයි වගේ..
    ප්‍රෝඩාවේ රෙදි ගැලෙව්වට පස්සෙ නිකං අණ්ඩර දෙමළ වමාරන්නෙ නැතුව වැදගත් දෙයක් ලියපං බං උඹ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතෙක් නම්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉදිරියේ රාළ;20656476 said:
    ප්‍රෝඩාවේ රෙදි ගැලෙව්වට පස්සෙ නිකං අණ්ඩර දෙමළ වමාරන්නෙ නැතුව වැදගත් දෙයක් ලියපං බං උඹ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතෙක් නම්.
    ඔකේ.. සොරි..
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ඇපෙන්ඩිසයිටිස් එහෙම චැනල් කරලා හොයන්න බැ යකො.. තොට ආයේ එහෙම උනොත් ඉස්පිරිතාලේ පල. ඔක ඔපරේශන් කරගනින්.. ඔක බඩ ඇතුලේ පිපුරුනොත්, තො මැරෙයි.. ආයේ ගොඩගන්න ටයිම් නැ..
    6 wasaredi une ban dan 26 . ai bari... appendicitis wala symptoms neme thibila thiyenne.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    6 wasaredi une ban dan 26 . ai bari... appendicitis wala symptoms neme thibila thiyenne.
    එහෙනම් ඇපැන්ඩිස් කිව්ව ඩොකාට පොලුපාරක් දෙන්න එපැයි. කොහේ එකෙක්ද ඌ?
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ඉදිරියේ රාළ;20656425 said:
    ආච්චිගෙ රෙද්ද තමා :angry:

    බුද්ධරාජ කල්කයෙන් වරු 3කින් ගේමක් නැතුව හොඳ කර ගන්න පුළුවන් ආබාධයක්.

    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ප්‍රෝඩාවෙන් බටහිර උගත් බුද්ධිමත්තු කියාගන්නා එව්වන්ගෙ තුට්ටු දෙකට කෙළවන්න හදල තියෙන පට්ටපල් අමු තිත්ත ප්‍රෝඩාවක් තමා ඔය appendicectomy කියන්නේ. එක අතකට සාධාරණයි මොකද උන්ට බුද්ධරාජ කල්කය නෑනේ හෝ ඒ වගේ ප්‍රභල ප්‍රතිජීවකයක් නෑනෙ කොච්චර නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු වුණත්.

    නමුත් අපිට වඩා සාර්ථක අවම වියදම් සහිත විසඳුම් තියෙද්දිත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතුන් කියාගන්නා MBBS සහතිකධාරී බත්කන මී ගොන්නු ඇයි appendicectomyම කරන්න කියන්නේ ? අපිට ආදරේටද ? නෑ තනිකරම අපේ මහන්සියෙන් හම්බු කරගත්තු තුට්ටු දෙකට කෙළවන්න. :angry:
    Dan ohoma Thadi FOnt size eken danne ube point eka prove karannada :lol: